කාලෙකින් මේ පැත්තේ ආව.. අම්මියෝ පිටු සීයක් දෙසීයක් විතර පස්සට යන්න වෙනවා මිස් වෙච්ච කෑම ටික රහ බලන්න..


[FONT="]පරිප්පු, ලුනුමිරිස්, පොල් සම්බෝල වගේ දෙවල් හදන හැටිත් දාන්න බැරිද. නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ඒවත් තියෙනවද. මම බැලුව හොයා ගන්න බැ[/FONT]
පරිප්පු නම් මම එක වතාවක් මේකේ දැම්ම වගේ මතකයි...


චීස් කොත්තු
මේ තියෙන්නේ ඊයේ රෑට කෑව විදිහ. මම වැඩ ඇරිලා, ස්විමින්ග් ගිහින් ගෙදර එද්දි අම්මලා නෑදෑ ගෙදරක රෑ කෑමට ගිහින්. රෑට නයිට් යන්න තිබ්බ නිසා මම එහෙ ගියේ නෑ. හිතුනා අම්මා නැතිව තට්ට තනියම කෑම හදලා බලන්න. කඩෙන් එමින් ගමන් ගෙනාව පරාට 5 ක්. හැදුවා කොත්තුවක්.
අවශ්‍යය ද්‍රව්‍යය
කුඩාවට කපාගත් පරාටා (වෙනදට ගෙදර ගෝදම්බ රොටිය හදලා පරාටා හදන්නේ. හදිස්සියට හුරතල් වෙන්න බැරි නිසා කඩෙන් ගෙනාවා )
කුඩාවට කපා ගත් කැරට් ගෙඩියක්
ලීක්ස් දණ්ඩක්
කුඩා වට කපා ගත් සුදුලූණු බික් තුනක්
කුඩා වට කපා ගත් ඉඟුරු පොඩි කැබැල්ලක්
බෙල් පෙපර් කැබැලක්
තක්කලි ගෙඩියක්
කොත්ත මල්ලි කොළ කීපයක්
ලූණු ස්වල්පයක්
සොසේජස් දෙකක්
බිත්තරයක්
කල් කිරි කෝප්ප භාගයක්
චීස් කැබලි දෙකක්
සෝයි සෝස් හෝ ෆිශ් සෝස් තේ හැඳි දෙකක්
ඔයිස්ටර් සෝස්
ස්ටොක් පවුඩර් තේ හැඳක්
මුලින්ම කලේ ඔය උඩ එව්වා අරගෙන කපන්න කොටන්න තියෙන එව්වා ඔක්කොම කපලා කොටලා ගත්තා. ගෙදර ඉස්සෝ, දැල්ලෝ මොකුත් නොතිබ්බ නිසාත් මාලු ඇදගෙන දඟලන්න අකමැති නිසාත් ෆ්‍රිජ් එකේ තිබ්බ සොසේජ් පැකට් එකෙන් සොසේජ් දෙකක් කපලා කොටලා ගත්තා වැඩේට.
තෙල් ටිකක් තාච්චියකට දාලා ලිප තියලා රත් වීගන එද්දි කපාගත් ඉඟුරු, සුදු ළූණු, ලූණු ටික දැම්මා. ඒ ටික තරමක් බැදීගෙන එද්දි බිත්තරයක් කඩලා දාලා ස්ක්‍රැම්බල් කර ගත්තා. පස්සේ ඒකටම සොසේජස් කැබලි ටික දාලා බැද ගත්තා. පස්සේ එයට කැරට්, ලීක්ස්, තක්කාලි සහ බෙල් පෙපර් එකතු කර ගත්තා. පස්සේ හොඳට මැළවීගෙන එද්දි ඒකට රොටි කැබලි ටික එකතු කර ගත්තා.
පස්සේ එයට ෆිශ් සෝස් සෝස් තේ හැඳි දෙකක් සහ ඔයිස්ටර් සෝස් තේ හැන්දක් දමා ගත්තා.
චීස් කොත්තු හදද්දි චීස් වලට අමතරව කල් කිරි එකතු කරගන්නවා. නමුත් කල් කිරි ගෙදර තිබ්බේ නෑ කියහන්කෝ. ඒකට කලේ පොඩි සාස්පානකට වතුර කෝප්ප භාගයක් ලිප තියලා ඒකට කිරි පිටි හැඳි දෙකක් එකතු කරගෙන දිය කර ගත්තා. ඒකටම ස්ටොක් පවුඩර් තේ හැන්දකුත් එකතු කරගත්තා. මිශ්‍රණය නටාගෙන එද්දි හදා ගත්තු කොත්තු මිශ්‍රණයට එකතු කරගත්තා.
අන්තිමට ලිපෙන් භා ගන්න කලියෙන් කුඩාවට කපා ගත්තු හැපි කව් චීස් කෑලි දෙක එකතු කරගෙන කොත්ත මල්ලි කොල පොඩ්ඩකුත් ඉහාගෙන පිඟානට හලාගත්තා.
මේකට මම පිටතින් ලුණු දැම්මේ නෑ. ලුණු නියම ගානටම තිබ්බා. මොකද සොසේජ් වල, ඔයිස්ටර් සෝස් වල සහ ෆිශ් සෝස් වල ලුණු එක්ක රොටි වල ලුණු ගතියත් එකතු වෙලා පදමට තිබ්බා.
මෙන්න මෙහෙම තමයි තිබ්බේ අවසානයේ. හැබැයි මේ ඔක්කොම නෙමෙයි. රොටි 4 ක් ගෙනාවනම් හොඳටම ඇති කියලා හිතුනේ පස්සේ තමයි.
View attachment 60434
View attachment 60435


Eye gedara Naasi Goreng haduwa. Photos ganna amathaka unaa



