Return එකක් දෙන හැටි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..

    ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා.. ඒ ගමන පරක්කු නිසායි අම්මත් ලෙඩ ගානේ හිටපු නිසායි සද්ද නැතුව මන් අම්මත් එක්ක බස් එකෙන් බැහැල ආවා.. Stand එකෙන් බැහැල පයින් ගියා clinic එකට.. ඒ පාරේ ගියපු එකෙක් දන්නවා ඇති ත්‍රීවිල් පාර්ක් එකක්‌ වත් ඒ හරියේ නෑ..

    දැන් ඕක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..

    මගේ අතේ ලේ ගාගන්නේ නැතුව මූට return එකක්‌ දෙන්න විදිහක් නැද්ද බන්? මෙහෙම seen එකක්‌ වෙලා තියෙන එවුන් කොහොමද ඒක handle කරේ..

    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..

    එඩිට් 2: උබලත් මචං ලංකාවේ බස් වල යනවා නම් කවදාවත් කොන්දන්ට පදිරි වෙන්න එපා..මේ phone number ඒක තියන් පලයන්.. නැත්නම් පොලිසී යන්න ලෑස්ති වෙයන්.. එහෙම්ම කියපන් surrender වෙලා යන්න.. අපේ රුපියල දෙකෙන් තුන්වේල කාල ඉන්න වේස බල්ලෝ අපිටම පහරද්දී තමයි මැරෙන්න ගහන්න හිතෙන්නේ
    ..මන් එවෙලේ සද්ද නැතුව බැස්ස (බහින්න වුණා) තමයි නමුත් ඔය seen එකෙන් පස්සෙ මන් හොදටම හිතාගත්ත ඔයවගේ third class job කරන වේසිගෙ පුතාලට ගැලපෙන විදිහට සලකන්න..
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..
    :P:shocked: ඇත්තටමද? එකෙක්ට කෙලවෙන්නයි යන්නේ එහෙනම්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :P:shocked: ඇත්තටමද? එකෙක්ට කෙලවෙන්නයි යන්නේ එහෙනම්
    ඔය number ඒක නම් බස්නාහිර පළාත ට විතරයි.. මධ්‍යම පළාතට වෙන එකක්‌ ඇත්තේ
     
    • Sad
    Reactions: avjayarathne

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    giphy.gif
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හොයන් ඇවිත්? Complaint එකක්‌ දාන්න කියලද කියන්නෙ?
    නෑ. උඹ ඒක හොයන්න වත් යන්නෙ නෑ නෙ ඇත්තටම. එතකොට උඹට ඒක හොයාගන්න බැරි වුනානෙ කියලා හිත හදාගත්තෑකි. 😂