එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    දෙකම ප්‍රඥා ගොචරයි මහත්තය, එකක් වේදනාත් ගොචරයි.

    නොදැනෙන දුකට අදාළ elements කියල ගන්න දෙයක් නැහැ මහත්තය, දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය තමයි තියෙන්නෙ. ඒක වේදනා ගෝචර දුක්ඛ සත්‍ය ගොඩනගන සුලුයි, හරියට petrol වහා ගිනි ඇවිලෙන සුළුයි වගෙ

    හරි, මගේ අන්ඩෙර්ස්ටැන්ඩින්ග් එක ඔතනින් වෙනස් වෙනව..රහතන් වහන්සෙ කෙනෙකුගේ ඔතන නොදනෙන දුකට මොකක් ද වෙන්නෙ?

    හොඳමයි මහත්තය.

    උපාදන ස්කන්ධය කියන්නෙ ඔය එකොලොස් ගින්නට ප්‍රත්‍ය වෙන එකක්නෙ මේක දුක්ඛය සැදීමේ යාන්ත්‍රණයේ කොටසක්, ඒ කියන්නේ සමුදය සත්‍ය. මගේ අදහස නම් උපාදානය කියන්නේ ඔය අභ්‍යන්තර - බාහිර වෙන් වුන මොහොත, එතකොට මෙතන කියන්නේ මේ වෙන්වීමම දුකයි කියල. ඒ කියන්නේ අර ජෝතිෂ්‍ය කියන දේ සහ ඒක හරි හෝ වැරදි කියන මම වගෙ.

    p.s. යමකයේ සමුදය සත්‍යත් මේ විදියටම විස්තර කරල තියනව මහත්තය.

    හරි, ඔබතුමා අයි කියල කිව්වෙ නැනෙ, දුක්ක අර්ය සත්යයෙ, දුකට උපාදාන දක්ලවල තියෙන්නයි, පටිච්චසමුපාදයෙ, දුකට උපාදාන දුක ඇතුල් කරල නැති වෙන්නයි..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි, මගේ අන්ඩෙර්ස්ටැන්ඩින්ග් එක ඔතනින් වෙනස් වෙනව..රහතන් වහන්සෙ කෙනෙකුගේ ඔතන නොදනෙන දුකට මොකක් ද වෙන්නෙ?
    හොඳමයි මහත්තය,
    රහතන් වහන්සේ ඔය දුක අවබෝධ කරනව. ඒ කියන්නේ මේ ධර්මතාවය තේරුම් ගත්ත කියන එක නෙමෙයි, ඒ තේරුම් ගැනීම පාවිච්චි කරල පුද්ගලයෙක් නිගමනයකට එනව මේ සියලු දුක්, ප්‍රශ්න (දැනෙන) සියලු දේ මේ වෙන් වෙල දකින හැගීමේ ප්‍රතිඵලයක් නිසා කියල. මේ තේරුම් ගැනීම ඔබතුමාටත් තියනවනෙ.
    ඊට පස්සෙ මේ පුද්ගලය කියල තියෙන මාර්ගය පාවිච්චි කරල ඔය වෙන්වෙල දැනෙන හැගීම නැති කරගන්න කටයුතු කරනව. යම් දවසක මේ පුද්ගලය සම්පූර්ණයෙන්ම ඔය වෙන්වෙල දැනෙන හැගීම නැති කරගත් විට ඔහු පුද්ගල භාවයෙන් මිදිල රහත් වෙනව. දැන් දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය එහෙමම තියනව නමුත් ඒකෙන් (සමුදය සත්‍ය මගින්) ඇතිකරන මානසික දුක නවතිනව. දැන් මේ හැගීම නැතිකිරීම කියන්නෙ මහත්තය දේවල් වෙන්වෙල විද්‍යමාන වෙන්නෙ නැහැ කියන එක නෙමෙයි, ඒක ස්කන්ධ පරිනිර්වාණය දක්වාම තියනව, නැත්නම් රහතන් වහන්සේට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවනේ ස්කන්ධ පරිනිර්වාණය වෙනකං. මෙතන හැගීම නැතිකිරීම කියන්නෙ දේවල් වලට ('මම' ඇතුළුව) වටිනාකමක් දීම, නැත්නම් සාපේක්ෂව දැකීම (රාග ද්වේශ මෝහ නිසා) නැතිව යනව කියන එක.

    මේ මගෙ understanding එක, දැනට අපිට වෙනස් understandings තිබුනට අන්තිමට අපි එකම දෙයක්නෙ හොයන්නෙ 🙂

    හරි, ඔබතුමා අයි කියල කිව්වෙ නැනෙ, දුක්ක අර්ය සත්යයෙ, දුකට උපාදාන දක්ලවල තියෙන්නයි, පටිච්චසමුපාදයෙ, දුකට උපාදාන දුක ඇතුල් කරල නැති වෙන්නයි..
    ඒකට හේතුව මහත්තය උපාදාන ස්කන්ධ දුක කියන එක දැනෙන දුකක් නෙමෙයි ඒක දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය නිසා ඇතිවෙන, දැනෙන දුකට උපනිශ්‍රය වෙන හැගීමක්. මේක දුක්ඛ සමුදය සත්‍ය කියන ධර්මතාවයේ කොටසක්, ඒ කියන්නේ ප්‍රඥා ගෝචර දෙයක්. ඒකයි උපාදාන ස්කන්ධ දුක, එකොලොස් ගින්නට දාන්න බැරි
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    හොඳමයි මහත්තය,
    රහතන් වහන්සේ ඔය දුක අවබෝධ කරනව. ඒ කියන්නේ මේ ධර්මතාවය තේරුම් ගත්ත කියන එක නෙමෙයි, ඒ තේරුම් ගැනීම පාවිච්චි කරල පුද්ගලයෙක් නිගමනයකට එනව මේ සියලු දුක්, ප්‍රශ්න (දැනෙන) සියලු දේ මේ වෙන් වෙල දකින හැගීමේ ප්‍රතිඵලයක් නිසා කියල. මේ තේරුම් ගැනීම ඔබතුමාටත් තියනවනෙ.
    ඊට පස්සෙ මේ පුද්ගලය කියල තියෙන මාර්ගය පාවිච්චි කරල ඔය වෙන්වෙල දැනෙන හැගීම නැති කරගන්න කටයුතු කරනව. යම් දවසක මේ පුද්ගලය සම්පූර්ණයෙන්ම ඔය වෙන්වෙල දැනෙන හැගීම නැති කරගත් විට ඔහු පුද්ගල භාවයෙන් මිදිල රහත් වෙනව. දැන් දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය එහෙමම තියනව නමුත් ඒකෙන් (සමුදය සත්‍ය මගින්) ඇතිකරන මානසික දුක නවතිනව. දැන් මේ හැගීම නැතිකිරීම කියන්නෙ මහත්තය දේවල් වෙන්වෙල විද්‍යමාන වෙන්නෙ නැහැ කියන එක නෙමෙයි, ඒක ස්කන්ධ පරිනිර්වාණය දක්වාම තියනව, නැත්නම් රහතන් වහන්සේට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවනේ ස්කන්ධ පරිනිර්වාණය වෙනකං. මෙතන හැගීම නැතිකිරීම කියන්නෙ දේවල් වලට ('මම' ඇතුළුව) වටිනාකමක් දීම, නැත්නම් සාපේක්ෂව දැකීම (රාග ද්වේශ මෝහ නිසා) නැතිව යනව කියන එක.

    මේ මගෙ understanding එක, දැනට අපිට වෙනස් understandings තිබුනට අන්තිමට අපි එකම දෙයක්නෙ හොයන්නෙ 🙂

    ඒකට හේතුව මහත්තය උපාදාන ස්කන්ධ දුක කියන එක දැනෙන දුකක් නෙමෙයි ඒක දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවය නිසා ඇතිවෙන, දැනෙන දුකට උපනිශ්‍රය වෙන හැගීමක්. මේක දුක්ඛ සමුදය සත්‍ය කියන ධර්මතාවයේ කොටසක්, ඒ කියන්නේ ප්‍රඥා ගෝචර දෙයක්. ඒකයි උපාදාන ස්කන්ධ දුක, එකොලොස් ගින්නට දාන්න බැරි

    මහත්තය, ඔබතුමා මෙතන කියන ගොඩක් දේවල් වලට එකග වෙන්න බැ මහත්තය...විශේශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් ගෙ ස්වාභවය...මට මතක විදිහට, ත්‍රිපිටකයෙම කියල තියෙනව, සියලුම දුක් අහවරයි කියල.. අනික මට පේන්නෙ නැ අයි, මොකක්ද ඔබතුමා කියන ඔය රහතන් වහන්සෙ කෙනෙකුට මූන දෙන්න තියෙන ප්‍රශ්නය...මගේ වීව් එක මීට වඩා සැහෙන්න වෙනස් මහත්තය, හරි ඒකට කමක් නැ..

    මම සේව් කරපු එව බලද්දි, අපි එදා කතා කරපු රහතන් වහන්සෙ කෙනෙකුගෙ භවය පීලිබද සුත්‍රයක් හම්බ උනා..මතක විදිහට මේක අරගෙන තියෙන්න, අභිඩම්මෙ කතාවත්තු වලින්...වැදගත් දෙයක් තියෙනවද බලන්න..

    1675209843685.png
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, ඔබතුමා මෙතන කියන ගොඩක් දේවල් වලට එකග වෙන්න බැ මහත්තය...විශේශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් ගෙ ස්වාභවය...මට මතක විදිහට, ත්‍රිපිටකයෙම කියල තියෙනව, සියලුම දුක් අහවරයි කියල.. අනික මට පේන්නෙ නැ අයි, මොකක්ද ඔබතුමා කියන ඔය රහතන් වහන්සෙ කෙනෙකුට මූන දෙන්න තියෙන ප්‍රශ්නය...මගේ වීව් එක මීට වඩා සැහෙන්න වෙනස් මහත්තය, හරි ඒකට කමක් නැ..
    හොඳමයි මහත්තය, ඔව් එකේ ප්‍රශ්නයක් නැහැ.
    ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් ගෙ ස්වාභවය අපිට ගෝචර වෙනෙ දෙයක් නෙමයි අපි කොහොම ගත්තත් ඒ ගන්නෙ සාපේක්ෂ රාමුවක් තුල ඉඳගෙන. හැබැයි "සියලුම දුක් අහවරයි" කියල කිව්වම අපිට පැහදිලිව පහත දේවල් කියන්න පුළුවන්

    මේ සියලුම දුක් කියන්නෙ;
    • කායික දුක් නෙමෙයි මානසික දුක්, මේකට කායික දුක් එකතු වෙන්නෙ ස්කන්ධ පරිනිර්වාණයෙන් පස්සේ - ඇයි? බුදුන්ටත් කායික දුක් තිබුන ස්කන්ධ පරිනිර්වාණය දක්වා.
    • මේ දුක්ඛ ආර්‍ය සත්‍ය දුක නෙමෙයි - ඇයි? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නෙ ධර්මතාවයක් මිසක් විඳීමක් නෙමෙයි, ධර්මතාවයක් පැවතීම සත්වයාට ප්‍රශනයක් නෙමෙයි, මේ ධර්මතාව නිසා හටගන්නා කායික සහ මානසික දුක තමයි ප්‍රශ්නය. හරියට plane එකක් උඩ යන්න බර මිසක්, බර ඇතිකරන ගුරුත්වය ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ වගෙ.

    මම ඔය රහතන් වහන්සේට මූන දෙන්න තියෙන ප්‍රශ්නය කිව්වේ, සමහර අය අහනවනේ මම සහ බාහිර දේවල් නැති උනහම රහතන් වහන්සේ කොහොමද එදිනෙදා වැඩ කරගන්නෙ කියල.. ඉතින් මේ රහතන් වහන්සේට නැතිවෙන්නේ මේ දේවල් වල හැගීම මිසක් මේ දේවල් විද්‍යමාන නොවීම නෙමෙයි - මේකයි මට කියන්න ඕනිවුනේ.
    මම සේව් කරපු එව බලද්දි, අපි එදා කතා කරපු රහතන් වහන්සෙ කෙනෙකුගෙ භවය පීලිබද සුත්‍රයක් හම්බ උනා..මතක විදිහට මේක අරගෙන තියෙන්න, අභිඩම්මෙ කතාවත්තු වලින්...වැදගත් දෙයක් තියෙනවද බලන්න..

    View attachment 196129

    ඔව් මහත්තය මේක හරිනෙ, රහත් ස්වාභාවයේදී ඔය ප්‍රශ්නය අතාත්විකයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    හොඳමයි මහත්තය, ඔව් එකේ ප්‍රශ්නයක් නැහැ.
    ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් ගෙ ස්වාභවය අපිට ගෝචර වෙනෙ දෙයක් නෙමයි අපි කොහොම ගත්තත් ඒ ගන්නෙ සාපේක්ෂ රාමුවක් තුල ඉඳගෙන. හැබැයි "සියලුම දුක් අහවරයි" කියල කිව්වම අපිට පැහදිලිව පහත දේවල් කියන්න පුළුවන්

    මේ සියලුම දුක් කියන්නෙ;
    • කායික දුක් නෙමෙයි මානසික දුක්, මේකට කායික දුක් එකතු වෙන්නෙ ස්කන්ධ පරිනිර්වාණයෙන් පස්සේ - ඇයි? බුදුන්ටත් කායික දුක් තිබුන ස්කන්ධ පරිනිර්වාණය දක්වා.

    මගේ, වීව් එක අතුලෙ, රහත් උනාට පස්සේ, ගන්න කියල, රහතන් වහන්සේ හරි බුදුන් හරි කියල පනවන්න දෙයක් නැ. පනවන්න බැරි දෙයක දුකක් පෙන්නනෙ කුමකද? මෝඩයාට (පෘතක්ජනයට ) තමයි, පනවන්න රහතන් ක්නෙකුත් ඉන්නෙ, එයාට තියෙන දුකක් කතා කරන්නත් පුලුවන් වෙන්නෙ..මගේ වීව් එකෙ රහත් (සම්මුති ) කෙනෙකුත, සියලු දුක් අහවරයි..

    • මේ දුක්ඛ ආර්‍ය සත්‍ය දුක නෙමෙයි - ඇයි? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නෙ ධර්මතාවයක් මිසක් විඳීමක් නෙමෙයි, ධර්මතාවයක් පැවතීම සත්වයාට ප්‍රශනයක් නෙමෙයි, මේ ධර්මතාව නිසා හටගන්නා කායික සහ මානසික දුක තමයි ප්‍රශ්නය. හරියට plane එකක් උඩ යන්න බර මිසක්, බර ඇතිකරන ගුරුත්වය ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ වගෙ.

    මගේ, වීව් එකෙ, දුක්ක සත්ය කියන්නෙ, නොදකින දුක, සහ දකින දුකේ එකතුව...අර කුලක වලට, නම්බර්ස් ටිකක් දැම්මනම් ඕක බලන්න පුලුවන්...එච්චර යන්න ඕනෙ නැ. ඔය කියන දකින, නොදකින දුකම ඇති වෙන්නෙ අවිද්යව නිසා කියල පෙන්නන්න පුලුවන්..කතාවත්තු, යමකය, පීරුවොත්, ඔතන, නොදකින දුකේ එලෙමෙන්ට් ටික හොයාගන්න පුලුවන්...ඕනෙ නම් මතක ටික කියන්න පුලුවන්...දුක්ක සත්ය, එලෙමෙන්ට් වලින් පෙන්නන පුලුවන්, මගේ වීව් එකේ...රහතන් කෙනෙකුත, ඔය ඔක්කොම එලෙමෙන්ට් නැති වෙනව කියල පෙන්නනත් පුලුවන්...ඔතනින් පෙන්නන්න පුලුවන්, ලෝකය දුක අයි කියල සහ ලෝකයේ දුක දෙකක් කියල...රහතන් වහන්සෙ කෙනෙකුට බහවයක් සහ, ද්වීතාවයක් නැ කියලත් එකෙන් පෙනන පුලුවන්...සියලු දුක අහවරයි කියල පෙන්නනත් පුලුවන්..
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මගේ, වීව් එක අතුලෙ, රහත් උනාට පස්සේ, ගන්න කියල, රහතන් වහන්සේ හරි බුදුන් හරි කියල පනවන්න දෙයක් නැ. පනවන්න බැරි දෙයක දුකක් පෙන්නනෙ කුමකද? මෝඩයාට (පෘතක්ජනයට ) තමයි, පනවන්න රහතන් ක්නෙකුත් ඉන්නෙ, එයාට තියෙන දුකක් කතා කරන්නත් පුලුවන් වෙන්නෙ..මගේ වීව් එකෙ රහත් (සම්මුති ) කෙනෙකුත, සියලු දුක් අහවරයි..
    ඔව් මහත්තය ඔබතුමාගේ මේ statement එක එක්ක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම විස්තර කලේ අනික් පැත්තේ (මෝඩ/පෘතක්ජන පැත්තෙ) ඉඳන්, මානසිකව රහතන් වහන්සේගේ පැත්තේ (මෙහෙම ගන්න දේකුත් නැහැ) ඉඳන් ගත්තොත් ඔබතුමා කියන දේම තමයි මාත් කියන්නේ.
    මගේ, වීව් එකෙ, දුක්ක සත්ය කියන්නෙ, නොදකින දුක, සහ දකින දුකේ එකතුව...අර කුලක වලට, නම්බර්ස් ටිකක් දැම්මනම් ඕක බලන්න පුලුවන්...එච්චර යන්න ඕනෙ නැ. ඔය කියන දකින, නොදකින දුකම ඇති වෙන්නෙ අවිද්යව නිසා කියල පෙන්නන්න පුලුවන්..කතාවත්තු, යමකය, පීරුවොත්, ඔතන, නොදකින දුකේ එලෙමෙන්ට් ටික හොයාගන්න පුලුවන්...ඕනෙ නම් මතක ටික කියන්න පුලුවන්...දුක්ක සත්ය, එලෙමෙන්ට් වලින් පෙන්නන පුලුවන්, මගේ වීව් එකේ...රහතන් කෙනෙකුත, ඔය ඔක්කොම එලෙමෙන්ට් නැති වෙනව කියල පෙන්නනත් පුලුවන්...ඔතනින් පෙන්නන්න පුලුවන්, ලෝකය දුක අයි කියල සහ ලෝකයේ දුක දෙකක් කියල...රහතන් වහන්සෙ කෙනෙකුට බහවයක් සහ, ද්වීතාවයක් නැ කියලත් එකෙන් පෙනන පුලුවන්...සියලු දුක අහවරයි කියල පෙන්නනත් පුලුවන්..
    මෙතන තමයි මහත්තය අපේ වෙනස, මම හිතන්නෙ මට තේරෙනව ඔබතුමා මේ නොදකින දුක කියල කියන්නෙ මොකක්ද කියල. බලන්න මම හරිද කියල

    දුක්ඛ ආර්‍ය සත්‍ය - සර්වත්‍ර කුලකය
    නොදැනෙන දුක - elements - සංකාර දුක්ඛය සහ උපාදාන දුක්ඛය....etc - උප කුලකයක්
    දැනෙන දුක - කායික + මානසික දුක - උප කුලකයක්

    මේක වැරදි නැහැ මහත්තය නමුත් ඔතන පොඩි පැටලිල්ලක් තියනව
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් මහත්තය ඔබතුමාගේ මේ statement එක එක්ක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම විස්තර කලේ අනික් පැත්තේ (මෝඩ/පෘතක්ජන පැත්තෙ) ඉඳන්, මානසිකව රහතන් වහන්සේගේ පැත්තේ (මෙහෙම ගන්න දේකුත් නැහැ) ඉඳන් ගත්තොත් ඔබතුමා කියන දේම තමයි මාත් කියන්නේ.

    මෙතන තමයි මහත්තය අපේ වෙනස, මම හිතන්නෙ මට තේරෙනව ඔබතුමා මේ නොදකින දුක කියල කියන්නෙ මොකක්ද කියල. බලන්න මම හරිද කියල

    දුක්ඛ ආර්‍ය සත්‍ය - සර්වත්‍ර කුලකය
    නොදැනෙන දුක - elements - සංකාර දුක්ඛය සහ උපාදාන දුක්ඛය....etc - උප කුලකයක්
    දැනෙන දුක - කායික + මානසික දුක - උප කුලකයක්

    මේක වැරදි නැහැ මහත්තය නමුත් ඔතන පොඩි පැටලිල්ලක් තියනව

    මහත්තය, ඔය නොදන්න දුක එන්ටිටි එකක් (එකක් නෙවි ගොඩක් ) විදිහට යමකයේ සහ කතාවස්තු සහ පට්ටානයෙ, තැනින් තැන තියෙනව...ඔවා බලල මම අවුරුදු ගානක් වෙනව...දාගත්ත නෝට් වලින් තමයි කියන්නෙ...සමහර එව හරියටම හොයන්න බැ කොතනද කියල...ඔවා හොයන එක නතර කරල කාලයක් වෙනව දැන්..තේරුනාට පස්සෙ, වැඩක් නැ කියල...

    ඔතන නොදකින දුක පෙන්නල තියෙනව - 81 සිත් + ඊට අදාල චයිත්සික 51 (මතක විදිහට 52න්, 51 යි. 1 ක් අයිති වෙන්නෙ නැ, මතක නැ මොකක්ද කියල ) + ඉන්ඩ්‍රියබද්ද රූප 28 (මතක විදිහට )

    ඕක, තව ආකාර කීපයකට පෙන්නල තියෙනව, මත්ක නැ...නෝට හම්බ උනොත් දාන්නම්..හැබයි වැඩහ්ගත් වෙන්නෙ ඔය උඩ කිව්ව ටික..

    ඔතන තව දර්මතාවයන්, කීපයක් පෙන්නනව..ඔය මොන දුකටත් අයිති නැති.. ඔතන අන්නින්ඩ්‍රහිය බද්ද රුප, තව සෙට් එකක් තියෙනව..මතක නැ

    කයික+මානසික දුකත් 9 ආකරයකට බෙදල තියෙනව...3 ආකරයකටත්

    දුක්ක සත්ය = 81 සිත් + ඊට අදාල චයිත්සික 51 (මතක විදිහට 52න්, 51 යි. 1 ක් අයිති වෙන්නෙ නැ, මතක නැ මොකක්ද කියල ) + ඉන්ඩ්‍රියබද්ද රූප 28 (මතක විදිහට ) + කයික + මානසික

    රහතන් වහන්සෙගෙ විතරක් නෙවේ, මාර්ග පල ලාබියෙකුගෙත්, සිත් දෙකක් එන්වෙව් ඔය දුක්ක සත්යම නැති වෙන වෙලාවක්..ඕක චිත්ත වීතියකිනුත් පෙන්නන්න පුලුවන්...

    ඔබතුමාට ඔතන පේන්න ඕනෙ, රහතන් කෙනෙකුගෙ, දුක්ක සත්යම නැති වෙන්නෙ අයි කියල...

    ඔක තව ටිකක් දුර ගියාම, ලෝක දුක, ලෝඉකයෙ දුක, සන්කාර දුකක..ඉතාම පැහදිලිව තෙරුම ගන්න පුලුවන්..

    මහත්තය පේනව කිව්ව පැටලිල මොකක්ද?

    edit:
    මහත්තය, ඔතන නම්බර්ස් එහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්...ත්‍රිපිටකය බලල මාව පතුරු ගහන්න එහෙම එපා, ඉලක්කම් /වරදි කියල...:lol:
     
    මම හිතුව හරි මහත්තය, මෙන්න මෙතන තමයි පටලැවිල්ල. ඔබතුමා මේ කතාකරන්නෙ සිත් සහ ඊට අදාළ චෛතසික, මේ එකක් වත් වැරදි නැහැ නමුත් මේ දුක්ඛ ආර්‍ය සත්‍යටවත්, දුක්ඛ සත්‍යට වත් අයිති ටිකක් නමෙයි, මේ සිත් හටගන්න intermedeate අවස්ථාව, ඒ කියන්නෙ දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය, මේක වෙනමම කුලකයක්.
    බලන්න මහත්තය පැටලෙන හැටි ඔබතුමා මේකෙන් නිගමනයකට එනව රහතන් වහන්සේගේ දුක්ඛ සත්‍යම නැතිවෙනව කියලා. නැහැ මහත්තය නැතිවෙන්නෙ දුක්ඛ සමුදය.... මෙහෙම කියලම තියනව.

    මම මේක දන්නෙ මහත්තය මටත් මේ ප්‍රශ්නෙ මේ විදියටම තිබුන...

    no probs. with numbers මහත්තය මම දන්නව ඔබතුමා කියන දේ :D
     
    ඕක මහත්තය, මම හිතල ලිව්ව එකක් නෙවේ..ඔබතුමා වෙලාවක් තිබුන වෙලාවක හොයල බලන්න..සමුදය විදිහට පෙන්නන්න, අවිජ්ජ තන්හා...ඒව නිසා ඇති වන දුක (සිත්) තමයි, ඔය පෙන්නල තියෙන්නෙ...ඕකෙ වැරද්දක් මට පේන්නෙ නැ.. එලෙමෙන්ට් ටිකක සමුදයටත් තිබුන..

    රහතන් වහ්න්සෙට, දැනෙන සියලු දැනෙන නොදැනෙන දුක නැති වෙනව නම්...අපි ඉසෙල්ලත් කතාකරේ....සියලු දුක අඩන්ගු දුක්ක ආර්ය සත්ය නැති නොවෙන්න විදිහක් නැනෙ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕක මහත්තය, මම හිතල ලිව්ව එකක් නෙවේ..ඔබතුමා වෙලාවක් තිබුන වෙලාවක හොයල බලන්න..සමුදය විදිහට පෙන්නන්න, අවිජ්ජ තන්හා...ඒව නිසා ඇති වන දුක (සිත්) තමයි, ඔය පෙන්නල තියෙන්නෙ...ඕකෙ වැරද්දක් මට පේන්නෙ නැ.. එලෙමෙන්ට් ටිකක සමුදයටත් තිබුන..
    ඔව් මහත්තය හරියට හරි දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය කියන්නේ පටිච්චසමුප්පාදය, ඒ කියන්නේ අවිද්‍යා ... තණ්හා, කොහෙත්ම වැරදි නැහැ හැබැයි මේක දුක්ඛ ආර්‍ය සත්‍ය කියල ගත්තොත් දුක්ඛ ආර්‍ය සත්‍ය නැතිවෙනව කියන තැනට එනව. ධර්මතාවයක් නැතිවෙනව කියල එකක් නැහැනෙ මහත්තයා, ධර්මතාවය නිසා ඇතිවෙන දේ, ඇතිවීම තමයි නැතිවෙන්නෙ. මුලින් මටත් අහුඋනේ ඔය ඔබතුමා කියපු විදියටම තමයි, අමුතු විදියටනෙ ලියල තියෙන්නෙ :)

    රහතන් වහ්න්සෙට, දැනෙන සියලු දැනෙන නොදැනෙන දුක නැති වෙනව නම්...අපි ඉසෙල්ලත් කතාකරේ....සියලු දුක අඩන්ගු දුක්ක ආර්ය සත්ය නැති නොවෙන්න විදිහක් නැනෙ...
    මේවා මහත්තය intermediate අවස්ථා, සමස්ථයක් වශයෙන් චතුරාර්‍ය සත්‍ය කතාකරනකොට දුක කියල ගන්නව තමයි නමුත් වෙනම කුලකයක්.
    දුක්ඛ ආර්‍ය සත්‍ය නිරෝධවෙනව කියල මම නම් කොහෙවත් දැකලා නැහැ නිරෝධ වෙන්නේ දුක්ඛ සමුදය, නැත්නම් පටිච්චසමුප්පාද නිරෝධය.

    කොහොම නමුත් මහතය මේ මගේ දැන් view එක, මීට අවුරුදු ගණනකට කීපයකට කලින් මමත් ඔබතුමාගෙ view එකේම තමයි හිටියෙ. 🙂
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් මහත්තය හරියට හරි දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය කියන්නේ පටිච්චසමුප්පාදය, ඒ කියන්නේ අවිද්‍යා ... තණ්හා, කොහෙත්ම වැරදි නැහැ හැබැයි මේක දුක්ඛ ආර්‍ය සත්‍ය කියල ගත්තොත් දුක්ඛ ආර්‍ය සත්‍ය නැතිවෙනව කියන තැනට එනව. ධර්මතාවයක් නැතිවෙනව කියල එකක් නැහැනෙ මහත්තයා, ධර්මතාවය නිසා ඇතිවෙන දේ, ඇතිවීම තමයි නැතිවෙන්නෙ. මුලින් මටත් අහුඋනේ ඔය ඔබතුමා කියපු විදියටම තමයි, අමුතු විදියටනෙ ලියල තියෙන්නෙ :)

    මහත්තය, අපි ගත්තොත් - "මේ ලොකේ X+Y කියන දුක තියෙනව"

    මෙතන "මේ ලොකේ X+Y කියන දුක තියෙනව" කියන සටෙට්මෙන්ට් එක තමයි දර්මතාවය. ඔතන X, Y කියන එක දර්මතාවයක් නෙවී, දර්ම, නැති කරන්න පුලුවන් දෙයක්.

    ඔබතුමාගේ කුලක ඉන්ටෙප්‍රිටෙශන් එකෙ, දුක්ක සත්යයි, නොදකින් දුකයි වෙන් කරගන්න බැ..අන්න ඒකයි, ඕක දර්මයක් විදිහට පෙන්නන්න බැරි...

    නම්බර්ස් ටිකක් දැම්මනම් ඕක හොදට පේනව මහත්තය..

    මේවා මහත්තය intermediate අවස්ථා, සමස්ථයක් වශයෙන් චතුරාර්‍ය සත්‍ය කතාකරනකොට දුක කියල ගන්නව තමයි නමුත් වෙනම කුලකයක්.
    දුක්ඛ ආර්‍ය සත්‍ය නිරෝධවෙනව කියල මම නම් කොහෙවත් දැකලා නැහැ නිරෝධ වෙන්නේ දුක්ඛ සමුදය, නැත්නම් පටිච්චසමුප්පාද නිරෝධය.

    මට නම් මහත්තය ඔය එකම කතාව තමයි...අයෙත් වෙන කුලක නැ. රහතන් වහන්සෙ කියල ගන්න දෙයක් නැති තැනක, රහතන් වහන්සේට තියෙන කීසිදු දුකක් පනවන්න නැ..මේකට ඉතින් ඔබතුමත් එකගයිනෙ

    ස්කන්ද ටිකක් විටරයි තියෙන්නෙ...ඒකත් නැති වෙනව ස්කන්ද පරිනිර්වානයෙදි..

    කොහොම නමුත් මහතය මේ මගේ දැන් view එක, මීට අවුරුදු ගණනකට කීපයකට කලින් මමත් ඔබතුමාගෙ view එකේම තමයි හිටියෙ. 🙂

    අපරාදෙ මහත්තය, කබලින් ලිපට වැටුනවත් ද? ;)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, අපි ගත්තොත් - "මේ ලොකේ X+Y කියන දුක තියෙනව"

    මෙතන "මේ ලොකේ X+Y කියන දුක තියෙනව" කියන සටෙට්මෙන්ට් එක තමයි දර්මතාවය. ඔතන X, Y කියන එක දර්මතාවයක් නෙවී, දර්ම, නැති කරන්න පුලුවන් දෙයක්.

    ඔබතුමාගේ කුලක ඉන්ටෙප්‍රිටෙශන් එකෙ, දුක්ක සත්යයි, නොදකින් දුකයි වෙන් කරගන්න බැ..අන්න ඒකයි, ඕක දර්මයක් විදිහට පෙන්නන්න බැරි...

    නම්බර්ස් ටිකක් දැම්මනම් ඕක හොදට පේනව මහත්තය..
    ඔව් මහත්තය මෙතන තමයි අපේ understandings වෙනස් වෙන්නෙ. මගෙ understanding එකේ හැටියට ධර්මතාවය තියෙනව, X කියන දැනෙන දුක තියෙනව. Y කියන්නෙ ඔය ධර්මතාවයෙන්, X ගොඩනැගෙන විට ඇතිවන අතරමැදි අවස්ථා. Y ට elements ගොඩක් තියෙනව. Numbers දැම්මත් fundamentally එකම දේ තමයි මහත්තය මට කියන්න තියෙන්නෙ.

    මට නම් මහත්තය ඔය එකම කතාව තමයි...අයෙත් වෙන කුලක නැ. රහතන් වහන්සෙ කියල ගන්න දෙයක් නැති තැනක, රහතන් වහන්සේට තියෙන කීසිදු දුකක් පනවන්න නැ..මේකට ඉතින් ඔබතුමත් එකගයිනෙ

    ස්කන්ද ටිකක් විටරයි තියෙන්නෙ...ඒකත් නැති වෙනව ස්කන්ද පරිනිර්වානයෙදි..
    එකේ ප්‍රශ්නයක් නැහැ මහත්තය මේ understandings දෙකක්නෙ, හැබැයි ඔබතුම කුලක නැ කිව්වට, යමකයේ ඔය අපි දුක්ඛ කුලක ගත්ත ආකාරයටම ගන්න පුළුවන් කුලක, සමුදය, නිරෝධ සහ මාර්ග සත්‍ය වලටත් වෙන් වෙන්ව විග්‍රහ වෙනව. මගෙ understanding එකේ හැටියට ඔතනින් සමුදය සත්‍ය තුල විග්‍රහ වෙන දුක් තමයි ඔය පට්ඨානයේ සිත් සහ චෛතසික වලට වෙන්කොට දක්වන්නෙ. මේ දුක් කිව්වට process එකක අතරමැදි අවස්ථා. හරියට production line එකක අමුද්‍රව්‍ය සහ end product එක අතර තියෙන අවස්ථා වගෙ.

    මේ රහතන් වහන්සේට දුක පැනවීමක් නමෙයි මහත්තය, ධර්මතාවයක් කියන්නෙ දුකක් නෙමෙයි, ඒක ස්වභාවයක්. හරියට ස්කන්ධය 0 (zero) උනොත් ගුරුත්වය තිබුනට බර දැනෙන්නෙ නැහැ වගෙ වැඩක්. රහතන් වහන්සේට දුක්ඛ ආර්‍ය සත්‍ය irrelavent.
    අපරාදෙ මහත්තය, කබලින් ලිපට වැටුනවත් ද? ;)

    මටනම් ලිපෙන් කබලට නැග්ග වගෙ දැනෙන්නෙ මහත්තය :D මොකද මේක විතරක් නෙමයි, භාවනාවෙත් ගොඩක් දේවල් මේකෙන් මට clear වුණා. කොහොම නමුත් මහත්තය මම මේ අදහස් දක්ක්වූවා විතරයි ඔබතුමාගේ understanding එක වෙනස් කරන්න වත් ඒකට ගරහන්න වත් කිව්ව නෙමෙයි. ඔබතුමා ඔය ඉස්සර කළා වගේ පුළුවන් නමේ තව පාරක් මේක analyze කරන්න, නැතනම් අල්ලල දාන්න. :)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔව් මහත්තය මෙතන තමයි අපේ understandings වෙනස් වෙන්නෙ. මගෙ understanding එකේ හැටියට ධර්මතාවය තියෙනව, X කියන දැනෙන දුක තියෙනව. Y කියන්නෙ ඔය ධර්මතාවයෙන්, X ගොඩනැගෙන විට ඇතිවන අතරමැදි අවස්ථා. Y ට elements ගොඩක් තියෙනව. Numbers දැම්මත් fundamentally එකම දේ තමයි මහත්තය මට කියන්න තියෙන්නෙ.

    මගේ අදහස මහත්තය, උද්දේශයෙ, සෙස්ස කියල, කා+ච දුකෙන් අයින් කරල පෙන්නන පුලුවන් කියන්නෙම ඔය ‍Y කියන එක කා+ච දුක වගේම එලිමෙන්ට් එකක් වගෙ ගන්න පුලුවන් නිසා...අනික ඔය අයින් කරන එක දුක්ක සත්යෙම කොටසක් කියල කියනවනෙ...ඔය ‍Y කියන එක දුක්ක සත්යම නම්, අයෙත් දුක්ක සත්යයෙ කොටසක් කියල පෙන්නන එකේ තේරුමක් නැ නෙ...

    මගේ අදහස මහත්තය, ඔය දර්ම තා එකට ඇතිවෙල, එකට නැති වෙන ඒව්...එකක් කලින් එකක් පසුව, එකක් අතර මැදි කියල ගන්න බැ...ලීනියලිටි එකක් ගන්න බැ. අවිද්යාව නිස්සම අර මම කිව්ව නොදකින දුක් සිත් 81 ඇති වෙනව..අවිද්යාව නිස්සම, කා+ච දුක් ඇති වෙනව...එකකින් එකක් ඇති උනා කියල ගන්න බැ ඔක්කොම එකට ඇති උන නිසා...

    එකේ ප්‍රශ්නයක් නැහැ මහත්තය මේ understandings දෙකක්නෙ, හැබැයි ඔබතුම කුලක නැ කිව්වට, යමකයේ ඔය අපි දුක්ඛ කුලක ගත්ත ආකාරයටම ගන්න පුළුවන් කුලක, සමුදය, නිරෝධ සහ මාර්ග සත්‍ය වලටත් වෙන් වෙන්ව විග්‍රහ වෙනව. මගෙ understanding එකේ හැටියට ඔතනින් සමුදය සත්‍ය තුල විග්‍රහ වෙන දුක් තමයි ඔය පට්ඨානයේ සිත් සහ චෛතසික වලට වෙන්කොට දක්වන්නෙ. මේ දුක් කිව්වට process එකක අතරමැදි අවස්ථා. හරියට production line එකක අමුද්‍රව්‍ය සහ end product එක අතර තියෙන අවස්ථා වගෙ.

    මේ රහතන් වහන්සේට දුක පැනවීමක් නමෙයි මහත්තය, ධර්මතාවයක් කියන්නෙ දුකක් නෙමෙයි, ඒක ස්වභාවයක්. හරියට ස්කන්ධය 0 (zero) උනොත් ගුරුත්වය තිබුනට බර දැනෙන්නෙ නැහැ වගෙ වැඩක්. රහතන් වහන්සේට දුක්ඛ ආර්‍ය සත්‍ය irrelavent.

    නැ මහත්තය, මම කිව්වෙ, දුක්ක සත්යට තව කුලකයක් නැ කියල..සමුදය සත්යට කුලකයක් නැ කියල නෙවේ..

    මහත්තය, "ගුරුත්වය තියෙනව" කියන්නෙ දර්මතාවයක්... හබැයි එකෙන් කියන්න බැ ගුරුත්වය කියන එක එන්ටිටි එකක් විදිහට පෙන්නන්න බැ කියල..ඔය දෙක එකක් නෙවේ..

    "රහතන් වහන්සේට දුක්ඛ ආර්‍ය සත්‍ය irrelavent." - ඔන්න ඕක තමයි අවුල මහත්තය...අයෙත් යන්නෙ, දුක ඉරෙලවන්ට් වන ඉන්න රහතන් වහන්සෙ කෙනෙක් ගැනනෙ..

    රහතන් වහන්සේ කියන එකම දුකනම් මහත්තය, දුක නැ කියන්නෙ රහතන් වහන්සේ කෙනෙක් නැ කියන එකමනෙ (මේ කියන්නෙ නැත් අන්තය නෙවෙ ). ඉස්සෙල්ල කිව්ව වගේ, ඔබතුමගේ ඉන්ටෙර්පෙටිශන් එකේ රහතන් වහන්සේගේ දුක කියන්න පුලුවන්, රහතන් වහන්සෙ කියන්නෙම දුකයි කියල පෙන්න්න ගන්න බැ. එකයි, ඔබතුමාගේ දර්ශනය, හැමතිස්සෙම, ඉන්න රහතන් වහනෙස් ගේ දුක නැති වීමට යන්නෙ...ඔබතුමාට පෙනුනෙ නැති උනාට, මට තේරෙන විදිහට, මේක ලොකුම අවුලක්..දර්මයට ප්‍රතිවිරුද්දයි...ඕක එන්නෙම, අර මිසින් පාර්ට් එක නිසා... අවුල පේන්නෙ නැත්තම් අල්ලල දාන්න මහත්තය...

    ඔබතුමා, කලින් මම නැති කිර්‍රම කිව්වට...මට තේරෙන විදිහට, එතනත් ඔබතුමා කතා කරන්නෙ...නැති මමකගේ දුක නැති කිරීම..

    මටනම් ලිපෙන් කබලට නැග්ග වගෙ දැනෙන්නෙ මහත්තය :D මොකද මේක විතරක් නෙමයි, භාවනාවෙත් ගොඩක් දේවල් මේකෙන් මට clear වුණා. කොහොම නමුත් මහත්තය මම මේ අදහස් දක්ක්වූවා විතරයි ඔබතුමාගේ understanding එක වෙනස් කරන්න වත් ඒකට ගරහන්න වත් කිව්ව නෙමෙයි. ඔබතුමා ඔය ඉස්සර කළා වගේ පුළුවන් නමේ තව පාරක් මේක analyze කරන්න, නැතනම් අල්ලල දාන්න. :)

    අවුලක් නැහැ මහත්තය, ඔබතුමා උඩට යනව වගේ දැනෙනව නම්...ඒ මාර්ගයෙම යන්න...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මගේ අදහස මහත්තය, උද්දේශයෙ, සෙස්ස කියල, කා+ච දුකෙන් අයින් කරල පෙන්නන පුලුවන් කියන්නෙම ඔය ‍Y කියන එක කා+ච දුක වගේම එලිමෙන්ට් එකක් වගෙ ගන්න පුලුවන් නිසා...අනික ඔය අයින් කරන එක දුක්ක සත්යෙම කොටසක් කියල කියනවනෙ...ඔය ‍Y කියන එක දුක්ක සත්යම නම්, අයෙත් දුක්ක සත්යයෙ කොටසක් කියල පෙන්නන එකේ තේරුමක් නැ නෙ...

    මගේ අදහස මහත්තය, ඔය දර්ම තා එකට ඇතිවෙල, එකට නැති වෙන ඒව්...එකක් කලින් එකක් පසුව, එකක් අතර මැදි කියල ගන්න බැ...ලීනියලිටි එකක් ගන්න බැ. අවිද්යාව නිස්සම අර මම කිව්ව නොදකින දුක් සිත් 81 ඇති වෙනව..අවිද්යාව නිස්සම, කා+ච දුක් ඇති වෙනව...එකකින් එකක් ඇති උනා කියල ගන්න බැ ඔක්කොම එකට ඇති උන නිසා...

    නැ මහත්තය, මම කිව්වෙ, දුක්ක සත්යට තව කුලකයක් නැ කියල..සමුදය සත්යට කුලකයක් නැ කියල නෙවේ..

    මහත්තය, "ගුරුත්වය තියෙනව" කියන්නෙ දර්මතාවයක්... හබැයි එකෙන් කියන්න බැ ගුරුත්වය කියන එක එන්ටිටි එකක් විදිහට පෙන්නන්න බැ කියල..ඔය දෙක එකක් නෙවේ..

    "රහතන් වහන්සේට දුක්ඛ ආර්‍ය සත්‍ය irrelavent." - ඔන්න ඕක තමයි අවුල මහත්තය...අයෙත් යන්නෙ, දුක ඉරෙලවන්ට් වන ඉන්න රහතන් වහන්සෙ කෙනෙක් ගැනනෙ..

    රහතන් වහන්සේ කියන එකම දුකනම් මහත්තය, දුක නැ කියන්නෙ රහතන් වහන්සේ කෙනෙක් නැ කියන එකමනෙ (මේ කියන්නෙ නැත් අන්තය නෙවෙ ). ඉස්සෙල්ල කිව්ව වගේ, ඔබතුමගේ ඉන්ටෙර්පෙටිශන් එකේ රහතන් වහන්සේගේ දුක කියන්න පුලුවන්, රහතන් වහන්සෙ කියන්නෙම දුකයි කියල පෙන්න්න ගන්න බැ. එකයි, ඔබතුමාගේ දර්ශනය, හැමතිස්සෙම, ඉන්න රහතන් වහනෙස් ගේ දුක නැති වීමට යන්නෙ...ඔබතුමාට පෙනුනෙ නැති උනාට, මට තේරෙන විදිහට, මේක ලොකුම අවුලක්..දර්මයට ප්‍රතිවිරුද්දයි...ඕක එන්නෙම, අර මිසින් පාර්ට් එක නිසා... අවුල පේන්නෙ නැත්තම් අල්ලල දාන්න මහත්තය...

    ඔබතුමා, කලින් මම නැති කිර්‍රම කිව්වට...මට තේරෙන විදිහට, එතනත් ඔබතුමා කතා කරන්නෙ...නැති මමකගේ දුක නැති කිරීම..

    අවුලක් නැහැ මහත්තය, ඔබතුමා උඩට යනව වගේ දැනෙනව නම්...ඒ මාර්ගයෙම යන්න...
    හොඳමයි, මේක අල්ලල දාමු මොකද අප දෙන්න මේකේ circles යෑමනෙ වෙන්නේ. අවසාන වශයෙන් කරුණු කීපයක් කියන්නම්, මොකද මේ මම අදහස් කරන දේ නොවන නිසා.
    • ඔය කුලක ප්‍රශ්නෙදි, මම මේ ඔබතුමා ඔතන mathamatically වැරදියි කියනව නමෙයි, ඔය ඔබතුමා නොදැනෙන දුක කියල පෙන්නන්නෙ පට්ඨානයේ විස්තර වෙන සිත් ඇතිවීම, ඕක පටිච්ච්සමුප්පාදයේ කොටසක්නෙ මහත්තය, ඉතින් ඒ සමුදය. ඔය ක්‍රියාවලියක කොටස්. ක්‍රියාවලිය කිව්වට මහත්තය මම කොහෙවත් claim කරන්නෙ නැහැ මේ linear process එකක් කියල. මුල මැද අග කියල ගත්තෙ විස්තර කිරීමේ පහසුවට.
    • මම මෙතන රහතන් වහන්සේ කියල entity එකක් අදහස් කලේ නැහැ. එහෙම වචන කිව්වනම් ඒ හුදෙක්ම විස්තර කිරීමේ පහසුව සඳහා පමණයි. රහතන් වහන්සේ කියල පනවන්න දෙයක් නැහැ, "මම" ගැන කිව්වත් ඔය ටිකම තමයි, අනික මහත්තය මම නැතිකිරීම කියල එකකුත් නැහැ, තියෙන්නෙ මම කියන හැගීම ඇතිවීම නැවත්වීම (නිරෝධය).
    • Effect එකක් through හැරුනුකොට, ධර්මතාවයක් entity එකක් වෙන්නෙ කොහොමද කියන එක මට ප්‍රශනයක්
    ඔබතුමාට පිං මෙහෙම සාකච්ඡා කලාට.
    තෙරුවන් සරණයි!
     
    දුක්ක ආර්ය සත්ය කවෙරෙ යත්: ජතිය දුකය, ජරාව දුකය, මරන දුකය,......පන්චෞපාදන ස්ස්කන්දයො දුකය...

    දැන් මහත්තය, ඔතන ජාති දුක කියන එක එන්ටිටි එකක් විදිහට ගන්න බැරිද, මරන දුක එන්ටිටි එකක් විදිහට ගන්න බැරිද? මට නම් තේරෙන්නෙ නැ මහත්තය, බැ කියන්නෙ ඇයි කියල...

    ඕකමනෙ වෙන විඩිහකට කුලකයෙ කියන්නෙ...
     
    මේ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන මුළු සර්වත්‍ර කුලකයනෙ මහත්තය, මේකේ ධර්මතාවය කියන්නෙ කායික සහ මානසික දුක හැරුණු කොට ඉතුරු ටික. කායික සහ මානසික දුක කියන්නේ entities කියල ගන්න පුළුවන් බව ඇත්ත මොකද ඒවා මේ ධර්මතාවයේ effects නෙ. ඉතිං ඒක හරි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මේ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන මුළු සර්වත්‍ර කුලකයනෙ මහත්තය, මේකේ ධර්මතාවය කියන්නෙ කායික සහ මානසික දුක හැරුණු කොට ඉතුරු ටික. කායික සහ මානසික දුක කියන්නේ entities කියල ගන්න පුළුවන් බව ඇත්ත මොකද ඒවා මේ ධර්මතාවයේ effects නෙ. ඉතිං ඒක හරි.

    සෙස්ස දැනෙන ගොඩට අයිති වෙන්නෙ නැති උනාට, සර්වත්‍රය කුලකයට අයිති වෙනව කියල කියනවනෙ මහත්ටය...ඒ කියන්නෙ...සර්වත්‍ර කුලකයෙ තියෙන නොදැනෙන ගොඩ කියලනෙ කියන්නෙ...

    හරි කමක් නැ...දුක්ක ආර්ය සත්යෙ, කා+ච් හැර එන්ටිටි දෙක හැර, ඉතුරු ටික එන්ටිටි නෙවේ කියල ඔබතුමා කොහොමඩ පෙන්වන්නෙ..?