දැන් උඹට ඕකද බන් ප්‍රශ්නේ. උඹ හරියට උත්තරයක්වත් දීපු නැති එකෙක් උඹට ඕවා හොයන්න අදාලම නෑ. පාඩුවේ හිටහන් චීත්තයක් නොවී
Same here. කලලය කෑලි කෑලි කැඩිලා ලේත් එක්ක යනවා කිව්වම හිරිවැටිලා ගියා

සංවේදී කෙල්ලෙක්නම් කෙල්ල ඩිප්‍රෙස් වෙන්න උනත් පුලුවන් ඒවා දැකලා. කොල්ලට උනත් වෙන්න පුලුවන්. හැබැයි ඊටවඩා ලොකු අවුල් වෙන්න පුලුවන්නෙ ලමයා උපද්දන්න උනොත් කිසිම සූදානමක් නැති කපල් එකකට. උන් දෙන්න්නගෙ ජීවිත වගේම ලමයගෙ ජීවිතෙත් ඉවරයි ඊටපස්සෙ. ඒ නිසා වෙන කරන්න දෙයක් නැති උනාම කරන්න වෙනවනෙහ්. ක්ලිනිකල් ඇබෝශන් ලීගල් වෙලා තිබ්බනම් තමයි බං ලේසිම හැබැයි. එතකොට අදාල කපල් එක ඔය කිසිම දෙයක් දකින්නෙ නෑනෙ?
පිරිමියෙක් වෙච්ච උඹට ඕක කියවලා ඔහොමනම්, ඕක ඇත්තටම අත්දකින ගෑනියෙක්ගෙ මානසික තත්වේ මොන වගේද කියලා හිතපන්කො. මූ අරන් දෙයි මේන් බීපන් කියලා, ඒකෙන් ගෑනිට වෙන බලපෑම ඌට අදාල නෑ. හරි විදිහට VOG කෙනෙක්ගේ උපදෙස් ඇතුව ඕක කරනවා නම් ගැටළුවක් නෑ, හැබැයි ලංකාවේ එහෙම බැරි නිසා ඒක කරන්න බෑ, ඒක දැන දැනම මුන් කැලැන්ඩර් බල බල ගහනවා හරියට Birth Control එකක් පාවිච්චි කරන්නේ නැතුව.
මම දන්න කෙනෙක් ඔය වගේ දෙයක් වුන අදටත් මානසිකව විඳවනවා. ඒ මුන් වගේ කැලැන්ඩර් බලන් ගහලා එහෙම නෙවේ, Misscarriage එකක් වෙලා හරි විදිහට Hospital එකෙන් Pregnancy එක Remove කරලත්. මුලින්ම Tablet එක Hospital එකෙන් දුන්නට ඒකෙන් සම්පූර්ණ අයින් වෙලා නැහැ, ඒ නිසා ERPC/D&C කරලා තමා retained products remove කරලා තියෙන්නේ. ඉන්ද්‍රජිත් වගේ තමන්ගේ කියන හැඟීම දන්නේ නැති, පයියෙන් විතරක් හිතන අම්මෙක් අප්පෙක් සහෝදරියෙක් නැති උන් ඇවිත් කිසි රිස්ක් එකක් නෑ කියලා මේවා ප්‍රොෙමා්ට් කරපුවම ඒවට හුරේ දාන උනුත් ඉන්නවා. දැන් අර කෙල්ල හොස්පිටල් එකේ හිටපු නිසා ultrasound, hcg බලල ඉතුරු වෙලා තිබුන නිසා හරි විදිහට ඒවා අයින් කරා, ඕක ගෙදරදි කරලා complication ආවොත් මොකද කරන්නේ? infection ඇවිත් ඇවිත් අන්තිමට ජීවිතෙත් නැති වෙලා තමා නතර වෙන්නෙ. හාට් කේස්, low hg තියෙන උන්ට කොහොමත් ඕක දෙන්නේ නෑ දන්න විදිහට. මුන් මේවා ගෙදරදි බොන්නෙ ඕවා චෙක් කරලා නෙවේනෙ.
උන එකානේ අමාරුව දන්නෙ, ඉපදුනාට පස්සේ ඔක්කොම දුක් විදිනවනේ වගේ තර්ක දාලා ඔය වගේ දේවල් ඩොක්ට කෙනෙක්ගේ උපදෙස් නැතුව පාවිච්චි කරන්න උඩගෙඩි දෙන එකෙක්ට වත් තමන්ගේ ගෑනි ගැන හැඟීමක් තියෙනවා වෙන්න නම් බෑ, පට්ටම ආත්මාර්තකාමියො.
------
Post added on Sep 4, 2024 at 1:03 PM