උදාව්ව්ව් !!!!educational Counsellor

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Na machan dan uparima fk wela thiyenne. Issara idan karana kisi deyak hari yanne na bn. Pera kala paapa karmada kohedo bn.
    Hoda doc kenek allaganna oni eth kohen hoyagannada therenne na. Eka parak ekek gawata giya e pora nikan bawanawak wage reddak kiyala dunna ehchrai. Melo wadak na bn.senaga wadi hinda hariyata katha karanne madda manda kiyalath hithuna.e podi kaale.
    Prashna tika liha ganna therenneth na bn.dan aye mokak hari igena ganna patan gaththath 30-31 wenawa degree ekak gannama. Okkoma dan iwara wela wage hithenne.mokek wennada monawada karanne therenne na. Aduma mage tallent ekak thiyenawada kiylawath therenne na. Hodatama awul seen eke inne bn.

    Ube oya leda hariyanawa salli hambeddi :P korea,middle east wage yanna try karoth moko? nathnam mona hari skill ekak thiynwa nan improve karan wadak patan ganin..dan ona tharan platforms thiyenwane salli hoyanna :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    MotivationHub
    AAuE7mDRBxw-1rSyBCiUG_7NYz3dat5h4OD0p-O9kA=s288-mo-c-c0xffffffff-rj-k-no

    Motiversity
    Law of Attraction Coaching

    දවසට උදේ සහ හවස පැය බැගින් යූ ටුයුබ් එක අසව
    හෙඩ් සෙට් එකක් දැමීම ප්‍රතිඵල වැඩිමට බලපායි
    අඛන්ඩව සිදු කිරීම අත්‍යාවශ‍ය වන අතර ප්‍රතිඵල මාසක් හා මාස 2 ඇතුලත ලැබේ
    සැම වචනයකම ගැඹෘ අර්ථය තෙරුම් ගැනීම ඉතා හොද ප්‍රතිඵල ලබාදෙන අතර,
     
    • Like
    Reactions: lk-maare

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හිතෙනවා උබව ගොඩ දන්නා පුළුවන් වෙයි කියලා

    ශ්‍රී ලංකා වුර්තිය පුහුණු පාසැලක ට ජෝන් වෙලා එකේ කොස් එකක් කරපන් වැඩි කාලයක් නැහැ
    හොටෙල් කොස් එකක් කරලා හොටෙල් එකක් එක්ක join වෙන්න

    paint
    මෝටර් වාහන
    ත්‍රීවිලර් හදන හැටි.
    එකේ සහතිකේ පෙන්නලා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලක්ෂ්‍ය 3 ක් අරගෙන ගරාජ් එකක් දාපන් .
     
    • Like
    Reactions: lk-maare

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump 1919 kth karapan dawas deka thunakata kalin tv eke ad ekak giya web site ekak gana gov eken karana. un help karai.
    btw job eka karana gaman degree eiak karapan kamathi field ekaka.
     
    • Like
    Reactions: lk-maare

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma thama ban jiwithe hamotama eka wage goda yanna epa eka sare. uthsahayen thamange geyak karaganna balapan waradinne na.
     
    • Like
    Reactions: lk-maare

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කරන කියන කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙලා මම මහ කාලකන්නියෙක් කියල හිතුන උන් සිරවට මොකද බන් කරන්නේ.:baffled::baffled::baffled:
    මෙ දවස් වල මහ එපා කරපු විදිහට හැමතිස්සෙම ඔලුවට එනව.
    වයස 27කුත් වෙලා. ඉගෙන ගෙනත් නෑ. හරි හමන් ජොබ් එකකුත් නෑ. කරන්න ගිය හැම එකක්ම මොකක් හරි වෙලා නවතිනවා. හිතට තියෙන ලොකුම අවුල තාම තාත්තා වැඩට යවන එක අවුරුදු 27 ක කොල්ලෙක් වෙලත්. පට්ට අවුල් බන් මේ සීන් එකට. ටාගට් එකක් හරියට තියාගන්න බෑ. තෙරෙන්නෙ නෑ. ඉස්සරහට මොන්වද කරන්නේකියල හිතාගන්නත් බෑ.වයස 60ක් වුනාම හරිනන් තාත්තව ගෙදර තියල තියල සලකන්න පුලුවන් වෙන්න ඕනි.අම්මත් නැතුව හදාගෙන තාම දුක් විදනව.:(:(:( දියුනුවක් පේන මානෙක නෑ. කරන්න ඕනි මොන්වද කියල තෙරෙන්නෙත් නෑ. 27ක් වෙලා තාම ඩිප්ලොමා එක විතරයි. ඕල් යන්තන් පාස්. ඒ ල් ඩවුන්.
    හරියට education guide එකක් ගන්න වගේ counsilers la නැද්ද බන්? දැනනම් ජීවිතේම තිත්ත වෙලා තියෙන්නේ. කිසිම උනන්දුවක් එන්නෙත් නෑ. ට්‍රයි කරල කරල එපා ම වෙලා. පහු ගිය අවුරුදු ටිකත් company කාරයොන්ට කබුරල කබුරලම ගෙවිල ගිය. හෙන මෝඩ ජීවිතයක් බන් ගෙවන්නෙ.අඩුම තරමේ ඔක්කොම ටික ටයිප් කරගන්නවත් තෙරෙන්නේ නෑ. මහ නෙගටිව් මයින්ඩ් එකක් තියෙන්න.හොද educational Counsellor වගේ .ducational ම නෙවෙයි. ඩිප්‍රෙශන් ද මන්ද.කෙනෙක් ව රිකමන්ඩ් කරපන්කෝ දන්න එකෙක්.

    බම්ප් එකක්වත් දාගෙන යමල්ල බන්

    Mata PM ekak dpn mm ubata sup ekak dennam
     
    • Like
    Reactions: lk-maare

    shenat

    Well-known member
  • May 13, 2007
    58,407
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නිකන්ම දුක් වෙවී ඉඳල හරියන්නෙ නෑ. එක්කො තාත්තගෙ කඩේට වැඩට උදව් වෙලා ඒක තව දියුනු කරන්න බලපන්. ඩිප්ලෝමා එකක් දැනටමත් තියෙන එකේ ඩිග්‍රිය කරන්න පරක්කු වැඩියි කියල හිතෙන්නෙත් නෑ මටනම්. හැබැයි දැන් කරනව නම් සුපිරි ප්ලෑන් එකක් , ඒම් එකක් තියන් කරන්න. නැත්තන් කාලය, සල්ලි ඔක්කොම වතුරෙ යන්නත් පුලුවන්. ඉගෙනගත්ත කියල නරකට හිටින්නෙත් නෑ ඉතින් අනිත් අතින්.

    ඔහොම මානසිකව වැටෙන අවස්තා අපි කාටත් එනව. ඒවට තාවකාලිකව හිතින් වැටුනත් ඒකෙන්ම ගොඩ යනව කියල අධිෂ්ඨාන කරගනින්. වැඩිය ඕන නෑ මේ මමත් දැන් එලකිරියට ලොග් උනේ උබේ වගේම නොවුනත් ලොකු මානසිකව වැටීමක් දැනුන නිසා ත්‍රෙඩ් එකක් දාන්න ආවෙ. ඒත් දාන්නෙ නෑ දැන්. මේ රිප්ලයි එක ඒ වෙනුවට.

    මට නම් ඉගෙනගත්ත දේ තියෙන නිසා ඒකෙන් ලොකු උදව්වක් වෙනව නොවැටී ඉන්න. නැත්තන් මට කෙළවුන හැටියට මටත් ජීවිතේ එපාවෙන්න ඕන. ළඟදි උනත් බිස්නස් එකක් පටන් අරන් බින්දුවටම වගේ වැටිල ඉන්නෙ. ඒක ගැන වෙච්ච සිද්දි , කට්ටිය කියපු දේවල් වගයක් නිසා තමයි මම දැන් අවුල් ගහල හිටියෙ. ඒත් මම කොහොමහරි ගොඩ එනව.

    උබටත් කියන්නෙ මානසිකව වැටෙන්න හේතු උන දුකම මතක තියන් දියුනු වෙන්න වැඩ කරපන් කියලා...
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මන් ජාතියේම පොරක් තමා එහෙනම් :rofl::rofl:

    mata nan podi un penna be ban.payn gahannamai hitenne :oo:

    මට බන් අර වයස 2-3 කියන දේ පොඩ්ඩක් වත් අහන්නේ නැති උන් දැක්කම ගහන්නමයි හිතෙන්නේ බන්.අයේ අර පොඩි උන්ට බලෙන් අඩ අඩ කවන එකත් පේන්න බෑ. බඩගිනි නන් කයිනේ කියලමයි හිතෙන්නේ. අපි මෙහෙම දැන් හිතුවට අපි වගේ උන්ලු පොඩි උන්ට වැඩියෙන්ම ලව් වෙන්න තමන්ට හම්බුනහම. අක්ක කෙනෙක් කිව්වේ. බැදපු ඩයල් එකත් පොඩි එකා හම්බවෙනකන්ම ඔහොමලු කිය කිය හිටියෙ. ලොල්

    Ube oya leda hariyanawa salli hambeddi :P korea,middle east wage yanna try karoth moko? nathnam mona hari skill ekak thiynwa nan improve karan wadak patan ganin..dan ona tharan platforms thiyenwane salli hoyanna :rolleyes:

    සල්ලි නන් මචන් මිනිස්සුන්ට කොච්චර හම්මුනත් මදිනේ. මිනිස්සුන්ගේ හැටි. නැත්තන් ප්‍රකොටි ගනන් තියෙන මිනිස්සුත් ඇයි තව තව දගලන්නේ. තමන්ට හදිස්සි ලෙඩකදි ගන්න අරවට මේවට හම්මෙනවනන් එච්චරයි බන්. මොක්ද මැරෙද්දි ඇරන් යන්නද. අන්තිමට එන්නෙත් තනියම යන්නේත් තනියම. මට ලොකුවට එහෙම ආසවක් නෑ . සමහර දේවල් ගන්න හිතෙද්දි තමයි. ඒකත් තාත්තව ගෙදර තියන් සලකන්න පුලුවන් නන් ලෙඩකට එහෙම ඉතුරු වෙනවනන් ශේප් ඉතින්. ඒත් ආසාවල් එනව.

    mee tooo broo but ist ok

    :(:(:(
    එහෙම ඉදල ඉදල දැන් එපා වෙලා බන්.

    thanks
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    MotivationHub
    AAuE7mDRBxw-1rSyBCiUG_7NYz3dat5h4OD0p-O9kA=s288-mo-c-c0xffffffff-rj-k-no

    Motiversity
    Law of Attraction Coaching

    දවසට උදේ සහ හවස පැය බැගින් යූ ටුයුබ් එක අසව
    හෙඩ් සෙට් එකක් දැමීම ප්‍රතිඵල වැඩිමට බලපායි
    අඛන්ඩව සිදු කිරීම අත්‍යාවශ‍ය වන අතර ප්‍රතිඵල මාසක් හා මාස 2 ඇතුලත ලැබේ
    සැම වචනයකම ගැඹෘ අර්ථය තෙරුම් ගැනීම ඉතා හොද ප්‍රතිඵල ලබාදෙන අතර,

    :yes::yes::yes:
    thanks wewa !!!!

    හිතෙනවා උබව ගොඩ දන්නා පුළුවන් වෙයි කියලා

    ශ්‍රී ලංකා වුර්තිය පුහුණු පාසැලක ට ජෝන් වෙලා එකේ කොස් එකක් කරපන් වැඩි කාලයක් නැහැ
    හොටෙල් කොස් එකක් කරලා හොටෙල් එකක් එක්ක join වෙන්න

    paint
    මෝටර් වාහන
    ත්‍රීවිලර් හදන හැටි.
    එකේ සහතිකේ පෙන්නලා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලක්ෂ්‍ය 3 ක් අරගෙන ගරාජ් එකක් දාපන් .

    මොටර් මැකැනික්, රොබො ටෙක්, අයි ටී. මේව අසම ෆීල්ඩ් ටික . දැන් 27 හින්ද මාරු කරොත් තවත් වල පල්ලටම යැවෙනවා. තාත්තගෙන් ඉල්ලන්නත් බෑ. ඉස්සර හිතන් හිටියේ අයි ටී ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් මොටර් මැකැනික් කෝස් එකක් කරන්න. එක එක ප්‍රශ්න හින්ද බැරි වුන. අයි ටී වලිනුත් ඩවුන්

    මාචං ඒසී කෝස් එකක් කරන්න...... කොලඹ දෙහිවල ජපන් ටෙක් කියලා එක්ක දියනවා ... ඒකට ජොයින් වෙන්න .........

    ජය වේවා .....

    දැන් ෆීල්ඩ් චේන්ජ් එකක් කරන එක රිස්ක් එක වැඩි බන්. ටික ටික මාරු වෙනව ඇරෙන්න. මාරු කරොත් ආයෙ තාත්තගෙන් කකා බිබී ඉන්න වෙන්නේ. දැන් ඉන්න විදිහට තාත්තට මගෙන් බරක් නෑ බන්. මම ඒකට සතුටුයි.ඒත් හරිනන් දැන් තාත්ත ගෙදර ඉන්න ඕනි කාලෙ

    bump 1919 kth karapan dawas deka thunakata kalin tv eke ad ekak giya web site ekak gana gov eken karana. un help karai.
    btw job eka karana gaman degree eiak karapan kamathi field ekaka.

    මේ සෙනසුරදා කෝස් එකක් පටන් ගන්නව මචන්. උන් කවුන්සිලර් කෙනෙක්ට දායිද? මුන් ශුවර්ද? නිකන් චා කරවලා දායිද ?

    bump mchn

    Bump

    Karana deyak unanduwen Hariyata karapan. All the best

    :love::love::love:

    Ado same story here :rofl: depress wela head yawaganna epa ban owa hitala :D job eka karan hitapn fun eke.

    යවගන්නේ නෑ බන් ඒ වුනට වෙලාවකට හිතෙනව මෙහෙම. එත්කොට හිතෙනව ඩිප්‍රෙශන් ද දන්නේ නෑ කියල.ෆන් ගන්නේ කොහොමද බන් තාත්තා තාම වැඩට යද්දි. ෆන් එකෙ ඉන්නව වෙලාවකට ඒ වුනට මේක මතක් වුනම ඔක්කොම ඉවරයි

    ohoma thama ban jiwithe hamotama eka wage goda yanna epa eka sare. uthsahayen thamange geyak karaganna balapan waradinne na.

    මොනව කරන්නද තෙරෙන්නේ නෑ බන්. ඔක්කොම අවුල් වුන නූල් බෝලයක් වගෙ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Mata PM ekak dpn mm ubata sup ekak dennam

    දැම්ම මචන්

    :(:(:(

    නිකන්ම දුක් වෙවී ඉඳල හරියන්නෙ නෑ. එක්කො තාත්තගෙ කඩේට වැඩට උදව් වෙලා ඒක තව දියුනු කරන්න බලපන්. ඩිප්ලෝමා එකක් දැනටමත් තියෙන එකේ ඩිග්‍රිය කරන්න පරක්කු වැඩියි කියල හිතෙන්නෙත් නෑ මටනම්. හැබැයි දැන් කරනව නම් සුපිරි ප්ලෑන් එකක් , ඒම් එකක් තියන් කරන්න. නැත්තන් කාලය, සල්ලි ඔක්කොම වතුරෙ යන්නත් පුලුවන්. ඉගෙනගත්ත කියල නරකට හිටින්නෙත් නෑ ඉතින් අනිත් අතින්.

    ඔහොම මානසිකව වැටෙන අවස්තා අපි කාටත් එනව. ඒවට තාවකාලිකව හිතින් වැටුනත් ඒකෙන්ම ගොඩ යනව කියල අධිෂ්ඨාන කරගනින්. වැඩිය ඕන නෑ මේ මමත් දැන් එලකිරියට ලොග් උනේ උබේ වගේම නොවුනත් ලොකු මානසිකව වැටීමක් දැනුන නිසා ත්‍රෙඩ් එකක් දාන්න ආවෙ. ඒත් දාන්නෙ නෑ දැන්. මේ රිප්ලයි එක ඒ වෙනුවට.

    මට නම් ඉගෙනගත්ත දේ තියෙන නිසා ඒකෙන් ලොකු උදව්වක් වෙනව නොවැටී ඉන්න. නැත්තන් මට කෙළවුන හැටියට මටත් ජීවිතේ එපාවෙන්න ඕන. ළඟදි උනත් බිස්නස් එකක් පටන් අරන් බින්දුවටම වගේ වැටිල ඉන්නෙ. ඒක ගැන වෙච්ච සිද්දි , කට්ටිය කියපු දේවල් වගයක් නිසා තමයි මම දැන් අවුල් ගහල හිටියෙ. ඒත් මම කොහොමහරි ගොඩ එනව.

    උබටත් කියන්නෙ මානසිකව වැටෙන්න හේතු උන දුකම මතක තියන් දියුනු වෙන්න වැඩ කරපන් කියලා...
    දැන් මේ සෙනසුරදා ඉදන් එච් ඩී එකට ක්ලාස් යනව. එකෙන් පස්සේ ටොප් අප් එකක් කරනව. එත් හිතට පට්ට අවුල් බන්. ඩිග්‍රී ඇරන් සෙට්ල් වෙද්දි තව අවුරුදු 5ක් වත් යයි. තාත්තා තව වයසට යනවා. එතකොට මම පට්ට පරක්කුයි කියල හිතෙද්දි මෙහෙම අප්සට් යන්නේ බන්. බරක් නොවී ඉන්නව දැනට එත් හිතට හරි නෑ. මට ඕනි වෙලා තිබ්බේ මේ වයසෙදි තාත්තව ගෙදර නවත්තල බනක් එහෙම අහන්න දීල නිදහසේ තියන්න. පිනක් එහෙම කරගන්න ඉඩ දීල නිදහස් කරන්න.
    මම වයස 20 ඉදන් වගේ හිතන් ඉන්නේ කවදාවත් මම කසාද බැදලා ලමයි හිටියත් එයලගෙ වැඩවත් කරන්න දෙන්නේ නැතුව නිදහසේ තියන්න. දැන් වයසත් එක්ක සෙට්ල් වෙද්දිම කසාද බදින්න වෙනවා. තාත්ත දැන් ඉදන්ම බර බරේ. ඒක පරක්කු කරනවටත් කැමති නෑ. කෙල්ලෙකුත් අතැරිය බන් තාත්ත ගැන හිතල. මට ගොඩක් උන්ට වගේ තාත්තට වැඩිය කෙල්ල ලොකු වුනේ නෑ. මුල අමතක කරන්න බෑ. එන්න බැයිනන් එහෙමයි කියල අයින් වුනා. පොඩි අවුලක් හින්ද තේරුන හදිස්සියකට තාත්තට හෙල්ප් එකක් ගන්න අමාරු සීන් එකක් කියල.මොනව කරත් මගෙ 1 ටාගට් එක තාත්තා නිදහස් කරන එක.පවුලේ කවුරුත් දන්නේ නැති වුනට මගේ උවමනාව මේක බන්. මේක ලේට් වෙන්න වෙන්න මට හිතට අවුල්

    :yes: