
මෙහෙම අහපුවාම අරෙහෙම කියලා මාරු වෙන්නෙ ඇයි? ඔයා දන්නැති බව, බොරුවක් කියපු බව පිළිගන්න කැමති නැද්ද?
මේ ත්‍රෙඩ් එකේ දෙවනි පාරට ඔයා මගඇරලා මාරු වෙලා යන්නෙ.
මම මේකට ආවේ "බුද්ධාගමේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් බොරු, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් හොයාගන්න මැරෙන්න වෙනවා" කියල. ඒක පිළිගන්නෙ නැත්නම් ඔයාලට කෙලින්ම මම කියන දේ වැරදි ඇයි කියල කියන්න පුළුවන් වෙන්න ඕන.
ඒක කියන්නෙ නැතුව "ලේසියෙන් තේරුම් ගන්න බැරි" දේවල් මගෙන්ම අහන එකෙන් මට තේරෙන්නෙ මම කියන දේ ඔයාට තේරෙන්නෙ නෑ කියල.
බුද්ධාගමේ එන දේවල් මගෙන් ප්‍රශ්න කරල වැඩක් නෑ. මම කියන්නෙ ඒකෙ තේරුම් ගන්න බැරි දේවල් බොරු කියලනෙ. තවත් මොකටද ඒවා මගෙන්ම අහන්නෙ.
1. රාගය ගැන මගෙන් ඇහුව. ඒක ඔයා දාන්නෙ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් ගණයටද බැරි ගණයටද?
2. චාතුරාර්ය සත්‍යයක් හින්දු හෙතුපලවාදයේ තියෙන්නෙ කොතනද අහනවා. හෙතුපලවාදයක් මේකට ගෙනාවේ මම නෙවෙයි. කොතන තිබුනත් මගේ ප්‍රශ්නයට උත්තරේ ඒකෙ නෑ. හෙතුපලවාදය තේරෙන්නේ නැත්නම් එක වෙනම කියවල ඉගෙන ගන්න. ඒක බෞද්ධ සංකල්පයක් නෙවෙයි. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා කියන දාර්ශනික මතය බුදුහාමුදුරුවො ඉපදෙන්නත් කලින් ඉන්දියාවේ තිබුන.
චාතුරාර්ය සත්‍යය කියන බෞද්ධ සංකල්පය හේතුපල දහමත් එක්ක තමයි යන්නෙ. ඒක වෙන කතාවක්.
එකම දේ රිපීට් කරන එක තේරුමක් නෑ. ඒත් ආයෙත් අහන්නම්;
බුද්ධාගමේ තියෙන ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතන්දර මොනවද? ලේසියෙන් තේරුම්ගන්න බැරි කතන්දර මොනවද? මේ පහල ලිස්ට් එකෙන් තෝරන්න.
1. අහසින් යාම, පොලොව පලාගෙන යාම, මහාමේරු පර්වතය, ඉරවල් හතක් පැයිම, අහසේ භාවනා කිරීම, රත්තරං මැණික් වැසි වැසීම, සාප කිරීම, පිරිත් කියා ලෙඩ වසංගත නැති කිරීම, යක්කු, ප්‍රේතයෝ, නාගයෝ
2. මැරුණට පස්සෙ අපායේ, දිවය ලෝකයේ යාම, චාතුරාර්ය සත්‍යය, පෙර ආත්මෙයේ කර්මය මේ ආත්මයේ පල දීම,
ඊට පස්සෙ අපි කතා කරමු ඔය කියපු ඒවා එකෙන් එක අරගෙන.