මෙහෙමයි විස්තරේ.. උඹ දැන් කියන විදිහට මට තේරැනේ මේක පොඩි ට්රාන්සෆෝමර් එකක් කියල.. කනු උඩ නිකන් හගන්නෙ නෑ අධි සැර ඒව.. ඒත් උඹ ගන්න යන ඉඩම පොඩි නම් ගෙදර හැදුවන දෙවෙනි තට්ටුක් තියනව නම්.. ඒකෙ අවදානමක් තියනව..
කනු යටට ගිහින් ට්රාන්ස්ෆෝමර් එකක් ඇල්ලුවත් මොකුත් වෙන්නෙ නෑ..[අර්ත් ෆෝල්ට් එකක් නෑ නම්] වැස්ස්ක් වැටිල ගහක් වැටිල හරි ට්රාන්ස්ෆෝමර් එකෙ ටර්මිනල් පොලවට අර්ත් වෙනව නම් එතන පොඩි ප්රශ්නයක වෙන්න පුලුවන්.. ඒත් මේක තියෙන්නෙ උඹේ ඉඩමේ එක මුල්ලක වගේ නෙමේ නම් ඉඩමත් පොඩි නම් බිල්ඩින් එකක් තට්ටු උඩට හදද්දි රිස්ක් එකක් තියනව.. අනිත් එක උඹට ඔනෙ වෙලා ට්රාන්ස්ෆෝමර් එක තියන තැනින් අයින් කරගන්න ඕනෙ උනොත් විදුලි බල මණ්ඩලයට උඹ ලක්ෂ 3 4ක ගෙවීමක් කරන්න වෙනව
මගෙ අදහස නම් ඉඩම වැඩිය ලොකු නෑ නම් බිල්ඩින් එකක් හැදුවම පාර ලඟටම එනව නම්.. මේ ඉඩම ගන්න එක ටිකක් අවදානම්