අපේ Business model එක තමයි small delivery. ඉතින් මේක ගැන කතා කරද්දිම අපි SWOT analysis එකකුත් කරන්න ඕනේ.
ඉතින් අපේ Strengths ගැන කිව්වොත්,
අපිට ලංකාවේ හැමතැනම විසිරිච්ච හොඳ supportive එළකිරි community එකක් ඉන්නවා. විවිධ අංශවල දැනුමක් තියෙන සාමාජිකයො ඉන්නවා. නීතී, පරිපාලන, මෘදුකාංග, ඇසුරුම්.. etc.
Weakness එහෙමත් නැත්තම් දුර්වලතා ගැන කිව්වොත් අපි විසිරුණ සාමාජික පිරිසක් නිසා එකම තැනකට රැස් වෙලා මේ සම්භන්දව කතා කිරීමට නොලැබීම සහ ආත්මාර්ථකාමී, කඩාකප්පල්කාරී, වංක සමාජිකයන්ද මේ අතර විසිර සිටීමත් ගැටළුවක්. හැබැයි ඒ අයට අපිව නවත්තන්න බෑ කියලා විශේෂයෙන් කියන්න ඕන.
Opertunities- එළකිරි කියන්නෙ ලංකාවේ තියෙන හොඳම community forum එකනේ. ඉතින් ගොඩක් තරුණ පරපුර මේ forum එක ගැන දන්නවා. Elakiri එකේ තියෙන reputation එක අපේ වැඩේට හොඳ kickstart එකක් වේවි. EK-Logistics වගේ නමක් දැම්මොත් ගොඩක් අය හොයල බලාවී.
Threats- භාණ්ඩ බෙදා හැරීම කරන තරඟකාරී ආයතන domestic courier service, ඉන්ධන මිළ, සහ අපි කරන්නේ භාණ්ඩ බෙදා හැරීම සම්බන්ද ව්‍යාපාරයක් නිසා අනිවාර්යෙන් BR එකක් ගන්න ඕන. Legal documents හදා ගන්න ඕන. ඒ නිසා software එකකට වඩා එහා ගිය ground work එකකුත් තියෙනවා.
තව මෙන්න මේ වගේ ප්‍රයෝගික ගැටළු /වාසි සහගත තත්ව ඔයාලගේ ඔලුවට එනව නම් කියන්න...