මේක දැක්කම මට හිතෙන්නෙ මේ මගේ කේන්තිය මීට අවුරුදු 10 කලින් කියල. ලංකාවෙ ඉන්න කාලෙ කොන්දො එක්ක වලි කොයි වෙලෙත්. කටින් ගේම් ඉල්ලලා ඇති ඕන තරම්. උන් මට ගහන්න වගේ ඇවිල්ලත් තියනවා. එවෙලෙට කියහන්. මම මේකෙ හැමදාම නොගියට උබ මේ රෑට් එකේ නෙ යන්නෙ. අහුවෙන්නෙපා ආයි කිව්වම උන් පොඩ්ඩක් ගැස්සෙනව උබ ඇත්තටම කවුරු හරි ඩයල් එකක් කියල හිතල.
වෙන වලි දාන් ඇස් කලු වෙන්න කාල තියනව. නෙලලත් තියනවා. පොලිසි වල ඉදල තියනවා. අපේ ඔෆිස් එකේ උන් කියන හැටියට නම් මම තග ඩයල් එකක්
මගේ වලි ජීවිතේට තිත තිබ්බෙ මම එකෙක්ට එකක් ගැහුව ඌ කෙහෙල් ගහක් කැපුව වගෙ වැටුන බන්. මම හිතුවෙ ඌ මැරිල වැටුනෙ කියල. වටේ එවුන් වතුර ගහල ඌව කෙලින් කරන් ගියා. පොඩි උන්, කෙල්ලො තිරිසනෙක් දිහා බලනව වගෙ මගෙ දිහා බැලුව. පොලුව පලාගෙන යනව වගේ ෆීලින් එකක් ආවෙ.
ඒත් අවුරුදු 10 පස්ස ආයි හැරිල බලද්දී තේරෙනව වර්ත් නෑ කියල. පුලුවන් නම් කටින් බයිටක් දීල ශේප් වෙයන්. අඩුකුලේ එවුන් එක්ක ඩීල් කරන්න යන්න එපා.