කරවල බැදුම

Jul 23, 2016
211
41
0
අවශ්‍ය ද්‍රව්‍ය:

කැමති හැඩයකට කපා ලුනු කහ අතගා ගැබුරු තෙලේ බැදගත් වම්බටු

දෙහි ඉස්ම ටිකක් තවරා විනාඩි 10ක් තබා ගැබුරු තෙලේ බැදගත් කරවල (කැමති වර්ගයක් ගන්න... වඩාත් රසයි තලපත් හෝ කට්ටා)
130.jpg

තරමක් මහතට කපාගත් බී ලූනු,මාලු මිරිස්, කැමතිනම් තක්කාලි
වම්බටු කරවල බැදුම


ඔයිස්ටර් සෝස්
තක්කලි සෝස්
සොයා සෝස්
කෑලි මිරිස්
තලාගත් ඉඟුරු සුදු ලූනු

තෙල් චුට්ටක් (වැඩිය දාගන්න එපා ඉඟුරු සුදුලූනු ටික බැදගන්න තරමට ඇති) රත් වෙන්න තියල ඒකට ඉඟුරු සුදුලූනු ටික දමා ටිකක් තෙම්පරාදු කරගන්න... ලූනු,මාලු මිරිස්,කෑලි මිරිස්,සෝස් වර්ග ටික දමා හොදින් කලවම් කර අවසානයට වම්බටු කරවල සහ තක්කලි දමා කලවම් කර මදගින්නේ විනාඩි 3ක් තබා ලිප නිවා ගන්න.... පියන අරින්නේ නැතුව තවත් විනාඩි දෙක තුනක් තබන්න.... ලුනු අවශ්ය නම් පමනක් දාගන්න....
 
  • Like
Reactions: Chathuranga1

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වාව් නයිස් රෙසපි .. කරෝල ලංකාවේ ගන්න තියෙනවද ? ගන්න තැනකුත් දාන්න