ඒක නං ලංකාවේ මිනිස්සුන්ගේ ස්වාභාවයමද කොහෙද බං..

ඉතිහාස කතාවක් අරං බලපන් හැම කතාවක්ම අවසානයේ ඉවරවෙන්නේ කවුරුහරි උගේම පැත්තේ එකෙක් කරන පාවාදීමක් නිසා..
ලංකාව සුද්දෝ අල්ලගත්තේම කොහොමද? තනිකර අපේ උන්ම තුට්ටු දෙකකට කරපු පාවාදීම් නිසා..
මහතලා සටන,සරදියෙල්ට වෙනකම්ම ඕව තමා උනේ..
ජාතියක් විදිහට මං හිතන්නේ ජාන වලින්ම අපේ උන් පට්ට කුහකයිද කොහෙද බං..
ඉතිහාසේ සුද්දන්ගේ සල්ලි වලට රජ්ජුරුවන්ව, සිංහල නායකයන්ව පාවා දෙන්න ඕන තරං සිංහල මිනිස්සු හිටියද උඹ කොතනකදිම හරි දැකල තියෙනවද සල්ලි වලට උන්ගේ නායකයන්ව පාවා දීපු සුද්දෙක් ගැන සදහනක්.. මම නං අද වෙනකං දැකල නෑ.. ඇයි මොකාද ඒ කාලේ රජ්ජුරුවන්ට, අධිකාරම්ලට, වන්නියා ලට සල්ලි තිබුනේ නෑ කියලද, නෑ ඕන තරං තිබ්බ..
ඕක බං මිනිස්සුන්ගේ හැටියක්ද කොහෙද?
වැරදිච්ච තැනක් ගැන කියන්න මමවත් දන්නේ නෑ බං..