මචන්, ලොකේ අනිත් හැම එකාම අනිත් උන් ගැන හිතලා ජීවත් වෙනවානම් ඔය කතාව කියපන්. පුලුවන් එකා කරනවා, බැරි එකා ඌට බනිනවා, ඌටත් පුලුවන් උනාම ඌත් ඕකම කරනවා. එහෙම සමාජෙක ලෝකෙට පුකදීලා විනාස වෙන්න ඕන කමක් නෑ. මොකද ඕවා නොකලා කියලා වෙන උන් අපිට කන්න බොන්න අඳින්න අරන් දෙන්නෙ නෑනේ. මටනම් as long as it isn't illegal anything goesමෙහෙමයි බොසා. Illegal කතාවක් නෙමෙයි. ඒත් ඔතන අවුලක් තියෙනව. ඕනම දේක වටිනාකම තීරණය වෙන්නෙ ඒක කොච්චර දුර්ලභද කියන එක උඩ. ඒකම තමයි supply and demand කියන්නෙ. උඹ උඹට සැබෑ අවශ්‍යතාවයක් නැති ඉඩමක් හුවමාරු වටිනාකමක් ලබාගන්න විතරක් අරගන්නව කියන්නෙ උඹ අර scarcity එක හෝ demand එක වැඩි කරනව. ඒක විතරක් නෙමෙයි එකම සාධකය. නමුත් ඒකත් ලොකු සාධකයක්. එහෙම උනාම ඉඩම් ගනන් යනව. මිනිස්සුන්ට ඉඩම් ගන්න අමාරු වෙනව.
ඉලක්කම් අයින් කරල ප්‍රායෝගිකව කිවුවොත් වෙන්නෙ මනුස්සයෙක් නොතෙමී ඉන්න ගෙයක් හදාගන්න ගන්න හොයන ඉඩම උඹල අරන් මුකුත් නොකර උන්ට දෙන්නෙත් නැතුව තියන් ඉන්නව පස්සෙ කාලෙක විකුණල ගානක් හොයාගන්න. හාල් හිඟ වේගෙන යද්දි මනුස්සයෙක්ට කන්න තියෙන හාල් ටොන් එකක් විතර ගෙනල්ල ගෙදර තියන් ඉඳල තව හිඟ උනාම වැඩි ගානට විකුණනව වගේ.
ඕක ඉස්මොල්ලෙ ගිහිල්ල තමයි ඇමෙරිකාවෙ 2008 Financial Crisis එක ආවෙ. ඇත්තටම ඕන කමට ගෙවල් හදන උන්ට වඩා හදල පස්සෙ වැඩි ගානට විකුණන්න කියල ගෙවල් හදන සෙට් එක වැඩි උනා. අන්තිමට price වැඩි වෙලා වැඩි වෙලා ගන්න කෙනෙක් නැති උනාම සම්පූර්ණයෙන් price collapse උනා. ගෙවල් හදන්න ගත්ත ලෝන් ගෙවන් නැතුව ගියාම බැංකු ටිකත් කඩන් වැටුන.