මේක උනේ රුවන් සර්ගේ ක්ලාස් එකේ. නුගේගොඩ සැසිප් 2016 A/L revision . මට එදා යන්න පරක්කු වෙලා මම හිටියේ කෙල්ලන්ගේ පැත්තට වෙන්න තියෙන පෝලිමේ. මගෙ අනිත් යාලුවෝ සෙට් එක මට එහාපැත්තේ පෝලිමේ. එක පාරටම ක්ලාස් එකෙන් හෙන සද්දෙන් කෙල්ලෙක් ආආආහ් ආආආආආආහ් ගාලා සද්දයක් ආවා. සර්ටත් ඇහුනා අපිට එහා පැත්තේ හිටපු කෙල්ලන්ටත් ඇහුනා මුලු ක්ලාස් එකටම ඇහුනා. ඔක්කොම බක බක ගගා හිනාවෙනවා. වැඩිපුරම මාත් එක්ක හිටපු සෙට් එක. අපිට මීටර් වැඩේ උනේ කොහොමද කියලා. යාලුවන්ව චාටර් වෙන්න දෙන්න බෑනේ අපි ඔක්කොම හතර වටේ බල බල මොකුත්ම දන්නේ නෑ වගේ හිටියා. සර්ත් මුලින් හිනාවෙලා පස්සේ මුලු ක්ලාස් එකම හිනා වෙන නිසා මලපැනල රැව්වා. කට්ටිය එහෙමම ශේප් උනා ඊට පස්සේ. හරියටම උනේ මොකක් ද කියලා දැනගත්තේ ක්ලාස් ඉවර උනාම. අපි හිතපු එක හරි. අපේ යාලුවෙක් ඉන්නවා කුරුණෑගල ඩයල් එකක්. මූ යන යන තැන බාල්දිම තමා. හැබයි පට්ට ෆන් පොර. වෙලා තියෙන්නේ උබලටත් සමහරවිට ඕක වෙලා ඇති. වට්ස් ඇප් වීඩියෝ එකක් තියෙයි ඉස්සරහ පේන්න තියෙන්න බිල්ඩින් එකක් ගිනිගන්න ෆොටෝ එකක්. වීඩියෝ එකේ මුලින් තප්පර 6ක් විතර යනකන් මෙලෝ සද්දයක් නෑ. තප්පර 6කින් විතර ජපන් වැලක කෑලලක් ප්ලේ වෙනවා. ඒ ගෑනි යටිගිරියෙන් කෑ ගහනවා ආආආආආහ් ආආආආආහ් ගාලා. මූ වෙන යාලුවෙක්ගේ ෆෝන් එකක් අරන් ඒකේ තියෙන ඒවා බල බල ඉද්දි මූ අර වීඩියෝ එක දැකලා ප්ලේ කරල. මුලින් සද්දේ නැති නිසා හොඳටම සද්දේ වැඩි කරල. එක පාරට අර සද්දේ ඇවිත්. ටක්ගාලා වීඩියෝ එක නැවැත්තුවා වෙලාවට. නැත්නම් සර් ක්ලාස් එකෙනුත් එලවනවා තව පොඩ්ඩෙන් සෙට් එකම![]()
ඊයෙ පෙරේද ෆේස්බුක් එකේ ඔහොම එකක් ෂෙයා කරල මම කුණු බැනුම් ඇහුව බන්. මහින්දගෙ dubsmash එකක් කියල තිබ්බෙ වීඩියෝ එක. ජපන් වැලක සවුන්ඩ්ට්රැක් එක. එකෙක් මාව unfriend කලත් එක්ක









අපි පිටිපස්සට ගියාම උන් අම්මේ දීගෙන ඉන්න විදිය දැනුත් මතක් වෙනව... 
