මට තව එක කාරනයක් පැහැදිලිවම කියන්න තියනවා.
මම මීට පසු කතාකරන තැන්වලටත් මේක අදාලයි.
මේ පවතින තත්වය දිගින් දිගටම වඩාත් දරුනු අතට හැරෙමින් පවතින නිසා එය පිලිකුල් කරන මම ඊට වඩා වෙනස් වැඩ පිලිවෙලක් කෙරේ බලාපොරොත්තුවෙන් සිටින-ඒවෙනුවෙන් පෙනී හිටින කෙනෙක් මිස විරුද්ධ පක්ෂයේ එකම හා මූලික නියෝජිතයා නෙවෙයි.දැනට ජනරාල් ඇතුලු කන්ඩායමක් ඉදිරිපත්ව යම් වැඩ පිලිවෙලක් යෝජනා කර තිබෙන හෙයින් වෙනත් විකල්පයක්ද නැති හෙයින් එම පැත්තට හැරී ඉවසීමෙන්- කරුනු කාරනා ගලපමින්- විමසමින් සිටින ආධුනිකයෙක් පමනයි.
මෙතෙක් ඉතිහාසයේ නොවූ තනි පක්ෂයක් රට පාලනය කරන හිතුවක්කාර පටිපාටිය ඉක්මවා ගිය තවමත් අප නොදුටු වැඩ පිලිවෙලක් ගැන සහතික දෙන්න මට(තියා කාටවත්)අයිතියක් නෑ.හැකියාවක් නෑ.ඉදින් වැඩි විස්තර අවශ්‍ය අය කලයුත්තේ ඔවුන්ගේ කතාබහ ලිපි ලේඛන සොයාබලා ඒ ගැන හැදෑරීම මිස සියලු දේට මගෙන් පිලිතුරු බලාපොරොත්තු වීම නොවේ.
සමහරු කියනවා කොපි පේස්ට් කරන එකලු මගේ වැඩේ.

නැතුව මට වැඩ පිලිවෙලක් තියනවද?මමද චන්දෙ ඉල්ලන්නේ.ඔවුන්ගේ ලිපි-කතා තියන තැන්වලින් ගන්නෙ නැතුව මම මට ඕන විදිහට ලියන්නද කියන්නෙ?(මම සියලු පුවත්පත්-නාලිකා වෙබ් අඩවි ගවේෂණය කරන.දෙපැත්තේම කරුනු විමසන කෙනෙක්-එසේ නොමැති නම් ඒක හොඳයි-මේක නරකයි කියන්නේ කොහොමද?)