bros math ekak gatta….. Koch hari wathura danna oneda?
සාමාන්‍යයෙන් කහ මදේ දියාරු නැති, හැබැයි තද වෙලා වටේ දම් පාට වෙලත් නැති ගානට නම් 70ml. අර පොඩි ප්ලාස්ටික් කෝප්පෙ ලකුණු කරල තියෙනවා. බිත්තර 1 - 7 දක්වා ඕන ගාණකට එ‍් වතුර ටික අැති.
තව ටිකක් තදට තම්බ ගන්න ඕන නම් 80ml, දම් පාට පොත්ත තියෙන කහ මදේ එන්න 90ml. ලාවට දියාරුවට noodles / ramen වලට දාල කන්න වගේ නම් 50ml, 60ml කැමති විදිහට.
වතුර ප්‍රමාණය දාලා බිත්තර ටික tray එකේ තියල පියන වහලා plug කරන්න. Off වුණාම සීතල වතුර භාජනේකට බිත්තර ටික දාල හරි, tap එකට අල්ලන් හරි පොතු අැර ගන්න. වතුරෙන් තම්බපු බිත්තර වගේ නෙවෙයි ලේසියෙන් කටු ගැළවෙනවා.