එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔය චිත්ත බැලීම නෙමෙයි නෙ මහත්තය ඔය සිතිවිලි analyse කිරීමනෙ. ඔබතුමා කලින් කිව්වෙ සිත් සහ ඒවායේ චෛතසික බලනව කියලනෙ. මට එහෙම කිව්වහම එන අදහස තමයි සිතිවිලි වල තියෙන සිත් (පටිච්චසමුප්පාද චක්‍ර) එකින් එක අරගෙන ඒවායේ චෛතසික (qualities/ගති) හඳුනා ගන්නව කියන එක. ඕක කරන්න පුළුවන් වැඩක්ද?

    බැලීම බැලීමක්ද, ඇනලයිස් එකක්ද වෙන්නෙ කියල තීරනය වෙන්නෙ බලන විදිහ අනුව තමයි...ඔතන ඇනලයිස් කියන එක වැඩිය ගැලපෙන්නෙ නැ කියන එක මගේ හැගීම..ඔබතුමා සිත්ක් සහ සිතුවිල්ලක් කියන දෙක කොහොමද වෙනස දකින්නෙ...ඔබතුම "සිතුවිල්ලක්" කියන්නෙ මොන අරුතෙන්ද කියන එක පැහදිලි මදි මට

    ඇයි මහත්තය වේදනා චෛතසිකයෙන් පුලුවන්නෙ ඇතිවුන සිතිවිල්ලක ගතිය මොකක්ද කියල අඳුරගන්න. ඒක වීරිය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන් .... ඕනෑම චෛතසිකයක් වෙන්න පුළුවන්. ඔබතුමාට එහම දැනෙන්නෙ නැද්ද? එහෙම දැනුනට පස්සේ එක ආපස්සට analyse කලහම එතන අවිද්‍යාව මොකක්ද, තෘෂ්ණාව මොකක්ද කියල හොයන්න පුළුවන්නෙ මහත්තය. මේක තමයි verify කිරීමමත් කියල මම කලිනුත් කිව්වෙ. ඒක ඔබතුමාගෙ view එකට ගැලපෙන්නේ නැති එක මෙගෙ ප්‍රෂ්නයක් නෙමෙයිනෙ මහත්තය.

    මගේ වීව් එකට නොගැලපුනාට නම් කමක් නැහ මහත්තය..දර්මයට ගැලපෙනවද කියල පොඩ්ඩක් බලමු..

    ඔතන වේදනා කියන චයිතසිකයට කියන්න පුලුවන් අදාල අරමුන, සුව, දුක, නොදුක් සුව කියන ප්‍රොපෙර්ටීස් තුන විතරයිනෙ..

    දැන් ඔබතුමාට ඇති වුන සිත් දෙකේම (එකක ද්වෙශය, අනිකෙ වීරිය ) වේදනාව දුක කියල හිතන්න..දැන් ඔබතුමාට දැනෙන්නෙ කොහොමද එක සිතක් ද්වේශය සහිතයි අනිත් එක වීරිය සහිතයි කියල වේදනා චයිතසිකය බලල? ඔබතුමාට ඔය දෙකෙන්ම දැකෙන්නෙ දුක විතරයි

    තියනවා මහත්තය, ඔබතුමන්ලා ඔය විදිහට ගත්තේ නැත්නම් ඔය view එකේ පැවැත්මක් නැහැ, මොකද කොහොම කැරකිල ආවත් අන්තිමට අර දේව වාදී ආගම් වගෙ දන්නෙ නැති, verify කරන්න බැරි විශ්වාසයකින් ඔය view එකේ අවසාන ඵලය නවතිනව. නමුත් මහත්තය මගේ view එක ඔහොම එකක් නෙමෙයි, මේකෙ මටනම් ප්‍රයෝගික දහමක්. සතර සතිපට්ඨානය වඩන හැම විටම දහම verfy වීම සහ අවබෝධය ඇතිවීම තමයි වෙන්නෙ

    1. ඔබතුමා ඔය උදාහරනයට කියන්න තියෙන වෙන ප්‍රැක්ටිකල් ඔප්ශන් එක මොකක්ද කියල

    2. ඔබතුමා කොහොමද දන්නෙ, නිවනක් තියෙනව (සම්මුති ) කියල? ඔබතුමා කොහොමද දන්නෙ ඔය සතිපට්ටනයෙන්, ප්‍රජ්නාව වැඩෙනව කියල, සප්ත බොජ්ජන්ග වැඩිල මග පල ලැබෙනව කියල, වින්නාන සන්තතිය වෙනස් වෙනව කියල?

    මම දන්නෙ නැහැ ඇයි ඔබතුමාට එකිනෙකට වෙනස් දේවල් හැඟෙන්නෙ කියල නමුත් මම හැමවිටම කියන්නේ ඔය උඩ කියල තියෙන ටිකමයි කියල.
    ඔතන මහත්තය ඔය බල්ල බලන්නත් කලින් තමයි දුක ඇතිවුනේ, ඔය අපිට බල්ලෙක් කියල විද්‍යමාන වෙන සංස්කාර ගුලියට තමන් ඉන්නව කියන හැගීම ඇතිවුනා කියන්නෙම දුක ඇතිවුණා කියන එක. මේ වේදනා චෛතසික දුකක් නෙමෙයි කියල ඔබතුමාට පැහැදිලියිනෙ? මගෙ view එකේ හැටියට මේ පටිච්චසමුප්පන්නව ජාතිය ඇතිවීම. දැන් මේ ජාතිය ජරා, මරණ.... වලට භාජනය වෙනවා හෝ වෙන්න පුළුවන් කියන එක අපි අත්දැකීමෙන් දන්නවා, මේ අර්ථයෙන් තමයි දුකයි කියන්නෙ. දැන් ඔබතුමා කියයි ඕක පටිච්චසමුප්පන්නව බලන්න බැහැ කියල, ඔව් සිත් මට්ටමෙන් මේක බැහැ තමයි නමුත් සිතිවිලි මට්ටමෙන් බැරි කමක් නැහැ.... මොකද සිතිවිලි හැදිලා තියෙන්නෙ සිත් වලින්නෙ. එහෙනම් සිත් වල ගති සිතුවිලි inherit කරන්න ඕනි.

    මහත්තය, අපේ වීව් එක නෙවේ අහන්නෙ....බල්ලගෙ ෆ්‍රේම් එකෙන්, බල්ල කන්නඩියෙන් දකින බල්ලට පිලිබද කිසිම දැනෙන කයික මානසික දුකක් නැතිනම්, බල්ලගේ ෆ්‍රේම් එකේ දුක මොකක්ද කියල අහන්නෙ...

    ඔන්න ඕක තමයි මහත්තය අවුල, ඔබතුමන්ල ජාතිය ක්ෂ්‍යවූ අවස්ථාව රහත් බව කියල ගන්නෙ නැතුව වෙන වෙන දේවල් රහත් බව කියල හිතාගෙන ඉන්නව. ඔය වගේ එක එක මට්ටම් වලින් රහත්බව කියන්න අපිට බැහැ මහත්තය, තියෙන definition එකෙන් ගත්තහම ඉවරයි. රහතන් වහන්සේට duality තියනව නෙමෙයි මහත්තය කිව්වෙ, ස්කන්ධ පරිනිර්වාණය දක්වා, රහතන් වහන්සේ කියල යමක් මේ ලෝකයේ විද්‍යමාන වෙනවද, ඒ දෙය අවයාකෘත ධර්මයන් හරහා කර්ම විපාක වලට යටයි කියන එක මම කිව්වෙ.

    අයෙත්, මෙතන මම ගන්න දෙයක් නෙවේ කියන්නෙ...ඔබතුමාම කියපු දේවල් කීපයක සම්බන්දතාවය අහන්නෙ...ඔබතුමා කලින් කිව්වනෙ, ස්කන්ද පරිනිර්වානය වෙනකල් එක්සිස්ටන්ස් එකක් තියෙනව කියල...

    එහෙනම් ඔබතුමා කිව්වේ සෝවාන් වෙන්න කායානුපස්සනාව වඩනව කියල?

    මේක හරි
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බැලීම බැලීමක්ද, ඇනලයිස් එකක්ද වෙන්නෙ කියල තීරනය වෙන්නෙ බලන විදිහ අනුව තමයි...ඔතන ඇනලයිස් කියන එක වැඩිය ගැලපෙන්නෙ නැ කියන එක මගේ හැගීම..ඔබතුමා සිත්ක් සහ සිතුවිල්ලක් කියන දෙක කොහොමද වෙනස දකින්නෙ...ඔබතුම "සිතුවිල්ලක්" කියන්නෙ මොන අරුතෙන්ද කියන එක පැහදිලි මදි මට
    මෙතැනදී සිතක් කියන්නෙ මහත්තය පටිච්චසමුප්පාද චක්‍ර 1ක්
    සිතිවිල්ලක් කියන්නේ අපිට දැනෙන ඉහත සිත් විශාල සංක්‍යාවක එකතුවක්. (ex: රාග සිතුවිල්ලක්, ද්වේශ සිතුවිල්ලක්...)

    මගේ වීව් එකට නොගැලපුනාට නම් කමක් නැහ මහත්තය..දර්මයට ගැලපෙනවද කියල පොඩ්ඩක් බලමු..

    ඔතන වේදනා කියන චයිතසිකයට කියන්න පුලුවන් අදාල අරමුන, සුව, දුක, නොදුක් සුව කියන ප්‍රොපෙර්ටීස් තුන විතරයිනෙ..

    දැන් ඔබතුමාට ඇති වුන සිත් දෙකේම (එකක ද්වෙශය, අනිකෙ වීරිය ) වේදනාව දුක කියල හිතන්න..දැන් ඔබතුමාට දැනෙන්නෙ කොහොමද එක සිතක් ද්වේශය සහිතයි අනිත් එක වීරිය සහිතයි කියල වේදනා චයිතසිකය බලල? ඔබතුමාට ඔය දෙකෙන්ම දැකෙන්නෙ දුක විතරයි
    මෙන්න මහත්තය ඔබතුමන්ලට වැරදුන තව තැනක්. දැන් මෙතන ඔය කියන ගති මොකෙන්ද බලන්න කියන්නෙ? මේ වේදනා චයිතසිකය බලල නිකන් ඉන්නද කිව්වෙ මහත්තය? වේදනා චෛතසිකය මෙතන carieer එක විතරයිනෙ. මතකද බලන්නකො මෙන්න මෙහෙම එකක් "නුවණින් බලන සුලු ව වාසය කෙරේ"

    මෙන්න මෙතන අහනවනම් ප්‍රශ්න:
    • මෙතන නුවණ කියන්නේ මොකක්ද?
    • කොහොමද මෙතන carieer ගෙන් message එක වෙන් කරගන්නේ?
    • නුවණින් මේ message එක බලන්නෙ කොහොමද?
    • ඇයි නුවණින් මේ message එක බලන්නේ?

    1. ඔබතුමා ඔය උදාහරනයට කියන්න තියෙන වෙන ප්‍රැක්ටිකල් ඔප්ශන් එක මොකක්ද කියල

    2. ඔබතුමා කොහොමද දන්නෙ, නිවනක් තියෙනව (සම්මුති ) කියල? ඔබතුමා කොහොමද දන්නෙ ඔය සතිපට්ටනයෙන්, ප්‍රජ්නාව වැඩෙනව කියල, සප්ත බොජ්ජන්ග වැඩිල මග පල ලැබෙනව කියල, වින්නාන සන්තතිය වෙනස් වෙනව කියල?

    Practical option එක තමයි ආර්‍ය අෂ්ටාංගික මාර්ගය (සතර සතිපට්ඨානය)

    මහත්තය ඔහොමද අපිට බුදු හාමුදුරුවො මේ ධර්මය අල්ලගන්න කිව්වේ? ඔබතුමා ඔය අහන්නේ දෙවියන් ඉන්නවද? ස්වර්ගය තියනවද? වගෙ දෙයක් නෙ, මටනම් නිවන කියල එකක් තිබුනත් එකයි නැතත් එකයි, මග පල ලැබුනත් එකයි නැතත් එකයි... යමකින් රාගය දුරුවෙනවද, යමකින් ද්වේශය දුරුවෙනවද, යමකින් මෝහය දුරුවෙනවද, ඒ දෙය මට ඇති... මේක measurable, verifiable and practical.

    මහත්තය, අපේ වීව් එක නෙවේ අහන්නෙ....බල්ලගෙ ෆ්‍රේම් එකෙන්, බල්ල කන්නඩියෙන් දකින බල්ලට පිලිබද කිසිම දැනෙන කයික මානසික දුකක් නැතිනම්, බල්ලගේ ෆ්‍රේම් එකේ දුක මොකක්ද කියල අහන්නෙ...

    ඒ බල්ලට මහත්තය ඌ කියල අනිත් දේවල් වලින් වෙන් වෙච්ච, දැඩිව බැඳුනු entity එකක් define වෙන්නෙ නැද්ද? අන්න ඒ මානසික entity එක කයික මානසික දුකට ප්‍රත්‍ය වෙන්නෙ නැද්ද?

    අයෙත්, මෙතන මම ගන්න දෙයක් නෙවේ කියන්නෙ...ඔබතුමාම කියපු දේවල් කීපයක සම්බන්දතාවය අහන්නෙ...ඔබතුමා කලින් කිව්වනෙ, ස්කන්ද පරිනිර්වානය වෙනකල් එක්සිස්ටන්ස් එකක් තියෙනව කියල...
    ස්කන්ධ පරිනිර්වාණය දක්වා සම්මුතිමය existance එකක් තියනවනෙ මහත්තය? ඒකෙ ප්‍රශ්නය මොකක්ද?

    මේක හරි
    ඉතිං කායානුපස්සනාව සතර සතිපට්ඨානයට අයිතියිනෙ මහත්තය.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මෙතැනදී සිතක් කියන්නෙ මහත්තය පටිච්චසමුප්පාද චක්‍ර 1ක්
    සිතිවිල්ලක් කියන්නේ අපිට දැනෙන ඉහත සිත් විශාල සංක්‍යාවක එකතුවක්. (ex: රාග සිතුවිල්ලක්, ද්වේශ සිතුවිල්ලක්...)

    මෙන්න මහත්තය ඔබතුමන්ලට වැරදුන තව තැනක්. දැන් මෙතන ඔය කියන ගති මොකෙන්ද බලන්න කියන්නෙ? මේ වේදනා චයිතසිකය බලල නිකන් ඉන්නද කිව්වෙ මහත්තය? වේදනා චෛතසිකය මෙතන carieer එක විතරයිනෙ. මතකද බලන්නකො මෙන්න මෙහෙම එකක් "නුවණින් බලන සුලු ව වාසය කෙරේ"

    මෙන්න මෙතන අහනවනම් ප්‍රශ්න:
    • මෙතන නුවණ කියන්නේ මොකක්ද?
    • කොහොමද මෙතන carieer ගෙන් message එක වෙන් කරගන්නේ?
    • නුවණින් මේ message එක බලන්නෙ කොහොමද?
    • ඇයි නුවණින් මේ message එක බලන්නේ?

    "ඇයි මහත්තය වේදනා චෛතසිකයෙන් පුලුවන්නෙ ඇතිවුන සිතිවිල්ලක ගතිය මොකක්ද කියල අඳුරගන්න. ඒක වීරිය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන් .... ඕනෑම චෛතසිකයක් වෙන්න පුළුවන්. ඔබතුමාට එහම දැනෙන්නෙ නැද්ද?"

    මෙක මට දැනෙන්නෙ නැ...ඔබතුමාට කොහොම්ද දැන්නෙන්නෙ...වේදනා චයිත්සිකයෙන් පුලුවන් කියලනෙ කියල තියෙන්නෙ?... කියන්න බලන්න ඔබතුමාට, ඔය කිව්ව වීර්ය සිතක්, දීවෙශ සිතක් කියල දැනෙන්නෙ කියල...

    වේදනාව කැරියර් එකක් කියන්නෙ මොකක්ද?

    ඔබතුමා, කලින් එකක් කියල, දැන් වෙන එකක් කියනව කියල හිතෙනව..කමක් නැ මගේ වැරද්දක් වෙන්න ඇති...ඔබතුමා කියන්නකො අහපු දෙය

    Practical option එක තමයි ආර්‍ය අෂ්ටාංගික මාර්ගය (සතර සතිපට්ඨානය)

    මහත්තය, අහුවෙ, අර ප්‍රායොගික එක්සාම්පල් එක..කඩවතට යන එක...දීපු ඔප්ශන් වලින් අරෙන්න වෙන ඔප්ශන් එක මොකක්ද කියල

    මහත්තය ඔහොමද අපිට බුදු හාමුදුරුවො මේ ධර්මය අල්ලගන්න කිව්වේ? ඔබතුමා ඔය අහන්නේ දෙවියන් ඉන්නවද? ස්වර්ගය තියනවද? වගෙ දෙයක් නෙ, මටනම් නිවන කියල එකක් තිබුනත් එකයි නැතත් එකයි, මග පල ලැබුනත් එකයි නැතත් එකයි... යමකින් රාගය දුරුවෙනවද, යමකින් ද්වේශය දුරුවෙනවද, යමකින් මෝහය දුරුවෙනවද, ඒ දෙය මට ඇති... මේක measurable, verifiable and practical.

    මහත්තය, රාගය ද්වේශය නම් හින්ඩුයිසම් වල ලස්සනට ලේසියෙන් දුරු කරන විදිහ කියනව...ඔබතුමා කොහොමද සතිපට්ටනයෙන් මෝහය අඩු වෙනවද දන්නේ? මෝහය කියල දෙයක් මේ ලෝකෙ තියෙනව කියල කොහොමද දන්නෙ?

    ඒ බල්ලට මහත්තය ඌ කියල අනිත් දේවල් වලින් වෙන් වෙච්ච, දැඩිව බැඳුනු entity එකක් define වෙන්නෙ නැද්ද? අන්න ඒ මානසික entity එක කයික මානසික දුකට ප්‍රත්‍ය වෙන්නෙ නැද්ද?

    නැහනෙ මහත්තය..මේ බල්ලට අර කන්නඩියෙන් දකින එකා ගැන කිසිම ගානක් නැ...ඌට ඌ හිටියත් එකයි, නැතත් එකයි...ඌ දැන් පැය දෙකකට වැඩිඅ හිටිය, කිසිම මනසික, කායික දුකක් නැ...එතකොට මගත්තය..ඔය පැය දෙකේ කිසිම දුකක් නැද්ද? නැතිනම් මොනවද තියෙන දුක?

    ස්කන්ධ පරිනිර්වාණය දක්වා සම්මුතිමය existance එකක් තියනවනෙ මහත්තය? ඒකෙ ප්‍රශ්නය මොකක්ද?

    මට නම් ප්‍රශ්නයක් නැ ඔබතුමා වෙලාවෙන් වෙලාවට කියපු එවගෙ තමයි ප්‍රශ්න තියෙන්නෙ

    "මෙතන මම නම් ප්‍රශනයක් දකින්නෙ නැහැ මහත්තය මොකද ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ කෙලෙස් පරිනිර්වාණය පමණයි කරල තිබුනේ, නිවන සම්පූර්ණ වෙන්නේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පස්සෙනෙ මහත්තය, ඉතින් අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මගින් ඔය ද්වතාවය ඇතිකරල දෙනව ස්කන්ධ පරිනිර්වාණය වෙනකං."

    "එහෙනම් එකෙන් උපාදාන ස්කන්ධයක් හැදෙන්න විදියක් නැහැනෙ, හැබැයි භව තියනව ඒ කියන්නේ ද්වතාවය ඇතිවෙනව"

    "මගෙ intepritation එකේ හැටියට දිවිතාවයක් ඇතිවෙනව නමුත්, අවිද්‍යාව නැති නිසා මම, මගේ කියන හැගීම නැහැ."

    "ද්වතාවයෙන් සම්පූරනයෙන් මිදෙන්න ස්කන්ධ පරිනිර්වාණය වෙන්න ඕනිනෙ මහත්තය."

    ඉතිං කායානුපස්සනාව සතර සතිපට්ඨානයට අයිතියිනෙ මහත්තය.

    අනිවාර්යයෙන් හැබයි කොටසයි..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "ඇයි මහත්තය වේදනා චෛතසිකයෙන් පුලුවන්නෙ ඇතිවුන සිතිවිල්ලක ගතිය මොකක්ද කියල අඳුරගන්න. ඒක වීරිය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන් .... ඕනෑම චෛතසිකයක් වෙන්න පුළුවන්. ඔබතුමාට එහම දැනෙන්නෙ නැද්ද?"

    මෙක මට දැනෙන්නෙ නැ...ඔබතුමාට කොහොම්ද දැන්නෙන්නෙ...වේදනා චයිත්සිකයෙන් පුලුවන් කියලනෙ කියල තියෙන්නෙ?... කියන්න බලන්න ඔබතුමාට, ඔය කිව්ව වීර්ය සිතක්, දීවෙශ සිතක් කියල දැනෙන්නෙ කියල...

    වේදනාව කැරියර් එකක් කියන්නෙ මොකක්ද?

    ඔබතුමා, කලින් එකක් කියල, දැන් වෙන එකක් කියනව කියල හිතෙනව..කමක් නැ මගේ වැරද්දක් වෙන්න ඇති...ඔබතුමා කියන්නකො අහපු දෙය
    ඔබතුමාට වැටහෙන්නෙ නැද්ද ඕනෑම හැගීමක් හිතට එනකොට ඒකෙ වේදනා චෛතසිකය තියෙනව කියල? අපි ලෞකික උදාහරණයක් ගනිමුකෝ, ඔබතුමා විභාගයකට පාඩම් කරනව... මෙහෙම පාඩම් කරමින් ඉන්න ඔබතුමා නින්ද නොයා සිටීමට උත්සහ කරනව. දැන් ඔබතුමාට එන මානසික දුක්ඛ වේදනාව මොකක්ද? ඒ වේදනාව සමග තියෙන අනික් චෛතසික මොනවද? මෙතන ඔබතුමාට අපි ලෞකික වශයෙන් ගන්න වීර්ය චෛතසිකය අහුවෙන්නෙ නැද්ද?
    (p.s. ලොකොත්තර වශයෙන් ගන්න වීර්ය චෛතසිකය මීට වඩා වෙනස් නමුත් ඒක මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ මහත්තය.)

    මොකක්ද මම කලින් කිව්ව එකට තියෙන වෙනස මහත්තය, ඔබතුමා පෙන්නුවොත් පැහැදිලි කරල දෙන්නම්.

    මහත්තය, අහුවෙ, අර ප්‍රායොගික එක්සාම්පල් එක..කඩවතට යන එක...දීපු ඔප්ශන් වලින් අරෙන්න වෙන ඔප්ශන් එක මොකක්ද කියල
    මෙහෙමනෙ මහත්තය ඔබතුමාට කඩවත පෙන්නපු කෙනා ඔබතුමාට කිව්වේ මෙන්න මෙහෙම කඩවත කියල ශෝක් තැනක් තියෙනව එකට මෙන්න මේ පාරේ යන්න කියලනෙ. ඒ පාරේ ඔබතුමා දන්නෙ නැති වංගු, තුන්මං හන්දි තියෙන්න පුළුවන්. ඔබතුමා ඒ කෙනාව විශ්වාස කරලා ගමනක් පටන්ගන්නව

    මට කඩවතට යන්න පාර පෙන්නපු කෙනා කෙලින් පාරක් පෙන්නුවෙ, ඒ පාරේ මුලට ගියහම කඩවත පෙනෙනව, කඩවතට ලං වෙන්න ලං වෙන්න කඩවත ශෝක් කියලත් පෙනෙනව. යන්න පටන්ගන්නත් කලින් දන්නව පාර හරි කියල. ඉතිං වෙන options මොකටද මහත්තය?

    මහත්තය, රාගය ද්වේශය නම් හින්ඩුයිසම් වල ලස්සනට ලේසියෙන් දුරු කරන විදිහ කියනව...ඔබතුමා කොහොමද සතිපට්ටනයෙන් මෝහය අඩු වෙනවද දන්නේ? මෝහය කියල දෙයක් මේ ලෝකෙ තියෙනව කියල කොහොමද දන්නෙ?
    ඔව් තියෙනව මහත්තය නමුත් රාගය ද්වේශයදුරු කිරීම එකක්, නිරෝධය තව එකක්නෙ මහත්තය. සතිපට්ඨානයෙන් මෝහය අඩුවෙන්න ඒක ලොකොත්තරව වඩන්න ඕනිනෙ මහත්තය, නිකං සිතිවිලි වල චෛතසික බැලුවට මේක වෙන්නෙ නැහැ, ඒවා ත්‍රිලක්ෂණය තුලින් බලන්න ඕනි. ත්‍රිලක්ෂණය මොකක්ද කියල ඔබතුමා හරියට දන්නව නම් සතිපට්ඨානයෙන් මෝහය නිරෝධ වෙන්ව කියන්න වෙන proof ඕනි නැහැ - මෝහය දුරු වීම නෙමෙයි මේ කියන්නෙ මෝහ නිරෝධය.

    නැහනෙ මහත්තය..මේ බල්ලට අර කන්නඩියෙන් දකින එකා ගැන කිසිම ගානක් නැ...ඌට ඌ හිටියත් එකයි, නැතත් එකයි...ඌ දැන් පැය දෙකකට වැඩිඅ හිටිය, කිසිම මනසික, කායික දුකක් නැ...එතකොට මගත්තය..ඔය පැය දෙකේ කිසිම දුකක් නැද්ද? නැතිනම් මොනවද තියෙන දුක?
    ඔය පැය දෙක තිස්සෙ වේදනා වශයෙන් දැනෙන කිසිම දුකක් නැහැ නමුත් බල්ලට ඌ කියල අනිත් දේවල් වලින් වෙන් වෙච්ච දෙයක් හැඟෙනව නම් ඒ මෝහය (අවිද්‍යාව) නිසා, එහෙම නම් දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවයට අදාළ දේවල් එතන තියෙනව.

    මට නම් ප්‍රශ්නයක් නැ ඔබතුමා වෙලාවෙන් වෙලාවට කියපු එවගෙ තමයි ප්‍රශ්න තියෙන්නෙ

    "මෙතන මම නම් ප්‍රශනයක් දකින්නෙ නැහැ මහත්තය මොකද ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ කෙලෙස් පරිනිර්වාණය පමණයි කරල තිබුනේ, නිවන සම්පූර්ණ වෙන්නේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පස්සෙනෙ මහත්තය, ඉතින් අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මගින් ඔය ද්වතාවය ඇතිකරල දෙනව ස්කන්ධ පරිනිර්වාණය වෙනකං."

    "එහෙනම් එකෙන් උපාදාන ස්කන්ධයක් හැදෙන්න විදියක් නැහැනෙ, හැබැයි භව තියනව ඒ කියන්නේ ද්වතාවය ඇතිවෙනව"

    "මගෙ intepritation එකේ හැටියට දිවිතාවයක් ඇතිවෙනව නමුත්, අවිද්‍යාව නැති නිසා මම, මගේ කියන හැගීම නැහැ."

    "ද්වතාවයෙන් සම්පූරනයෙන් මිදෙන්න ස්කන්ධ පරිනිර්වාණය වෙන්න ඕනිනෙ මහත්තය."
    ඔව් මහත්තය ඔය statements ඔක්කොම මගෙ view එකේ හැටියට හරි. මේ සම්මුතිමය existance එකේ ස්වභාවයනේ. මේ කියන්නේ යම් ක්‍රියාවලියක් වෙනව, නමුත් මෙතන කොහෙත්ම අදහස් කරන්නෙ නැහැ රහතන් වහන්සේ කියල කෙනෙක් ඉන්නව එයට ඔහොම ද්වතාවයක් ඇතිවෙනව කියල.

    අනිවාර්යයෙන් හැබයි කොටසයි..

    මෙහෙම සතර සතිපට්ඨානයේ ලෞකික කොටසක් තියෙන්නේ කයානුපස්සනාවේ විතරද මහත්තය? ඒ කොටස වෙනම කොටසක්ද නැත්නම් එකම කයානුපස්සනාවේ වෙනම intepritation එකක්ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔබතුමාට වැටහෙන්නෙ නැද්ද ඕනෑම හැගීමක් හිතට එනකොට ඒකෙ වේදනා චෛතසිකය තියෙනව කියල? අපි ලෞකික උදාහරණයක් ගනිමුකෝ, ඔබතුමා විභාගයකට පාඩම් කරනව... මෙහෙම පාඩම් කරමින් ඉන්න ඔබතුමා නින්ද නොයා සිටීමට උත්සහ කරනව. දැන් ඔබතුමාට එන මානසික දුක්ඛ වේදනාව මොකක්ද? ඒ වේදනාව සමග තියෙන අනික් චෛතසික මොනවද? මෙතන ඔබතුමාට අපි ලෞකික වශයෙන් ගන්න වීර්ය චෛතසිකය අහුවෙන්නෙ නැද්ද?
    (p.s. ලොකොත්තර වශයෙන් ගන්න වීර්ය චෛතසිකය මීට වඩා වෙනස් නමුත් ඒක මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ මහත්තය.)

    මොකක්ද මම කලින් කිව්ව එකට තියෙන වෙනස මහත්තය, ඔබතුමා පෙන්නුවොත් පැහැදිලි කරල දෙන්නම්.

    ආ දැන් ලව්කික, ලෝකොත්තර වීරියකුත් තියෙනවද..මම දන්න විදිහට නම් එහෙම දෙකක් නැ..අනික අපි සති පට්ටානය තියෙන වීරිය ගැනනෙ කතාකරෙ.

    නැ මහත්තය, වේදනාව අහු වෙනව...එක්කො හොදයි, නතිනම්, හොද නැ..නෙතිනම් නියුට්‍රල්..පොත දිහා බලාගෙන පාඩම් කරනකොට..පාඩම අරමුන වෙයි, ඊට අදාල සිතෙ වේදනාව ගොඩක් වෙලාවට නියුට්‍රල් වෙය්. ඒක දැනෙනව...පාඩම බලනව කියලත් සන්නව දැනෙයි කියමුකො. දැන් ඔතන තියෙන, වීරිය නම් මට දැනෙන්නෙ නැ..ඔබතුමාට අහුවෙන්නෙ කොහොමද කියන්නකො?

    මෙහෙමනෙ මහත්තය ඔබතුමාට කඩවත පෙන්නපු කෙනා ඔබතුමාට කිව්වේ මෙන්න මෙහෙම කඩවත කියල ශෝක් තැනක් තියෙනව එකට මෙන්න මේ පාරේ යන්න කියලනෙ. ඒ පාරේ ඔබතුමා දන්නෙ නැති වංගු, තුන්මං හන්දි තියෙන්න පුළුවන්. ඔබතුමා ඒ කෙනාව විශ්වාස කරලා ගමනක් පටන්ගන්නව

    ඔව්නෙ මහත්තය...ඉතින් දන්න වන්ගු තියෙනව නම්...ඕක ඉතින් මම කලින් ගිහිල්ල තියෙන පාරක්නෙ....ඔබතුමා අලුත් පාරක යනකොට තියෙන ඔක්කොම වන්ගු දන්නවයි? :lol:

    මට කඩවතට යන්න පාර පෙන්නපු කෙනා කෙලින් පාරක් පෙන්නුවෙ, ඒ පාරේ මුලට ගියහම කඩවත පෙනෙනව, කඩවතට ලං වෙන්න ලං වෙන්න කඩවත ශෝක් කියලත් පෙනෙනව. යන්න පටන්ගන්නත් කලින් දන්නව පාර හරි කියල. ඉතිං වෙන options මොකටද මහත්තය?

    මහත්තය අයෙත්, එක්සාම්පල් එකත් මහත්තයගේ පැත්තට බෙන්ඩ් කරගෙන වගේ...ප්‍රායොගික උදාහරනයක්නෙ ඇහුවෙ..ඔබතුමා දන්නෙ නැති යන හැම පාරම කෙලින්ද? අනික, කෙලින් උනත් ඔච්චර දුර පේන්නෙ කොහොමද මහත්ටයො?...පිටේ තියෙන මල්ල බිමින් තියල ප්‍රායොගිකව උත්තර දෙන්න...ඔබතුමාගේ වී එකෙන් බෙන්ඩ් කරන්නෙ නැතුව..

    කඩවත පැත්තකින් තියෙන්නකො, දැන් යන්න ඕනෙ තිරිකුනාමලයට..දැන් ඔය පාරත් කෙලින්ද? :lol:

    ඔව් තියෙනව මහත්තය නමුත් රාගය ද්වේශයදුරු කිරීම එකක්, නිරෝධය තව එකක්නෙ මහත්තය. සතිපට්ඨානයෙන් මෝහය අඩුවෙන්න ඒක ලොකොත්තරව වඩන්න ඕනිනෙ මහත්තය, නිකං සිතිවිලි වල චෛතසික බැලුවට මේක වෙන්නෙ නැහැ, ඒවා ත්‍රිලක්ෂණය තුලින් බලන්න ඕනි. ත්‍රිලක්ෂණය මොකක්ද කියල ඔබතුමා හරියට දන්නව නම් සතිපට්ඨානයෙන් මෝහය නිරෝධ වෙන්ව කියන්න වෙන proof ඕනි නැහැ - මෝහය දුරු වීම නෙමෙයි මේ කියන්නෙ මෝහ නිරෝධය.

    අන්න හරි, ඔබතුමා ලව්කිකවනෙ දැන් ඕක වඩන්න පටන් ගන්නෙ...ඕක, ලෝකොත්තර වෙනව..ලෝකොත්තර උනාම මෝහය දුරු වෙනව කියල කොහොමද දැන් දන්නෙ? ත්‍රිලක්ශනය තුලින් එතකොත පේනවද කියල කොහොමද දන්නෙ ලෝකොත්තර උනාම

    ඔය පැය දෙක තිස්සෙ වේදනා වශයෙන් දැනෙන කිසිම දුකක් නැහැ නමුත් බල්ලට ඌ කියල අනිත් දේවල් වලින් වෙන් වෙච්ච දෙයක් හැඟෙනව නම් ඒ මෝහය (අවිද්‍යාව) නිසා, එහෙම නම් දුක්ඛ ආර්‍ය සත්‍ය කියන ධර්මතාවයට අදාළ දේවල් එතන තියෙනව.

    ඔබතුමා කියන විදිහට දුක්ක ආර්ය සත්ය කියන්නෙ දුකක් නෙවේ නෙ...ඉතින් ඔය බල්ලට, ඔය පැය දෙකේදි කිසිම දුකක් නැති ද එතකොට?

    ඔව් මහත්තය ඔය statements ඔක්කොම මගෙ view එකේ හැටියට හරි. මේ සම්මුතිමය existance එකේ ස්වභාවයනේ. මේ කියන්නේ යම් ක්‍රියාවලියක් වෙනව, නමුත් මෙතන කොහෙත්ම අදහස් කරන්නෙ නැහැ රහතන් වහන්සේ කියල කෙනෙක් ඉන්නව එයට ඔහොම ද්වතාවයක් ඇතිවෙනව කියල.

    ඔබතුමාට එක වලාවකට සම්මුති එක්සිසිටන්ස් එකකුයි, තවත් වෙලාවක අව්යාකෘත පටිච්ච සමුපාදයකින් දිවීතාවයක් හදල දෙන්නයි..ඔබතුමාට හරිනම් ඉතින් මට මොකෝ

    මෙහෙම සතර සතිපට්ඨානයේ ලෞකික කොටසක් තියෙන්නේ කයානුපස්සනාවේ විතරද මහත්තය? ඒ කොටස වෙනම කොටසක්ද නැත්නම් එකම කයානුපස්සනාවේ වෙනම intepritation එකක්ද?

    මහත්තය, සතිපාටානය ලව්කික වඩනව, ලෝකොත්තර වඩනව කියල එකක් නැ....එහෙම තියෙනව කිව්වොත්, මුලු සතිපට්ටනයම ලව්කිකව වඩන්න පුලුවන් වෙන්න එපැයි...ලව්කික පටන්න ගන්න සති පට්ටනය ලෝකෝත්තර දක්වා දිවෙනව..එකයි අදහස් කලේ..
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජාතක කතා මුල් බුද්ධ ධර්මයේ කොටස් නොවේ. (සුත්‍ර, වීනය )
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ආ දැන් ලව්කික, ලෝකොත්තර වීරියකුත් තියෙනවද..මම දන්න විදිහට නම් එහෙම දෙකක් නැ..අනික අපි සති පට්ටානය තියෙන වීරිය ගැනනෙ කතාකරෙ.

    නැ මහත්තය, වේදනාව අහු වෙනව...එක්කො හොදයි, නතිනම්, හොද නැ..නෙතිනම් නියුට්‍රල්..පොත දිහා බලාගෙන පාඩම් කරනකොට..පාඩම අරමුන වෙයි, ඊට අදාල සිතෙ වේදනාව ගොඩක් වෙලාවට නියුට්‍රල් වෙය්. ඒක දැනෙනව...පාඩම බලනව කියලත් සන්නව දැනෙයි කියමුකො. දැන් ඔතන තියෙන, වීරිය නම් මට දැනෙන්නෙ නැ..ඔබතුමාට අහුවෙන්නෙ කොහොමද කියන්නකො?
    නැතුව මහත්තය, ඔබතුමා කලින් දැක්කනෙ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට දේශනා කරල තිබුන... ඔව් විරිය තමයි කතා කලේ, ඒකෙ ආර්‍යවූ intepritation එකකුත් අනාර්‍යවූ intepritation එකකුත් තියෙනව. සතිපට්ඨානය දෙපරිදිව වඩන්නේ එහෙමයි

    ඔබතුමාට නිදිමත දැනෙනවා, ඒක යටපත් කරන කොට ඔබතුමාට දුක්ඛ වේදනාවක් නැද්ද? ඒ දුක්ඛ වේදනාව අතරතුර නිද්ද යටපත් කිරීමට කරන වීර්ය ඔබතුමාට මීටර් නැද්ද? මේක ඔය රේරුකානේ හමුදුරුවන්ගේ පොතේ තියෙනේ චෛතසික මිශ්‍රව යෙදෙන තැනකට හොඳ උදාහරණයක්. මෙතන අපි මේක අල්ලන්නේ නුවණින්, නැතුව වේදනාවෙන් නෙමෙයි මහත්තය.

    ඔව්නෙ මහත්තය...ඉතින් දන්න වන්ගු තියෙනව නම්...ඕක ඉතින් මම කලින් ගිහිල්ල තියෙන පාරක්නෙ....ඔබතුමා අලුත් පාරක යනකොට තියෙන ඔක්කොම වන්ගු දන්නවයි? :lol:
    අලුත් පාර කෙලින් නම්, destination එක පාරෙ මුලට ගියහම පෙනෙන්වනම්, මොන වංගුද මහත්තය?

    මහත්තය අයෙත්, එක්සාම්පල් එකත් මහත්තයගේ පැත්තට බෙන්ඩ් කරගෙන වගේ...ප්‍රායොගික උදාහරනයක්නෙ ඇහුවෙ..ඔබතුමා දන්නෙ නැති යන හැම පාරම කෙලින්ද? අනික, කෙලින් උනත් ඔච්චර දුර පේන්නෙ කොහොමද මහත්ටයො?...පිටේ තියෙන මල්ල බිමින් තියල ප්‍රායොගිකව උත්තර දෙන්න...ඔබතුමාගේ වී එකෙන් බෙන්ඩ් කරන්නෙ නැතුව..

    කඩවත පැත්තකින් තියෙන්නකො, දැන් යන්න ඕනෙ තිරිකුනාමලයට..දැන් ඔය පාරත් කෙලින්ද? :lol:
    මට තේරෙන්නෙ නැහැ ඔබතුමා මොකක්ද අහන්නෙ කියල, මට නම් කඩවතයි, තිරිකුනාමලයයි කියල දෙකක් නැහැ... එක්කෝ කඩවත, එක්කෝ තිරිකුනාමලය මොකට ගියත් පාර කෙලින් සහ destination එක පාරෙ මුලට ගියහම පෙනෙනව. එහෙම නැති පාරක යනවනම් මට guarantee එකක් තියෙන්න ඕනි destination එක ඇත්තටම තියෙනව කියල.

    ඔබතුමා මෙහෙම හිතන්නකො, ඔබතුමාට පොතක් හම්බවෙනව, එකේ තියනව වටිනා මැණික් ගලක් තියෙන තැනකට map එකක්. පොතේ තව ගොඩක් විස්තර තියෙනව, මැණිකේ වටිනාකම ගැන, මැණික ගත්ත අය ගැන, මැණික ගන්න යන පාරේ විස්තර වගෙ ගොඩක් දේවල්. හැබැයි map එක තියෙන්නෙ පරිමාණයට නෙමෙයි, පොතේ කියල තියෙන්නෙ map එකේ පරිමාණය සහ මග සලකුණු යන කෙනා අනුව වෙනස් වෙනව කියල... තව ගොඩක් අයත් ඔබතුමා වගේම මැණික හොයනව, සමහර අය මැණික හොයාගත්ත කියලත් කියනව හැබැයි පුදුමේ කියන්නේ එහෙම කියන අයටත් පුළුවන් මැණිකේ විස්තර කියන්න විතරයි... මැණික පෙන්නන්න බෑ. අනික ඒ කරන සමහර විස්තර එකිනෙකට වෙනස්
    දැන් ඔබතුමා නිකම්ම කද මලු බැඳගෙන මැණික් හොයන්න යන්න පිටත් වෙනවද?

    අන්න හරි, ඔබතුමා ලව්කිකවනෙ දැන් ඕක වඩන්න පටන් ගන්නෙ...ඕක, ලෝකොත්තර වෙනව..ලෝකොත්තර උනාම මෝහය දුරු වෙනව කියල කොහොමද දැන් දන්නෙ? ත්‍රිලක්ශනය තුලින් එතකොත පේනවද කියල කොහොමද දන්නෙ ලෝකොත්තර උනාම
    ඔබතුමා ත්‍රිලක්ෂණය කියන්නෙ මොකක්ද කියල හරියට දන්නවනම් මහත්තය, මේ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ.
    දැන් ඔබතුමා මට කියන්න එපා මෙතන ත්‍රිලක්ෂණ විග්‍රහයක් කරන්න කියල... ඒක මෙතන කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.

    ඔබතුමා දක්ෂයිනෙ දන්නෙ නැති පාරවල් වල යන්න, හොයාගන්නකො බලන්න වීර්ය analyze කලහම ප්‍රඥාව වැඩෙන ත්‍රිලක්ෂණ විග්‍රහයක් :D

    ඔබතුමා කියන විදිහට දුක්ක ආර්ය සත්ය කියන්නෙ දුකක් නෙවේ නෙ...ඉතින් ඔය බල්ලට, ඔය පැය දෙකේදි කිසිම දුකක් නැති ද එතකොට?
    ඌට ඔතන තියෙන්නෙ වේදනා ගෝචර උපේක්ෂාවක්. දුකක් නෙමෙයි. හැබැයි බල්ලට ඌ ඉන්නව කියල හැගෙන එක දැනෙන දුකට ප්‍රත්‍යක්. ඒක දුක්ඛ ආර්‍ය සත්‍යට අනුකූලයි, එහෙනම් දුකයි.

    ඔබතුමාට එක වලාවකට සම්මුති එක්සිසිටන්ස් එකකුයි, තවත් වෙලාවක අව්යාකෘත පටිච්ච සමුපාදයකින් දිවීතාවයක් හදල දෙන්නයි..ඔබතුමාට හරිනම් ඉතින් මට මොකෝ
    මහත්තය මම ඔහොම කිව්වෙ පොතේ තියෙන දේ logically අරගෙන. එකේ තියේනෙවනෙ අව්‍යාකෘත පටිච්චසම්මුප්පාදය ගැන සහ ඒකේ භව තියෙනව කියල. එහෙම නැත්නම් අර greenthunder මහත්තය කිව්ව වගෙ ඕක හරියට විස්තර කරන්න අපිට මානසිකත්වයක් නැහැ. මේ වගෙ වෙලාවල් වල හොඳම දේ තමුන්ට ගෝචර, කියල තියෙන දේ ගැනීම.

    මහත්තය, සතිපාටානය ලව්කික වඩනව, ලෝකොත්තර වඩනව කියල එකක් නැ....එහෙම තියෙනව කිව්වොත්, මුලු සතිපට්ටනයම ලව්කිකව වඩන්න පුලුවන් වෙන්න එපැයි...ලව්කික පටන්න ගන්න සති පට්ටනය ලෝකෝත්තර දක්වා දිවෙනව..එකයි අදහස් කලේ..
    හොඳමයි මහත්තය, මගෙ view එක මීට වඩා වෙනස්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ජාතක කතා මුල් බුද්ධ ධර්මයේ කොටස් නොවේ. (සුත්‍ර, වීනය )
    මම දන්නා හැටියට මේ පන්සිය පනස් ජාතක කතා කියන්නෙ ඛුද්ධක නිකායේ එන ජාතක කොටස උපයෝගී කරනගෙන පසුකාලීනව (නුවර/දඹදෙණි යුග) ප්‍රබන්ධ කල සාහිත්‍ය නිර්මාණ. මේ කතා වල ඔය dilann මහත්මය කියන විදියට අපි දන්නා දේවල් පමණක් තිබීමට හේතුව මේක. පැරණි සිංහල වල අපි මේ වගේ කතා හදුන්වන්නේ නෙයියර්ථ කතා කියලා (විරුද්ධ පදය නීතාර්ථ). ඒ කියන්නේ උඩින් යන රස කතාවක් ඇතුලේ ගැඹුරු සංකල්පයක් ගැබ් කරපු කතා.
    ඛුද්ධක නිකායේ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් උපමා, ව්‍යංග සහ ප්‍රස්ථා යොදාගෙන අපිට දෙන්න හදන්නේ දහම් ගැඹුරු සංකල්ප. මොකද එක් භවයක උන දෙයක් තවත් භවයක contextually විස්තර කරන්න බැරිවෙන්න පුළුවන් නමුත් සංකල්ප ගොඩක් වෙලාවට එහෙම නැහැනෙ. ඔය සංකල්ප තමයි අවබෝධයේ පහසුව සහ සාහිත්‍ය රසාස්වාදය සඳහා මේ නෙයියර්ථ සාහිත්‍ය කතා බවට පෙරලිලා තියෙන්නෙ.
    උදහරනයක් හැටියට අපි වෙස්සන්තර ජාතකයේ එන ඇස් දන්දීම ගත්තොත්, මේ කියන්නේ ඇස් ගලවල කාට හරි දෙන එකක් ගැන නමෙයි. මේ කියන්නේ නුවණැස දන්දීම ගැන.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    නැතුව මහත්තය, ඔබතුමා කලින් දැක්කනෙ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය දෙපරිදි කොට දේශනා කරල තිබුන... ඔව් විරිය තමයි කතා කලේ, ඒකෙ ආර්‍යවූ intepritation එකකුත් අනාර්‍යවූ intepritation එකකුත් තියෙනව. සතිපට්ඨානය දෙපරිදිව වඩන්නේ එහෙමයි

    මහත්තය, වීරිය චයිතසිකය කියල කියන්නෙ, පරමාර්ත් දර්මයක්...චිත්ත, චයිටසික, රූප, නිබ්බාන වලින් එකක්...තව ටික දවසක් යනකොට.. ලවුකික පන්චස්කන්දයකුයි, ලෝකොත්තට පන්චස්කන්දයක්යිත් එයි..

    ඔබතුමාට නිදිමත දැනෙනවා, ඒක යටපත් කරන කොට ඔබතුමාට දුක්ඛ වේදනාවක් නැද්ද? ඒ දුක්ඛ වේදනාව අතරතුර නිද්ද යටපත් කිරීමට කරන වීර්ය ඔබතුමාට මීටර් නැද්ද? මේක ඔය රේරුකානේ හමුදුරුවන්ගේ පොතේ තියෙනේ චෛතසික මිශ්‍රව යෙදෙන තැනකට හොඳ උදාහරණයක්. මෙතන අපි මේක අල්ලන්නේ නුවණින්, නැතුව වේදනාවෙන් නෙමෙයි මහත්තය.

    මම කිව්වනෙ මහත්තය, වේදනාව් අවුලක් නැ. හරි දැන් නින්ද යටපත් කරන්න හිතල එක එක දේවල් කරන්න පුලුවන් නෙ...අපි හිතමු, කකුල් දෙක සීතල වතුර එකේ දානව, දැන් වේදනා චයිටසිකය දුක කියල නම් දැනෙනව, සන්නාවත් කකුල් දෙක වතුරෙ දැම්ම කියල වෙයි..එතනින් එහාට, සන්නවයි, වේදනාවයි ගියාම ඔබතුමාට කොහොමද අහුවුනෙ ඔය සිතේ වීරිය තිබුන කියලා?

    "අපි මේක අල්ලන්නේ නුවණින්, නැතුව වේදනාවෙන් නෙමෙයි මහත්තය."

    "ඇයි මහත්තය වේදනා චෛතසිකයෙන් පුලුවන්නෙ ඇතිවුන සිතිවිල්ලක ගතිය මොකක්ද කියල අඳුරගන්න

    හරි මහත්තය, වේදනාව දැන් නුවන, කමක් නැ නුවනෙන් ඔබතුමාට දැනෙන හැටි කියන්නකො බලන්න

    "චෛතසික මිශ්‍රව යෙදෙන තැනකට හොඳ උදාහරණයක්" - මහත්තය, විහිලු කරනවද කොහොද...සැම තනි සිතක්ම ඇතිවෙනිනේ චයිතසික මිශ්‍රනයක් සමග තමයි..

    අලුත් පාර කෙලින් නම්, destination එක පාරෙ මුලට ගියහම පෙනෙන්වනම්, මොන වංගුද මහත්තය?

    මට තේරෙන්නෙ නැහැ ඔබතුමා මොකක්ද අහන්නෙ කියල, මට නම් කඩවතයි, තිරිකුනාමලයයි කියල දෙකක් නැහැ... එක්කෝ කඩවත, එක්කෝ තිරිකුනාමලය මොකට ගියත් පාර කෙලින් සහ destination එක පාරෙ මුලට ගියහම පෙනෙනව. එහෙම නැති පාරක යනවනම් මට guarantee එකක් තියෙන්න ඕනි destination එක ඇත්තටම තියෙනව කියල.

    හරි මහත්තය, අපි දෙන්නම දනන්වනේ, ඔය පාරවල් කෙලින් නැ කියල...කියන්නකො බලන්න ඔබතුමාට මොකකින්ද ප්‍රායොගිකව ඕක ගැරන්ට් වෙන්නෙ කියල?

    ඔබතුමා මෙහෙම හිතන්නකො, ඔබතුමාට පොතක් හම්බවෙනව, එකේ තියනව වටිනා මැණික් ගලක් තියෙන තැනකට map එකක්. පොතේ තව ගොඩක් විස්තර තියෙනව, මැණිකේ වටිනාකම ගැන, මැණික ගත්ත අය ගැන, මැණික ගන්න යන පාරේ විස්තර වගෙ ගොඩක් දේවල්. හැබැයි map එක තියෙන්නෙ පරිමාණයට නෙමෙයි, පොතේ කියල තියෙන්නෙ map එකේ පරිමාණය සහ මග සලකුණු යන කෙනා අනුව වෙනස් වෙනව කියල... තව ගොඩක් අයත් ඔබතුමා වගේම මැණික හොයනව, සමහර අය මැණික හොයාගත්ත කියලත් කියනව හැබැයි පුදුමේ කියන්නේ එහෙම කියන අයටත් පුළුවන් මැණිකේ විස්තර කියන්න විතරයි... මැණික පෙන්නන්න බෑ. අනික ඒ කරන සමහර විස්තර එකිනෙකට වෙනස්
    දැන් ඔබතුමා නිකම්ම කද මලු බැඳගෙන මැණික් හොයන්න යන්න පිටත් වෙනවද?

    හොද උදාහරනයක් මහත්තය...ඔබතුමා කොහොමද ඇත්තටම ඔය පොතේ කියන විදිහට මැනිකක් තියන්ව කියල කොන්ෆර්ම් කරගන්නෙ යන්න කලින්? කොන්ෆර්ම් කරන හැටි කියන්නකො, ඊට පස්සෙ මම යන විදිහ කියන්නම්

    ඔබතුමා ත්‍රිලක්ෂණය කියන්නෙ මොකක්ද කියල හරියට දන්නවනම් මහත්තය, මේ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ.
    දැන් ඔබතුමා මට කියන්න එපා මෙතන ත්‍රිලක්ෂණ විග්‍රහයක් කරන්න කියල... ඒක මෙතන කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.

    ඔබතුමා දක්ෂයිනෙ දන්නෙ නැති පාරවල් වල යන්න, හොයාගන්නකො බලන්න වීර්ය analyze කලහම ප්‍රඥාව වැඩෙන ත්‍රිලක්ෂණ විග්‍රහයක් :D

    ඔබතුමා, සන්ස්කාරයක ත්‍රිලක්ශනයක් තියෙනව කියල කොහොමද දන්නෙ මහත්තය?, සන්ස්කාරයක් කියල තියෙනව කියල කොහොමද දන්නෙ? මමනම් දන්නේ උදය-වැය/තිර්ලක්ශනය අහුවෙන්නෙ, මාර්ග පලා ලාබින්ට කියල විතරයි..

    ඌට ඔතන තියෙන්නෙ වේදනා ගෝචර උපේක්ෂාවක්. දුකක් නෙමෙයි. හැබැයි බල්ලට ඌ ඉන්නව කියල හැගෙන එක දැනෙන දුකට ප්‍රත්‍යක්. ඒක දුක්ඛ ආර්‍ය සත්‍යට අනුකූලයි, එහෙනම් දුකයි.

    ඉතින් මහත්තය කිව්වනෙ, දැනෙන දුකක් ඇති උනෙ නැ කියල...ඉතින් කොහොමද ප්‍රත්යක් වෙන්නෙ?

    මහත්තය මම ඔහොම කිව්වෙ පොතේ තියෙන දේ logically අරගෙන. එකේ තියේනෙවනෙ අව්‍යාකෘත පටිච්චසම්මුප්පාදය ගැන සහ ඒකේ භව තියෙනව කියල. එහෙම නැත්නම් අර greenthunder මහත්තය කිව්ව වගෙ ඕක හරියට විස්තර කරන්න අපිට මානසිකත්වයක් නැහැ. මේ වගෙ වෙලාවල් වල හොඳම දේ තමුන්ට ගෝචර, කියල තියෙන දේ ගැනීම.

    මේක මරු මහත්තය, වීව් එකට සෙට් වෙන්නෙ නැති උනාම අපිට මානසිකත්වයක් නැ...අපිට නෙවේ මහත්තය, ඔය වීව් එකට එක්ස්ප්ලේන් කරන්න බැ...ඔබතුමා කොහොමද දන්නෙ, අනිත් අයගෙ වීව් එකටත් ඕක විස්තර කරන්න බැරිද කියල..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, වීරිය චයිතසිකය කියල කියන්නෙ, පරමාර්ත් දර්මයක්...චිත්ත, චයිටසික, රූප, නිබ්බාන වලින් එකක්...තව ටික දවසක් යනකොට.. ලවුකික පන්චස්කන්දයකුයි, ලෝකොත්තට පන්චස්කන්දයක්යිත් එයි..
    මම ඒත් හිතුව ඇයි තාම මේක කිව්වෙ නැත්තෙ කියල :D
    එහෙමයි කියල මේවා නුවණින් බලන්න බැහැ කියල කොහෙද තියෙන්නෙ මහත්තය? මේ හැම චෛතසිකයකටම ගතියක් තියනව. මේ තියෙන්නෙ රේරුකානේ හමුදුවන්ගේ intepritation එක.
    Link
    මම නම් කියන්නෙ නැහැ පංචස්කන්ධය එහෙම දෙපරිදියි කියල කොහොමටවත්ම.

    මම කිව්වනෙ මහත්තය, වේදනාව් අවුලක් නැ. හරි දැන් නින්ද යටපත් කරන්න හිතල එක එක දේවල් කරන්න පුලුවන් නෙ...අපි හිතමු, කකුල් දෙක සීතල වතුර එකේ දානව, දැන් වේදනා චයිටසිකය දුක කියල නම් දැනෙනව, සන්නාවත් කකුල් දෙක වතුරෙ දැම්ම කියල වෙයි..එතනින් එහාට, සන්නවයි, වේදනාවයි ගියාම ඔබතුමාට කොහොමද අහුවුනෙ ඔය සිතේ වීරිය තිබුන කියලා?

    "අපි මේක අල්ලන්නේ නුවණින්, නැතුව වේදනාවෙන් නෙමෙයි මහත්තය."

    "ඇයි මහත්තය වේදනා චෛතසිකයෙන් පුලුවන්නෙ ඇතිවුන සිතිවිල්ලක ගතිය මොකක්ද කියල අඳුරගන්න

    හරි මහත්තය, වේදනාව දැන් නුවන, කමක් නැ නුවනෙන් ඔබතුමාට දැනෙන හැටි කියන්නකො බලන්න

    "චෛතසික මිශ්‍රව යෙදෙන තැනකට හොඳ උදාහරණයක්" - මහත්තය, විහිලු කරනවද කොහොද...සැම තනි සිතක්ම ඇතිවෙනිනේ චයිතසික මිශ්‍රනයක් සමග තමයි..
    මට හිතාගන්න බැරි ඇයි ඔබතුමාට මේක ප්‍රෙහෙලිකාවක් වෙලා තියෙන්නෙ ඇයි කියල, ඒ කියන්නේ ඔබතුමාට යමක් දැනෙනකොට ඒ වේදනාව analyze කරල ඊට සමගාමීව තියෙන ගතිය (හෝ ගති) බුද්ධිය මෙහෙයවල අඳුනගන්න බැහැ කියන එකද?? මටනම් ඇත්තටම පුදුමයි...

    වේදනා චෛතසිකයෙන් අඳුරගන්නව කිව්වෙ ඔන්න ඕක මහත්තය, මේක ලෞකිකව කලත් ලොකොත්තරව කලත් මේ ටික කරන්නම ඕනි. නැතුව වේදනාව අවහම නිකං බලං හිටියට වැඩක් නැහැ

    ඉතිං මහත්තය මාත් කියන්නේ චයිතසික මිශ්‍රනයක් ගැන තමයි. මේක පොතේ තියෙන දෙයක් නෙ.

    හරි මහත්තය, අපි දෙන්නම දනන්වනේ, ඔය පාරවල් කෙලින් නැ කියල...කියන්නකො බලන්න ඔබතුමාට මොකකින්ද ප්‍රායොගිකව ඕක ගැරන්ට් වෙන්නෙ කියල?

    හොද උදාහරනයක් මහත්තය...ඔබතුමා කොහොමද ඇත්තටම ඔය පොතේ කියන විදිහට මැනිකක් තියන්ව කියල කොන්ෆර්ම් කරගන්නෙ යන්න කලින්? කොන්ෆර්ම් කරන හැටි කියන්නකො, ඊට පස්සෙ මම යන විදිහ කියන්නම්
    මම නම් දන්න පාර කෙලින් :) මම කලින් කීප වතාවක්ම ඔබතුමාට පෙන්නුවෙ පටිච්ච්සමුප්පාදය අරගෙන ජීවිත් අත්දැකීම් inteprit කරන හැටි... ඒ මේකට මට තියෙන එක guarantee එකක්, ගති පැවතුම් වල වෙනස් කම් තව එකක්, ඉතිං ඕවා ප්‍රයෝගික මදිද? මටනම් හොඳටම ඇති මහත්තය.

    ඔබතුමා, සන්ස්කාරයක ත්‍රිලක්ශනයක් තියෙනව කියල කොහොමද දන්නෙ මහත්තය?, සන්ස්කාරයක් කියල තියෙනව කියල කොහොමද දන්නෙ? මමනම් දන්නේ උදය-වැය/තිර්ලක්ශනය අහුවෙන්නෙ, මාර්ග පලා ලාබින්ට කියල විතරයි..
    සංස්කාරයක් කියන්නෙත් මහත්තය පටිච්ච්සමුප්පන්න දෙයක්නෙ, ඉතිං තව මොන කතාද? ඔව් අවබෝධය තියෙන්නේ මාර්ග පල ලාභීන්ට. දැනුමක් හැටියටත් මේක කෙනෙක්ට තියෙන්න පුළුවන් මහත්තය.

    ඉතින් මහත්තය කිව්වනෙ, දැනෙන දුකක් ඇති උනෙ නැ කියල...ඉතින් කොහොමද ප්‍රත්යක් වෙන්නෙ?
    මෙතන ප්‍රත්‍ය කියන්නේ මහහ්තය් ප්‍රත්‍ය 24න් හේතු ප්‍රත්‍ය, ඉතිං හේතු වෙනෙව කියන එකනෙ කියන්නෙ. හේතුවෙන් දැනෙන දුක හටගත්ත කියන එක නෙමෙයිනෙ.
    මේක මරු මහත්තය, වීව් එකට සෙට් වෙන්නෙ නැති උනාම අපිට මානසිකත්වයක් නැ...අපිට නෙවේ මහත්තය, ඔය වීව් එකට එක්ස්ප්ලේන් කරන්න බැ...ඔබතුමා කොහොමද දන්නෙ, අනිත් අයගෙ වීව් එකටත් ඕක විස්තර කරන්න බැරිද කියල..

    හොඳමයි මහත්තය ඔබතුමාගෙ view එකෙන් ඔබතුමාගේ හිතේ වැඩඉන්න රහතන්වහන්සේ define කරගන්නකෝ. මටනම් රාගක්ඛය, ද්වෙෂක්ඛය සහ මෝහක්ඛය හොඳටම ඇති.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මම ඒත් හිතුව ඇයි තාම මේක කිව්වෙ නැත්තෙ කියල :D
    එහෙමයි කියල මේවා නුවණින් බලන්න බැහැ කියල කොහෙද තියෙන්නෙ මහත්තය? මේ හැම චෛතසිකයකටම ගතියක් තියනව. මේ තියෙන්නෙ රේරුකානේ හමුදුවන්ගේ intepritation එක.
    Link
    මම නම් කියන්නෙ නැහැ පංචස්කන්ධය එහෙම දෙපරිදියි කියල කොහොමටවත්ම.

    "එහෙමයි කියල මේවා නුවණින් බලන්න බැහැ කියල කොහෙද තියෙන්නෙ මහත්තය?" - ඇයි මහත්තයො බොරු කියන්නෙ...මම කොහෙද කියල තියෙන්නෙ..පුලුවන් හරි බැ හරි කියල? පෙන්නන්න?

    චයිටසිකයකටම ගතියක් නෙවි මහත්තයො, චයිටසිකයක් කියන්නෙම ගතියකටම තමයි.. :lol:

    එක් පාරටම, එක්සිස්ටන්ස්, සම්මුති වෙනවයි, චඉතසික ලව්කික වෙනවයි...චය්තසික බුදුනට විතරක් ගෝචර වෙනවයි...ලන්කාවෙ පාරවල් කෙලින් වෙනවයි..මේ යන යැවිල්ලට පන්චස්කන්දය දෙවිදි නොවුනොත් තමයි පුදුම :lol:

    මට හිතාගන්න බැරි ඇයි ඔබතුමාට මේක ප්‍රෙහෙලිකාවක් වෙලා තියෙන්නෙ ඇයි කියල, ඒ කියන්නේ ඔබතුමාට යමක් දැනෙනකොට ඒ වේදනාව analyze කරල ඊට සමගාමීව තියෙන ගතිය (හෝ ගති) බුද්ධිය මෙහෙයවල අඳුනගන්න බැහැ කියන එකද?? මටනම් ඇත්තටම පුදුමයි...

    වේදනා චෛතසිකයෙන් අඳුරගන්නව කිව්වෙ ඔන්න ඕක මහත්තය, මේක ලෞකිකව කලත් ලොකොත්තරව කලත් මේ ටික කරන්නම ඕනි. නැතුව වේදනාව අවහම නිකං බලං හිටියට වැඩක් නැහැ

    ඉතිං මහත්තය මාත් කියන්නේ චයිතසික මිශ්‍රනයක් ගැන තමයි. මේක පොතේ තියෙන දෙයක් නෙ.

    මම බැහ හරි හා හරි කිව්වෙ නැනෙ...මම ඇහුවෙ කොහොමද ඔබතුමාට දැනෙනෙ ඕක කියල...

    එක සිතක් ඇති වෙනව, වේදන චයිටස්කය දුක සමග, වීරිය චඉතසිකයත් තියෙන..
    තව සිතක් ඇති වෙනව, වේදනා චඉතසික දුක සමග, ඩ්වෙශ චඉතසිකයත් තියෙන...

    දැන් ඔබතුමා කියන්න ඔබතුමාට කොහොමද දැන්නෙන්නෙ වෙදනාව ඇනලයිස් කරල, පලමු සිතෙ වීරිය චඉතසිකය තිබුන, දෙවන එකේ දිවෙශය තිබුන කියල...

    ප්‍රශ්නය සරලයි, වටේ යන්න ඕනෙනැ...මට නම් ඕක වෙන්නෙන් නැ...ඔබතුමාට වෙනවිදිහ පැහදිලිව කියන්න...

    "ඉතිං මහත්තය මාත් කියන්නේ චයිතසික මිශ්‍රනයක් ගැන තමයි. මේක පොතේ තියෙන දෙයක් නෙ." - හැම වෙලාවෙම මිස්‍රනයක්නම් තියෙන්නෙ, ඔබතුමා කිව්ව එක විශෙශ උනේ කොහොමද කියල ඇහුවෙ:lol:

    මම නම් දන්න පාර කෙලින් :) මම කලින් කීප වතාවක්ම ඔබතුමාට පෙන්නුවෙ පටිච්ච්සමුප්පාදය අරගෙන ජීවිත් අත්දැකීම් inteprit කරන හැටි... ඒ මේකට මට තියෙන එක guarantee එකක්, ගති පැවතුම් වල වෙනස් කම් තව එකක්, ඉතිං ඕවා ප්‍රයෝගික මදිද? මටනම් හොඳටම ඇති මහත්තය.

    මහත්තය, පටිච්ච සමුපාදය පැත්තක තියෙන්න...මම ඇහුවෙ කඩවතට යන විදිහ...ඕකට ප්‍රයොගික උත්තරය දීගන්න දගලන දැගලිල්ල...:lol:

    ඔබතුමා, ගමනක් යනකොට මැප් එක පැත්තක තියල, පටිච්චසමුපාදය අරගෙනද යන්නෙ?...ආ ඔව් ඔව්...මැප් මොකටද...ඔක්කොම ලන්කාවෙ පාරවල් කෙලින් මහත්තය ඉන්න තැනින් පටන් ගන්නෙ...ඔබතුමාට අර දිපු ඔප්ශන් ටිකෙන් වෙන එකක් දීගන්න බැරුව දගලනවනෙ...අපරදෙ මහත්තයො කාලෙ මේ වගෙ විහිලු වලට... :lol:

    සංස්කාරයක් කියන්නෙත් මහත්තය පටිච්ච්සමුප්පන්න දෙයක්නෙ, ඉතිං තව මොන කතාද? ඔව් අවබෝධය තියෙන්නේ මාර්ග පල ලාභීන්ට. දැනුමක් හැටියටත් මේක කෙනෙක්ට තියෙන්න පුළුවන් මහත්තය.

    ඔව් ඉතින්, මාර්ග පල ලාබියන්ට දැනෙන දෙයින් ඔබතුමා, පුතක්ජනයෙක් විදිහට ඉදගෙන...සතිපටානයෙන් ඔය කියන ඒව ලැබෙනවද කියල කොහොමද දන්නෙ?..

    මෙතන ප්‍රත්‍ය කියන්නේ මහහ්තය් ප්‍රත්‍ය 24න් හේතු ප්‍රත්‍ය, ඉතිං හේතු වෙනෙව කියන එකනෙ කියන්නෙ. හේතුවෙන් දැනෙන දුක හටගත්ත කියන එක නෙමෙයිනෙ.

    දැනෙන දුකක් හටගත්තෙත් නැති නම්, ඔබතුමා කියන ඔය 24 හෙතු ප්‍රත්ය දුකක් උනේ කොහොමද මහත්තය?

    හොඳමයි මහත්තය ඔබතුමාගෙ view එකෙන් ඔබතුමාගේ හිතේ වැඩඉන්න රහතන්වහන්සේ define කරගන්නකෝ. මටනම් රාගක්ඛය, ද්වෙෂක්ඛය සහ මෝහක්ඛය හොඳටම ඇති.

    අපරාදෙ මහත්තය්..ඔබතුමා මේ එලකිරි වල දර්මය හොයන්නෙ...ඔබතුමාට, සතිපට්ටනයෙ කෙලවර නිවනත් පේනවනම්...මොන මගුලක්ද මෙතන හොයන්නෙ? :rofl: අපරදෙ ත්ත්පරයක් හරි මෙතන දගලන්නෙ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,072
    113
    Mother Earth
    OIP.9fkvXDJ6rKhALCFoVMURNwHaG_
     
    • Haha
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "එහෙමයි කියල මේවා නුවණින් බලන්න බැහැ කියල කොහෙද තියෙන්නෙ මහත්තය?" - ඇයි මහත්තයො බොරු කියන්නෙ...මම කොහෙද කියල තියෙන්නෙ..පුලුවන් හරි බැ හරි කියල? පෙන්නන්න?

    චයිටසිකයකටම ගතියක් නෙවි මහත්තයො, චයිටසිකයක් කියන්නෙම ගතියකටම තමයි.. :lol:

    එක් පාරටම, එක්සිස්ටන්ස්, සම්මුති වෙනවයි, චඉතසික ලව්කික වෙනවයි...චය්තසික බුදුනට විතරක් ගෝචර වෙනවයි...ලන්කාවෙ පාරවල් කෙලින් වෙනවයි..මේ යන යැවිල්ලට පන්චස්කන්දය දෙවිදි නොවුනොත් තමයි පුදුම :lol:
    මම හිතුවේ ඔබතුමා ඔය පරමාර්ථ ධර්ම සහ වෙන අනං මනං කියාගෙන එනකොට, එහම බෑ කියල අදහස් කලා කියල. එහෙම නැත්තම් හොඳයි.

    හරි මහත්තය පද පරම කරගන්න ඕනි නැහැ ... ඔන්න එහෙනම් චෛතසිකයකයක් කියන්නෙ ගතියක්!

    ඔබතුමානේ කඩවතටයි, තිරිකුනාමලයටයි යන්න ඕනි කිව්වෙ, හඳට යනවනම් යන තැන පෙනෙනව, කෙලින් යන්නත් පුළුවන්.:rofl:
    මම බැහ හරි හා හරි කිව්වෙ නැනෙ...මම ඇහුවෙ කොහොමද ඔබතුමාට දැනෙනෙ ඕක කියල...

    එක සිතක් ඇති වෙනව, වේදන චයිටස්කය දුක සමග, වීරිය චඉතසිකයත් තියෙන..
    තව සිතක් ඇති වෙනව, වේදනා චඉතසික දුක සමග, ඩ්වෙශ චඉතසිකයත් තියෙන...

    දැන් ඔබතුමා කියන්න ඔබතුමාට කොහොමද දැන්නෙන්නෙ වෙදනාව ඇනලයිස් කරල, පලමු සිතෙ වීරිය චඉතසිකය තිබුන, දෙවන එකේ දිවෙශය තිබුන කියල...

    ප්‍රශ්නය සරලයි, වටේ යන්න ඕනෙනැ...මට නම් ඕක වෙන්නෙන් නැ...ඔබතුමාට වෙනවිදිහ පැහදිලිව කියන්න...

    "ඉතිං මහත්තය මාත් කියන්නේ චයිතසික මිශ්‍රනයක් ගැන තමයි. මේක පොතේ තියෙන දෙයක් නෙ." - හැම වෙලාවෙම මිස්‍රනයක්නම් තියෙන්නෙ, ඔබතුමා කිව්ව එක විශෙශ උනේ කොහොමද කියල ඇහුවෙ:lol:

    මම බැහ හරි හා හරි කිව්වෙ නැනෙ...

    ඇයි මහත්තය බොරු කියන්නේ? එතකොට මේක කිව්වෙ ගන්ධබ්බයෙක් වත්ද?? :P

    "වීරිය නම් මට දැනෙන්නෙ නැ..ඔබතුමාට අහුවෙන්නෙ කොහොමද කියන්නකො?"

    ඒක බුද්ධි ගොචරයිනෙ මහත්තය, ඔබතුමා අහන්නේ හරියට soft drink එකක් බීල එකේ පැණි රසයි ලුණු රසයි කොලයක ලියල පෙන්නන්න කියනව වගෙ වැඩක්නෙ. ඔබතුමා ඔවා ප්‍රයෝගිකව කරල බලන්න, එලකිරියෙ කමටහන් හොයන්න එපා :) ඕක කරන විදිය තමයි ඉස්සෙල්ල කිව්වෙ, වෙන විදිය කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    මහත්තය, පටිච්ච සමුපාදය පැත්තක තියෙන්න...මම ඇහුවෙ කඩවතට යන විදිහ...ඕකට ප්‍රයොගික උත්තරය දීගන්න දගලන දැගලිල්ල...:lol:

    ඔබතුමා, ගමනක් යනකොට මැප් එක පැත්තක තියල, පටිච්චසමුපාදය අරගෙනද යන්නෙ?...ආ ඔව් ඔව්...මැප් මොකටද...ඔක්කොම ලන්කාවෙ පාරවල් කෙලින් මහත්තය ඉන්න තැනින් පටන් ගන්නෙ...ඔබතුමාට අර දිපු ඔප්ශන් ටිකෙන් වෙන එකක් දීගන්න බැරුව දගලනවනෙ...අපරදෙ මහත්තයො කාලෙ මේ වගෙ විහිලු වලට... :lol:
    කඩවතටයි, තිරිකුනාමලයටයි යන්න ඕනි උනෙ ඔබතුමාටනෙ මහත්තය. හඳට යන්න වංගු දාන්න ඕනි නැහැනෙ. මට කියන්නෙ ඔබතුමාගෙ විහිලු වලට අනුගත වෙන්න කියලද? මගෙ කාලය ප්‍රශ්නයක් කරගන්න එපා මහත්තය :D

    ඔව් ඉතින්, මාර්ග පල ලාබියන්ට දැනෙන දෙයින් ඔබතුමා, පුතක්ජනයෙක් විදිහට ඉදගෙන...සතිපටානයෙන් ඔය කියන ඒව ලැබෙනවද කියල කොහොමද දන්නෙ?..
    ඇයි මහත්තය මේක දැනුමක් හැටියටත් අරගෙන verify කරන්න පුළුවන්නෙ, ඒකට අවබෝධ වෙන්නම ඕනි නැහැනෙ. කීපාරක් කියන්නද මන්ද...
    දැනෙන දුකක් හටගත්තෙත් නැති නම්, ඔබතුමා කියන ඔය 24 හෙතු ප්‍රත්ය දුකක් උනේ කොහොමද මහත්තය?
    24 හෙතු ප්‍රත්‍ය නෙමෙයි මහත්තය, ප්‍රත්‍ය 24න් හේතු ප්‍රත්‍ය.... ඒක දුකක් උනේ එතන දුක්ඛ ආර්‍ය සත්‍ය ක්‍රයාත්මක වෙන නිසානෙ මහත්තය.
    අපරාදෙ මහත්තය්..ඔබතුමා මේ එලකිරි වල දර්මය හොයන්නෙ...ඔබතුමාට, සතිපට්ටනයෙ කෙලවර නිවනත් පේනවනම්...මොන මගුලක්ද මෙතන හොයන්නෙ? :rofl: අපරදෙ ත්ත්පරයක් හරි මෙතන දගලන්නෙ...
    අපෝ මම ඔබතුමා වගෙ එලකිරියෙ ධර්මය වත් කමටහන් හොයන්නෙ නැහැ, ඉස්සෙල්ලත් කිව්වේ මහත්තය මට බලන්න ඕනිවුනේ ඔබතුමන්ල මේ බුදු දහම කියල හිතාගෙනෙ ඉන්න එකේ පොඩි හරි credibility එකක් තියෙනවද. බලනකොට තියෙන්නෙ දෘෂ්ටි ගොඩකුයි belief system එකකුයි විතරයි. අන්තිමට තියෙන දුක් වලට වඩා වැඩිපුර දුකකුත් හදාගෙන <- මෙන්න විහිලු මහත්තය :D
    මාර්ගඵල ලබනකොට දුක + 1

    දැන් හිනා මූණු ටිකත් වැඩි වෙල පොඩි මඩ ගතියකුත් දැනෙනව, රෝෂ් මහත්තය ආයෙත් ඔබතුමාට මල පැනගෙන එනවනම් කියන්න :D:D:rofl::rofl:
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඇයි මහත්තය මේක දැනුමක් හැටියටත් අරගෙන verify කරන්න පුළුවන්නෙ, ඒකට අවබෝධ වෙන්නම ඕනි නැහැනෙ. කීපාරක් කියන්නද මන්ද...

    බැහැ මල් හත. කිසිම දැනුමක් 100% වෙරිෆයි කරලා නිවැරදියි කියන්න බැහැ. ඕනෙම දැනුමක් තුල විශ්වාසය කියන එක අත්‍යන්තයෙන්ම ගැබ්වෙලා තියනවා. දැනුම කොතනද එතන කොනක විශ්වාසය තියනවා. අන්තිමට රෝල්වෙලා ගිහින් අපේ ඉන්ද්‍රියන් අපිට දෙන සඥ්ඥා ඇත්තයි කියන විශ්වාසයට හරි යන්න වෙනවා.

    විශ්වාස ටිකකින් ගහගත්ත මුක්කු වලට හේත්තුවෙන ගමන් වෙරිෆයි කිරීම් කළහැකි. එතකොට ඔය කොතනත් බිලීෆ් සිස්ටම් (විශ්වාස කොටසක්) එකක් තියනවා. බුදුදහම, ඔයාලගෙ දහම, විද්‍යාව, සංස්කෘතිය, නීතිය, සදාචාරය යන සියල්ලේම.

    එකම වෙනස නිවන කියන්නෙ දැනුමෙන් නිදහස් වීම. "මම" කියන මූලික දැනුමෙන් නිදහස් වීමත් සමග මමට සාපේක්ෂව හටගන්න සියලු දැනුම් අහෝසියි, ලෝකයක් අහෝසියි. එතන පමණයි විශ්වාසය අවශ්‍ය නැත්තෙ. ඒ අවබෝධයට පත්වීම සමග ඒ අවබෝධය ගැන විශ්වාසයක් අවශ්‍ය නැහැ. විශ්වාසය අවශ්‍ය නැත්තෙ එතන දැනුමක් නැති නිසා.

    දැන් ග්‍රීන්තන්ඩර් ඕක කියන්නෙත් මොකක් මත පදනම් වෙලාද? විශ්වාසය මත පදනම් වෙලා. නිර්වාණයට පත්වන තුරු නිවීම ගැන විශ්වාසයන්ගෙන් ගැලවිල්ලක් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    greenthunder මහත්තය, ඔව් ඔබතුමා හරි නමුත් මම කියන්නෙ ඔය දාර්ශනික මට්ටමෙන් නෙමෙයි. මම කියන්නේ මහත්තය අපිට ගෝචර දේවල් බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන දහමත් එක්ක verify කරන්න පුළුවන් කියන සරල කාරණාව. අපිට මේක ඔය දේව වාදී ආගම් වගේ පොතේ තිබුනොත් හරි කියන තැනින් ගන්න ඕනි නැහැ කියල මම කියන්නෙ. අනික හැම වෙලාවෙම පොතට යන්න ඕනිත් නැහැ. ඔබතුමා භාවනා කරන කෙනෙක් හැටියටවත් මේ දහමෙ ප්‍රයෝගික බව පෙනෙන්නෙ නැද්ද?

    ඔබතුමා ඔය කියන දාර්ශනික මට්ටමෙන් අපිට, මලට, මල කියන්නත් බැහැ යම් විශ්වාසයක් නැතුව. ඒක මම පිළිගන්නව.

    sinhalayek da
    කවුද මහත්තය?
    ------ Post added on Feb 9, 2023 at 12:48 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    greenthunder මහත්තය, ඔව් ඔබතුමා හරි නමුත් මම කියන්නෙ ඔය දාර්ශනික මට්ටමෙන් නෙමෙයි. මම කියන්නේ මහත්තය අපිට ගෝචර දේවල් බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන දහමත් එක්ක verify කරන්න පුළුවන් කියන සරල කාරණාව. අපිට මේක ඔය දේව වාදී ආගම් වගේ පොතේ තිබුනොත් හරි කියන තැනින් ගන්න ඕනි නැහැ කියල මම කියන්නෙ. අනික හැම වෙලාවෙම පොතට යන්න ඕනිත් නැහැ. ඔබතුමා භාවනා කරන කෙනෙක් හැටියටවත් මේ දහමෙ ප්‍රයෝගික බව පෙනෙන්නෙ නැද්ද?

    ඔබතුමා ඔය කියන දාර්ශනික මට්ටමෙන් අපිට, මලට, මල කියන්නත් බැහැ යම් විශ්වාසයක් නැතුව. ඒක මම පිළිගන්නව.

    කොයි වෙරිෆයි කිරීම කලත් නිවනට යනකම්ම විශ්වාස එක්ක තමා මල් හත යන්න තියෙන්නෙ.

    තමන්ම කරලා වෙරිෆයි කිරීම ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මල්සෙවන්, ශ්‍රද්ධාව/විශ්වාසය නැතිව මේ ගමන යන්න බැහැ සහ තමන්ම අවබෝධ නොකර මේ කිසිවක් ප්‍රත්‍යක්ශ විදිහට සලකන්න බැහැ කියන එකයි කියන්නෙ. ධර්මය "සාපේක්ෂයි, ප්‍රායෝගිකයි" කියන එක තමා මම එලකිරියෙ බොහෝ කලක ඉඳන් කියන්නෙ. තමන්ම කරලා බලන්නකම් මේ සියල්ල හුදු විශ්වාස, තමන්ම ප්‍රායෝගිකව කරල බැලුවාම තමා ප්‍රත්‍යක්ශ, එතෙක් නිවන ගැන ප්‍රත්‍යක්ශයක් නැහැ. කඩවතට ගිහින් නැති කෙනෙකුට කඩවතට යන්න පටන් අරගත්තාම හම්බෙන වංගු වල ගොඩැලි නගර දැක්කට පාර කඩවතටම යනවා කියන එක කියන්න බැහැනෙ. ඒක 100% සහතිකව දැනගන්න නම් කඩවතට යන්නම ඕනෙ.

    දැන් මල්හත කිව්වනෙ දාර්ශනිකව එකඟයි කියලා. දාර්ශනිකත්වය කියන්නෙ එක්තරා විදිහක සෑම දෙයක්ම ප්‍රශ්ණ කරන කෙනෙක්නෙ. එතකොට අපි ගමුකො ඔය රෝශ්ට පිලිතුරක් විදිහට දුන්න හඳට පාර උදාහරණෙ. කෙලින් පාර නේ, හඳකුත් පේනවා නේ... ඔය තියෙන්නෙ හඳමයි කියලා මල්හතට 100% සැක නැතිව දැනගන්න පුළුවන්ද ? මට එකපාරටම මතක් උනේ ටෘමන් ශෝ කියන ෆිල්ම් එකේ අහසෙ තරුවක් කඩාගෙන වැටුනු රූපරාමු ටික. මම ප්‍රාර්ථනා කරනවා මල්හතගෙ හඳ එහෙම කඩාගෙන නොවැටේවා කියලා...

    එහෙනම් මල්හත ටෘමන් කියන විදිහටම, ඉන් කේස් අයි ඩෝන්ට් සී යූ, ගුඩ් ආෆ්ටර්නූන්, ගුඩ් ඊවිනිං, ඇන්ඩ් ගුඩ්නයිට්...
     
    Last edited:
    • Love

    greenthunder මහත්තය ඔබතුමාගෙ මේ කරුණු දැක්වීමට බොහොම පිං. මට නම් පෙනෙන හඳ, නොපෙනෙන කඩවතට වඩා හොඳයි. නමුත්, මම මේක වැඩිහිටියෙක් දුන්න ගුරුහරු කමක් හැටියට ගන්නම්. දවසක හඳ කඩාගෙන වැටුනොත් හරි හඳ, හඳමයි කියල ඔප්පු උනොත් හරි ඔබතුමාට කියන්නම්.

    එහෙනම් මල්හත ටෘමන් කියන විදිහටම, ඉන් කේස් අයි ඩෝන්ට් සී යූ, ගුඩ් ආෆ්ටර්නූන්, ගුඩ් ඊවිනිං, ඇන්ඩ් ගුඩ්නයිට්...
    and same to you :)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මම හිතුවේ ඔබතුමා ඔය පරමාර්ථ ධර්ම සහ වෙන අනං මනං කියාගෙන එනකොට, එහම බෑ කියල අදහස් කලා කියල. එහෙම නැත්තම් හොඳයි.

    හරි මහත්තය පද පරම කරගන්න ඕනි නැහැ ... ඔන්න එහෙනම් චෛතසිකයකයක් කියන්නෙ ගතියක්!

    ඕක තමයි මහත්තය, හිතෙන හිතෙන මනස්ගාත හරි කියල ගන්න ගියාම...පෙන්නන්න කිව්වම අන්තිමට පෙන්නගන්න බැ..ඔය වගේම අර කිව්ව සූත්‍රයත් තාම හොයනව වෙන්නෙඇති නෙ? :lol:

    ඔබතුමානේ කඩවතටයි, තිරිකුනාමලයටයි යන්න ඕනි කිව්වෙ, හඳට යනවනම් යන තැන පෙනෙනව, කෙලින් යන්නත් පුළුවන්.:rofl:

    මහත්තය, රොකට් එක හදටම යයි කියල පටිච්චසමුපාදයෙන් ද වෙරිෆයි කරගත්තෙ? :rofl:

    මම බැහ හරි හා හරි කිව්වෙ නැනෙ...

    ඇයි මහත්තය බොරු කියන්නේ? එතකොට මේක කිව්වෙ ගන්ධබ්බයෙක් වත්ද?? :P

    "වීරිය නම් මට දැනෙන්නෙ නැ..ඔබතුමාට අහුවෙන්නෙ කොහොමද කියන්නකො?"

    "මට දැනෙන්නෙ නැ" කියන එකෙන් කියවෙනවද මහත්තය ඕක කරන්න පුලුවන්ද බැරිද කියල...උඩ කිව්ව වගේම අයෙත් ඉතින් මනස්ගාත්යක්නෙ..

    ඒක බුද්ධි ගොචරයිනෙ මහත්තය, ඔබතුමා අහන්නේ හරියට soft drink එකක් බීල එකේ පැණි රසයි ලුණු රසයි කොලයක ලියල පෙන්නන්න කියනව වගෙ වැඩක්නෙ. ඔබතුමා ඔවා ප්‍රයෝගිකව කරල බලන්න, එලකිරියෙ කමටහන් හොයන්න එපා :) ඕක කරන විදිය තමයි ඉස්සෙල්ල කිව්වෙ, වෙන විදිය කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    නැහනෙ මහත්තය කොහෙද කොලවල ලියන කතාවක්, මෙතන කියන්නෙ..බීව්වට පස්සෙ, පැනිරස බෝතලයි, ලුනුරස බෝතලයයි හන්දුන ගන්න කියන එකනෙ....හිර වුනාම, ට්‍රක් පනින්න එපා..ඔබතුමා කිව්ව අනල්යිස් එක මොකකද කියල මම මේ අහන්නෙ තාම

    කඩවතටයි, තිරිකුනාමලයටයි යන්න ඕනි උනෙ ඔබතුමාටනෙ මහත්තය. හඳට යන්න වංගු දාන්න ඕනි නැහැනෙ. මට කියන්නෙ ඔබතුමාගෙ විහිලු වලට අනුගත වෙන්න කියලද? මගෙ කාලය ප්‍රශ්නයක් කරගන්න එපා මහත්තය :D

    ඔබතුමානෙ, මහත්තය...5 පන්තියෙ එකෙකුට උත්තර දෙන්න පුලුවන් ප්‍රයොගික දෙයක් අහුවාම..පටිච්චසමුපාදයක් උස්සගෙන ඇවිල්ල විහිලුවක් වෙන්නෙ...

    ඇයි මහත්තය මේක දැනුමක් හැටියටත් අරගෙන verify කරන්න පුළුවන්නෙ, ඒකට අවබෝධ වෙන්නම ඕනි නැහැනෙ. කීපාරක් කියන්නද මන්ද...

    ඕක කීපාරක් කිව්වත් වැඩක් තියෙනව්ද...දැනුම කියන්නෙ..තමන් යම්කිසි දෙයකින් ගත්ත දෙය...දැන් ඔය ගත්ත තැන 100% විස්වාසද?, කියපු දේම හරියට ගත්තද කියල 100% විස්වාසද? අනේ ඉතින් මේක තේරෙන්න්වත් නැ නෙ..තමන් හරි කියල ගත්ත දැනුමකින් සතිපට්ටනයක් වෙරිෆ්යි කරන්න පුලුවන්ද මහත්තය ?

    එකත් පැත්තකින් තියන්නකො...බුදු හාමුදුරුවා මේ ඉන්ඩ්‍රියන් වල ඉන්ටෙප්‍රිටේශන් එක අවුල් කියද්දිම...ඒ අවුල් වුන ඉන්ඩ්‍රිය වලින් අවුල් වෙලා එන ඉන්ෆොමෙශන් වලින් ම ඉන්ඩ්‍රියෙ අවුල වෙරිෆයි කරගන්න දගලනව..:no:

    මෙවට පිස්සු නැති නම් මොකක්ද කියන්න ඕනෙ මහත්තය...:shocked:

    24 හෙතු ප්‍රත්‍ය නෙමෙයි මහත්තය, ප්‍රත්‍ය 24න් හේතු ප්‍රත්‍ය.... ඒක දුකක් උනේ එතන දුක්ඛ ආර්‍ය සත්‍ය ක්‍රයාත්මක වෙන නිසානෙ මහත්තය.

    ආ මහත්තය...දැන් නොදැනෙන දුකක් නැ කිව්වනේ ද...ඔය මොකක්ද ඇති වෙලා තියෙන්නෙ?

    අපෝ මම ඔබතුමා වගෙ එලකිරියෙ ධර්මය වත් කමටහන් හොයන්නෙ නැහැ, ඉස්සෙල්ලත් කිව්වේ මහත්තය මට බලන්න ඕනිවුනේ ඔබතුමන්ල මේ බුදු දහම කියල හිතාගෙනෙ ඉන්න එකේ පොඩි හරි credibility එකක් තියෙනවද. බලනකොට තියෙන්නෙ දෘෂ්ටි ගොඩකුයි belief system එකකුයි විතරයි. අන්තිමට තියෙන දුක් වලට වඩා

    අනේ මහත්තයො..ඔබතුමාට, චතුරාර්ය සත්යත් වෙරිෆයිඩ් නම්, සතිපට්ටානයත් හරි නම්, ඒකෙ කෙලවරත් පේනව නම්...මම අහල තියෙන විදිහට, ඔබතුමා අර බුදු හාමුදුරුවන් කිව්ව වගේ, හිස ගිනිගත් කෙනෙක් වගේ, ඕක නිවන්න දහලන්න එපැයි...මෙතන ඉන්න අයගෙ දර්ම දැනුමෙ ක්‍රෙඩිබිලිටි සර්වේ කර කර ඉන්නෙ ඔබතුමාට පිස්සුද?...මේව තමයි මහත්තය විහිලු වලත් විහිලු:lol::lol:

    වැඩිපුර දුකකුත් හදාගෙන <- මෙන්න විහිලු මහත්තය :D
    මාර්ගඵල ලබනකොට දුක + 1

    මහත්තය, රහත් උනාම සියලු දුක ඉවරයි කියලනෙ කිව්වෙ මම...ඔබතුමානෙ...පිරිනිවන් පානකල් භවයකුත් හදාගෙන මොනවද මොනවද ගේනියනව කිව්වෙ... :lol::lol:

    මේක නෙවේ මහත්තය විහිලුව...සතිපට්ටනයත් වේෆියිඩ් ලු, එකෙ කෙලවරත් පේනවලු...ඒකෙ කෙලවරට ගියාම ස්වාබවය ( රහතන් වහන්සෙ කෙනෙකුගෙ ) අපිට තේරෙන්නෙ නැලු....එතකොට අනික් ටික තේරුනෙ, දිව්යන්යානයකින්ද? :rofl::rofl:

    දැන් හිනා මූණු ටිකත් වැඩි වෙල පොඩි මඩ ගතියකුත් දැනෙනව, රෝෂ් මහත්තය ආයෙත් ඔබතුමාට මල පැනගෙන එනවනම් කියන්න :D:D:rofl::rofl:

    තද වෙලා නැහ මහත්තය...ඔබතුමා කියන ඒවට හිනාවෙන්න ඕනෙ කොතනින්ද කියල කොන්ෆ්යුස් වෙලා ඉන්නෙ පොඩ්ඩක්...ඔබතුමත් අමුතුම ආතල්එකක් නෙ දෙන්නෙ වෙලාවකට

    ඔබතුමා... තමන්ගෙ වීව් එකට එහා ඔපෙන් ව බලනව කියල එන්නෙ...සරල ප්‍රායොගික කඩවතට යන විදිහ විශ්වාසයෙන් තොරව යන විදිහ ඇහුවාම හිර උන හිරවිල්ලට අභය හාමුදුරුවො කියනව වගේ ගල උඩ පහරපු බලල වගේ එක වහන්න රටේ නැති පරිච්චසමුපදයයි, කෙලින් පාරවලුයි ගෙනල්ල හත් පොලේම ගාගන්නව...ඔය වගේ සුලු ප්‍රායොගික දෙයකින් තමන්ගේ වීව් එකේ අවුල පෙනි නී, එක ඩිෆෙන්ඩ් කරන්න ඕඉනෙනම් 1+1=3 කියලත් ඔප්පු කරන්න දගලන කෙනෙකුට මම නෙවේ, බුදු හාමුදුරුවො ආවත් මොනව පෙන්නල දෙන්නද මහත්තය...
     
    Last edited: