ඔයාගෙ ප්‍රශ්ණයට පිළිතුර හැටියට මට කියන්න තියෙන්නේ අපේ රටේ කර්මාන්ත විප්ලවයක් ඇති කළ හැකියි
නමුත් මට තේරෙන හැටියට ලොකු ගැටළුවක් තියෙනව. මොකද මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට රජය, ව්‍යාපාරිකයන්,
තාක්ෂණ වේදීන්, නව නිර්මාණ කරුවන් යන සියල්ලම සම්බන්ධ විය යුතුයි. උදාහරණයක් හැටියට කවුරුහරි කෙනෙක් යන්ත්‍රයක් නිෂ්පාදනය කලොත්,
එම යන්ත්‍රය ඊට වඩා කියක් හරි අඩුවෙන් චීනෙන් හෝ ඉන්දියාවෙන් වෙන කෙනෙක් ගෙනල්ල විකුනනවා. එතකොට අපේ රටේ කෙනාට නිෂ්පාදනය
විකුණගන්න බැරි වෙනවා. මේ වගේ වෙලාවට රජය මැදිහත් වෙලා පිටරටින් ගෙන්නන නිෂ්පාදනය සිමා කරන්න ඕන, Tax එක වැඩි කරලා අපේ
රටේ නිෂ්පාදකයාට වඩා වැඩි ගාණකට නිෂ්පාදනයේ මිල වැඩි කරන්න ඕන.
මේ ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ. අපේ රටේ කර්මාන්තශාලාවල රට ගැන හිටලා වඩා කරන්නේ ඉතාමත්ම සුළු පිරිසක්.
Purchasing department වල කට්ටියට , ඉංජිනේරුවන්ට ජරාව නොදී කිසිම දෙයක් factory එකකට විකුණගන්න බැරි තත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ.
එකටත් ගොඩක් හේතු තියෙනව. මොකද අපේ රටේ වුර්තියට සරිලන වැටුපක්ලැ බෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. company අයිතිකාරයො තමන්ට
ලැබෙන ලාභෙන් තව company එකක් හරි ඉඩමක් හරි ගන්න බලනවා මිසක්. සේවකයන්ට සාදාරන වැටුපක් දෙන්නේ නැහැ. රටේ මුදල් සාදාරණව
බෙදී යන්නේ නැහැ. එකයි මම කියන්නෙ මේක ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ කියල.
මේ රටේ කාර්මික විප්ලවයක් ඇති කලා හැකියි. එකට සැවොම එකතු වී වැඩ කලා යුතුයි. අපේ රටේ දෙමවුපියන් හැම තිස්සෙම බලන්නනේ තමන්ගේ
දරුවෝ ඉංජිනේරුවෝ, doctorsලා කරන්න. office එකක වැඩ කරනවා බලන්න. එකත් ලොකු විනාසයක් මේ රටට.