ට්රේන් සර්විස් දැක්කම ලංකාවේ මොනවද තීන්නේ කියල හිතෙනවා එක දිගට කිලෝමීටර් 300 කට වඩා නැති ඒ පොඩ්ඩ දියුණු කරගන්න බැරුව දගලනවා අපිට තාම ඉන්දියාව ලඟින් වත් යන්න බෑ
මේක නං සම්පුර්ණ ඇත්ත. ඉන්දියාවේ දුම්රිය සේවාව නං ඉතාම හොදයි. අපි ගිය කිලෝමීටර් 1500 ක් වගේ වන දුම්රිය ගමන පැය 22 කින් වගේ ගියා. ඒ ටයිම් ටේබල් වල තියෙන ටයිම් වලටම එච්චර දුරක් ගියත් එව්වා වෙලාවට ලගා වෙනවා. දුම්රිය පැයට කිලෝමීටර් 100 න් එහා යනවා සාමානයෙන්.
උදේ 7:20 ට කෝච්චිය එන්න තියෙනවා නං ඒ වෙලාවටම එනවා.
අනික දුම්රිය මැදිරි ඒසී කරපුවා වෙනම, අනික්වා වෙනම හොදටම තියෙන සර්විස් එකක්. කෑම බිම උනත් හොදට ලබා දෙනවා. තට්ටු දෙකේ කෝච්චිත් එහෙ තියෙනවා කියලා දැක්කා.
ඒ රටේ කිලෝ මීටර් දහස් ගණනක් තියෙන දුම්රිය මාර්ග නඩත්තු කරගෙන ඒ අය හොද සර්විස් එකක් දෙනවා. අපේ රටේ කොළඹ ඉදං බදුල්ලට කිලෝමීටර් දෙසිය ගණනක් ඇති. ඒ දුරවත් හරියට සර්විස් එකක් දෙන්න අමාරුයි වගේ නේද?


