කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)
.
.
.
.
.
.
.
.
මා කුඩා කල අපෙ රට ගැන කියවපු ඇතැම් වීර කතන්දර නිසා ඇතැම් දේවල් ඇසීම නිසා පුදුම අභිමානෙකින් හිටියෙ. ඒත් ලොක සිතියම් පොත අරගෙන එකෙ කර්මාන්ත නිෂ්පාදන කියන කොටස් වලට අදාල පිටු පෙරල පෙරල බලද්දි මට අපෙ රට ගැන මාර දුකක් ඇතිවුණෙ. තිබ්බ අභිමානෙ සොදාපාළුවට ලක්වුණා කිව්වොත් නිවැරදි .ඒ සිතියම් පොත අච්චු ගහලා තිබ්බෙ එකදහස් නමසිය අසූ ගණන් වල. නිෂ්පාදන කියන කොටසෙ ලංකාවෙ නම තිබ්බෙ තෙ නිෂ්පාදනයට විතරයි .එකත් 7 වෙනියාට වගෙ. ඒත් ඇමරිකාව, ජපානය, චීනය, බ්‍රිතාන්‍ය ,ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, ප්‍රංශය වගෙ රටවල් උඩින්ම හිටියා. පස්සෙ කාලෙක තෙරුම් ගත්තා අපෙ රට් කිසි දෙයක් අපෙ කියලා නැති බවත් අඩුම ගානෙ අපෙයි කියලා අල් පෙනෙත්තකත් නිෂ්පාදනය වෙන්නෙ නැති බවත්. ඒ වගෙම තවත් පස්සෙ කාලෙ අපෙ රටෙ විද්‍යාඥයො නැති බවත් හින්නෙ හුදෙක්ම ආකෘතික උගතුන් බවත් ඔවුන්ද තමන් විද්‍යාඥයෙක් යැයි හඳුනාගැනීමට සහ එයින් ඇතිවන සමාජ තත්වය වෙනුවෙන් පමණක් වෙහෙසෙනවා විනා අළුතෙන් යමක් කිරිමට හා කර්මාන්ත වශයෙන් කිසිවෙකුගෙත් උත්සහයක් නැති බවත් තෙරුණා. උසස් පෙළ පන්තියෙදි තමා මට වැටහුනෙ අපෙ අධ්‍යාපනයෙ තියෙන දුර්වල කම් මොනවාද කියන එක. ඒත් දවසක් හරි අකුරක් හෝ කළ අධ්‍යාපනයට ඇති ගෞරවය නිසා කිසිවක් නොකීවාට මොකද මට අපෙ ඉගැන්වීමෙ ක්‍රමවෙදය ගැන තිබ්බෙ ඉමහත් පිළිකුළක්. අළුත් දෙවල් ගැන ,රටෙ නැග්ම වෙනුවෙන් කළයුතු දැ කතා කිරිමට එකෙකු හො සොයාගැනිම කළු නික සොයාන්නාක් මෙන් දුෂ්කර කාර්‍යක් උනා ඒ දවස් වල .බොහො දෙනෙකු කැම්පස් යාමත් ,ඔවුන්ගෙම වචනවලින් එහි ගිය පසු ලබන්නාවු ආතල් ගැනත් ,ගොසින් ලබගන්නා උපාධිය හා එයට ඇති පිළිගැනීම ගැනත් කතා කරනවා විනා(පවතින ක්‍රමය අනුව මෙවැනි ෆැන්ටසි තුළ ජීවත් වීම වරදක් නොවන බව කරුණාවෙන් කියා සිටිමි) උක්ත මා පැවසු කාරණා ගැන අළුත් අදහස් ගැන සාකච්ඡා කිරිමට කිසිවෙකු හමු වුයෙ නැහැ .ඇතමුන් දෙශපාළුවන්ට බැන වැදෙන අතර ඇතමුන් ලි කුවාන් යු ගෙ සිංගප්පූරුව ගැන උදන් අනමින් ලංකාවෙ දියුණුව ගැන ප්‍රායොගික නොවන සිහින් බැලීමක් නම් සිදු කළා .
මා පොඩි කාලෙ ඉඳන් සිහින මැව්වා ලංකාවෙම හදපු කාර් පාරෙ යනවා දකින්න ,ලංකාව කර්මාන්ත නිෂ්පාදන වලින් ජර්මනිය ,එංගලන්තය ,ජපානය මට්ටමට එනවා දකින්න .කොටිම මා විසින්වත් කෙදිනක හෝ එවැනි දෙයක් කිරීමට උත්සහයක් ගන්නවා කියා යම් සිතිවිල්ලක් හිතෙ තිබුණා .නමුත් අප රටෙ අද්‍යාපනය විසින් කර්මාන්ත වශයෙන් දියුණුවක් වෙන්න අවශ්‍ය කරන මොළකාරයො හදාගන්නවා වෙනුවට තරඟ විභාග මගින් ඊනියා උසස් සමාජීය තලයක ඉහල වැටුප් ලබන උගත් වහලුන් පෙරාගැනීමක් සිද්ධ කිරීමක් සිදුවන නිසා මා ද එකි රැල්ලට එකල හසුවිය.
දැන් මා හට දැන ගැනීමට අවැසි දැ මෙයයි. මේ රටෙ කර්මාන්ත්ව විප්ලවයක් කළ නොහැකිද ? එසෙ කල හැකිනම් වියයුතු දැ මොනවාද? පවතින වාතාවරණයා අනුව ඇතිකල හැකි කර්මාන්ත මොනවාද ??
සංවාදයට විවෘතයි !

නමුත් ඒක වෙන්නේ නෑ 