ෆෑන් සෙට් කරන ක්‍රම 3ක් තියනවා...
1. වැඩි පීඩන
2. අඩු පීඩන
3. උදාසීන
අපි කේසින් ෆෑන් 4ක් තියන සිස්ටම් එකක් උදාහටනයට ගත්තොත්
වැඩි පීඩන විදියට ෆෑන් ගහනකොට ෆෑන් තුනකින් ඇතුලට හුලන් එන්නත් එකකින් හුලන් එලිය්ට යන්නත් සෙට් කරනවා
අඩු පීඩන ක්‍රමයට ෆෑන් තුනකින් හුලන් එලියටත් එක ෆෑන් එකකින් හුලන් ඇතුලටත් විදියට සෙට් කරනවා
උදාසීන ක්‍රමයට දෙකකින් ඇතුලටත් දෙකකින් එලියටත් සෙට් කරනවා...
කේසින් ෆෑන් වලට ඩස්ට් ෆිල්ටර් තියනවනම් තමා වඩාත් හොද , නැත්තම් හුලන් එක්ක කේසින් එක ඇතුලට දූවිලි එනවා...
ඩස්ට් ෆිල්ටර් තියනවනම් වැඩි පීඩන ක්‍රමයේදි බාහිර පරිසරයේ වායු පීඩනයට වඩා කේසින් එක ඇතුලෙ වායු පීඩනය වැඩි නිසා කේසින් එකේ වෙනත් සිදුරු වලින් කේසින් එක ඇතුලට හුලන් එන්නෙ නෑ.. ඒ වෙනුවට වෙන්නේ ඒ කේසින් එකේ තියන හිදැස්, සිදුරු වලින් එලියට හුලන් පිටවෙනවා.. ඒ නිසා ඇතුලට හුලන් එන්නේ ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා විතරක් නිසා දූවිලි එන්නෙ නෑ කේසින් එක ඇතුලට.. හැබැයි මේ ක්‍රමේදි කේසින් එක ඇතුලෙ උනුසුම් වාතය පිටවෙන වේගය අඩු නිසා ඇතුලෙ උශ්නත්වය පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්...
අඩු පීඩන ක්‍රමයේදි කේසින් එක ඇතුලෙ පීඩනය පරිසර පීඩනයට වඩා අඩු නිසා.. ෆෑන් වලින් ෆිල්ටර් හරහා ඇතුලට යන හුලන් වලට අමතරව කේසින් එකේ තියන සිදුරු , හිදැස් වලිනුත් ඇතුලට හුලන් ඇදිල යනවා.. ඒ හුලන් ෆිල්ටර් වෙන්නෙ නැති නිසා ඒත් එක්ක ඇතුලට දූවිලිත් ඇදිල යනවා... ඉක්මනටම කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලෙ උනුසුම් වාතය ඉක්මනට එලියට ඇදල දාන නිසා අතුලත උෂ්නත්වය ඉක්මනට අඩු වෙනවා...
උදාසීන ක්‍රමයේදි පරිසර පීඩනය කේසින් එක ඇතුලත පීඩනයට සමාන නිසා ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා යන හුලන් වලට අමතරව වෙනත් තැන් වලින් හුලන් ඇතුලට යන්නෙ නෑ.. ඇතුලට හුලන් එන වේගෙන්ම අතුලෙ හුලන් එලියටත් යන නිසා උනුසුම් වාතය කේසින් එක ඇතුලෙ රැදෙන්නෙ නෑ.. ඒ නිසා උෂ්නත්වයත් හොදින් පාලනය වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලට හුලන් එන ෆෑන්වල ඩස්ට් ෆිල්ටර් නිතර සුද්ද කරන්න ඕන.. නැත්තම් ටික කාලෙකදි ඇතුලට හුලන් එන ෆෑන් වල ෆිල්ටර් එකේ දූවිලි එකතු වෙලා ඇතුලට එන හුලන් ප්‍රමානය අඩු වෙනවා නමුත් එලියට හුලන් පිටකරන ෆෑන් ෆිල්ටර් වල දූවිලි නොබැදෙන නිසා ඇතුලට හුලන් එන වේගෙට් වඩා වේගෙන් ඇතුලෙ හුලන් එලියට දානවා එතකොට අඩු පීඩන තත්වයක් ඇතිවෙන නිසා කේසින් එකේ සිදුරු වලින් ඇතුලට දූවිලි සහිත හුලන් ෆිල්ටර් නොවී ඇදිල යනවා එතකොට කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා...
මම හිතන්නේ
දැන් උඹටම තීරනය කරන්න පුලුවන් කොහොමද ෆෑන් සෙට් කරන්න ඕන කියල
නොමල් led එකක් දා ගනින් අවුලක් නැ