ඕක ලංකාව වගේ රටක ඇත්තම සීන් එකක්.
මම සාමාන්‍යයයෙන් වැඩ ඇරිලා කඩේ එහෙම යනවනම්, ගෙදර ඇවිල්ල වොශ් එකක් දාලා, ශෝටකුයි, ටී එකකුයි බාටා දෙකකුයි දාගෙන තමා එලියට යන්නේ. ඒත් ඊයෙ පොඩි උණ ගතියක් වගේ තිබ්බ නිසා ගෙදර අයට බෝ වෙන නිසා, ගෙදර එන්න කලින්ම බෙහෙත් ටිකකුත් අරගෙන, ගෙදරට ඕනෙ වෙන බඩු ටිකකුත් අරන්ම ගෙදර ආවා, අර වෙනදා ගන්න තැන් වලින්ම. ඒත් ඒවගේ ඉන්න උන්න පට්ටම සුහදයි වෙනදට වැඩිය, මට මේ කමෙන්ට් එක දකිනකොට තමා හේතුව තේරුනේ.
මං හිතන්නේ කොහේ වුණත් පිටත පෙනුමට සැලකිල්ලක් තියනවා,
අන්ත දෙකක් තියනවා,
ගාණට වඩා පිටත ඔපය ගැන හිතන එක සහ තමන්ගේ අල්පේච්ඡ කම පෙන්නන්න දුප්පත් kit එකක් අඳින එක,
දෙකම අතහැරලා තැනට තත්වයට ගැලපෙන පිරිසිදු ඇදුමක් අඳින එක හොඳයි,
මමත් University out වෙලා job හම්බවෙලා යනකන් සෙරෙප්පු දාලා ඔහේ ඇදන් ගියේ, දැන් ගොඩක් වෙලාවට හොඳට අඳිනවා, තනියම නිකන් යනකොට short t short and slippers දාලා යනවා ලේසි හින්දා.
ඔව් මොකද 20 ගණන් කියන්නේ තනිකර කුනාටු වයස. මොලේට වඩා හදවත ඉදිරියට දාල වැඩ කරන්නේ. හදවත ඉදිරියට අවාම මොලේ පාවිච්චි වෙනවා අඩු වෙනවා 30 ලබනකොට ඔය ගතිය අඩු වෙලා 20 දී කරපුව හිතන්න ගන්නවා. අන්න එතකොට සත්‍ය වැටහෙනවා.
ඔව්, 29 විතර වෙද්දි වුණත් කරපු ගොන් වැඩ දැන් තේරෙනවා,
ලඟින් ඉන්න මිනිස්සුන්ට හොඳින් සලකන්න ඕන කියලා.
Naive ගතිය යන්න 30 පනිනවා, එහෙම නැති එවුන්ට කටුක widihata හරි family background නිසා හරි ඒ දේ ඉගෙන ගන්න ලැබෙනවා.
------
Post added on Jan 10, 2024 at 6:52 PM