මම දකින හා මට හැඟෙන විදිහට මේ නිර්මානකරුවාගේ ආදරය ඉල්ලීමේ හා ඇය විසින් එය සෙනෙහසින් ප්රතික්ෂේප කිරීම අතර වෙනත් යටි අරුතක් දිවෙනවා..
ඇය කියනා විදිහට ඇය කිසිසේත් කැමැති නැහැ ආදරය ඉල්ලන්නාගේ ජීවිතය විනාශ වෙනව දකින්න එයත් එක්ක එකතුවීමෙන්..නැතුව ආදරය පුද කරන්න කැමති නැතුව නොවෙයි..
සමහරවිට ඇය යම්කිසි දරුනු මාරාන්තික රෝගයකින් පෙලෙන කෙනෙක් නිසා වෙන්න ඇති..මම වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරන්න....
මට එහෙම හැඟුනේ කවිය තුල ඇති මෙම පහත සඳහන් පද පේලි දෙක ගැඹුරින් විමසා බැලූ නිසා...
"විෂ තුඩින් ඇන ජීවයම උරා බී..අසරණව වැටී..මරණයට පෙම් බැඳ"
ලස්සන එමෙන්ම ගොඩාක් සාර්ථක කවියක්..ලස්සනට පද පේලි සියුම් බස් වහරත් එක්ක සුගමව අමුනාගෙන තියෙනවා..
මල්ලිට ජය!!