ඇත්තටම එළකිරියට මොකද උනේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේන්න කතාව ශුද්ද සින්හලෙන්........100 % එකගයි;)

    එහෙනම් දැන් වත් හැදෙන්න උත්සහ කරන්න..
    ඒකෙන් කියලා තියෙන දේ තේරුම් ගියා නම්...
    මම හිතන්නේ තේරිලා නැතුව ඇති..
    ඒක නේ කොල්ලෝ උඹටම කියලා තියෙන දෙයක් වෙනුවෙන්..
    එකගයි කියලා කියා ගෙන තියෙන්නේ.. :lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒකට උත්තරේ මේ වගේ ප්‍රශ්නයක් ආව පලියට අපිට මොකෝ..
    කියලා දැක්කත් නොදැක්ක වගේ ඉන්න එක...
    එකෙන් අදහස් වෙන්නේ..
    මේ වගේ වැරදි වෙනවාට අපි කැමතියි කියන එක...
    ඒ ටික තේරුම් ගන්න තරම් හැකියාවක් ඇත්තටම නැද්ද... ?
    එහෙම නැත්නම් තේරුම් ගැනිමේ හැකියාව තිබ්බත් ඒ දේ පෙන්නා ගන්න දන්නේ නැති කම ද ?

    ආහ් අමතක වුනා මේ ක්‍රමේ ඔයාට ජොක් එකක් විදියට දැනෙන්නේ..
    තේරුම් ගන්න බැරි හැකියාව හින්දා වෙන්න ඇති..
    ඒ ගැන නම් ඉතින් මට වගකියන්න බෑ කොල්ලෝ..


    ඌප්ස් පොඩ්ඩක් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු පොරගේ කලින් ත්‍රෙඩ් සර්ච් කරලා 18+ කියලා දාපු එකක් තියෙනවා.(මම කියන්නේ නැ එක වැරදියි කියලා)

    හරි දැන් ඔයාට හොද ඕනකමක් තියනවනේ එල කිරියේ ඔය ඔයලා කියන
    තත්වය ගැන ,,නේද? උඹ ඒ ගැන කියලා අඩ්මින්ට හරි මොඩ් ට හරි පි එම් දාලා මේ ප්‍රශ්නය අහලා තියෙනවද...:rofl: නැහනේ..(.ඇත්තටම ඒ ගැන ඔන කමක් තිය්නවනම් කරන්න ඔනේ ඒකනේ) ඒ උනාට ත්‍රෙඩ් එකක හැමෝටම පේන්න අහනවා:lol:
    ඒ කියන්නේ උඹේ කොන්ද පණ තියේනවා කියලා පෙන්නන්නද?:P

    ps:ඔයා කතා කරන විදිය හරිම Gay ටයිප් මචන් සොරි:lol:
     
    • Like
    Reactions: tharinda76

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    එහෙනම් දැන් වත් හැදෙන්න උත්සහ කරන්න..
    ඒකෙන් කියලා තියෙන දේ තේරුම් ගියා නම්...
    මම හිතන්නේ තේරිලා නැතුව ඇති..
    ඒක නේ කොල්ලෝ උඹටම කියලා තියෙන දෙයක් වෙනුවෙන්..
    එකගයි කියලා කියා ගෙන තියෙන්නේ.. :lol:
    දැන් එකේ කොතනද තියෙන්නේ මට කියලා තියෙන්නේ කියලා?:lol:
    මම එකගයි කිව්වේ එහෙම දෙයක් තියේනවනම් ඇඩ්මින් මොඩ් එව්වා කරයි කියන එකට;)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :no: :no: :no: මචන් උඹ 2010 ද මුලින් ම එලකිරි ආවෙ? :confused: කලින් අයිඩී එකක් තිබ්බද? :eek: කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්.. :dull: ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල.. :nerd:
    මම 2010 ට කලින් ඉදලා තියෙනවා....:cool: නැ එහෙම අහන්නේ නැ,,,
    ඒත් මොකකද ඒ වෙනස ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් දැන් මේකෙ විකාර වැඩී වගේ තමා , මෝඩ චූන් තමයි ගොඩක් , ඒ අතර හොද ඒවත් ඉදිරිපත් වෙනව , ඒක එහෙම උනත් ඒ වගේ ඒවට ප්‍රතිචාර බොහොම අඩුයි , තව එකක් එහෙම ඉදිරියෙන් ඉන්න වැදගත් අය දැක්කාම ඊර්ෂියා කරන කට්ටියකුත් ඉන්නව , ඒ අය හිමීට ඇවිත් රෙප් කපල අරූව මානසිකව වට්ටනව, තව එකක් මේකෙ දැන් ඉන්න ගොඩක් උන් එකාට එකාට නෑ , පසුගිය අවුරුදු කීපයේ නියම සෙට් එකක් හිටිය ඒ අය මේකෙන් තරහ වෙලා ගිහින්ද කොහෙද? ඉස්සරහට වැඩිම ප්‍රතිචාර තියෙයි 18+ වලට , ජෝක් වලට වගේ , අනේ මන්ද බලන් ඉන්න තමා තියෙන්නෙ
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    එළකිරි;10189542 said:
    18+ නැතුව අල කන්නද ඕයි:lol:

    පේනවානේ දැන් එළකිරි යන්නෙ කොහාටද කියලා. 18+දැම්මට මගේ විරිද්ධත්වයක් නෑ. ඒවා වල තිබිය යුතු ගුනාත්මක බාවය රකින්න ඕනේ. ඒකයි මම කියන්නේ. බඩු පොට් හොයන්න, වෙන වෙන නොපහත්කම් කරන්න මේක යොදාගැනීමට මම විරුද්ධයි
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    sirawata kiyala wedak neha ban :D
    godak yanne adult discussions
    pelak ung aathal ekatat owa danawa
    eken meken wenne EK nama ketha wena eka

    දැන් දැන් මේකෙ විකාර වැඩී වගේ තමා , මෝඩ චූන් තමයි ගොඩක් , ඒ අතර හොද ඒවත් ඉදිරිපත් වෙනව , ඒක එහෙම උනත් ඒ වගේ ඒවට ප්‍රතිචාර බොහොම අඩුයි , තව එකක් එහෙම ඉදිරියෙන් ඉන්න වැදගත් අය දැක්කාම ඊර්ෂියා කරන කට්ටියකුත් ඉන්නව , ඒ අය හිමීට ඇවිත් රෙප් කපල අරූව මානසිකව වට්ටනව, තව එකක් මේකෙ දැන් ඉන්න ගොඩක් උන් එකාට එකාට නෑ , පසුගිය අවුරුදු කීපයේ නියම සෙට් එකක් හිටිය ඒ අය මේකෙන් තරහ වෙලා ගිහින්ද කොහෙද? ඉස්සරහට වැඩිම ප්‍රතිචාර තියෙයි 18+ වලට , ජෝක් වලට වගේ , අනේ මන්ද බලන් ඉන්න තමා තියෙන්නෙ

    thankx 4 ur comments
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කරන්න දෙයක් නෑ මචන් එහෙම තමා...
    හැම දෙයක්ම වෙනස් වෙනවා... පරන විදිහට තිබ්බා වගෙම නෑ තමා...

    හැම දේකම හොද නරක කියලා දෙකක් තියෙනවා..
    එලකිරි එකත් ඒ වගේ තමා... අනික මේක forum එකක්...
    ඒක නිසා අපිට ඕන දේ විතරක් මේකෙ තියාගෙන ඉන්න බෑ...

    අපිට කරන්න තියෙන එකම දේ හොද දෙ විතරක් අරන් නරක දේ අතහරින එක :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරන්න දෙයක් නෑ මචන් එහෙම තමා...
    හැම දෙයක්ම වෙනස් වෙනවා... පරන විදිහට තිබ්බා වගෙම නෑ තමා...

    හැම දේකම හොද නරක කියලා දෙකක් තියෙනවා..
    එලකිරි එකත් ඒ වගේ තමා... අනික මේක forum එකක්...
    ඒක නිසා අපිට ඕන දේ විතරක් මේකෙ තියාගෙන ඉන්න බෑ...

    අපිට කරන්න තියෙන එකම දේ හොද දෙ විතරක් අරන් නරක දේ අතහරින එක :)

    11.gif
    11.gif
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මෙහෙමයි.. විවෘත ෆෝරමයක ඔබ කියන වගේ දේවල් අනන්තවත් වෙන්න පුළුවන්. මොකද මේකට එන හැමෝම එක වගේ නැති නිසා. ඒත් ඔබගේ යෝජනාවට නම් මම පුද්ගලිකව කැමති නෑ. මොකද මම මේ රෙප් සිස්ටම් එකට මුල ඉඳලම එකඟ නෑ. ඒ වගේම මම නම් කවදාවත් රෙප් හිඟාකාලත් නෑ. ඒක නිසා රතු රෙප් වැඩි උනු පලියට ඒ සාමාජිකයව ඉවත් කරොත් ඔයා හිතනවද ඌ කවදාවත් එළකිරිය පැත්ත පලාතෙ නෑවිත් ඉඳී කියලා?? අනිවාර්යයෙන් වෙනත් අයිඩී එකකින් එයි.. ඉතිං මේ වැඩේ කවදාවත් නතර කරන්න පුළුවන් කමක් නෑ. කරන්න තියෙන්නෙ ක්‍රියාශීලී (ඇක්ටිව්) මොඩරේටර්ස්ලව පත් කරල ඔවුන් හරහා මේ පෝස්ට් පාලනය කරන එක.

    අනිත් එක අපිත් දැනගන්න ඕනි අපි ඉන්නෙ කොතනද කියන එක. වැලක් බලන්න ඕනි නම් ඒකට ඕනි තරම් සයිට් තියෙනවා (මරා කොයි තරම් තහනම් කරත් :lol:) ඉතිං ඒ අවශ්‍යතාවයට අපි එතෙන්ට ගිහිල්ලා එළකිරිය වගේ තැනකදි ලෝකෙට පේන්න වත් හොඳින් හිටියනම් ඉවරයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම 2010 ට කලින් ඉදලා තියෙනවා....:cool: නැ එහෙම අහන්නේ නැ,,,
    ඒත් මොකකද ඒ වෙනස ?

    :yes: ඉස්සර මචන් කලාතුරකින් එකෙක් තමයි ෆේක් කාරයෙක් වගේ ඇවිත් මෝඩ පාට් එකක් දාන්නෙ. :eek: 18+ කියල ත්‍රේඩ් එකක් විහිලුවට දැම්මත් ඒකට අර දාපු එකාට හොඳටම නෝන්ඩි කරන්න සෙට් එකක් ම ඉන්නව. :yes: රිප්ලයි දාන උන් ඉතින් එහෙම දානව. අනික ඉස්සර මේ රෙප් හරුප තිබ්බෙ නෑ. :no: රෙප් මඟුලෙන් ඕනෙම කොන්ද පන නැති එකෙක් ට පුලුවන් අම්මට තාත්තට හරි බනින්න උගෙ අයිඩී එක පෙන්නන්නෙ නැතුව. :sorry: රෙප් ගන්න තමයි ගොඩක් අය 18+, බාගෙට ඇඳුම් ඇඳගත්ත කෙල්ලන්ගෙ, porn stars ලගෙ, මේ ලංකාවෙ පොඩි පොඩි කෙල්ලන්ගෙ, ලංකාවෙ එක එක ගෑණු නටපු නාඩගම් වලදි ගත්ත ෆොටෝ වගේ කිසිම වැඩකට නැති ත්‍රේඩ් දාන්නෙ.:sorry: ඉතින් ඒ ඒ ගොං පාට් වලට සෙට් වෙන උන් ටික එකට ගැලපිලා යනව. :no: දැන් ඒ කාණ්ඩෙ අය හොඳටම වැඩී.. ඒවට විරුද්ධව කතා කලාම, ඒ විරුද්ධව කතා අය එක්ක එකතු වෙලා හරි දේ කරන්න හදන අය අඩුයි. :( ඉතින් ඒ පිරිසට කරන්න දෙයක් නැති වෙනව. :( ඕක ඔහොම ඔහොම වෙලා දැන් තියෙන තත්ත්වෙට ඇවිත්.. :eek: සාධාරණයක් කතා කරන්න බැරි තත්ත්වෙට පත් වෙයි මෙහෙම ගියොත් එලකිරි.කොම් සයිට් එක. :no:
    12.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඌප්ස් පොඩ්ඩක් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු පොරගේ කලින් ත්‍රෙඩ් සර්ච් කරලා 18+ කියලා දාපු එකක් තියෙනවා.(මම කියන්නේ නැ එක වැරදියි කියලා)

    හරි දැන් ඔයාට හොද ඕනකමක් තියනවනේ එල කිරියේ ඔය ඔයලා කියන
    තත්වය ගැන ,,නේද? උඹ ඒ ගැන කියලා අඩ්මින්ට හරි මොඩ් ට හරි පි එම් දාලා මේ ප්‍රශ්නය අහලා තියෙනවද...:rofl: නැහනේ..(.ඇත්තටම ඒ ගැන ඔන කමක් තිය්නවනම් කරන්න ඔනේ ඒකනේ) ඒ උනාට ත්‍රෙඩ් එකක හැමෝටම පේන්න අහනවා:lol:
    ඒ කියන්නේ උඹේ කොන්ද පණ තියේනවා කියලා පෙන්නන්නද?:P

    ps:ඔයා කතා කරන විදිය හරිම Gay ටයිප් මචන් සොරි:lol:

    ඔව්, ඉතින් උඹලා සීමා මායිම් නැතිව කතා කරන හින්දා නේ..
    මේ තරම් ඉක්මණින්ම ජනප්‍රිය වේලා ඉන්නේ..
    නැත්නම් මොනවා ද ඔයා එළකිරි එකට වැදගත් කමක් තියෙන ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ.. ? :confused:
    පුලුවන් නම් කියන්න..
    උඹත් ඉතින් අනිත් එවුන්ට ඇගිල්ල දික් කලාට කෙල්ලොන්ගේ නිරුවට පෙන්නා ගෙන නේ..
    ඕය ජනප්‍රියත්වය අරන් තියෙන්නේ..:lol:

    ආහ් ඒවාට උදාහරණ දාන්න ඕනේ නේ.. නැත්නම් උඹ කියයි කෝ පුලුවන් නම් පෙන්නන්න කියලා..
    ;)

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සුද්ද සිංහල නැතුව ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාන්න බෑනේ දැන් ගොඩක් අයට, ඉතින් ත්‍රෙඩ් ඒ මට්ටමට නිකන්ම එනවා. ඔය වගේ හේතු නිසා ගොඩක් පරණ අය දැන් ඇක්ටිව් නෑ
     

    harsha.perera

    Well-known member
  • එළකිරි එක මම දකින්නේ අපිට දෙයක් ගන්න වගේම අපේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නං ඒවා අනිත් අය එක්ක බෙදාගන්න සුදුසුම තැනක් කියලා... ඔය 18+ ද 16+ ද මොන ත්රෙඩ් එක දැම්මත් මොඩ් කෙනෙකුයි ඇඩ්මින් කෙනෙකුයි ඉන්න නිසා කිසියම් දෙයක් ප්රමාණය ඉක්මවා යන කොට ඒවා එයාලා නතර කරයි.
    අපි ටිකක් අළුත් අය තමයි. ඒත් මෙතන ඉන්න පරන අය මේ වගේ ත්රෙඩ් එකක් ඇතුලේ මත ගැටුම් ඇති කරගන්න හදනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද එළකිරි.කොම් කියන්නේ ‍මරාගන්න තැනක් නෙවෙයි නේ..
    රටක උනත් එකක එක විදිහේ අය ඉන්නවා... මේකෙත් එහෙම තමයි... අපිට ඔක්කෝම අයව හදන්න බැරි උනත් ... අපි තනි තනියෙන් මේකට හොද දෙයක් කලොත් සමස්ථ ප්රථිථලය හොද එකක් වෙයි කියලා මට විශ්වාසයි...

    :yes::yes::yes::yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් මේ ත්‍රේඩ් එක පටන් අරන් ම පැයකටත් වැඩි කාලයක් වෙනවා..
    දැන් කට්ටියටම පෙනවා නේ මේ ත්‍රේඩ් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වල හිගකම..
    අදහස් දෙන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා..
    බොරුවට පරණ සාමාජිකයන් කියවන එක විතරයි කරන්නේ.. මේ වගේ ත්‍රේඩ් එකට අදහසක් දක්වන්න තරම් හැකියාවක් නෑ..
    අනික මේ ත්‍රේඩ් එකේ මාතෘකාව කෙල්ලෙක් සම්බන්ධ කරලා හෝ මොනයම් හේතුවකින් වැඩිහිටි තේමාවට හදලා තිබ්බා නම් මේලාකටත් මේ ත්‍රේඩ් එකේ පිටු ගාණ 10 කටත් අධික ප්‍රමාණයක් ගිහිල්ලා..
    මේකයි දැන් එළකිරි අඩවියේ ඇත්ත ස්වභාවය...
    කොයි කාටත් මේවා තිත්ත වුනාට මේකයි යතාර්ථය...

    :yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙහෙමයි කොල්ලෝ.. මේවාට අයිතිවාසිකම් තියෙන බලධාරින් කාර්ය බහුල බව නම් ඇත්ත..
    ඒ හින්දාමයි ඒ අය යටතේ වැඩ කරන්න තවත් කිහිප දෙනෙක් ම පවරලා තියෙන්නේ මොදරේටර්ස්ලා හැටියට..
    ඒ අයත් ලොකු මෙහෙවරක් නම් කරනවා.. ඒත් ඒ මෙහෙවර හරියාකාරව වෙන්නේ නැති අවස්ථා වුනත් තියෙනවා..

    ඒක නේ කිහිප දෙනෙක් මේ අඩවියේ ඒ අයගේ බලය පෙන්නාගෙන අසබ්‍ය වචන කියලා හැසිරෙන පිරිසක් බිහි වේලා ඉන්නේ..


    මොඩරේටර් ඒ අයව බෑන් කරන්නේ නෑ සෙට් පිටින් ඉන්න නිසා :P
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ඌප්ස් පොඩ්ඩක් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු පොරගේ කලින් ත්‍රෙඩ් සර්ච් කරලා 18+ කියලා දාපු එකක් තියෙනවා.(මම කියන්නේ නැ එක වැරදියි කියලා)

    මේ ත්‍රෙඩ් එක දාපුපොර මම.
    ඔව් මම 18+ ඒවා දාලා තියනවා. මම join උනේ 2010 ජනවාරි අන්තිම. ඒ ත්‍රෙඩ් මම දැම්මේ මම මේකත් එක්ක සම්බන්ද උන මුල( මුල් මාස දෙක ඇතුලත). මට මේකෙ සීනියර් මෙම්බර්ස්ලගෙන් හම්බුන අදහස් වගේම මේ එලකිරිය ගැන අවබෝධය වැඩිවීමත් එක්ක මම ඔය වගේ ත්‍රෙඩ් දාන එක නැවැත්වුවා. අනික ඒවාවල මාතෘකාව වගේම අන්තර්ගතය ගැනත් පොඩ්ඩක් බලන්න කියලා මම ආරධනා කරනවා.