හරි මහත්තය, මට මෙන්න මේක තමයි මට පැහැදිළි කරගන්න ඕනිවුනේ, එතකොට ඔබතුමා මේ සිත් සහ චෛතසික මට්ටමෙන් බැලීම කියන්නෙ ඒ ඒ මොහොතෙ ඇතිවෙන සිතිවිලි ඔය සිත් සහ චෛතසික වලට ඒවායේ ගති සහ ලක්ෂණ හරහා map කරගැනීමද? එහෙම නැත්නම් ඒ සිතිවිලි තුල තියෙන ඉතා විශාල සංක්‍යාවක් සිත් (පටිච්චසම්මුප්පාද චක්‍ර) එකින් එක අරගෙන ඒවා ඔය සිත් සහ ඊට අදාල චෛතසික ලෙස දැකීමද?
මහත්තය, ප්‍රශ්නය හරියට තේරුනෙ නැ...චයිතසික කියන්නෙ..සිතක තියෙන්නෙ පුලුවන් කොලිටීස්නෙ...
මෙන්න මහත්තය අපි අනුගමනය කරන සතිපට්ඨානය, දැන් මේකේ කොතනටද ඔය සිත් සහ චෛතසික බැලීම සම්බන්ධ වෙන්නේ?
- කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව, සිහි ඇති ව කායසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන රූපකයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ.
- කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව වෙදනාසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන වෙදනාවන්හි වෙදනාව නුවණින් බලන සුලු ව වාසය කෙරේ.
- කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව චිත්තසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන සිතෙහි සිත නුවණින් බලන සුලුව වාසය කෙරේ.
- කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව ධර්මසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්මනස්‍ය සන්සිඳුවා ගෙන ධර්මයෙහි ධර්මය නුවණින් බලන සුලුව වාසය කෙරේ.
නැ මහත්තය, මම අහුවෙ ඔය එක එකෙන් වෙන්නෙ මොකක්ද කියල...හරි කමක් නැ, මම ටිකක් එහෙන් මෙහෙන් සතිපට්ටාන සුත්‍රයෙන් දාන්නම් (ඔක්කොම කියවන්න කම්මැලි මේ වෙලාවේ )
තමා තුළ ඇත්තාවූ හෝ
උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන්කම හා පසුතැවිල්ල) මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ උද්ධච්චකුක්කුච්චයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ
විචිකිච්ඡාව (බුද්ධාදි අට තැන්හි සැකය) මා තුළ විචිකිච්ඡාව ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දන්නේය. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවූ විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දන්නේය.
තමා කෙරෙහිඇත්තාවූ හෝ
ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ
විරිය (වීර්ය) සම්බොජ්ජඩ්ගය හෝ මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ජඩ්ගය මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරිය සම්බොජ්ජඩ්යාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
ඔය ත්යෙන්නෙ චයිටසික කීපයක්...බොජ්ජන්ග කියන්නෙ, මාර්ගයෙ යනකොට වැඩෙන චයිත්සික සෙට් එකක්..මුලු සතිපට්ටනම කියෙව්වොත් ඔක්කොම වගේ චයිත්සික ටික තියෙනව මම හිතන්නෙ..
“මහණෙනි, භික්ෂුව නැවතද පසක්වූ උපාදාන ස්කන්ධ (රූප,
වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
“මහණෙනි, භික්ෂුව පසක්වූ උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසයකරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව
මේ රූපරාශියයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි. මේ රූපයන්ගේ විනාශයයිද, මේ වේදනාවය (විඳීමය) මේ වේදනාව පහළවීමේ හේතුවය. මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය. මේ සංඥා විනාශයයිද, මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර විනාශයයිද මේ විඤ්ඤාණයය,
මෙතන කියල තියෙනව උපාදාන ස්කන්දයම බලන විදිහ...නිකන් බලල හරියන්නෙ නැ....චයිතසික, රූප දර්ම වල කොන්ඩ්ශනල් ඒක්සිස්ටන්ස් එක, උදය-වැය බලන විදිහ තියෙන්නෙ..
මට තේරෙන්නෙ නැ, ඔව බුදු කෙනෙකුට විතරක් බලන්න පුලුවන් කියල කොහෙද තියෙන්නෙ කියල
නැහැ මහත්තය මම කිව්වේ මේක කුලක වලට දාලා වැඩක් නැහැ කියන අර්ථයෙන්, ඕනෑ දෙයක් කුලක වලට දාන්න පුළුවන්නෙ මහත්තය, ඉතිං මම උපකල්පනය කළා ඔබතුමා ඒක දැනගෙන, කුලක වලට දාලා වැඩක් නැහැ කියන අර්ථයෙන් ගනී කියල.
ඔව් මහත්තය ඔබතුමා හරි ඒක මගේ view එකට ගැළපෙන්නෙ නැහැ ඒකම තමයි මුල ඉඳන්ම ප්‍රෂ්ණය. ගැළපෙන්නෙ නැහැ කිව්වේ මගේ view එක අනුව ඕක කුලක වලට දාල තේරුමක් නැහැ. මට මේක ඔබතුමාගෙ view එකට අනුව බලන්න තිබුණ ඒ view එක හරි කියන්න පිළිගත හැකි සාක්ෂි තිබුනනම්.
ඔන්න ඕකයි අවුල මහත්තය...මගේ වීව් එක පිලිගන්න කියනව නෙවේ...ඔබතුමාගේ වීව් එක පැත්තක තියල බලන්න කියල කියන්නෙ...නැති නම්, ත්‍රිපිටකයෙ කියල තියෙන දේත් අහුවෙන්නෙ, ඔබතුමාට ඕන විදිහට ඇරෙන්නෙ ඇති සටියෙන් නෙවේ..
ඔව් මහත්තය ඒක හරි නමුත් ඔබතුමාගේ view එකේ හැටියට ඔබතුමා
- ඔය පාරවල් 50ම තැනකට යනවා කියලා විස්වාස කරනව
- ඒ තැන කඩවත කියල විශ්වාස කරනව
මහත්තය, කෙනෙක් තමන්ම, ඔය 50ට ගිහිල්ල ප්‍රත්යක්ශ කරගන්නකල්, විස්වාස තමයි...1 ක් ගියොත්, එකක් ප්‍රත්යක්ශයි, 2ක් ගියොත් දෙකක් ප්‍රත්යක්ශයි..
ඕක තමයි මට ඔය view එකේ තියෙන problem එක
ඉතිං මහත්තය මමත් කියන්නෙ ඕකම තමයි ඔතන ද්වේශ සිත අතිවීමම තමයි දුක, ඔහොම ගන්න එක ඔබතුමාගෙ view එකට විතරක් පොදු දෙයක් නෙමෙයි. ඔබතුමා ඕක දුකයි කියන්නෙ දුකේ intermediate ලක්ෂණ ටිකක් දන්නේ නැති දුකක් කියල lebel එකක් ගහල එමගින් ඔය ද්වේශ සිත දුකයි කියනව. මම නම් හිතන්නෙ ඔවා අත්තනෝමත මහත්තය.
මෙහෙම හිතන්න, බල්ලෙක් ඉන්නව කන්නඩියක් බලාගෙන, ඌ හිතනව එහා පැත්තෙ බල්ලෙක් ඉන්නව කියල ඌට තඩවෙලා බුරනව...හරි දැන් ඌට මානසික දුකක් ඇති උනා කියල් අපි දන්නවනෙ...දැන් ඌ ඉන්නව කිසි ගානක් නැතුව, ඌට කිසි අවුලක් නැ එහා පත්තෙ ඉන්න බල්ලගැන...මනසික සතුටකුත් නැ දුකකුත් නැ, දැන් මෙතන තියෙන දුක මොකක්ද?
මම ඉස්සෙල්ලත් කිව්වනෙ මහත්තය රහතන් වහන්සේ කියල ගත්තෙ කතාකිරීමේ පහසුවට කියල. ඔබතුමාගෙ view එක හරි කියන්න මෙහෙම cheap arguments ගෙනෙන්න ඕනි නැහැ මහත්තය. මට ඔබතුමාගෙ view හරි වත් වැරදිවත් කියන්න ඕනි නැහැ මට ඕනි ඒක නිකං බැහැර කරන්න හෝ පිළිගන්න කරන්න කලින් හරියට දැනගන්න. මම හිතන්නේ ඔබතුමාට පිංසිද්ධ වෙන්න මම ඒක කරගත්ත කියල. ඔබතුමා කියනව මම මගෙ view එක defend කරනව කියල. එහෙම දෙයක් නැහැ මහත්තය, මම ඉස්සෙල්ල කිව්ව වගේ පිළිගත හැකි සාක්ෂි තිබුනනම් ඔබතුමාගෙ view එක පිළිගන්න පැකිලෙන්නෙ නැහැ.
නැ මහත්තය, චීප් අර්ගුමෙන්ට් ගේන්නෙ නැ...ඔබතුමා, සම්මුති වශයෙන් රහතන් වහන්සෙ කියල කතා කරන එක ගැන නෙවේ කියන්නෙ..ඔබතුමාගේ වීව් එකේ රහතන් වහන්සෙගෙ ස්වාබවය හරියට එක්ස්ප්ලේන් කරගන්න බැ කියල කිව්වෙ...
ඔව් reference හොයල දාන්නම් මහත්තය. මගෙ notes වල බලන්න ඕනි. මටත් මේක අයෙත් හොයාගන්න ඕනි.
හොඳමයි මහත්තය , ඔබතුමා කියනවා:
- සොවාන් වෙන්න සතිපට්ටනය ඔනිමයි කියලා, ඒකෙදී ප්‍රඥාවෙන් සිත් සහ චෛතසික බැලීම තියනව.
- කලින් ඔබතුමා කිව්වා "ප්‍රඥාවෙන් සිත් සහ චෛතසික බලන එක. මාර්ග පල ලාබියෙකුට ඇරෙන්න කරන්න බැ"
එතකොට මහත්තය සොවාන් වීම ඔබතුමාගේ view එක අනුව අතාත්විකයි නේද?
නැ මහත්තය, මෙතන කිසි අවුලක් නැ..සතිපට්ටානය කියන්නෙ ඉන්ස්ටන්ට් දෙයක් නෙවේනෙ...ක්‍රමානුකුලව වදන දෙයක්..මට ප්‍රැක්ටිකල් එක්ස්පිරියන්ස් නැති නිසා තේරුම් ගත්ත විදිහ කියන්නම්..
පටන්ගත්ත ගමන්ම, ඔය කියපු දර්මතා බලන්නෙ නැ..එහෙම හැකියාවකුත් නැ...කායනු පස්සනාව පටන්ගෙන ඉදිරියට එනකොට සමාදිය, කොන්සන්ට්‍රේශන් සමග, ප්‍රජ්නාව වැඩෙන්නෙ...මේක වෙන්නෙ බොජ්ජන්ග සමග..ඔය කියපු දර්මතවය අල්ලගන්න පුලුවන් ගානට වැඩුන සිත තමයි, මාර්ග සිත. ඊට පස්සෙ සිත තමයි පල සිත...ඔය සිත් දෙකෙම ප්‍රජ්නාව තියෙනව..ඔය දෙකෙන් එකක ඔය කියන දර්මතාවය දකිනව..(මතක නැ මොකේද කියල, පල එකේ වෙන්න ඇති ). පල සිත් නිර්වාන දාතුව ස්පර්ශ කරනව කියනව...එ කියන්නෙ, මොහොතක අරහත් අවස්තාව..එකෙන් ගෝත්‍රබු සිතක් (නම චෙක් කරන්න ) සිතක් ඇවිල්ල වින්නන ලින්ක් එක වෙනස් වෙනව...ඕක තව දුරට හිගිල්ල ඕනෙ නම් එක්ස්පේල්න් කරන්න පුලුවන් අයි අපායෙ යන්නෙ නැත්තේ අරව මේව...වැඩිය මතක නැ..
edit: here is more about cittas:
“මහණෙනි, භික්ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේදයත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සරාග (අටවැදෑරුම් ලෝභ සහගත) සිත හෝ රාගසහිත සිතයයි දැනගනී. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවදෑරුම් දොසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදොස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම්) මෝහමූලවූ හෝ දොළොස් අකුසල්වූ) සිත හෝ සමොහ සිතයයි දැනගනී. වීතමොහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීත මෝහ සිතයයි දැනගනී. සංඛිත්ත (ථීනමිද්ධයන් - චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුණ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී. වික්ඛිත්ත (උද්ධච්චය - සිතේ විසිරයාම - හා යෙදුණ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමහග්ගත සිතයයි දැන ගනී. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි. දැනගනී. සමාහිත (අපර්ණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී. අසමාහිත (අර්පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිත සිතයයි දැනගනී. විමුක්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුක්ත සිතයයි දැනගනී, අවිමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත හෝ අවිමුත්ත සිතයයි දැන ගනී.)