SLT nm Gon wada karanawa.දැන් ඩයලොග් එකට සුපිරි ඒකාධිකාරයක් හැදෙමින් තියන වෙලාවක, ටෙලිකොම් එකේ බේස්ක් පුතාලා ඉන්න කස්ටම්ස්ලා ටිකත් පන්න ගන්න විදියේ වැඩ කර කර, උද්ගෝෂන කර කර ඕක වට්ටලම දානවා. එතකොට ඩයලොග් එකත් පැනලා ඕකේ කොටස් ගනියි. මොබිටෙල්/ටෙලොකොම් වලට ළගදිම ලොකු ලොස්ට් එකක් අත ළගයි. මගේ පරණ මොබිටෙල් සිම් එක ඩැමේජ් වෙලා ආපහු ගන්න කොළඹ ප්රධාන බ්රාන්ච් එකකට ගියා. ඩයලොග් එකේවගේ එන උන්ට ටෝකන් එකක් දීලා ඉක්මනින් උත්තරයක් දෙන්න මුන්ට කිසිම ඕනිකමක් නෑ. කස්ටම සර්විස් 0%. කොහොම හරි මම එතන පැය 1කට වඩා හිටියා බන්. ඒ පැයක විතර කාලේදි මම දැකපු ටිකක් කියන්නම්.
බිස්නස් එකක් කරන එකෙකෙ ආවා. ඌ කලින් ටෙලිකොම් පාවිච්චි කරපු කෙනෙක්. ඌ ආයෙත් කනෙක්ෂන් එක දෙන්න බැරිද කියල ඇහුවා. කලින් කෙනෙක්ෂන් එක කොපලයින් එකක්. මුන් දෙන්න බෑ කිව්වා. ෆයිබ විතරලු දැන් දෙන්නේ. ඒක කිව්වෙත් හෙන සද්දෙන්. අරූත් බය වෙලා වගේ ආපහු ගියා. ඒත් මේ කස්ටම ඩයලොග් එකට ගිහින් මේක ඇහුව නම් ඒකේ වැඩකරන උන් CDMA ෆෝන්එකක් හරි අරූට දෙනවා. ටෙලොකොම් බේස්කිකයොන්ට අලුතෙන් කස්ටමස්ලා වැඩි කරගන්න උවමනාවකුත් නෑ. ඉන්න උන්ව තියා ගන්න උවමනාවකුත් නෑ,
තව පොඩි එකෙක් ආවා ප්රීපේඩ් රවුටරයක් ගන්න. රවුටරේ එක්ක සිම් එක දෙන්න මුන් රු5000ක්වගේ ගානක් කිව්වා. අරූ අපහු හැරිලා ගියා. ඩයලොග් එකේ ඔන්ලයින් ගෙන්නුවත් රු3500යි
තව ෆෝන් ඩැමේක් වෙච්ච ඒවා හදන්න , මාරු කරන්න ආපු උන් හිටීයා. ඉස්සර වගේ දැන් ෆෝන් එකක්වත් ෆ්රී මාරු කරලා දෙන්නෙ නෑ. ඒ අස්සේ කන්ප්ලේන් දාලා මාස ගණ්න බලාගෙන ඉන්න උනුත් ඇවිල්ලා බැන්ලා යනවා. මාර ආතල් . කොහොම හරි මමත් මගේ වැඩේ කරගෙන ආවා. ඉස්සර වගේ නෙමෙයි දැන් මොබිටෙල් සිග්නල් පට්ට අවුල්. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ලෝඩ් වෙන්න පැය ගාණක් යනවා. යූටියුබ් එකේ වීඩීයෝ එකක් බලන්න බෑ , හැම වෙලාවෙම නවතිනවා. ඉතින් මේවගේ සර්විස් එකක් පාවිච්චි කරන්න කවූරුත් කැමති නැති නිසා අනිවාර්යයෙන්ම ඕක පාඩු ලබනවා. එතකොට ඉතින් ඩයලොග් එක මේකත් සල්ල්වලට ගත්තොත් , ඩයලොග් එකේ පදේට නටන්න ලෑස්ති වෙලා ඉදපල්ලා.
Eth dialog eka SLT ganna bid karanne na.