කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය.

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය.
“පූජිතං නරදේවේහි - කපිලවස්තු පුරා ගතං
ශාරීරික ධාතු රාජං - වන්දාමි සිරසා අහං”
ඛපිල වස්තු යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි.කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම සිය පියසෙවනේ ගත කලේ කපිල වසතුවේය.යශෝදරාවන් සමග අතිනත් ගෙන සොදුරුව කල්ගෙවු අප මහා බෝසතාණෝ ෂතර පෙරනිමිත් දකිමින් ඇසල පුන්පෝදා අභිනික්මන් කලේ කපිලවස්තුව හැරදාය.අප මහා බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා සඝ පිරිවරා තරු වටකොට නිල් අහසේ බබළන පුන්සද සේ වැඩියේද කපිල වස්තුවටය.මානය උරුමකර ගත් තම නෑයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් යමාමහා පෙළහර පාමින් සම්බුදු බව ප්‍රකට කලේද කපිලවස්තුවේදීය.මහා ආනන්දයන්ද, භද්‍ර රාහුලයන්ද උතුම් සමුබුදු සසුනට ඇතුලූ වුනේ කපිල වස්තුවේදීය.
තිලෝවක් සනහා වදාල නුවණින් ලොව එළියකරනා පබාසකරයාණන් වහන්සේ වන අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු දසදහසක් ලෝ ධාතු කම්පිත කරවමින් සම්බුද්ධ ශරීරය ආදහනය කලෝය.
සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.
(කපිලවස්තු මහා සෑය අද http://cmualumniusa.org/relicp1.jpg)
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී කපිල වස්තු පුරයද මහා වනයේ අනසකට යටත් විය.එය 19 වන සියවස වනවිට වන අලින්ගෙන් යුතු මහා වනයක් සේ දිස්විය.මෙකල එංගලන්තයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාය.ඔහු 1861 වනවිට ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් කටයුතුද ආරම්භ කර තිබිනි.එහි ප්‍රතිඵලයක් ලෙස 1861 දී කුසිනගර් හෙවත් එදවස කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදහනය කල තැන ඉදිවූ ආදාහන ස්තූපය සොයා ගැනිමට හැකිවිය.
එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.
(ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනින්හැම් http://2.bp.blogspot.com/-CjmlPsXUhdM/TxBbv-tp7qI/AAAAAAAACRk/Cdjpx9NKS-M/s1600/Alexander_19461.jpg)
http://cmualumniusa.org/relicp1.jpg
cmualumniusa.org
ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය.
(කපිලවස්තු සෑයේ තිබී සොයාගත් ගල් පෙට්ටිය http://cmualumniusa.org/relicp1c1.jpg)
(බ්රාහ්මී අක්ෂර http://3.bp.blogspot.com/-2c14oncVCOo/TxBbgZKB-5I/AAAAAAAACRc/QB562tFgciQ/s1600/image005.jpg)
(ධාතූන් වහන්සේලා සහිත භාජනය මතු වූ අයුරු http://media.vam.ac.uk/vamembed/media/uploads/rx_images/image/54001-55000/54685-large.jpg)
මම වාක්‍ය කන්ඩය කියවා ගත හැකි වුවහොත් මෙම බදුන් වල ඇත්තේ කුමක්දැයි කියා නිශ්චිතවම හඳුනා ගත හැකි බව දත් මෙම විද්‍යාඥයින් දෙපලගෙ මීලඟ මෙහෙයුම වූයේ බ්රාහ්මීය අක්ෂර කියවිය හැකි අයෙකු සොයා ගැනිමයි.
ඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ.
(රාජගුරු සිරි සුබූති මහා නාහිමිපාණන් වහන්සේ http://1.bp.blogspot.com/-JukcWnXQFAc/TxBbGOmRoxI/AAAAAAAACQ0/UtS-od4j8Zo/s1600/h_0007.jpg)
ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගෙන් ලැබුනු බ්රාහ්මීය අක්ෂර සුපරික්ෂාකාරිව කියවා බැලු උන් වහන්සේ සතුටින් ඉපිල ගියේ ඉතිහාසයේ සැඟව ගිය නිධානයක් නැවත විවර වන මග එහි සටහන් වූ නිසාය.එහි සටහන් වූ දෑ උන් වහන්සේ පාලි සංස්කෘත සිහංලයට පරිවර්ථනය කලේය.ඒ මෙසේය.
//ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං
සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”
"ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ
එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"//
ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්රයේ දැක් වේ.
//"එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය)//
http://cmualumniusa.org/relicp1c1.jpg
cmualumniusa.org
මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ.
//"බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............
"එවිට වෙදෙහ පුත්‍ර වූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා මහ නුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද, අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමෙද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම් පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය."(දීඝ නිකාය)//
(ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ භාජන http://4.bp.blogspot.com/-9azvGJnfcMs/TxBbWGd_nVI/AAAAAAAACRI/ZwTBwf0eBHo/s1600/image003.jpg)
එදා මහත් වූ හරසරින් ජීවමාන බුදු සමිදු මෙන් වඩමවා ගෙන ගිය එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට කිඹුල්වතෙහි ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුවෙහි මහා සැයක් බැන්ද වීය.සිරිසුබූති මහානාහිමියන් වහන්සේ අතින් පරිවර්ථනය වූයේ එදා ශාක්‍ය වංහිකයන් ධාතූන් වහන්සේලා තැන්පත් මංජුසා,ධාතූ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සටහන් කර තැබූ වාක්‍ය කණ්ඩයයි.
(පර්වර්ථනය කරන ලද පාථය සටහන් වූ බදුන http://cmualumniusa.org/relicp1c.jpg)
මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි.
ධාතූන් වහන්සේලාගෙන් කොටසක් එංගලන්තයට යැවුනු අතර එක් නමක් සියමේ රජුගේ ආයාචනයෙන් එරටට පුජා කෙරිනි.පීප් මහතා විසින් ඉතිරි දාතූන් වහන්සේලා 21නමක් සිරි සුභූති මහානාහිමියන්ට ලැබීමට සැලැස්වීය.එදා මීට වසර 113ට පෙර එනම් 1899 අප්‍රේල් මස 16 වනදා ඉන්දියා වේ සිට ලක් දිවට ලැබුනු ධාතූන් වහන්සේලා සමග පීප් මහතා විසින් එවන ලද ෙඓතිහාසික ලිපය තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය ලියවිල්ලක් ලෙස ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තෙමින්තු වේ සුරක්ෂිතව පවති.
(පීප් මහතා විසින් එවන ලද ලිපිය http://1.bp.blogspot.com/-zQ4QRciFD1U/TxBbVV4EjXI/AAAAAAAACRE/XujM4x5J1BI/s1600/h_0009.jpg)
එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.
(නවදිල්ලි කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා http://3.bp.blogspot.com/-UIC9oUhhnO8/TeiPLgAN1tI/AAAAAAAACK0/CMxik2xvyOE/s1600/Relics_of_Buddha_obtained_from_a_stupa_built_by_Emperor_Asoka_in_3rd_century_BCE%252C_National_Museum_Delhi.jpg)
(http://3.bp.blogspot.com/-KtqEWccrTWY/TefWtVkvKtI/AAAAAAAACJ8/ff-WJOIfa80/s1600/AQt4p56nZSQYP.jpg)
(http://1.bp.blogspot.com/-KOy2_KGO_8g/TefWmr0nL7I/AAAAAAAACJw/jXLI4alCG1c/s1600/relic3.jpg)
(නවදිල්ලි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ධාතූන් වහන්සේලා හමුවූ බදුන් http://2.bp.blogspot.com/-JMoS6XaaUXA/TeiPoCR5haI/AAAAAAAACLo/aDLjGepd2HU/s1600/relicc.jpg)
(කපිලවස්තු මහ විහාරය http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/08/22.gif)
http://4.bp.blogspot.com/-9azvGJnfcMs/TxBbWGd_nVI/AAAAAAAACRI/ZwTBwf0eBHo/s1600/image003.jpg
4.bp.blogspot.com
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ තිලෝගුරු වූ අප අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂ වූ එම ශාරීරික ධාතූන් වහන්සේලා දෑසින් දැක වැදපුදා ගැනීමේ දුර්ලභ වූ භාග්‍යය දැන් ශ්‍රී ලාංකික අපටද උදා වී තිබේ.
මින් වසර 34 කට පෙර 1978 වසරේ දී මෙම කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවා කැලණිය රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කළ අවස්ථාවේ බුද්ධ රශ්මි මාලා විහිදවනු දුටු බව නැරඹූ ජනතාව අදටත් පවසති. එම අවස්ථාව බුදුරදුන් ගේ සිව්වැනි ලංකාගමනය ලෙස එකල පුවත්පත්වල මුල් පිටුවල පවා හඳුන්වා දී තිබුණි. මෙවර එම සුවිශේෂී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතක දී ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් ය.
අගෝස්තු 19-22 කපිලවස්තු ශාලාව, මානෙල්වත්ත මහා විහාරය, කැලණිය.
අගෝස්තු 23-24 ශ්‍රී සුමංගල පිරිවෙන වාරියපොළ.
අගෝස්තු 25-26 ජයන්ති විහාරය, අනුරාධපුර.
අගෝස්තු 27-28 අග්‍රබෝධි විහාරය, කන්තලේ.
අගේස්තු 29-30 නාරාන්විට පන්සල, ගම්පොල.
අගෝස්තු 31-සැප්තැම්බර් 01 රජමහා විහාරය, පැල්මඩුල්ල.
සැප්තැම්බර් 02-සැප්තැම්බර් 04 මාතර කොටිකාගොඩ රජමහා විහාරය, මාතර.
යන ස්ථානවලට මහත් උත්සත්ශ්රීයෙන් විරාජමානව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හුදී ජන පහන් සංවේගය උදෙසා වඩම්මන අතර බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේලා දැක වැදපුදා ගෙන තව තවත් ශ්‍රි සම්බුදු සසුන කෙරෙහි සමීප වෙමින් මහත්පල මහානිසංශ රැස් කර ගන්නා මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
http://rangarpr.blogspot.com/ ..........mema me blog 1n gaththa 1k
,,,,thnx for this blog
,,,,bohoma pin,,,,,,,,sadu,sadu,sadu,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වෙමි මම - By Ranga.rpr
rangarpr.blogspot.com
hodanam ,,dannawane karanna ona de

,,,,,meka aniwa kiyawanna EK yaluwane,,,,,,,,,e wagema me pin kamata obath sahabagi wenna,,,sadu,sadu,sadu,,,,,,comments,,danna,

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය.
“පූජිතං නරදේවේහි - කපිලවස්තු පුරා ගතං
ශාරීරික ධාතු රාජං - වන්දාමි සිරසා අහං”
ඛපිල වස්තු යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි.කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම සිය පියසෙවනේ ගත කලේ කපිල වසතුවේය.යශෝදරාවන් සමග අතිනත් ගෙන සොදුරුව කල්ගෙවු අප මහා බෝසතාණෝ ෂතර පෙරනිමිත් දකිමින් ඇසල පුන්පෝදා අභිනික්මන් කලේ කපිලවස්තුව හැරදාය.අප මහා බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා සඝ පිරිවරා තරු වටකොට නිල් අහසේ බබළන පුන්සද සේ වැඩියේද කපිල වස්තුවටය.මානය උරුමකර ගත් තම නෑයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් යමාමහා පෙළහර පාමින් සම්බුදු බව ප්‍රකට කලේද කපිලවස්තුවේදීය.මහා ආනන්දයන්ද, භද්‍ර රාහුලයන්ද උතුම් සමුබුදු සසුනට ඇතුලූ වුනේ කපිල වස්තුවේදීය.
තිලෝවක් සනහා වදාල නුවණින් ලොව එළියකරනා පබාසකරයාණන් වහන්සේ වන අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු දසදහසක් ලෝ ධාතු කම්පිත කරවමින් සම්බුද්ධ ශරීරය ආදහනය කලෝය.
සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.
(කපිලවස්තු මහා සෑය අද http://cmualumniusa.org/relicp1.jpg)
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී කපිල වස්තු පුරයද මහා වනයේ අනසකට යටත් විය.එය 19 වන සියවස වනවිට වන අලින්ගෙන් යුතු මහා වනයක් සේ දිස්විය.මෙකල එංගලන්තයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාය.ඔහු 1861 වනවිට ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් කටයුතුද ආරම්භ කර තිබිනි.එහි ප්‍රතිඵලයක් ලෙස 1861 දී කුසිනගර් හෙවත් එදවස කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදහනය කල තැන ඉදිවූ ආදාහන ස්තූපය සොයා ගැනිමට හැකිවිය.
එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.
(ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනින්හැම් http://2.bp.blogspot.com/-CjmlPsXUhdM/TxBbv-tp7qI/AAAAAAAACRk/Cdjpx9NKS-M/s1600/Alexander_19461.jpg)
http://cmualumniusa.org/relicp1.jpgcmualumniusa.org
ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය.
(කපිලවස්තු සෑයේ තිබී සොයාගත් ගල් පෙට්ටිය http://cmualumniusa.org/relicp1c1.jpg)
(බ්රාහ්මී අක්ෂර http://3.bp.blogspot.com/-2c14oncVCOo/TxBbgZKB-5I/AAAAAAAACRc/QB562tFgciQ/s1600/image005.jpg)
(ධාතූන් වහන්සේලා සහිත භාජනය මතු වූ අයුරු http://media.vam.ac.uk/vamembed/media/uploads/rx_images/image/54001-55000/54685-large.jpg)
මම වාක්‍ය කන්ඩය කියවා ගත හැකි වුවහොත් මෙම බදුන් වල ඇත්තේ කුමක්දැයි කියා නිශ්චිතවම හඳුනා ගත හැකි බව දත් මෙම විද්‍යාඥයින් දෙපලගෙ මීලඟ මෙහෙයුම වූයේ බ්රාහ්මීය අක්ෂර කියවිය හැකි අයෙකු සොයා ගැනිමයි.
ඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ.
(රාජගුරු සිරි සුබූති මහා නාහිමිපාණන් වහන්සේ http://1.bp.blogspot.com/-JukcWnXQFAc/TxBbGOmRoxI/AAAAAAAACQ0/UtS-od4j8Zo/s1600/h_0007.jpg)
ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගෙන් ලැබුනු බ්රාහ්මීය අක්ෂර සුපරික්ෂාකාරිව කියවා බැලු උන් වහන්සේ සතුටින් ඉපිල ගියේ ඉතිහාසයේ සැඟව ගිය නිධානයක් නැවත විවර වන මග එහි සටහන් වූ නිසාය.එහි සටහන් වූ දෑ උන් වහන්සේ පාලි සංස්කෘත සිහංලයට පරිවර්ථනය කලේය.ඒ මෙසේය.
//ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං
සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”
"ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ
එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"//
ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්රයේ දැක් වේ.
//"එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය)//
http://cmualumniusa.org/relicp1c1.jpg cmualumniusa.org
මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ.
//"බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............
"එවිට වෙදෙහ පුත්‍ර වූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා මහ නුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද, අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමෙද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම් පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය."(දීඝ නිකාය)//
(ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ භාජන http://4.bp.blogspot.com/-9azvGJnfcMs/TxBbWGd_nVI/AAAAAAAACRI/ZwTBwf0eBHo/s1600/image003.jpg)
එදා මහත් වූ හරසරින් ජීවමාන බුදු සමිදු මෙන් වඩමවා ගෙන ගිය එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට කිඹුල්වතෙහි ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුවෙහි මහා සැයක් බැන්ද වීය.සිරිසුබූති මහානාහිමියන් වහන්සේ අතින් පරිවර්ථනය වූයේ එදා ශාක්‍ය වංහිකයන් ධාතූන් වහන්සේලා තැන්පත් මංජුසා,ධාතූ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සටහන් කර තැබූ වාක්‍ය කණ්ඩයයි.
(පර්වර්ථනය කරන ලද පාථය සටහන් වූ බදුන http://cmualumniusa.org/relicp1c.jpg)
මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි.
ධාතූන් වහන්සේලාගෙන් කොටසක් එංගලන්තයට යැවුනු අතර එක් නමක් සියමේ රජුගේ ආයාචනයෙන් එරටට පුජා කෙරිනි.පීප් මහතා විසින් ඉතිරි දාතූන් වහන්සේලා 21නමක් සිරි සුභූති මහානාහිමියන්ට ලැබීමට සැලැස්වීය.එදා මීට වසර 113ට පෙර එනම් 1899 අප්‍රේල් මස 16 වනදා ඉන්දියා වේ සිට ලක් දිවට ලැබුනු ධාතූන් වහන්සේලා සමග පීප් මහතා විසින් එවන ලද ෙඓතිහාසික ලිපය තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය ලියවිල්ලක් ලෙස ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තෙමින්තු වේ සුරක්ෂිතව පවති.
(පීප් මහතා විසින් එවන ලද ලිපිය http://1.bp.blogspot.com/-zQ4QRciFD1U/TxBbVV4EjXI/AAAAAAAACRE/XujM4x5J1BI/s1600/h_0009.jpg)
එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.
(නවදිල්ලි කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා http://3.bp.blogspot.com/-UIC9oUhhnO8/TeiPLgAN1tI/AAAAAAAACK0/CMxik2xvyOE/s1600/Relics_of_Buddha_obtained_from_a_stupa_built_by_Emperor_Asoka_in_3rd_century_BCE%252C_National_Museum_Delhi.jpg)
(http://3.bp.blogspot.com/-KtqEWccrTWY/TefWtVkvKtI/AAAAAAAACJ8/ff-WJOIfa80/s1600/AQt4p56nZSQYP.jpg)
(http://1.bp.blogspot.com/-KOy2_KGO_8g/TefWmr0nL7I/AAAAAAAACJw/jXLI4alCG1c/s1600/relic3.jpg)
(නවදිල්ලි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ධාතූන් වහන්සේලා හමුවූ බදුන් http://2.bp.blogspot.com/-JMoS6XaaUXA/TeiPoCR5haI/AAAAAAAACLo/aDLjGepd2HU/s1600/relicc.jpg)
(කපිලවස්තු මහ විහාරය http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/08/22.gif)
http://4.bp.blogspot.com/-9azvGJnfcMs/TxBbWGd_nVI/AAAAAAAACRI/ZwTBwf0eBHo/s1600/image003.jpg 4.bp.blogspot.com
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ තිලෝගුරු වූ අප අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂ වූ එම ශාරීරික ධාතූන් වහන්සේලා දෑසින් දැක වැදපුදා ගැනීමේ දුර්ලභ වූ භාග්‍යය දැන් ශ්‍රී ලාංකික අපටද උදා වී තිබේ.
මින් වසර 34 කට පෙර 1978 වසරේ දී මෙම කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවා කැලණිය රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කළ අවස්ථාවේ බුද්ධ රශ්මි මාලා විහිදවනු දුටු බව නැරඹූ ජනතාව අදටත් පවසති. එම අවස්ථාව බුදුරදුන් ගේ සිව්වැනි ලංකාගමනය ලෙස එකල පුවත්පත්වල මුල් පිටුවල පවා හඳුන්වා දී තිබුණි. මෙවර එම සුවිශේෂී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතක දී ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් ය.
අගෝස්තු 19-22 කපිලවස්තු ශාලාව, මානෙල්වත්ත මහා විහාරය, කැලණිය.
අගෝස්තු 23-24 ශ්‍රී සුමංගල පිරිවෙන වාරියපොළ.
අගෝස්තු 25-26 ජයන්ති විහාරය, අනුරාධපුර.
අගෝස්තු 27-28 අග්‍රබෝධි විහාරය, කන්තලේ.
අගේස්තු 29-30 නාරාන්විට පන්සල, ගම්පොල.
අගෝස්තු 31-සැප්තැම්බර් 01 රජමහා විහාරය, පැල්මඩුල්ල.
සැප්තැම්බර් 02-සැප්තැම්බර් 04 මාතර කොටිකාගොඩ රජමහා විහාරය, මාතර.
යන ස්ථානවලට මහත් උත්සත්ශ්රීයෙන් විරාජමානව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හුදී ජන පහන් සංවේගය උදෙසා වඩම්මන අතර බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේලා දැක වැදපුදා ගෙන තව තවත් ශ්‍රි සම්බුදු සසුන කෙරෙහි සමීප වෙමින් මහත්පල මහානිසංශ රැස් කර ගන්නා මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
http://rangarpr.blogspot.com/ ..........mema me blog 1n gaththa 1k
,,,,thnx for this blog
,,,,bohoma pin,,,,,,,,sadu,sadu,sadu,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වෙමි මම - By Ranga.rpr rangarpr.blogspot.com