මම බෞද්ධ පවුලක ඉපදිලා, බුද්ධාගම ඉගෙනගත්ත, තවමත් ඉදලහිටල පංසලටත් යන ආගමිකයෙක් නොවන කෙනෙක්. ආගම උපතින් ලැබෙන්න ඕන දෙයක් නොවෙයි කියන එක තමයි මගේ අදහස. කවුරු හරි තමන්ගේ ආගම හරි කියල මට ඒත්තු ගන්නපු දවසක ඒ ආගමට යනවා. මේ ප්රශ්න අහන්නෙත් ඒකයි.
ප්රධාන ආගම් කිසිම එකක් ජිවය ඉබේ හටගත්ත කියන්නෙ නෑ. මම හිතන්නෙ ඉබේ හටගන්න ඇති කියල.
එහෙම නෑ දෙයියො මැව්වා / ආබස්සර ලෝකෙන් ඇවිත් හැල් කකා හිටියා කියල කෙනෙක් කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.
නිවන් යනවා. එහෙම නෙවෙයි කියනවා නම් ඒක මට පිලිගන්නන්න ඕන.
හරියටම දැනගන්න මැරුණ කෙනෙක් ගෙන් අහන්න ඕන.
මේකට දිග උත්තරයක් දෙන්න වෙනවා. කෙටියෙන් කියනවා නම් බුද්ධාගමේ කර්ම සංකල්පය 100%ක් පිලිගන්නේ නෑ
මේ ප්රශ්න අහන්නෙ මම අබරන්ගේ ආගමක් අදහනවා ඇති කියල හිතාගෙන වෙන්න ඇති.
අබරන්ගේ පව් සංකල්පය හරි කියල මම හිතන්නෙ නෑ.
මගේ උත්තරවලින් ඉගෙන ගන්නවාට වඩා හොඳයි පොත්පත් කියවලා තමන්ගේ දැනුම වැඩිකර ගන්න එක. කෙනෙක් බෞද්ධ පොත්පත් විතරක්ම කියෙව්වොත් මොකද වෙන්නෙ?