කස්ටම් කාක්කන්ට හෙණ හතම ගහපිය.
යාළුවනේ මම මේ කියන කථාව සත්‍ය සිදුවීමක් නිසා අවධානයෙන් කියවන්න. මම නිවාඩුවට ලoකාවට එන මගේ යාලුවෙක් අතේ මගේ අළුතින් හදන ගෙදරට අවශ්‍යය බාත් රූම් සෙට් දෙකකුයි ටයිල් වර්ග අඩි 850කුයි එව්වා. මගේ යාලුවා අවුරුද්දකට පස්සේ ලoකාවට යන නිසා මෑන්ස්ට ඩොලර් 1000ක allowance එකකුත් තියෙනවා. අනික ටයිල් වර්ග අඩි 1000ක් කිසිදු බද්දක් නොගෙවා ලoකාවට ගේන්න නීතියකුත් තියෙනවා. කස්ටම් ඔෆිසර් මගේ යාළුවට කියලා මේවා ක්ලියර් කරනවා නම් රුපියල් 45000ක් ටැක්ස් ගහන්න වෙනවා. නමුත් මම මේවා ක්ලියර් කරලා දෙන්නම්. මට රුපියල් 20000ක් දෙන්න කියලා. මගේ යාලුවා එච්චර සල්ලි ගෙනියලත් නෑ. කොච්චර කිව්වත් කස්ටම් ඔෆිසර්ගේ හිතේ තෙතමණයක් නැති නිසා ආයෙත් ගෙදර ඇවිත් සල්ලි අරන් ගිහින් දෙන්න හදනකොට පොර කියනවාලු 20000ක් මදි 25000ක් ඕනේ කියලා. පස්සේ මගේ යාළුවා කියලා මගේ අතේ තියෙන්නේ මෙච්චරයි. ඉතුරු 5000 පස්සේ දෙන්නම් කියලා. බඩු නම් ක්ලියර් කරගත්තා. ඒත් අරූ කෝල් කර කර ඉතුරු 5000 ඉල්ලනවාලු. අපි සල්ලි කාරයෝ නෙවෙයි. බොහොම අමාරුවෙන් පිට රටකට ගිහින් ගොඩක් දුක් මහන්සි වෙලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් මේ වගේ හිතක් පපුවක් නැති එවුන් අපිව මoකොල්ල කනවා. මට මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න හොද උපදෙසක් දෙන්න.
Last edited:



කාර් වුනත් ගේන්න පුලුවන් ලොකු ගානක් ගෙවන්න වෙනවා.
