ඇස්ට්‍රා සිනිකා එක ගහලා අම්මා අසනීප උනා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අම්මට ෆිට් එක තිබ්බා ඔලුවෙ ඔපරේශ්න් එකක් කරන්න තිබ්බා ඒක කරාට පස්සෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ අම්මට අංශබාගෙ හැදුනා අවුරුදු තුනකට කලින්,අම්මට වැක්සීන් එක ගහන්න moh එකට අරන් ගියාම එයාල කීවා ඉස්පිරිතාලෙන් විදින්න කියලා ඉස්පිරිතාලෙට ගියාම ඒකෙ බෙහෙත් ඉවර වෙලා ඊට පස්සෙ කුරුනෑගල බැලුවා ඒකෙ පලවෙනි එක ගහලා ඉවරයි කීවා අපි ගිය දවස වල,දැනට සති දෙකකට කලින් අපේ ගමට බෙහෙත් විදින්න ආව ඒවෙලාවෙ ගිහින් විස්තරේ කීවම ආයෙ ඉස්පිරිතාලෙ විදිනවා එතකොට කතා කරන්නම් කියලා විස්තර ගත්තා,කොහොමහරි ඊයේ ආමි එකෙන් ගෙවල් වලට ඇවිත් වැක්සීන් නොගත්ත අයට වැක්සීන් ගහලා ගියා අපි ඒ අයට කීවා සම්පූරන කතාව එයාලා කීවෙ බයවෙන්න දෙයක් නෑ පොඩ්ඩක් උණ ගැනෙයි කියලා ,අද උදේ අම්මට සෑහෙන්න උණ අරන් නැගිටගන්නත් පණ නෑ හරියට කලපනාවත් නෑ ඊට පස්සෙ ඉස්පිරිතාලෙට එක්කන් ගියාම් කීවෙ ඇයි ඇට්‍රා සිනිකා මේ අසනීප මනුස්සයට ගැහුවේ මේක මෙයාලට සැර වැඩී කියලා දැන් අම්මා ඉස්පිරිතාලෙ දැන් උණ තවත් වැඩි වෙලා දැන් ඇදුම් වල හිටන් මුතා වෙනවා

    මට කියන්න තියෙන්නෙ අසනීප මනුස්සයෙක්ට බෙහෙත් විදින්න ගෙදරට ආවොත් ඇස්ට්‍රා සිනිකා නම් ගහන්න එපා කියලා,ගහන වැක්සීන් එකත් ඩොක්ක්ට කෙනෙක්ට කතා කරලා අහලා බලලා විදගන්න බලන්න
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මෙහෙමයි අපිට කියන්න බැහැ මොන වගේ side effects තියෙයිද කියලා . අනික. එක එක කෙනාට බලපාන විදිහ වෙනස්. ඒක එන්නතේ වර්ගයෙන්ම කියන්න බැහැ . උණ ගතිය ටික දව්සකන් ඇරිලා යයි මම හිතන්නේ බොහෝ දුරට. එත් සන්තෝස වෙන්න එන්නත ගහ ගත්තු එක ගැන . කොහොමත් ප්‍රතිදේහ ඇතිවෙන්න දවස් 10-20ක් යනවා. එක නිසා තව දුරටත් පරිස්සම් වෙන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆිට් ඇවිල්ලා තියෙන උදවියට කොහොමත් කොයි වැක්සින් එක ගහද්දි වුනත් වෛද්‍යවරයෙකුගෙන් තිරණයක් අරන් තමයි කරන්න ඕනේ. නර්ස්ලා ව ශුවර් කරන්න විදියක් නෑ...
    කොහොමත් අම්මාට ඉක්මණින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    immune system eke strongly react karanawa athi...

    blood clots nathinam bayawenna epa..

    dawas 5k wage moniter karanna wei blood clots walata.. eth mama hithanne naha ehema wei kiyala

    Astrazeneca gahapu eka hodai
    ------ Post added on Aug 27, 2021 at 9:10 PM