A/L pass wenna puluwan nan 13 years tax money waste wuna kiyanne kohomada? A/L - BIO walin S3 danna puluwan nan, Salli thienawa nan, Exam pass wenna puluwan nan u doctor kenek wunama umbe pu*ka kahanawada?![]()




කියන දේ පැහැදිලි මදි. ඇයි මම කියපු දේම මට පෙන්නන්නේ කියල? මම කුහකයෙක් කියන්නද?![]()
මචන්, මම කියන්නේ සයිටම් වගේ ඒවා ඇතිවෙන්න ඕන. නමුත් සාමාන්‍ය ජනතාව දැනගන්න ඕන තමන්ගේ තියන වස්තූන් ආරක්ෂා කරගන්න. ඔබම පුන පුනා කියනවා කැම්පස් ගිය බහුතරයක් කුහකයෝ කියල. මම දන්නේ නෑ ඔබට මොකද තියන පවුද්ගලික තරහ කියල කැම්පස් ගිය උදවිය එක්ක. නමුත් කැම්පස් යන්නේ අපි ඔබ වගේම සාමාන්‍ය දරුවෝ. කැම්පස් එක ඇතුලෙදි උන් අවුරුදු 18 ක් අරන් ආපුව මකල හදන්න බැහැ. මුන්ගේ මොළ හෝදනවා කියකිය බැන බැන යනවා මිසක් වචනයක්වත් කතා කරලා තියනවද ඔය අන්තරේ වගේ පිළිල ලංකාවේ කැම්පස් වලින් අයින් කරන්න? පාරට බැහැල කෑ ගහල තියනවද ඒවා නවත්තන්න කියල? සයිටම් ඒකට කත් අදිනවා නොමිලේම, නමුත් තමන්ගේ දේ වෙනුවෙන්, ඒ දේ ආරක්ෂාකරගන්න වචනෙකින්වත් කතා කරන්නේ නෑ. අන්න ඕකයි අද රටේ තත්වේ. ටික ටික රජයේ විශ්වවිද්‍යාල අභාවයට යනවා ඔය අන්තරේ ඇතුළු අනෙකුත් දේශපාලන අරමුණුවලට ඕන නිසා, නමුත් ජනතාව කරන්නේ කැම්පස් ළමයින්ට බැන බැන සයිටම් ඒකට කඩේ යන එක. මුලින් තමන්ගේ දේ රක ගන්න. ඊට පස්සේ පුළුවන් අනෙත් දේවල් ගැන බලන්න.
බණ්ඩාර නිළමෙ;20516303 said:
හැමෝටම ඒ අයිතිය දෙන්න මිනිස්සු කතා කරන්නේ නැහැ මචන්. මෙතන මේ වෙන්නේ අධ්‍යාපනය ඉහල පැලැන්තියට සිමා කිරීමක්. ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ ට දායක වෙනවා. නිකමට හිතල බලන්න සයිටම් 100 ක් දැම්මත් දොස්තර උපාදිය ගන්න පුලුවන්ද මේ රටේ හැමෝටම? ලක්ෂ 120 ක් දෙන්න පුලුවන්ද? බැහැ නේද? එහෙනම් ඔබතුම මේ ඇවිල්ල කරන්නේ හැමෝටම අධ්‍යාපනේ දෙන්න සපෝර්ට් කරන එක නෙවෙයි, ඒක එක කොටසකට වෙන් කරන්න උත්සාහ කරන එක.කැම්පස් ෙනායන උන් කැම්පස් වල තත්වය කතා කරන්ෙන ෙමාකටද? එ්කටෙන් කැම්පස් එකට යන බුද්ධිමත් කට්ටිය ඉන්ෙන. අනික අපි වැස්සකට වත් කැම්පස් ගිහින් තියනවාද ඔ්ව ගැන දැනගන්න.
අපි කතා කරන්ෙන් හැෙමා්ටම අධයාපෙන් අයිතිය ෙදන්න මිසක කැම්පස් වල අඩුපාඩු හදන්න කියල ෙනෙම්. අඩුපාඩු හදාගන්න ඔ්නි එ්වට යන කට්ටිය. අපිත් සෙපා්ර්ට් එක ෙදනවා එෙහම කතිකාවක් යනවානන්. ෙකා් කවුරැත් එ්වා ගැන කතා කරන්ෙන නෑ ෙන්. අන්තෙර් වත්. ඉතින් අපි ෙමානා කරන්නද?
හැමෝටම ඒ අයිතිය දෙන්න මිනිස්සු කතා කරන්නේ නැහැ මචන්. මෙතන මේ වෙන්නේ අධ්‍යාපනය ඉහල පැලැන්තියට සිමා කිරීමක්. ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ ට දායක වෙනවා. නිකමට හිතල බලන්න සයිටම් 100 ක් දැම්මත් දොස්තර උපාදිය ගන්න පුලුවන්ද මේ රටේ හැමෝටම? ලක්ෂ 120 ක් දෙන්න පුලුවන්ද? බැහැ නේද? එහෙනම් ඔබතුම මේ ඇවිල්ල කරන්නේ හැමෝටම අධ්‍යාපනේ දෙන්න සපෝර්ට් කරන එක නෙවෙයි, ඒක එක කොටසකට වෙන් කරන්න උත්සාහ කරන එක.
අනෙක් දේ තමයි ඔබ අහල තිබුන රජයේ කැම්පස් වහන්න කියන්නේ කවුද කියල. මෙතන මේ කමෙන්ට් කරන්නේ ඔය මුලින් දාපු වීඩියෝ එක බලල නම් ඇහෙන්න ඇති ඒ මහත්මය කියනවා නිදහස් අධ්‍යාපනයේ මළගම දාට ප්‍රභාකරන් මරුන වගේ සතුටුවෙයි කියල. මේකෙ කමෙන්ට් කල ගොඩ දෙනෙක් දාල තියනවා 100% ක් එකඟයි කියල. ඒ කියන්නේ ඒ අය කැමතියි රජයේ කැම්පස්/ පාසල් වැහිලා යනවට. අන්න ඒ අයත් එක්ක තර්ක කරන්න. මාත් එක්ක නෙවෙයි.



1960-70 ganan wala S3 Engi/Doc wuna aya kochchara innawada kiyala hoyala balapan. Professors la wechcha ayath innawa.



නිකමට හිතල බලන්න සයිටම් 100 ක් දැම්මත් දොස්තර උපාදිය ගන්න පුලුවන්ද මේ රටේ හැමෝටම? ලක්ෂ 120 ක් දෙන්න පුලුවන්ද? බැහැ නේද? එහෙනම් ඔබතුම මේ ඇවිල්ල කරන්නේ හැමෝටම අධ්‍යාපනේ දෙන්න සපෝර්ට් කරන එක නෙවෙයි, ඒක එක කොටසකට වෙන් කරන්න උත්සාහ කරන එක.
balan giyama A/L thanikara goda yanne tuition walin.koloba thiyena hodama iskola wala ewunui game skole ewunui hama ekama tuition yanawa. free education ethin namata witharai
umba kiyanne umbata 5 STAR Hotel walin kanna beri nisa Lankawe thiena 5 STAR Hotels okkoma tika wahanna ona kiyalada?
Salli thiena ewun 5 STAR walin kai.
උත්තර දෙන්න දෙයක් නෑ බං.. උඹ හරියටම හරි... අනික මේ කියන විදිහට කැම්පස් උන්ට විතරනෙ මොලේ තියනව කියන්නෙ.. එකොට ඒ ලෙවල් පාස් වෙන අය මැට්ටොද? මුන් හිතන් ඉන්නෙ මොලේ තියෙන්නෙ න්ට විතරයි කියල.. කැම්පස් එකේ උනත් හරියට ඉගෙන ගන්නෙ කීයෙන් කීයද? බුල ගහන එකනෙ වැඩි හරියක් කරන්නෙ.මචංලා මට මේකට පැහැදිලි උත්තරයක් දියල්ලා.
- එක වසරට බාරදෙන ළමයින්ගෙන් බොහොම අතලොස්සක් තමයි විශ්වවිද්‍යාල වරම් ලබන්නෙ. ඒකට තියෙන හොදම විසදුම සුළු පිරිසකට විතරක් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමද, නැත්නම් රජයේ විශ්වවිද්‍යාල වල ධාරිතාව වැඩි කිරීමද ? ඔය විසදුම් දෙකෙන් පලවෙනි එක ඇති කලොත් සල්ලි තියෙන සුළු පිරිසක් යයි, දෙවනි එක ඇති කලොත් සල්ලි ඇති නැති විශාල පිරිසක් ( මුදලට සීමා නොවන නිසා ) විශ්ව විද්‍යාල යයි. රජය පලමු විසදුම නොදී පිලිගත් ආයතන්, සාමාන්‍ය ජනතාව අතර මත ගැටීමක් වෙන්න දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා, හැමදාම වගේ ලංකාවෙ මෝඩයො ටික දෙකට බෙදිලා මරාගන්නව.
- පුද්ගලික විශ්වවිද්‍යාල ඕන කියන බොහෝ පිරිසක් ඇයි ඒවායේ ප්‍රමිතිය ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. රටක තියෙන පිලිගත් ට්‍රෙඩ් යූනියන් එකක අවසරයකින් තොරව, ඒ ක්ශේස්ත්‍රයේ කටයුතු කිරීම නීති විරෝධී. උදාහරණයක් විදිහට කස්ටම් එකට හොරෙන් ලංකාවට බඩු ගේන්න බෑ වගේ මෙඩිකල් කවුන්සිල් එකට උඩුන් ඒ සම්භන්ධව වැඩ කරන්න බෑ. සයිටම් එකට අදාල ප්‍රමිතිය නෑ කියල පටන් ගත්ත දා ඉදන් වෛද්‍ය සභාව දැනුවත් කරල තිබ්බා. නමුත් ඊට උඩින් ගිහින් ලක්ශගනන් වියදම් කරලා දැන් ඒකට කෑ ගහන එක කොච්චර සාධාරණද ?
- තමන්ට හීනයක්, සල්ලි විතරක්ම තිබ්බ පලියට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. මොකද වෛද්‍ය වෘතිය කියන්නෙ මිනිස්සු සිය දාස් ගානක ජීවිත එක්ක සෙල්ලම් කරන වෘතියක්. ඉතින් ඒකට අවම සුදුසුකම් සපුරල නැත්නම් ඒ සදහා සුදුසු නෑ. උ/පෙළ එස් 3ක් අරන් ඒ සදහා සුදුසුයි කියලා කවුරු හරි තර්ක කරනව නම් උ/පෙළ ඒ, බී, සී, එස් කියලා වෙන් කිරීමක් වුවමනාම නෑ.
- මම මේ වීඩියෝ එක පුරාවටම දැක්කෙ තරහව, වෛරය. ගංජා කාරයෝ විතරක් නෙවේ රටේ හැමෝම ( රජයේ විශ්වවිද්‍යාල, පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන, යන්න ඉන්න හැමෝමත් එක්ක ) නිදහස් අධ්‍යාපනයට දායක වෙනවා. හැබැයි ඒ වගේම ජනාධිපති, අගමැති, සියළුම මැති ඇමති වරුන්ට සුපෝකභෝගී ජීවිත ගත කරන්න, කෝටි 7,8 කාර් ගන්න, විදේශ සංචාර යන්න, රාජ්‍ය දේපල නාස්ති කරන්න (කෝටි ගනන් වල ජොගින් ට්‍රැක් කඩල ආයෙ හදනව වගේ ) හැමදේකටමත් නිදහස් අධ්‍යාපනයට අමතරව මිනිස්සු දායක වෙනවා. හැබැයි කවුරුවත් ඒ දායකත්වය ගැන ප්‍රශ්ණ කරන්නෙ නෑ. ( හේතුව ලංකාවෙ අපි හැම වෙලේම කැමති තමන්ගෙ මට්ටමේ එකෙක්ට කෙලවෙනවට ).
- මීට අවුරුදු 4,5 කට කලින් මෙඩිකල්, ඉන්ජිනියරින් ඩිග්‍රී එකක වටිනාකම ලක්ශ 80ක් විතර ( මම මේකෙ වර්තමාන ගාන හරියටම දන්නෙ නෑ ). හොදයි අපි කියමු මේක ලක්ශ 100යි කියලා. රටේ මුලු ජනගහනය ආසන්න වශයෙන් කෝටි 2යි. එතකොට එක් පුද්ගලෙයෙක්ගෙන් එක් ශිෂ්ය්යෙක්ට ගෙවන ගාන ජීවිත කාලෙටම සත 50යි. ඔය මූ මගෙ සල්ලි වලින් ඉගෙනගත්තා කියල කෑ ගහන හැම මිනිහෙක්ම මුට ණය සත 50යි. තව දෙයක් මේක කෙනෙක් කැමත්තෙන් කරන ගෙවීමක් නෙවේ. මේ රටේ සෑම මිනිහෙක්ම දැන හෝ නොදැන කරන ගෙවීමක්. කවුරුවත සත් සිතින් සත්භාවයෙන් ගෙවන ගෙවීමක් නෙවේ. මීට වඩා ගෙවීම් අපි හම්බන්තොට වරාය, මත්තල එයාපෝට් එක වගේ අසාර්ථක ව්‍යාපෘති වලට ගෙවනව. මම දැන ගන්න විසතර යටින් දාන්නම්, නමුත් ඒ පිලිබද කවුරුවත් ඔය ගෙවන්නෙ මගෙ සල්ලි වලින් කියලා කියන්නෙ නෑ. ( මෙතන තියෙන්නෙ වියදම විතරයි, පොලිය එක්ක නැවත ගෙවන ගාන නෙවේ )
මේකට තවත්, කෝටි ගණන් පාඩු ලබන රාජ්‍ය ආයතන, සාලාවේ පිපිරීමෙන් සිදුවූ පාඩුව වගේ දේවල් එන්න ඕනෙ සිය ගානක් ඇතුලත් වෙන්න ඕනෙ. මම නිකමට ගාන හැදුවාම ඔය උදින් තියෙන අසාර්ථක ( රජය කියන්නෙ ) වලට විතරක් එක මිනිහෙක් රු 205ක් ගෙවනවා. හැබැයි අපි ඒ ගැන කතා කරන්නෙ නෑ. මිනිහෙක් ඉගෙන ගනගන්න සත 5ක් දෙනකොට තමයි අපිට කැක්කුම. මේ එක්කෙනෙක්ට සත 50ක් ගෙවන ගෙවීමට අපි නොමිලේ වෛද්‍ය සේවා ලබාගන්නවා. හැබැයි අපිට කලින් කියපු කීපයට විතරක් මොනවද ලැබෙන්නෙ ?
- මත්තල ගුවන් තොටුපල - $209 මිලියන (මූලාශ්‍ර : https://en.wikipedia.org/wiki/Mattala_Rajapaksa_International_Airport )
- මාගම් රුහුණු වරාය - පලමු අදියර $361 මිලියන, දෙවන අදියර $750 මිලියන (මූලාශ්‍ර : https://en.wikipedia.org/wiki/Magampura_Mahinda_Rajapaksa_Port )
- කොළඹ වරාය නගරය $1.5 බිලියන. (මූලාශ්‍ර : https://en.wikipedia.org/wiki/Colombo_Port_City )
6. උපාධිදාරීන්ට රැකියා නැත්තෙ උන්ගෙ වැරැද්දෙන් නෙවේ. රජය අලුත් ලෝකයට ගැලපෙන විදිහට විශ්වවිද්‍යාල වල පාඨමාලා අළුත් කරන්න ඕනෙ. නැතිව උන් බෝඩ් අල්ලන් කෑගහන්නෙ හේතුවක් නැතිව නෙවේ.
7. මෙතන තියෙන්නෙ පුද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙනඉරිසියාවක්, තරහක් නෙවේ. තෝරා ගැනීමේ හා සායනික පුහුණු කටයුතු වල තියෙන අඩු ලුහුඩුකම්, වෛද්‍ය සභාව මාද්‍ය සාකච්චා වල පැහැදිලිව කියනවා අදාල නිර්ණායකයන් සපුරනව නම් අනුමැතිය දීමට් ඔවුන් සූදානම් බව.
අවසාන වශයෙන් මේ සම්භන්ධව මද්‍යස්ථ විදිහට බලන්න.
සංවාදයට / රෙප් කැපීමට විවෘතයි. ( රෙප් කැපීමෙදී කරුණාකර සංවාදයට අදාල හේතුව පැහැදිලි කරන්න ). මඩින් නැතිව ගොඩින් එන්න.
මචංලා මට මේකට පැහැදිලි උත්තරයක් දියල්ලා.
ඔබතුමාගේ තර්කෙ නම් ගැලපෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ නෑ තරු 5 හෝටල් වහන්න කියල. මම කියන්නේ ඒවා ඇතිකරන ගමන් තමන්ට යන්න පුළුවන්, කෑම ගන්න පුළුවන් තියන එකම කඩේට ගල් ගහන්න එපා කියල. තමන්ට කන්න තියන කඩේ මල ගම බලන්න හුරේ දාන ගමන් තරු 5 හෝටලේට ආවඩනව. මිනිස්සුන්ට තේරෙන්නේ නෑ තමන්ගේම වල කපන්නේ තමන්මයි කියල. අන්තිමට කන්න පුළුවන් කඩේ වැහිලා ගිය දාට පරක්කු වැඩියි. නොකා නොබී මැරිලා යනවා ඇරෙන්න කොරන්න දෙයක් නැහැ. මතක තියාගන්න තරු 5 හෝටලේට යන්න පුළුවන් කෙනා කොහොම හරි සල්ලි වලට වැඩේ කරගනියි. දුප්පත් මිනිහ අන්තිමට බඩගින්නේ මැරිලා යයි.
Umbala pare board allan yanne aluth campus arinna kiyala newei ne ban. Umbala kiyanne SAITAM,SLIIT,NIBM wahanna kiyala.
- Mama kavadavath boad ussan gihin ne bro. mama video 1 gena comment kale. hebei mama medical council eke visthara kirim ahan hitiya. mama kiyapu deval valata vitharai mama liable. nokiyapu nokarapu deval magen ahanna epa. (but one thing, if SAITM can not meet /comply with Medical council criteria, it should shut down)
Aluthen English/IT course ekak hadunwa dunnama. 'Sinno' freshers lata course ekata yanna denawada?
Campus eka ethule English walin katha keruwoth maran kanna hadanawa. (Ex :- Lagadi Kelaniya uni eke rag case eka)
- mama uni hitapu kale ehema une ne, seniorsla ekka api prashnayak nethiva veda kala. api seniorsla ekka ekata gihin administration ekat ekka course update karanna one deval, lab valata one deval katha karala thiyenava ( board ussan neve, eka mese vadivela ) ayeth SAITM and rag kiyanne dekak. one nam api e genat venama post ekaka katha karamu. meka government private uni prashnayak vidihata dakinna epa machan.
Umba kiyanawa A/L S3 doc. kenek wenna ba kiyala. Oya parana docs lage A/L results hoyala balapan. A/L S3 Russia gihin docs la wela inna aya gena hoyala balapan. General eke war dawas wala hitapu pradana doctor (nama mathaka na, Hector wage namak) Russian gihin igenagena apu kenek.
- mama oya kiyana doct vat eyage A/L result vath danne ne. hebei danna vidihata ekale S3 neve subject 4k tibba ( Chemistry, physics, Zoology, botany). e subject vala pramithiya ihalai. e kale cutoff gena nodanna nisa mekata mata comment 1k denna be. (anyway I like this point)
Campus inna kale umbalage thienne 'panthi wairaya' witharai. Umbala edath/adath salli thiena minihata wiruddai.
- mata methana salli vedgath ne ban, government uni vala capacity vedi kala kiyala salli thiyena unta veta bedenne ne, untat hoda result dala yanna puluvan. meka poddak pehedili madi ai salli thiyena unta government uni valata yanna beri kiyala. government uni vala one tharam salli thiyena un innaava, apit ekkath hitiya. eka gena prashnayak ne.
Api duppath miniha yana kadeta gal gahanne na. Api kiyanne na podi kada wahala 5 star hotel witharak thiyanna kiyala. Hebei umbala thamai 5 star ekata gal gahanne. Umbala thamai kiyanne apita yanna beri nisa 5 star wahapalla kiyala. Umbala adu gane kiyanne na thawa podi kada tikak erapan kiyala.


මේ වීඩියෝ එකේ අවසානෙට බලාපොරොත්තු වෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගම. (කරුණ කරලා වීඩියෝ එක බලන්න.) මම විරුද්ද මිනිස්සු මේ වගේ එවුන්ට හුරේ දාන එකට, රජයේ කැම්පස් වල ඉන්න කොල්ලෝ කුහකයෝ කරලා, නිදහස් අධ්‍යාපනයේ මළගම දකින්න වීඩියෝ හදල දාන එව්වොන්ට අත්පුඩි ගහල හෙන ඩයල් එකක් කරනවා. මරු රටක් බං මේක.


මචංලා මට මේකට පැහැදිලි උත්තරයක් දියල්ලා.
- එක වසරට බාරදෙන ළමයින්ගෙන් බොහොම අතලොස්සක් තමයි විශ්වවිද්‍යාල වරම් ලබන්නෙ. ඒකට තියෙන හොදම විසදුම සුළු පිරිසකට විතරක් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමද, නැත්නම් රජයේ විශ්වවිද්‍යාල වල ධාරිතාව වැඩි කිරීමද ? ඔය විසදුම් දෙකෙන් පලවෙනි එක ඇති කලොත් සල්ලි තියෙන සුළු පිරිසක් යයි, දෙවනි එක ඇති කලොත් සල්ලි ඇති නැති විශාල පිරිසක් ( මුදලට සීමා නොවන නිසා ) විශ්ව විද්‍යාල යයි. රජය පලමු විසදුම නොදී පිලිගත් ආයතන්, සාමාන්‍ය ජනතාව අතර මත ගැටීමක් වෙන්න දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා, හැමදාම වගේ ලංකාවෙ මෝඩයො ටික දෙකට බෙදිලා මරාගන්නව.

මම දොස්තර කෙනෙක්වත් දොස්තර උපාදිය ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්වත් නෙවෙයි මචන්. ඒ නිසා ඔය අන්තිමට කියපුවට මට උත්තර දෙන්න බැහැ.
මට තවම තේරෙන්නේ නෑ ඇයි සයිටම් යන්න බැරිබව දැන දැනත් මිනිස්සු මේකට කත් අදින්නේ කියල. මම කියන්නේ නැහැ මේකෙ ගාන අඩු කරන්න කියල. ඒක මට අදාල දෙයක් නෙවෙයි. මේ වීඩියෝ එක බැලුවම මට තේරෙන්නේ මේ රට යන්නේ තනිකරම අධිරාජ්‍යවාදී යුගයේ තිබ්බ අධ්‍යාපන ක්‍රමයට. මොකද රටේ සාමාන්‍ය ජනතාවම කත් ඇදල ඉහල පැලැන්තියට අධ්‍යාපන වරම් අරන් දෙන අතරේ ඒ අයගේ දරුවොන්ට යන්න පුළුවන් කැම්පස් වලට අකුල් හෙලනවා, වැරදි උලුප්පල දක්වනවා, ළමයින්ට කුහකයෝ කියනවා, කැම්පස් ළමයි අමුතු ජාතියක් විදියට දකිනවා. ඒකෙන් වෙන්නේ අවසානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පරිහානියට ලක්වෙන එක විතරයි. ඒ නිසා මම නම් කියන්නේ හැමදේම සමබරව දකින්න. කවද හරි මගේ දරුවටත් යන්න පුළුවන් පොඩි හරි චාන්ස් එකක් තියන්නේ ඕවට විතරයි. සයිටම් කියන්නේ මටත්, මේ ෆෝරම් එකේ ඉන්න බහුතරයටත් හීනයක් විතරයි.
