කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.
කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.ටික කාලෙකට පස්සේ සංචාරක නූලක් ලියන්න හිතුන.මේකත් ටිකක් දිග නූලක්.
මේ ගමන අපි ගියේ ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු දවස් වල, ඒ කිව්වේ 2018 සිංහල අවුරුද්දට.
ලංකාවේ සුන්දරම පරිසර පද්ධතියක් වෙන දුම්බර වනාන්තරයේ සොඳුරුතම ගමනාන්තය වෙන දූවිලි ඇලි දාමය තමයි අපේ සංචාරක ඉලක්කය වුනේ.
ගමන සිද්ධ වුනු විදිහ ගැන කියනවා නම්,
මෙතන සමහර දෙනෙකුට මතක ඇති කළුපහන කඳු මුදුනේ ගෙවපු රැයක් ගැන මම කලින් ලියපු ත්‍රෙඩ් එක.
අන්න ඒ ගමන මම ගිය මගේ දකුණේ මිත්‍රයා සමගම තමයි මේ ගමනත් ගියේ.
ඔහු මට කතා කරලා කිව්වා දූවිලි ඇලි යන්න එනවද කියල....මමත් සෑහෙන කාලයක් ආසාවෙන් යන්න හිටපු ඉසව්වක් නිසා ගමනට කැමති වුනා.
ගමන සම්පුර්ණයෙන්ම සුදානම් කලේ ඔහුයි.ඒ ගමනට ඔහුගේ තවත් මිත්‍රයෙක් සහ සගයෝ දෙදෙනෙක් එකතු වුනා.
මුළු පිරිස ඔක්කොම 05 දෙනයි.මගේ මිත්‍රයා කලින් දුවිලි ඇලි ගිහින් තිබුනා, ඒ ඇටන්වල කියන පාරෙන්.
නමුත් මෙවර ඔහුගේ සැලසුම වුනේ කළුපහන kmp එනසාල් වාඩියේ සිට දුවිලි ඇලි හරහා රඹුක්කොලුව කියන ගම්මානය ඔස්සේ ගමන යන්න.
නමුත් අනිත් සගයෝ 03 එක්කෙනෙක්වත් දුවිලි ඇලි හෝ, කළුපහන ප්‍රදේශයේ කලින් ඇවිදලා තිබුනේ නෑ.
අන්න ඒ හේතුවම නිසා තමයි ඔහු විශේෂයෙන් මේ ගමනට මාව සම්බන්ධ කරගත්තේ, කළුපහන සහ ඒ අවට කැලෑව ගැන මගේ තිබුණු අත්දැකීම් ගමනට අවශ්‍ය වෙයි කියන කාරණය නිසා.
කොහොම හරි ගමනට අවශ්‍ය බඩු මුට්ටු සියල්ලම පාහේ සුදානම් කලේ අපේ සගයෝ 03. මොකද ඒ යාළුවො කට්ටිය කලින් දවසේ රඹුක්කන ඉඳල නුවරට ආපු නිසා.
මමත් මගේ යාලුවත් අවශ්‍ය සීමිත බඩුමුට්ටු ටිකත් අරගෙන කොළඹින් පාන්දර බස් එකේ ඇවිදින් නුවරදී කට්ටිය එක්ක එකතු වුනා.
සුපුරුදු මාර්ගය ඔස්සේ වත්තේගම හරහා බඹරැල්ල ලෙබනන් වතු යාය ඔස්සේ අපේ ගමන පටන් ගත්තා.
අපේ සැලසුම වුනේ පළමු රාත්‍රිය kmp වාඩියේත්,
දෙවෙනි දින උදෙන්ම දුවිලි ඇල්ල සොයා පිටත් වී එදින දුවිලි ඇලි ගුහාවෙත්,
තුන්වෙනි දින පල්ලම් බැස සවස් වන විට රඹුක්කොලුව ගම්මානයට සේන්දු වී තුන්වන රාත්‍රිය ගම්මානයේත්,
සිව් වෙනි දින ගමනේ නිමාවත් ලෙසයි.
මේ දවස් වෙද්දී කළුපහන කැලේ පොඩි අවාසනාවන්ත සිද්ධි කිහිපයක් සිද්ධ වෙලා තිබුනා.
නකල්ස් හුළු ගඟේ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුන වගේම වනාන්තරයේ සංචාරය කරපු පිරිසක් පොඩි කරදර කිහිපයකට මුහුණ දීල තිබුනා.
ඒ නිසා අපිත් බොහොම සැලකිල්ලෙන් තමා ගමන පිටත් වුනේ.ඒ වගේම ඒ සති කිහිපයම අධික වර්ෂාවක් දුම්බරට ඇද වැටි තිබුන.
කොහොම උනත් සැලකිල්ලෙන් වගේම හරිම සෙමින් තමා ගමන සිද්ධ වුනේ.මුළු ගමන පුරාවටම හරිම පැහැදිලි ලස්සන කාලගුණයක් තිබුනා.
බඹරැල්ල - ලෙබනන් වතු යායෙන් ගමන ආරම්භ කළා.
ලෙබනන් වතු යායට දකින්න ලැබෙන ජෝඩු ඇල්ල
ගෝමරයේ ගල සහ කන්දසාමි ගල
රතනගිරි මාන කන්ද
ලෙබනන් වතු යායෙන් පස්සේ හම්බුවෙන පලවෙනි මග සලකුණ වුනු රත්නගිරිය මාන කන්ද ලඟින් අපි ගිමන් හරින්න නැවතුනා.
එහෙම ඉද්දි අපි ඉදිරියෙන් තියෙන මාන කන්දේ මුදුනට යමු කියන යෝජනාවක් එක්ක අපි රත්නගිරිය කන්ද මුදුනට නැග්ගා.
එතකොට අපිට හරි ලස්සනට දුම්බර වනයේ කොටසකුත්, සෙල්ව කන්ද නිම්නයත්,
ඒ වගේම ඈතින් බොහොම පොඩියට නමුත් ලස්සන දිය ඇල්ලකුත් දකින්න ලැබුනා.
ඒ දිය ඇල්ල දැකපු මුල්ම මොහොතේදී කොයියම් දවසක ඒ දිය ඇල්ල බලන්න ලඟට යනවා කියන සිතුවිල්ල තදින්ම හිතේ ඇඳුනා.
( ඒ වගේම ඒ දිය ඇල්ල අවස්තාවන් 2 කදී සාර්ථක ලෙස තරණය කරන්නට මට පුළුවන් උනා.
ඒක මට ලොකු සතුටක් මොකද ඒ ඇල්ල පිළිබඳව කිසිම තැනක සඳහනක් හෝ, ඒ වනතුරු එය සාර්ථකව ගවේෂණය කරපු කිසිම කෙනෙක් ගැන තොරතුරක්වත් මට දැන ගන්න ලැබුනේ නෑ)
සෙල්වකන්ද නිම්නය.මේ නිම්නය මැදින් තමා අපි දැකපු දිය ඇල්ල පහලට ගලා බසින්නේ.
ඈතින් බොහොම පොඩියට නමුත් ලස්සන දිය ඇල්ලකුත් දකින්න ලැබුනා.අපි මේක ගවේෂණය කරපු අවස්ථාවේ නම් තැබුවේ '' ගෝනා ගිය ඇල්ල '' කියල.
ඉතින් ඔය විදිහට රත්නගිරිය මුදුනෙන් බැහැපු අපි කළුපහන වනයට ඇතුළු වෙලා එතනින් පස්සේ හිමින් හිමින් අඩිපාර ඔස්සේ kmp වෙත යන්න පිටත් වුනා.
අතරමගදී දකින්න ලැබෙන සුන්දරම දිය පාරක් ළඟ නැවතිලා ලස්සන පින්තුරු එහෙම අරගෙන සෑහෙන වෙලාවක් එතන රැඳුනා.
කොහොමින් කොහොම හරි අපි එනසාල් වාඩියට එද්දී දවල් පහුවෙලා හවස් යාමයට කිට්ටු වෙලා.
අපේ මිත්‍රයා '' මහතුන් අයියා '' නම් වාඩියේ උන්නේ නෑ. සිංහල අවුරුද්ද නිසා ගමේ ගිහින් හිටියා කියල මට පහු දවසක කිව්වා.
කලුපහනේ සුන්දර දිය දහරා.
ස්වාභාව ධර්මයේ අපූර්ව නිර්මාණ.මේ තැනට මම හරිම ආසයි.
පලවෙනි සමුහ ඡායාරුපය
අපේ සොඳුරු නවාතැන් පොළ kmp වාඩිය.
වාඩියට ඇවිත් ගමන් මලු එහෙම තියල ඔක්කොටම කලින් හොඳ කෝපි කෝප්පයකින් සප්පායම් වුනා.
එතනින් පස්සේ රාත්‍රියට අවශ්‍ය කෑම එහෙම පිළියෙළ කරලා වාඩියේ පීල්ලෙන් හොඳට වතුර නාගෙන රෑට කෑමත් කාලා,
කෝපි කේතලයකුත් හදාගෙන දෙගොඩ ජාමේ විතර වෙනකන් හොඳ කයියක් ගැහුවා.
එදා රාත්‍රිය නම් හරිම රසවත්. අපි කිහිප දෙනෙක්ම මීට කලින් මුණ නොගැහිලා තිබුනත් හරි ඉක්මනටම අපි එකිනෙකා අඳුර ගත්තා.
එක එක්කෙනාගේ රස වින්දනයන් තේරුම් ගත්තා, සින්දු ගැන, අතීත උරුමයන් ගැන, දුම්බර වනය ගැන අපේ අත්දැකීම් ගැන, ඔය වගේ මාතෘකා ගොඩක් තිබුන අපිට කතා කරන්න.
පහුවදා උදේ පාන්දරම අපි නැගිට්ටේ දුෂ්කර වන සංචාරයක් වෙනුවෙන් සුදානම් වෙන්න.
නැගෙනහිරින් ඉර පායන්නටත් පෙර අවදි වුනා.
උදේට කෑමත් සුදානම් කරලා, අවශ්‍ය කළමනා සේරම මලු වලට අඩුක් කරගෙන අපි පිටත් වුනා දුවිලි ඇලි සොයාගෙන.
දුවිලි ඇලි ගැන පොඩි හැඳින්වීමක් කලොත්,
දුවිලි ඇලි කියන්නේ ලොකු කුඩා දියඇලි 12 විතර සමන්විත දුම්බර වනයේ මැදට වෙන්න වගේ පිහිටලා තියෙන සුන්දරම දියඇලි දාමයක්.
මේ දියඇලි දාමයේ ප්‍රධාන ජල පෝෂකය නිර්මාණය වෙන්නේ කළුගඟ මගින්.
( මෙතන කළුගඟ කියන්නේ කළුතරින් වැටෙන කළුගඟ නෙමේ, මහවැලි ගඟේ අතු ගංගාවක් වෙන කළුගඟ )
මේ කළුගඟ හරස් කරලා තමයි මෑතකදී කළුගඟ ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය කරන්නේ.
දුවිලි ඇලි වලට ලඟා වෙන්න පුළුවන් පාරවල් කිහිපයක්ම තියෙනවා.
- ඇටන්වල මාර්ගය
- රඹුක්කොලුව මාර්ගය ( මේ පාරවල් දෙකම වැද්දාහෙන කියන ස්ථානයේදී එකතු වෙලා එතනින්
පස්සේ තනි පාරක් හැටියට තමයි දුවිල්ලට යන්නේ )
- රණමුරේ මාර්ගය
- කළුපහන - kmp මාර්ගය ( මේ මාර්ගය දැන් අවුරුදු කිහිපයක ඉඳල සම්පුර්ණයෙන්ම වගේ වැහිලා
තියෙන්නේ )
- මීට අමතරව මීමුරේ පැත්තේ ඉඳලත් කැලේ මැදින් දුවිලි ඇල්ලට කට්ටිය එනවා. නමුත් එතනත්
පාරක් නම් නැහැ, සිතියම්, Gps හෝ පළපුරුදු මගපෙන්වන්නෙක් එක්ක තමා එන්න පුළුවන්.
( තවත් විශේෂ කාරණයක් කියන්න ඕනේ,මේ සේරම මංපෙත් වලට අමතරව දූවිලි ඇල්ලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මංපෙතක් ගවේෂණය කරන්නට මමත්, තව අපේ ගවේෂක කණ්ඩායමකටත් හැකියාව ලැබුනා.
ඒ මංපෙත මීට කලින් සම්පුර්ණයෙන්ම ගවේෂණය කරලා තිබුනේ නෑ.ඒ මාර්ගය දුවිලි ඇලි වලට ලඟා වෙන්න පුළුවන් වඩාත් සුන්දරම මාර්ගය බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්.
ඒ වගේම දුෂ්කරම මාර්ගය. එහි හමුවුණු දිය ඇලි කිහිපයකටම නම් තියන්නත් මට අවස්තාව ලැබුනා.
මොකද ඒක කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කිහිප වතාවක් තනියම ඒ ඔස්සේ නියමු චාරිකා ගිහින් සම්පුර්ණ ගවේෂණය සුදානම් කිරීම වෙනුවෙන්.
ඒක අපි නම් කලේ කළුපහන - දිය ඇලි මාවත කියල.ඒක ගැන නම් තවමත් පබ්ලික් ෆෝරම් එකක ලියන්න මට කොහෙත්ම අවසරයක් නෑ.එහෙම ලැබුණු දවසට මම ලියන්නම්. )
අපි තෝර ගත්තේ කළුපහන - kmp පැත්ත.
ගූගල් සිතියමට අනුව වාඩියේ සිට දුවිලි ඇල්ලට ආසන්න වශයෙන් කිලෝමීටර් 3 පමණ දුරක් තියෙනවා.
වාඩියේ සිට ඉපැරණි හේමචන්ද්‍ර වාඩියේ නටඹුන් දක්වා මීටර් 500 විතර දුරක් වෙනකන් අඩි පාර පැහැදිලිව තියෙනවා.
නමුත් එතනින් පස්සේ සම්පුර්ණයෙන්ම ගමනට සිතියම් හෝ මගපෙන්වන්නෙක් අවශ්‍යයි.
මගේ මිත්‍රයා මේ ගමන අතරමග හමුවෙන විශේෂ මග සලකුණු කිහිපයක ඡායාරුප වගයක් හොයාගෙන ඇවිත් තිබුන.
ඒ වගේම Google offline map එකත් download කරගෙන අවශ්‍ය මොහොතකදී පාවිච්චි කරන්න සුදානමින් තියා ගත්තා.
ඔය විදිහට අපි හේමචන්ද්‍ර නටඹුන් පහු කරලා කැලැව මැදින් ටිකක් දුර ගියා. නමුත් සම්පුර්ණ රූස්ස වනයත් යටිරෝපනයෙන් වැවුණු එනසාල් පඳුරුත් ඇරෙන්න කිසිම මග සලකුණක් දකින්න ලැබුනේ නෑ.
ඔහොම ටිකක් ඉස්සරහට යද්දී පුංචි වතුර පාරක් හම්බුනා.
අන්න එතනදී මගේ මිත්‍රයා මගසලකුණු වශයෙන් ගෙනාපු පින්තුර එක්ක සසඳද්දී එක පින්තුරක් එක්ක ගැලපෙන බවක් පෙනුනා.
ඒ කියන්නේ මෙතෙක් ආපු දුර අපි නිවැරදියි කියන එක.
හේමචන්ද්‍ර නටඹුන් වාඩියට පෙනෙන තුන්හිස්ගල කන්ද.
හේමචන්ද්‍ර නටඹුන් වාඩිය
වනරාජ පැලෑටිය
මෙතෙක් ආ දුර නිවැරදි බව සහතික වුනු පුංචි වතුර පාර
ඉතින් ඔය විදිහට තවත් ටිකක් දුර ඉස්සරහට ගියා.නමුත් කැලේ දෙතුන් පැත්ත පීරලා හෙව්වත් කිසිම මග සලකුණක් දකින්න ලැබුනේ නෑ.
අන්න එතැනදී අපි තීරණය කළා offline map එක සහ Gps ප්‍රයෝජනයට ගන්න.
සාමාන්‍යයෙන් සංචාරකයෝ වගේම මගපෙන්වන මිනිස්සු උනත් කලුපහනෙන් දුවිලි ඇලි යද්දී භාවිතා කරන සම්මත ක්‍රමයක් තියෙනවා.
ඒ තමයි, දුවිලි ඇල්ලේ Infinity pool ( අනන්ත තඩාගය ) කියන ස්ථානයට එකතුවෙන නාරංගස් පල්ලම කියන අතු ගංගාව ගලා එන්නේ,
කළු ගඟට සමාන්තරව තවත් කළුපහන පැත්තට වෙන්න.
ඒ ගොඩක් දෙනෙක් කරන්නේ කළුපහන කැලේ මැදින් gps ඔස්සේ ගිහින් ඒ අතු ගංගාව ඔස්සේ පහලට infinity වෙත ගොස් නැවත දුවිලි ඇල්ල උඩට නගින එක.
( නූලේ අවසානයට මම කටු සිතියමක් අමුණලා තියෙනවා. කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් )
ඉතින් අපිත් මුලින් තීරණය කළා කොහොම හරි ඒ අතු ගංගාව හොයාගන්න.
අපි Gps වලින් දුවිලි ඇලි ගුහාව ට පොයින්ට් කරගෙන පුළුවන් තරම් කිට්ටුවට යන්න තමා තීරණය කලේ.මම තමා ඉස්සරහින් ගියේ.
ඔය අතරේදී තමා මාඋස්සා කියන සාපයට මාව අහුවුනේ.
මාඋස්සා කියන්නේ නකල්ස් වනයේ හමුවෙන විස සහිත කුඩා පැලෑටියක්. සාමාන්‍යයෙන් අඩි 4,5 විතර උස ගහක්.කොලේ හමේ වැදුනම තමා විස වෙන්නේ.
මම අහල තියෙනවා මාඋස්සා වැදුනම සමහරු කැලේ අතරමං වෙනවලු.
මමත් ඉතින් මෝඩ කමට කොට කලිසමක් තමා ඇඳගෙන ගියේ.
එක පාරටම ඉස්සරහට යද්දී කොලේ වැදුන විතරයි දනිස්සට උඩින් පුපුරු ගහනවා වගේ දැවිල්ලක් එක්ක වේදනාවක් දැනුනා.
වේදනාවට එහෙම්මම පල්ලමේ ටිකක් දුර කැලේ කඩාගෙන ගිහින් ගලක ඉඳගත්තා.
පිටිපස්සෙන් ආපු යාළුවො හොඳ වෙලාවට ලඟට ඇවිත් සිද්ධිය ඇහුවා.
ඊට පස්සේ මට කියනවා, '' උඹ එකපාරටම කැලේ පල්ලට කඩාගෙන ගියා විතරලු දැක්කේ. අපි හිතුවේ සර්පයෙක්වත් කෑවද දන්නේ නෑ කියල...''
හැබැයි ඉතින් මාඋස්සා වැදුනම කැලේ අතරමං වෙනවා කියන එක ඇත්තකුත් ඇති, මොකද ඔය කොලේ මූණක ඇහැක එහෙම වැදුනම යන්නේ කොහෙද කියල දැනෙන්නේ නැතුව ඇති.
එතන ටිකක් වෙලා වේදනාව යන්නත් එක්ක ඉඳලා තව ටිකක් කැලේ ඉස්සරහට ගියා.
අපි හැම වෙලේම Gps point එක දුවිලි ඇල්ලට කෙලින් තියාගෙන එක සීරුවට ඉස්සරහට ගියා.
අපේ සැලසුම හරි සරලයි, පුළුවන් තරම් කැලේ වටේ යන්නේ නැතුව තනි කෙලින් දූවිලි ගුහාවට යන එක තමා අරමුණ.
නමුත් කැලේ භුවිෂමතාවය හැම වෙලේම ඒකට සහයෝගය දුන්නේ නෑ.තැනින් තැන ලොකු පල්ලම්, ගල් කුළු වගේ බාධක සෑහෙන තිබුන.
ඒ වගේම කිහිප පොලකින්ම වතුර පාරවල් තරණය කරන්නත් සිද්ධ වුනා.
ඔය විදිහට අපි වාඩියේ ඉඳල පැය 3 විතර ආවට පස්සේ අපිට තේරුනා ඉදිරියෙන් ලොකු පල්ලමක් තියෙන විත්තිය.
හැබැයි ඒ වගේම කැලේ ගස් අතරින් යාන්තමට වගේ දුවිලි ඇල්ල දැක්කා.
ඒ කියන්නේ මේ පල්ලම බැහැල ආපහු කන්දක් නැග්ගම දුවිලි ඇල්ල බව පැහැදිලි වුනා.
ඊට පස්සේ අපේ ඊළඟ උත්සාහය උනේ පල්ලම බහින එක.ඒක ඉතාමත් සීරුවෙන් කරන්න උනේ.
මොකද තරමක ආනතියකින් තමා අපි බැස්සේ.කොහොම හරි ඒ පල්ලම බැහැල ටිකක් ඉස්සරහට යද්දී අපිට නාරංගස් පල්ලම ඔය දකින්න ලැබුනා.
අපි මෙතනට වෙනකන් ගමන ඉතා සාර්ථකයි.ඊට පස්සේ අපේ තීරණය වුනේ ගඟ දිගේ පහලට යනවද, නැත්තන් ආපු විදිහට ගුහාව ඉලක්ක කරගෙන ඉදිරියට යනවද කියන එක.
මගේ මිත්‍රයාගේ යෝජනාව වුනේ අපි ඉදිරියටම යමු කියන එක.
ගඟෙන් එතෙර වුනාට පස්සේ අපි නැවත gps සිතියම නිරීක්ෂණය කරද්දී දකින්න ලැබුනේ ගුහාවට තවත් මීටර් 290 දුරක් තමා තියෙන්නේ කියන එක.
ඒ අනුව අපි නැවත කන්ද දිගේ ගුහාව පැත්තට ගියා.එහෙම යද්දී අපි දැක්කා විශාල ගල් පර්වතයක් අපේ ගමනට හරස් වෙන බව.
නමුත් මමත්, මගේ මිත්‍රයත් අත්දැකීමෙන්ම තේරුම් ගත්තා මේ දුවිලි ගුහාව නිර්මාණය වෙන ගල් පර්වතය කියන එක.
ඒ අනුව අපි පර්වතයේ වම් දිශාවෙන් පර්වතයේ අයිනේ දාරය දිගේම ඉදිරියට ගියා.
ඔහොම මිනිත්තු කිහිපයක් යද්දී අපි දකින්න බලාපොරොත්තු වුනු දේ අපිට දකින්න ලැබුනා.
අපි සෑම විටම නිවැරදි දිශාවම තමයි තෝරාගෙන තිබ්බේ.අපි කෙලින්ම ගිහින් දුවිලි ඇල්ලේ ගුහා කටටමයි ඇවිත් තිබුනේ.
හරියටම ඒ වෙද්දී අපි උදේ ගමන පටන් අරගෙන පැය 4 යි මිනිත්තු 20 කාලයක් ගෙවිලා.හරියටම දවල් 1 පහු වෙලා.
අපි ටිකක් වෙලා ගිමන් නිවා ගන්න ගමන් මිත්‍රයෝ ටික මෙතෙක් ගමනේ සාර්ථකත්වය ගැන සමාලෝචනයක් කළා.
හැබැයි මම නම් කලේ පෙරිටන් පෙත්තක් බීලා නිදා ගත්තු එක.මොකද මාඋස්සා වේදනාව ඒ වෙද්දීත් සැරටම දැනුනා.
ගඟ තරණය කරද්දී වතුර වැදුණු නිසා වේදනාව තවත් වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ.
අතරමග ලොකු දිය පාරවල්, ගල්කුළු තරණය කරමින් ඉදිරියටම ගියා.
මාඋස්සා සාපය.
කැලේ ගස් අතරින් යාන්තමට වගේ දුවිලි ඇල්ල දැක්කා.
නාරංගස් පල්ලම ඔය
ගුහාවට තවත් මීටර් 290
දවල් 1 පහු වෙද්දී වගේ අපිට ගුහාවට එන්න හැකියාව ලැබුනා.