ඇම්ඩාගේ_සීයාගේ_කාලේ

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ඇම්ඩාගේ_සීයාගේ_කාලේ

ඔයාලා දන්නේ නැති උනා‍ට ඇම්ඩාගේ සීයත් හෙනම කපටියාලු.....

මේක ඇම්ඩාගේ සීයාගේ කාලේ කාතාවක් අහලා බලන්නකෝ....

ඇම්ඩා‍ගේ සීයා දවසක් පාරේ යනකොට දැක්කලු ආරච්චිගේ ගෙදර ලොකු කෙසෙල් කැනක් තියෙනවා... මෙයා ආරච්චිගේ හින්දා අහක බලන් යන්න හැදුවත් කෙසෙල් කැන දැක්කහම අහක බලන් යන්න බැරිලු.... මිනිහා වට පිට කවුද ඉන්නේ කියලා බලලා ශේප් එකේ කෙහෙල් කැන කපන් ගියාලු ....

මේක දැක්කලු ගමේ එකෙක් මු ආරච්චියට කිව්වාලු...ආරච්චියා ගියාලු මිනිහාව හම්බවෙන්න ගිහින් ඇහුවට මු කියන්නේ කෙහෙල් කැන කැපුවේ නෑ කියලමයි ලු... පස්සේ ආරච්චියා ගිහින් ගැහුවලු ප්ලෑනක්... මු හෙනම ඇම්ඩා හින්දා මුට කිව්වාලු ගමේ දේවාලයට ගිහින් දිව්රලා කියන්න කියලා... ගමේ දේවාලය ම‍හා හාස්කම් තියෙන දේවාලයක් ලු...

ඇම්ඩාගේ සීයාත් ‍වැඩේ අතහැරියේ නෑ.... මෙයාගේ ගෑනිට මෑ ඇට කිහිපයක් දීලා කිව්වාලු මේක අතේ තියාගෙන ඉන්න කියලා...දරුවන්ට මුං ඇට කිහිපයක් දීලා කිව්වාලු මේක අතේ තියාගෙන ඉන්න කියලා..

දැන් මේ දවසෙදි ගමේ කට්ටිය ‍ඔක්කෝම එකතු වෙලා... මෙයා මේකෙන් බේරෙයිද ‍නැද්ද බලන්න... වේලාව ආවලු... ඇම්ඩාගේ සීයා ගෑනිගෙයි දරුවන්ගෙයි ඔලුවට අත තියලා දිව්රුවාලු.... "මුං පල්ලා ‍මෑ පල්ලා මම කෙහෙල් කැනක් හොරකම් කලේ නෑ... දෙයියනේ..." කියලා.