ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    විද්‍යාවේ රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරාම, ඒ ෆීල්ඩ් එකේ ඉන්න පියර්ස්ල ඒක රිවියු කරලා තමයි පිලිගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. වැඩි දෙනෙක් පිලිගෙන අනුමත උන දෙයක් නම් ආපහු අපි පරීක්ෂණ කරන්න යනවද හරිද බලන්න?

    මේ හොල්මන් වගේ දේවලට පොඩ්ඩක් ලොජිකල් හිතුවානම් ප්‍රශ්ණ අඩු වෙයි. අපි හොල්මන්ම තමයි කියලා අපේ මනස කන්ව්න්ස් කරගෙනනම් ඉන්නේ ඊට පස්සේ වෙන හැම දේම ඉතින් හොල්මන්ම තමයි
    මටත් ඉතිං දැං ඇති කිව්වට ගැට්ට කහනවනෙ. :lol:
    ඔන්න දැන්නං මම බුද්ධාගම ගාවගන්න යන්නෙ කෙලින්ම.

    ශෙනික් ගොඩනගපු අදහස මුල්කරං අහපු මුල් ප්‍රශ්ණෙට මම ප්‍රති ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් බුදුහාමුදුරුවො පබ්ලිශ් කරපු රිසර්ච් පේපර්ස් තියනවනෙ ත්‍රිපිටකේ පුරාවටම.*(උදා සතිපට්ඨාන සූත්‍රය, ධම්මචක්කය ආදී)

    එව්වා පියර් රිවිව්ඩ් වෙලා අපෘව් වෙච්ච තැන් පුරවලා තියන එක තැනක් තමා "ථේර තේරීගාථා" එහෙමත් නැතිනම් තව තැනින් තැන විහිදිලා තියනවා ඕනෙ තරම් එහෙම පියර් රිවිව් වෙච්ච අවස්ථා.

    හැබැයි එහෙම තිබිලත් බුදුහාමුදුරුවො කියනවා රහත්පලය තමන්ට ලැබෙනකං "පූර්ණව" තථාගතයන්/ධර්මය පිලිගන්නේ නැහැ කියලා ශ්‍රාවකයා. එතකොට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කිරීමෙදි කෝකද වඩාත් නිවැරදි?

    පියර් රිවිව් වෙච්ච එව්වා පිලිගන්න එකද?
    තමන්ම කරලා බලලා පිලිගන්න එකද?

    *හැමතැනම ඩ්ස්ක්ලේමර් දාන්න වෙනවා කිරිවාසීන් කියන එක නෙමෙයි වෙන දේවල් තේරුම් ගන්න නිසා. මේ උඩ කරලා තියෙනිනෙ බුද්ධාගම අද තියන ප්‍රසිද්ධ විද්‍යාව වාගේම රිසර්ච් පියර් රිවිව් කලා කියලා නෙමෙයි. ඩෙෆිනීශන් වෙනස් කරල කතා කරන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    [2] බුදු දහමේ, පිලි ගත්තොත් විතරයි ඔප්පු වෙන්නේ. එකත් ඒක කරන කෙනාටම විතරයි. තව කෙනෙකුට result පෙන්නන්න ක්‍රමයක් නෑ. නමුත් සමහර දේවල් පෙන්නන්න පුළුවන්.

    සාමාන්යෙන් මිනිසුන්ගේ ස්වභාවය [2] නොවන නිසයි මිනිස්සු බුදු දහම පිලි ගන්නේ නැත්තේ.
    බුදු දහම කියන්නේ විශ්වාසය , භක්තිය මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි .. අවබෝධය මත පදනම් වෙච්ච දෙයක් . මොකක් හරි දෙයක් ගැන නිකන් විශවාස කර ගෙන භක්තියෙන් හිටියම තමයි දේවල් පෙන්නේ වගේ දෙයක් අදමයි ඇහුවේ බුදුදහමේ. බෞද්ධ කියන වචනෙම ඔය තේරුම තියනව. හුදු විශ්වාසය මත පදනම් වෙච්ච ආගම් ඕන තරම් තියනව අන්ධ භක්තියෙන් අදහන.... මම දන්නා තරමින් බුදු දහම වෙනස් වෙන්නේ ඒකයි . අවබෝධ කරගන්න තියෙන්නේ. ඔයා කියන විදියට බුදුන් සමග වාද කරන්න ආපු අනිත් ආගම් වල ශාස්තෘ එක්ක වාද කරන්න බෑ , වෙන ආගමක කෙනෙන්ක්ට දර්මය දෙසනා කරන්නත් බෑ , මොකද මුලින් විශ්වාසය ඇති ක්රගණන් ඕනේ නේ . අවබෝධය නෙවෙයි. විශ්වාසය නැත්නම් බුදු දහමේ result නෑ වගේ කතාවක් ඔය කියන්නේ. ඔය ඇවිත් මුස්ලිම් වගේ ආගම්.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොල්මන හම්බයෙක් නං මොකෝ කරන්නේ?
    උන්ගෙත් ඔය හොල්මන් බලි තොවිල් සීන් තියෙනවලු බන්.

    මතක නැද්ද මේ ලඟදි ලමයෙක් මැරුනෙ භූතයෙක් යවන්න වේවැලකින් ගහලා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බුදු දහම කියන්නේ විශ්වාසය , භක්තිය මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි .. අවබෝධය මත පදනම් වෙච්ච දෙයක් . මොකක් හරි දෙයක් ගැන නිකන් විශවාස කර ගෙන භක්තියෙන් හිටියම තමයි දේවල් පෙන්නේ වගේ දෙයක් අදමයි ඇහුවේ බුදුදහමේ. බෞද්ධ කියන වචනෙම ඔය තේරුම තියනව. හුදු විශ්වාසය මත පදනම් වෙච්ච ආගම් ඕන තරම් තියනව අන්ධ භක්තියෙන් අදහන.... මම දන්නා තරමින් බුදු දහම වෙනස් වෙන්නේ ඒකයි . අවබෝධ කරගන්න තියෙන්නේ. ඔයා කියන විදියට බුදුන් සමග වාද කරන්න ආපු අනිත් ආගම් වල ශාස්තෘ එක්ක වාද කරන්න බෑ , වෙන ආගමක කෙනෙන්ක්ට දර්මය දෙසනා කරන්නත් බෑ , මොකද මුලින් විශ්වාසය ඇති ක්රගණන් ඕනේ නේ . අවබෝධය නෙවෙයි. විශ්වාසය නැත්නම් බුදු දහමේ result නෑ වගේ කතාවක් ඔය කියන්නේ. ඔය ඇවිත් මුස්ලිම් වගේ ආගම්.
    ඔය හොල්මන් සීන් එක නං ඇත්ත හැබැයි. අපේ යාලුවෙක්ගෙ ගෙදරක හිටිය ගෑනු භූතයෙක්ව එලෙව්වා හෙන අමාරුවෙන්. ගෑනි එල්ලිලා මැරිලා ඒ ගෙදර අවුරුදු 50කට 60කට කලින්.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මේක හොල්මන් සීන් එකක් නෙවෙයි මචං හැබයි.
    මගේ අයියා බැදලා ඉන්න අක්කගේ අම්මා අයියගේ දරුවො දෙන්නා බලා ගන්න නැවතිලා ඉන්නවා ගෙදර, අයියා අක්කා වැඩට යනවා. අවුරුදු දෙකක් විතර හිටියා. සිකුරාද හවස ගෙදර යනවා 30Km විතර බස් එකේ ගිහින් ඉරිදා හවස එන්න හිටියේ ඒත් එන්න බැරි උනා ලෙඩ වෙලා.

    දැන් සතියක් විතර ඇදේ ඉන්නවා අල්ලගෙන හොස්පිටල් එහෙම එක්කන් ගියා කිසි පලයක් නෑ. තොල් කහ පාට වෙලා හැම තැනම එක්ක ගියා ඩොක්ටලා චැනල් දාලා පෙන්නුවා කරාපිටියේ එක්ක ගිහින් එක එක ඒව කියලා බෙහෙත් විද්දා දැන් සති දෙකක් විතර ගිහින් ඒත් අමාරුයි දැන් ඇවිදින්නත් බෑ උස්සන් යන්නේ.

    අයියලයි ගෙවල් ලග ඉන්නවා මන්තර ගුරුකම් කරන ආත්ත කෙනෙක් එයා ගාවට රෑ 9.00ට යන්න ඕන ගියා ගිහින් හිටියම මෙන්න යකෝ කතා කරේවත් නැතුව මොකක්ද හේතුව කියලා කවියකින් කියනවා ආපු කාරනාව. ටිකෙන් ටික කියනවා කරන්න ඕන දේ. ගේ ඉස්සරහ ගහක ඇදලලු තියෙන්නේ එයා දිහා බලන් ඉන්න කෙනෙක්. ඒ ගහට පේනවලු තවත් ගහක් ඒ ගහට පේනවලු පිට්ටනියක් වගේ තැනක් එතන ගෙදර කෙනා කියුවා කරලා තියෙන්නේ ඉක්මනටම මේ ගහ අයින් කරන්න කියුවා මාත් හිටියා එතන කියන වෙලාවේ ⁣නැත්නම් මේ සතියේ ඉන්න එකක් නෑ කියලා කියුවා ⁣ඔලුව වන වන කියුවේ බං.

    පස්සේ බැලුව ⁣අක්කලයි මහ ගෙදර ගිහින් එහෙම ගහක් නෑ අම්මටත් හොදටම අමාරුයි කරන්න දෙයක් නෑ බැරිමතැන පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඒ විදියට එක්ක ආව කට්ටඩියෙක් ඒත් හරිගියේ නෑ නූල් දැම්මා දෙහි කැපුවා ඒ ඔක්කොම කරා දැන් ගොඩක් අමාරුයි. ආයේ කරාපිටි රෝහලට අරන් ගියා. ඊට පස්සේ උදේ 5යි ගානකට නැතිඋනා මචං.

    මේදේවල් කොහොම ඉක්මනට උනාද කියන්න බෑ මචං. මල ගෙදරට අර ආත්තා ආවා. ඒ ආත්තා පෙන්නුවා ගහ බං. ඒ අක්කලයි බාප්පගේ ඉඩමේ මායිමේ ගහ තියුනේ පොල් ගහක්. දැන් මොනව කරන්නද මචං වැඩක් නෑනේ.

    අර ආත්තා දැනගත්තේ කොහොමද මේ සිද්ධිය? ගමේ කවුරුත් දන්නේ නෑ මොකද අක්කලයි අම්මා ඉන්නේ ගොඩක් දුර. මැරෙනවා කියලා එහෙම කියන්න බෑනේ බං අනාගතය ගැන අතීතයනම් කියන්න පුලුවන් කියමුකෝ ඒත් අනාගතය කොහොමද බන් එහෙම කියුවේ. ඒ ආත්තා අක්කගේ අම්මා ඇහැටවත් දැකලා නෑ.
    මොකද්ද බන් ඒ ගහේ සීන් එක? මොකද්ද ගහේ තියෙන්නෙ? ඒකෙන් ඇයි මැරෙන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ඔය හොල්මන් සීන් එක නං ඇත්ත හැබැයි. අපේ යාලුවෙක්ගෙ ගෙදරක හිටිය ගෑනු භූතයෙක්ව එලෙව්වා හෙන අමාරුවෙන්. ගෑනි එල්ලිලා මැරිලා ඒ ගෙදර අවුරුදු 50කට 60කට කලින්.
    අඩේ ගෑනු භුති මැරිලා තව අවු 50ක් 60ක් භූත වැඩ කර කර ඉදලද ? :baffled:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බුදු දහම කියන්නේ විශ්වාසය , භක්තිය මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි .. අවබෝධය මත පදනම් වෙච්ච දෙයක් . මොකක් හරි දෙයක් ගැන නිකන් විශවාස කර ගෙන භක්තියෙන් හිටියම තමයි දේවල් පෙන්නේ වගේ දෙයක් අදමයි ඇහුවේ බුදුදහමේ. බෞද්ධ කියන වචනෙම ඔය තේරුම තියනව. හුදු විශ්වාසය මත පදනම් වෙච්ච ආගම් ඕන තරම් තියනව අන්ධ භක්තියෙන් අදහන.... මම දන්නා තරමින් බුදු දහම වෙනස් වෙන්නේ ඒකයි

    එහෙමනං ඒ දන්න බුද්ධාගම අද පිළිගත්ත "ථේරවාද බුදුදහම" ලෙසට ප්‍රසිද්ධ එක වෙන්න බැහැ. මොකද අවබෝධයට අවශ්‍ය කාරණා 37 ඇතුළෙ ඉන්ද්‍රියක් හැටියටත්, බලයක් හැටියටත් ශ්‍රද්ධාව ඇතුලත්. ශ්‍රද්ධාව නැතිව ඉස්සරහට යන්නෑ.

    දැන් කන්ෆ්ලික්ටිං වගේනම් හොයලා බලන්න බුද්ධාගමේ ශ්‍රද්ධාව කියන වචනෙ ඩිෆයින් වෙන්නෙ කොහොමද කියලා. පටන්ගන්න පොයින්ටර් එකක් විදිහට ශ්‍රද්ධාව ≠ භක්තිය.

    අවබෝධ කරගන්න තියෙන්නේ. ඔයා කියන විදියට බුදුන් සමග වාද කරන්න ආපු අනිත් ආගම් වල ශාස්තෘ එක්ක වාද කරන්න බෑ , වෙන ආගමක කෙනෙන්ක්ට දර්මය දෙසනා කරන්නත් බෑ , මොකද මුලින් විශ්වාසය ඇති ක්රගණන් ඕනේ නේ . අවබෝධය නෙවෙයි. විශ්වාසය නැත්නම් බුදු දහමේ result නෑ වගේ කතාවක් ඔය කියන්නේ. ඔය ඇවිත් මුස්ලිම් වගේ ආගම්.

    බුදුන් දෘශ්ටිග්‍රාහීව ඉඳපු අය සමග වාද කරන එක කරලා නැහැ. වාද කිරීම තුලින් අවබෝධය වගේම විශ්වාසයත් ගොඩ නැගෙනවා. විශ්වාසය නැති අය තුල විශ්වාසයත්. විශ්වාසය ඇති අය තුල අවබෝධයත්. (ඕක තමා බක්කරේගෙයි බ්ලොක්ගල් මුදලාලිගෙයි වෙනස් හොයලා බලන්න ඕනෙ වෙන්නෙ)

    ධර්මය දේශනා කරපු බොහෝ දෙනෙක් තුල මුලින් ශ්‍රද්ධාව හටගන්න විදිහට කතා කරලා හෝ ශ්‍රද්ධාව ඇති අය තෝරගෙන තමා චතුර්ආර්ය සත්‍ය දේශනා කරන්නෙ අවබෝධය උදෙසා. මැටි ගොඩට වතුර ඉහළයි ඕනෙ විදිහට තලලා වැඩක් ගන්න පුලුවන් භාණ්ඩයක් නිර්මාණය කරන්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩේ ගෑනු භුති මැරිලා තව අවු 50ක් 60ක් භූත වැඩ කර කර ඉදලද ? :baffled:
    නෑ නෑ ඒකි බය කරන්නෙ නෑ ගෙදර ගෘහ මූලිකයගෙ එනර්ජි එක ඇබ්සෝර්බ් කරන එක කරන්නෙ. ඒ ගෙදර අන්කල් ගෙ බිස්නස් එහෙම සෑහෙන්න වැටුනා එක එක හෙල්ත් ඉශූස් නිසා. ඩොක්ටර්ස් ලට පෙන්නුවහම උන්ට කිසි දෙයක් හොයාගන්න බැරි වෙලා. මතකද 2001දි ලයිට් කැපුවා හැමදාම? සමහර දවස් වලට ඉටිපන්දම පත්තු කරද්දීම එක පාරට ගෑනියෙක් මතු වෙලා අතුරුදන් වෙනවලු. ඒකෙන් පස්සෙ තමා මුන් ඔය කට්ටඩියෙක්ව ගෙන්නල තියෙන්නෙ. කට්ටඩිය තමා කියල තියෙන්නෙ අංකල්ගෙ ලෙඩ වලට හේතුවත් මේ ගෑනි නිසා කියලා. ගෑනි ඔය ගෙදර ඉස්සර වැඩ කාරකමට ඉඳල අවුරුදු 50කට 60කට කලින් ඔය මොකක් හරි සීන් එකක් වෙලා බෙල්ලෙ වැල දාගෙන. මුන් ගෙදර ගනිද්දී ඔය මුකුත් දැනන් ඉඳල නෑ. අඩු ගානෙ වටේ පිටේ උන් වත්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මටත් ඉතිං දැං ඇති කිව්වට ගැට්ට කහනවනෙ. :lol:
    ඔන්න දැන්නං මම බුද්ධාගම ගාවගන්න යන්නෙ කෙලින්ම.

    ශෙනික් ගොඩනගපු අදහස මුල්කරං අහපු මුල් ප්‍රශ්ණෙට මම ප්‍රති ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් බුදුහාමුදුරුවො පබ්ලිශ් කරපු රිසර්ච් පේපර්ස් තියනවනෙ ත්‍රිපිටකේ පුරාවටම.*(උදා සතිපට්ඨාන සූත්‍රය, ධම්මචක්කය ආදී)

    එව්වා පියර් රිවිව්ඩ් වෙලා අපෘව් වෙච්ච තැන් පුරවලා තියන එක තැනක් තමා "ථේර තේරීගාථා" එහෙමත් නැතිනම් තව තැනින් තැන විහිදිලා තියනවා ඕනෙ තරම් එහෙම පියර් රිවිව් වෙච්ච අවස්ථා.

    හැබැයි එහෙම තිබිලත් බුදුහාමුදුරුවො කියනවා රහත්පලය තමන්ට ලැබෙනකං "පූර්ණව" තථාගතයන්/ධර්මය පිලිගන්නේ නැහැ කියලා ශ්‍රාවකයා. එතකොට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කිරීමෙදි කෝකද වඩාත් නිවැරදි?

    පියර් රිවිව් වෙච්ච එව්වා පිලිගන්න එකද?
    තමන්ම කරලා බලලා පිලිගන්න එකද?

    *හැමතැනම ඩ්ස්ක්ලේමර් දාන්න වෙනවා කිරිවාසීන් කියන එක නෙමෙයි වෙන දේවල් තේරුම් ගන්න නිසා. මේ උඩ කරලා තියෙනිනෙ බුද්ධාගම අද තියන ප්‍රසිද්ධ විද්‍යාව වාගේම රිසර්ච් පියර් රිවිව් කලා කියලා නෙමෙයි. ඩෙෆිනීශන් වෙනස් කරල කතා කරන්නෙ.
    මම කථා කරේ අපි වගේ සාමාන්‍ය අයට අදාළව. ඒ ෆීල්ඩ් එකේ ඉන්න පියර්ස්ලට අදාළව නෙමෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    එහෙමනං ඒ දන්න බුද්ධාගම අද පිළිගත්ත "ථේරවාද බුදුදහම" ලෙසට ප්‍රසිද්ධ එක වෙන්න බැහැ. මොකද අවබෝධයට අවශ්‍ය කාරණා 37 ඇතුළෙ ඉන්ද්‍රියක් හැටියටත්, බලයක් හැටියටත් ශ්‍රද්ධාව ඇතුලත්. ශ්‍රද්ධාව නැතිව ඉස්සරහට යන්නෑ.

    දැන් කන්ෆ්ලික්ටිං වගේනම් හොයලා බලන්න බුද්ධාගමේ ශ්‍රද්ධාව කියන වචනෙ ඩිෆයින් වෙන්නෙ කොහොමද කියලා. පටන්ගන්න පොයින්ටර් එකක් විදිහට ශ්‍රද්ධාව ≠ භක්තිය.

    බුදුන් දෘශ්ටිග්‍රාහීව ඉඳපු අය සමග වාද කරන එක කරලා නැහැ. වාද කිරීම තුලින් අවබෝධය වගේම විශ්වාසයත් ගොඩ නැගෙනවා. විශ්වාසය නැති අය තුල විශ්වාසයත්. විශ්වාසය ඇති අය තුල අවබෝධයත්. (ඕක තමා බක්කරේගෙයි බ්ලොක්ගල් මුදලාලිගෙයි වෙනස් හොයලා බලන්න ඕනෙ වෙන්නෙ)

    ධර්මය දේශනා කරපු බොහෝ දෙනෙක් තුල මුලින් ශ්‍රද්ධාව හටගන්න විදිහට කතා කරලා හෝ ශ්‍රද්ධාව ඇති අය තෝරගෙන තමා චතුර්ආර්ය සත්‍ය දේශනා කරන්නෙ අවබෝධය උදෙසා. මැටි ගොඩට වතුර ඉහළයි ඕනෙ විදිහට තලලා වැඩක් ගන්න පුලුවන් භාණ්ඩයක් නිර්මාණය කරන්නෙ.
    ඉතින් ශ්‍රද්ධයාව කියන්නේ විශ්වාස ය කියලා හිතනවද එහෙනම් ?
    මම දන්නා බුදු දහම නම් ප්‍රඥාව මත පදනම් වෙච්ච ඇත්ත ඇති සැටියෙන් දැකීමක් , අවබෝධ කරගැනීමක්. නැතුව නිකන් මුලින් විශ්වාසයක් ඇති කරගත්තම පස්සේ දේවල් තේරෙන් දෙයක් නම් නෙවෙයි. අනික බුදු කෙනෙක් දර්මය දේශනා කරන්න කලින් උනත් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන්. සත්‍ය තියන්න පුලුවන් එකයි. ඒක බුදු කෙනකේ ඇවිත් කියන්න ඕනෑම දෙයක් නෙවෙයි. එහෙම බැලුවොත් මේ බෞද්ධ රටවල් කීපයේ ඉන්න මිනිස්සුන්ට විතරයි ඇත්තක් පෙන්නේ. මේ ටිකේ හැර ඉන්න මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයෝ වෙන්වා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියල ඇහුවම තියරි බෞද්ධයා බුධාගමේ එන කරුණු ලිස්ට් එකක් කියාගෙන යනවා.දර්ශනයක් දේශනා කරපු දවසේ ඉදන් ලෝකයේ සත්‍ය වෙනස් වෙන්නේ නෑ . බුදු කෙනක් ඒ මාර්ගය පෙන්නන එක විතරයි කරන්නේ. ඒක නිසා බුදු දහමට මුවා වෙලා විතරක් පේන සතයක් ගැන මට නම් පෙන්නේ නෑ . ඒක කොහෙත් එක වෙන්න ඕනේ.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඉතින් ශ්‍රද්ධයාව කියන්නේ විශ්වාස ය කියලා හිතනවද එහෙනම් ?

    විශ්වාසය කියන එක බුද්ධකාලීන සමාජයේ ඩිෆයින් උනේ කොහොමද කියන එක හොයලා බලන්න ඕනෙ. සරලව කිව්වොත් ක්‍රෙඩිබිලිටිය, ගුඩ්විල් එක සහ අත්දැකීම් වලින් "මෙයා මෙච්චර කල් කිව්ව ටික හරිගියා එහෙනං අනිත්වා හරි ඇති" කියලා හිතන එක.

    මම දන්නා බුදු දහම නම් ප්‍රඥාව මත පදනම් වෙච්ච ඇත්ත ඇති සැටියෙන් දැකීමක් , අවබෝධ කරගැනීමක්. නැතුව නිකන් මුලින් විශ්වාසයක් ඇති කරගත්තම පස්සේ දේවල් තේරෙන් දෙයක් නම් නෙවෙයි.

    ඒකතමා මුලින් කිව්වෙ. ඔයා දන්න බුද්ධාගම ඔයා හදාගත්ත එකක්. මම කියන ඔය ටික තියෙන්නෙ (37 බෝධි ධර්ම, ශ්‍රද්ධාව) දැනට ථේරවාදය කියලා පිළිඅරන් තියන බුදුදහමෙ

    අනික බුදු කෙනෙක් දර්මය දේශනා කරන්න කලින් උනත් ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන්. සත්‍ය තියන්න පුලුවන් එකයි. ඒක බුදු කෙනකේ ඇවිත් කියන්න ඕනෑම දෙයක් නෙවෙයි.

    බුදු කෙනෙක් එන්න ඕනෙ නෑ. ඉස්සෙල්ලම සත්‍යට අවදිවෙන, ඒක අන් අයට කියන මනුෂ්‍යයාට තමා බුද්ධ කියන හැඳින්වීම් නාමය වැටෙන්නෙ. ඉපදුනේ සුද්ධෝධන සහ මහමායාගෙ පුතා. ගිහිගෙය අත්හැරියෙ සිද්ධාර්ථ කියල සම්මත නම ලබපු කෙනා. අවබෝධය ලැබුවෙ "සිද්ධාර්ථ තාපස" කියලා සම්මත උන කෙනා. ධර්මය දේශනා කලේ "බුද්ධ" කියලා සම්මත උන උත්තමයා. ඔව්වා අපි දෙන ඩෙසිග්නේශන්. නැතිව බුද්ධ කියලා ස්වාභාවයක් නෑ.

    සත්‍ය තියන්න පුලුවන් එකයි.

    නැහැ සත්‍ය කියලා "ඒකිය" එකක් නැහැ. නිවන අරමුණු කරන් දේශනා කරපු නිසා ඒ අරමුණට යන්න බුදුබණ සත්‍යයි. ප්‍රායෝගික අර්ථයෙනුයි සත්‍ය තියෙන්නෙ ලෝකෙ.
    බුදුහාමුදුරුවො නිවන මෙහෙමයි කියලා අර්ථ විවරණය කරනවා. පාර මේකයි කියලා අර්ථ විවරණය කරනවා ආන්න ඒ පාර භාවිතා කරලා ඒ නිවනට යන්න පුලුවන් නිසායි බුදුදහම සත්‍ය.

    සියලු දුක නැති බැවින්/තැන බුදුන් ඩිෆයින් කරන නිවන නිසා ඒක සත්‍යයි. ඒ මාර්ගයෙන් ඒ නිවනට යා හැකි නිසා ඒ මාර්ගය සත්‍යයි.

    එහෙම බැලුවොත් මේ බෞද්ධ රටවල් කීපයේ ඉන්න මිනිස්සුන්ට විතරයි අත්තක් පෙන්නේ. මේ ටිකේ හැර ඉන්න මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයෝ වෙන්වා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියල ඇහුවම තියරි බෞද්ධයා බුධාගමේ එන කරුණු ලිස්ට් එකක් කියාගෙන යනවා.දර්ශනයක් දේශනා කරපු දවසේ ඉදන් ලෝකයේ සත්‍ය වෙනස් වෙන්නේ නෑ . බුදු කෙනක් ඒ මාර්ගය පෙන්නන එක විතරයි කරන්නේ. ඒක නිසා බුදු දහමට මුවා වෙලා විතරක් පේන සතයක් ගැන මට නම් පෙන්නේ නෑ . ඒක කොහෙත් එක වෙන්න ඕනේ.

    එහෙම හිතෙන්නෙ එක ඇත්තක් තියනවා කියලා ඔයා හිතන නිසා. සත්‍ය සාපේක්ෂයි. සත්‍ය ප්‍රායෝගිකයි. දැං ක්‍රිස්තියානි කෙනෙකුට කියන්න පුළුවන් බෞද්ධයො මිත්‍යාදෘෂ්ටික කියලා. ඒක ඒ ඒ නිර්වචන නිර්නායක වලට අදාලව. මොකේකට හරි මුවා උනාම තමා සත්‍යක් පෙන්නුම් කරන්න පුලුවන්. මුවා වීමේ දොසක් නෑ.

    ඒවගේම ඒ පෙන්වන විවිධ සත්‍ය හැම විටම සත්‍ය වෙන්නේද නෑ. ඒකතමා සත්‍ය තියෙන්නෙ ප්‍රායෝගික වැඩගන්නයි කියලා කිව්වෙ.

    Edited -
    Removed a portion of the reply.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    විශ්වාසය කියන එක බුද්ධකාලීන සමාජයේ ඩිෆයින් උනේ කොහොමද කියන එක හොයලා බලන්න ඕනෙ. සරලව කිව්වොත් ක්‍රෙඩිබිලිටිය, ගුඩ්විල් එක සහ අත්දැකීම් වලින් "මෙයා මෙච්චර කල් කිව්ව ටික හරිගියා එහෙනං අනිත්වා හරි ඇති" කියලා හිතන එක.

    ඒකතමා මුලින් කිව්වෙ. ඔයා දන්න බුද්ධාගම ඔයා හදාගත්ත එකක්. මම කියන බුද්ධාගම ථේරවාද බුදුදහම විදිහට දැනට "පිළිඅරන්" තියන එක.

    බුදු කෙනෙක් එන්න ඕනෙ නෑ. ඉස්සෙල්ලම සත්‍යට අවදිවෙන, ඒක අන් අයට කියන මනුෂ්‍යයාට තමා බුද්ධ කියන හැඳින්වීම් නාමය වැටෙන්නෙ. ඉපදුනේ සුද්ධෝධන සහ මහමායාගෙ පුතා. ගිහිගෙය අත්හැරියෙ සිද්ධාර්ථ කියල සම්මත නම ලබපු කෙනා. අවබෝධය ලැබුවෙ "සිද්ධාර්ථ තාපස" කියලා සම්මත උන කෙනා. ධර්මය දේශනා කලේ "බුද්ධ" කියලා සම්මත උන උත්තමයා. ඔව්වා අපි දෙන ඩෙසිග්නේශන්. නැතිව බුද්ධ කියලා ස්වාභාවයක් නෑ.

    නැහැ සත්‍ය කියලා "ඒකිය" එකක් නැහැ. නිවන අරමුණු කරන් දේශනා කරපු නිසා ඒ අරමුණට යන්න බුදුබණ සත්‍යයි. ප්‍රායෝගික අර්ථයෙනුයි සත්‍ය තියෙන්නෙ ලෝකෙ.
    බුදුහාමුදුරුවො නිවන මෙහෙමයි කියලා අර්ථ විවරණය කරනවා. පාර මේකයි කියලා අර්ථ විවරණය කරනවා ආන්න ඒ පාර භාවිතා කරලා ඒ නිවනට යන්න පුලුවන් නිසායි බුදුදහම සත්‍ය.

    සියලු දුක නැති බැවින් කම/තැන බුදුන් ඩිෆයින් කරන නිවන නිසා ඒක සත්‍යයි. ඒ මාර්ගයෙන් ඒ නිවනට යා හැකි නිසා ඒ මාර්ගය සත්‍යයි.

    (දැන් පොඩි ටැන්ජන්ට් එකක් පැත්තට ගියොත් මම දැක්කා ඕයා මම "අභිධර්මය" කිව්වා කියලා කියලා තියනවා. හරියට බැලුවොත් මගෙ සමහර මත අභිධර්මය එක්ක ගැටෙනවා.මහාවිහාර අර්ථවිවරන එක්ක නොගැලපීම් එන්න පුලුවන්. සමහරු මට නියෝ-සුතන්ත කාරයෙක්, විඥ්ඥානවාදියෙක්, ශූන්‍යතාවාදියෙක් කියන්න පුලුවන්. නමුත් ඒක තීරණය වෙන්නෙ බලන කෝණය අනුවයි. මම මට දාගන්න ඩෙසිග්නේශන් එක තේරවාදී බෞද්ධයෙක් කියන එක.)

    එහෙම හිතෙන්නෙ එක ඇත්තක් තියනවා කියලා ඔයා හිතන නිසා. සත්‍ය සාපේක්ෂයි. සත්‍ය ප්‍රායෝගිකයි. දැං ක්‍රිස්තියානි කෙනෙකුට කියන්න පුළුවන් බෞද්ධයො මිත්‍යාදෘෂ්ටික කියලා. ඒක ඒ ඒ නිර්වචන නිර්නායක වලට අදාලව. මොකේකට හරි මුවා උනාම තමා සත්‍යක් පෙන්නුම් කරන්න පුලුවන්. මුවා වීමේ දොසක් නෑ.

    ඒවගේම ඒ පෙන්වන විවිධ සත්‍ය හැම විටම සත්‍ය වෙන්නේද නෑ. ඒකතමා සත්‍ය තියෙන්නෙ ප්‍රායෝගික වැඩගන්නයි කියලා කිව්වෙ
    ඉතින් ඔය ඔයා හිතන් ඉන්න විදිය.. පාලි වචන ටිකක හිර වෙලා ඒක ඇතුලෙම වචන ඩිෆයින් කර කර ඒකමයි ඇත්ත කියල ෆැන්ටසියක ඉන්න ඕන නෑ මට. ඔයා හිතනවා ඕක තමයි හරිම කියලා . ඔහොම කරානම් සිදුහත් දිගටම ආලාර කාලමල ලග තමයි ඉන්නේ.
    වචන ගොඩක් හිර වෙලා ඒක අස්සෙන්ම ඇත්ත හොයන්න මට ඕන නෑ . මම දන්නා බුදු දහම එහෙම දෙයක් නෙවෙයි.. ඇත්ත ඇති සැටියෙන් දැකීම... දැන් කියයි ඕක හිතින් හදාගත්ත එකක මේක තමයි ථෙරවාදී කියලා . ඔයාට ඔහොම කියනන පුලුවන් ඉතින් .මට අනුව සත්‍ය තියෙන්න පුලුවන් එකයි ලෝකේ. ඒකට යන මාර්ගේ පෙන්නන එක බුදු කෙනෙක් කරනවා . තමන්ට තනියම අවබෝද කරගන්න බැරි දෙයක් නෙවෙයි. ඒකනේ සිදුහත් කරේ..පාලි වචන ඉගෙන ගෙන විතරක් යන නිවන් මගක් මම නම් දන්නේ නෑ . ඔය වචන ටිකක පැටලිලා නිකන් පොත් අස්සේ තර්ක හොයන අය ඉතින් දැකල තියනව.. ඒ වගේ මේකෙම හැමදාම ත්‍රෙඩ් දාන එකෙක් මට කියලා තියනව බුද්දාගමේ ඇර අනිත් උන් යන්නේ අපායේ කියලා. 🙃

    කොහොම ගියත් තාමත් කවුරුත් හොල්මන් ගැන සාධක ඇතුව පෙන්නුවේ නම් නෑ . මේ භාවනවා කරල බලන්න වගේ කතා තමයි ඉතින් .
    මැරුණු මනුස්සයෙක් තමන්ගේ කලින් තිබ්බ භෞථික ස්වරුපය නඩත්තු කරගෙන (හොල්මන් වයසට යන්නේ නෑ නේ) ඒ ඒ කාලෙට අදාළ වෙන රෙදි වලින් මහපු ඇදුමක පිටපතකුත් තියාගෙන තනියම ඉන්න මනුස්සයෝ ලගින් කොක්ම් පාන එක. :lol: මුන් පිරිසක් ලගට එන්නෙත් නෑ .. හොල්මන කියන වචනෙම තියනව ඉතින් තේරුම නම්. ඕව කියල වැඩක් නෑ. බියෙන් තැති ගත පුද්ගලයෝ ඔය මොකක් හරි යාගයක් කරගෙන බය නැති කරගත්තා දෙන. පරිසරයේ වෙනසක්, දෙයක් දැක්ක පමණින් "හොල්මන්" කියලා නිගමනය කරන එක ගැනයි ඉතින් මම කිව්වේ. තමන්ට පැහැදිලි කරගන්න බැරි එව හරියට හිතල බලන්නේ නැතුව මොකදද කියලා නිරීක්ෂණය කරන්නේ නැතුව , හොල්මන් කියලා හිතල බය කරනවා. ඕවට හරියන්න සමාජයේ තියන් කතා අපේ හිත්වල කොහොමත් තියනව. කළුවරට බය ඒකයි . ඔය කිසි හොල්මනක්, ආත්මයක් කිසි ඒ වගේ දෙයක් ගැන අදහසක් නැතිව මනුස්සයෙක් පොඩි කාලේ ඉදන් වෙනම හදල ඒ මනුස්සය සමාජයට දැම්මොත් ඔය වගේ පරිසරෙය් වෙන වෙනස් කම් වලට බය වෙන්නේ නෑ . මොකද හොල්මන් ඔලුවේ නෑ . අන්තිමටම කියනන් තියෙන්නෙත් ඉතින් හිතින් හදාගත්ත දේවල් වලට හිතින් හදාගත්ත ප්‍රතිකාරම තමයි. 🙃 🖖
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩේ ගෑනු භුති මැරිලා තව අවු 50ක් 60ක් භූත වැඩ කර කර ඉදලද ? :baffled:
    anik awurudu 50kata 60kata kalin hadapu geayak nam aragena wadakuth na.

    ඔය කිසි හොල්මනක්, ආත්මයක් කිසි ඒ වගේ දෙයක් ගැන අදහසක් නැතිව මනුස්සයෙක් පොඩි කාලේ ඉදන් වෙනම හදල ඒ මනුස්සය සමාජයට දැම්මොත් ඔය වගේ පරිසරෙය් වෙන වෙනස් කම් වලට බය වෙන්නේ නෑ . මොකද හොල්මන් ඔලුවේ නෑ .
    මගේ ලමයින්ට මම ඔය වගේ දේවල් කියන්නෙ නෑ. නැකත්, හඳහන්, තොවිල්, හූනියම්, හොල්මන්, දේශපාලනය කිසිම දෙයක් පොඩි උන් ඉන්න තැන කතා කරන්නෙවත් නෑ.
    ------ Post added on Jul 24, 2021 at 9:52 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඉතින් ඔය ඔයා හිතන් ඉන්න විදිය.. පාලි වචන ටිකක හිර වෙලා ඒක ඇතුලෙම වචන ඩිෆයින් කර කර ඒකමයි ඇත්ත කියල ෆැන්ටසියක ඉන්න ඕන නෑ මට. ඔයා හිතනවා ඕක තමයි හරිම කියලා . ඔහොම කරානම් සිදුහත් දිගටම ආලාර කාලමල ලග තමයි ඉන්නේ.
    වචන ගොඩක් හිර වෙලා ඒක අස්සෙන්ම ඇත්ත හොයන්න මට ඕන නෑ . මම දන්නා බුදු දහම එහෙම දෙයක් නෙවෙයි.. ඇත්ත ඇති සැටියෙන් දැකීම... දැන් කියයි ඕක හිතින් හදාගත්ත එකක මේක තමයි ථෙරවාදී කියලා . ඔයාට ඔහොම කියනන පුලුවන් ඉතින් .මට අනුව සත්‍ය තියෙන්න පුලුවන් එකයි ලෝකේ. ඒකට යන මාර්ගේ පෙන්නන එක බුදු කෙනෙක් කරනවා . තමන්ට තනියම අවබෝද කරගන්න බැරි දෙයක් නෙවෙයි. ඒකනේ සිදුහත් කරේ..පාලි වචන ඉගෙන ගෙන විතරක් යන නිවන් මගක් මම නම් දන්නේ නෑ . ඔය වචන ටිකක පැටලිලා නිකන් පොත් අස්සේ තර්ක හොයන අය ඉතින් දැකල තියනව.. ඒ වගේ මේකෙම හැමදාම ත්‍රෙඩ් දාන එකෙක් මට කියලා තියනව බුද්දාගමේ ඇර අනිත් උන් යන්නේ අපායේ කියලා. 🙃

    වචනවල ඉන්නවා කියන්නෙම ෆැන්ටසි තමා. වචනවලින් තොරව හිතන්නවත් බැහැනෙ. ඉතින් ෆැන්ටසි තමා මොක කලත්. ඔයා මම විද්‍යාව බුදුදහම ඇතුලු හැමෝම ෆැන්ටසි තමා. මම පාලි වචනවල හිරවෙලානම් ඔයා සන්ටිෆික් වචනවල හිරවෙලා. අපි කොයි කවුරුත් ඔය හිරවීමක තමා ඉන්නෙ. ඉතිං ඔයත් හරි මාත් හරි අපි හැමෝම හරි ඒ ඒ අරමුණු වලට රාමුවෙලා බලනකොට. ඔන්න ඕකයි මේ මෙච්චර කියන්නෙ. :shocked::lol:

    සිදුහත් තාපසතුමා මේ කියපු විදිහට හිතපු නිසා තමා ආලරකාලමව අතෑරලා ගියෙ. උන්වහන්සේට තේරුනා ආලාරකියන මේ කියන සත්‍ය සාපේක්ෂයි කියලා.එතනත් දුක සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ කියලා. එතන දුක් නැත්තෙම යම් කිසි සාපේක්ශ ක්‍රයිටීරියා එකකට අනුව. ඒ ක්‍රයිටීරියා එකෙන් පැන්න ගමන් දුක තියෙනවා.
    මොනවා කරත් ප්‍රපංච වලින් පූර්ණ නිදහසක් නැහැ කියලා තේරුනා. ඒකමයි එතන අතෑරලා ගියෙ. ගිහින් ඔයා හිතන ජාතියෙ නිරපේක්ෂ ඒකීය ඇත්තක්/දුක නැති තැනක් හොයාගත්තෙ නැහැ. ප්‍රපංච නැතිනරන ක්‍රමයක් හොයාගත්තා. දැන් ඔව්වා සූත්‍ර වල තියන කාරනා. මට පේන මට හිතෙන දෙවල් නෙමෙයි.

    ඒ කියන්නෙ, ලෝකෙ කියන්නෙ දාපං පෙතක කරන සෙල්ලමක්නං දුක සැප කියන්නෙ දිනුම පැරදුම නං. අනිත් අය එක එක ක්‍රම වලට දිනන්න අදිනකොට බුදුහාමුදුරුවො දාංපෙතම විසිකරලා දැම්මා. දාං පෙත නැති නිසා දුක සැප අහෝසිවෙලා ලෝකය අභිබවපු තත්වෙකට උන්වහන්සෙ පත්වුනා. උන්වහන්සෙ ප්‍රපංච වලින් නිදහස් උනා.

    ඔයා බුදුදහම නොදැන බුදුදහම මේකයි කියලා කියන්න යනවා. ඔයාගෙ උද්දච්ඡ කම අඩු වෙන්නෑ. ඔයාට ඕනෙ බුදුවෙන්න. ඔයා හම්බල් නැහැ අන්‍යමත පිලිගන්න. ඔහොමත් බුදුවෙන්න පුලවන්නම්. ඒකත් කරලා බලන්න අභිඥ්ඥා පහල කරගත්තා වගේ. සමන්තබද්‍ර හාමුදුරුවො වගේ කෙනෙක් වත් බලන්න අපිට වාසනාවක් ලැබෙන්නැතෑ. :yes: :P

    Edit-

    ඉතින් අර කලින් කෙනෙක් කිව්වා වගේ උද්දච්ච, අන්‍යමත සමබරව විමසන්න බැරි ඔයාට මේක තේරුම් කරන්න හදන මට පොල්ලකිං ගහන්න ඕනෙ :lol: . ඒනිසා ඇති.
     
    • Like
    Reactions: fkguy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ඔයා බුදුදහම නොදැන බුදුදහම මේකයි කියලා කියන්න යනවා. ඔයාගෙ උද්දච්ඡ කම අඩු වෙන්නෑ. ඔයාට ඕනෙ බුදුවෙන්න. ඔයා හම්බල් නැහැ අන්‍යමත පිලිගන්න. ඔහොමත් බුදුවෙන්න පුලවන්නම්. ඒකත් කරලා බලන්න අභිඥ්ඥා පහල කරගත්තා වගේ. සමන්තබද්‍ර හාමුදුරුවො වගේ කෙනෙක් වත් බලන්න අපිට වාසනාවක් ලැබෙන්නැතෑ. :yes: :P
    උබ තමයි බන් මුල ඉදලම මේ වගේ කතා කියා කියා උබ තමයි හරි අනිත් එකා වැරදි කියලා හෙන උද්දච්ච පොර ටෝක් දෙන්නේ. මම නම් කාටවත් ලාමක, පටු වගේ කතා කියලා නෑ .. උබම තමයි quote කරගෙන ආවත් මේකේ ඉන්න අනිත් උන් වගේ. ඔය මොනවහරි පොතක වචනයක් ඩිෆයින් කරගෙන ඉන්න. :lol: 🖖
    උබේ මතේ පිළිගත්තා නම් අන්‍යමත පිළිගන්න එකෙක්. මාර ලොජික් බන් උබලත්. මම නම් forum වල එක එකාට උපදෙස් දෙන්න යන්නේ මෙහෙම කරපං කියලා. මගේ අදහස කිව්වා එච්චරයි. උබේ තියෙන්නේ උබ ඔය මට කියපු ලක්ෂණ ටික. :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උබ තමයි බන් මුල ඉදලම මේ වගේ කතා කියා කියා උබ තමයි හරි අනිත් එකා වැරදි කියලා හෙන උද්දච්ච පොර ටෝක් දෙන්නේ. මම නම් කාටවත් ලාමක, පටු වගේ කතා කියලා නෑ .. උබම තමයි quote කරගෙන ආවත් මේකේ ඉන්න අනිත් උන් වගේ. ඔය මොනවහරි පොතක වචනයක් ඩිෆයින් කරගෙන ඉන්න. :lol: 🖖
    උබේ මතේ පිළිගත්තා නම් අන්‍යමත පිළිගන්න එකෙක්. මාර ලොජික් බන් උබලත්. මම නම් forum වල එක එකාට උපදෙස් දෙන්න යන්නේ මෙහෙම කරපං කියලා. මගේ අදහස කිව්වා එච්චරයි. උබේ තියෙන්නේ උබ ඔය මට කියපු ලක්ෂණ ටික. :lol:
    කෝට් කරලා පෙන්නන්නකො එහෙම මෙයමයි සත්‍ය අන් සියල්ල අසත්‍යය කියලා "පරම සත්‍යයක්" කියපු තැනක්? මටනං කෝට් කරලා පෙන්නුවෑකි ලෝකෙ තියෙන්නෙ ඒක ඇත්තයි කියලා ඔයා කියපු...

    ඔව් මම ඔයාට ලාමක පටු කියලා කියනවා. නොදන්න දේවල් දන්නවා වගේ කතා කරපු නිසා. මගෙ තිබ්බ දුර්වලතාවෙ තමා අතෑරලා දාලා ආයෙත් ඔයාට මේක තේරුම් කරන්න හදපු එක :lol:
    පාඩුවෙ ඉන්න දෙන්න මිනිස්සුන්ට කියලා නං කිව්ව ඔයාට. ඒක සාමාන්‍ය මනුශ්‍ය ඩීසන්සිය උදෙසා තමා කිව්වෙ. හැම එක අස්සටම විද්‍යාව ඔබාගෙන යන්නෙ නැතිව ඉන්න පුලුවන්නම් වටිනවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ඉතින් අර කලින් කෙනෙක් කිව්වා වගේ උද්දච්ච, අන්‍යමත සමබරව විමසන්න බැරි ඔයාට මේක තේරුම් කරන්න හදන මට පොල්ලකිං ගහන්න ඕනෙ :lol: . ඒනිසා ඇති.
    මෙන්න මේක තමයි ඉතින් උබලගේ තියන අවුල . අනිත් උන්ට උගන්නන්න එනව ඔක්කොම දන්නවා කියලා ෆැන්ටසි වල ඉගෙන. :lol: :lol:
    තමන්ගේ අදහස් කියලා ගියා නම් එච්චරයි ප්‍රශ්න තියනවනම් කතා කරල. . මාර දේවල් ටිකක් දන්නවා වගේ කොහෙන් හරි අහුලා ගත්ත පාලි , අබිධර්ම වචන ටිකක් උස්සන් එනව. ඉතින් හිතන්නේ අනිත් උන් ඒවා බාරගන්න ඕනේ කියලා . නැත්නම් අන්‍යමත පිළිගන්නේ නෑ . මට මොන මගුලටද උබේ මතේ පිළිගන්නේ. මම මේකේ කාටවත් කියලා නෑ මගේ මතේ පිලිගෙන්න වගේ කතා. මට වැඩකුත් නෑ . අදසක් කිව්වා එච්චරයි. අනිත් උන් හදන්න කලින් තමන් හිර වෙලා ඉන්න වචන ටිකෙන් එලියට එන්න ඕන එක්කෝ.

    ඔව් මම ඔයාට ලාමක පටු කියලා කියනවා. නොදන්න දේවල් දන්නවා වගේ කතා කරපු නිසා. මගෙ තිබ්බ දුර්වලතාවෙ තමා අතෑරලා දාලා ආයෙත් ඔයාට මේක තේරුම් කරන්න හදපු එක :lol:
    ඒ ඉතින් උබ දන්නා තරම නේ බන් . කියල තේරුමක් නෑ . ඔහොම හිතින් ඉදපන් . අර භාවනා ටිකත් කරපං ඉතින් හොල්මනක් දැක්කොත් ත්‍රෙඩ් එකක් දාපං... :lol:
    ------ Post added on Jul 24, 2021 at 10:39 AM

    පාඩුවෙ ඉන්න දෙන්න මිනිස්සුන්ට කියලා නං කිව්ව ඔයාට. ඒක සාමාන්‍ය මනුශ්‍ය ඩීසන්සිය උදෙසා තමා කිව්වෙ. හැම එක අස්සටම විද්‍යාව ඔබාගෙන යන්නෙ නැතිව ඉන්න පුලුවන්නම් වටිනවා.
    ඉතින් ඇයි එහෙම විද්යාව ඔබන්න එපා කියලා උබ මට උපදෙස් දෙන්නේ. :lol: ඕක තමයි උබලගේ අවුල. උබට් ඕන නම් පොත් ටිකක හිර වෙලා ඉදපන්. මට ඕන නම් මම දෙයක් දිහා විද්‍යාත්මක බලනව, තර්ක කරනවා. ඒක මගේ වැඩක්. උබ ඉතින් මේ පැත්තෙන් පුප දෙන්න ඇවිත් නේ මේ ඔක්කොම.. භාවනා ටිකකින් හොල්මන් පෙන්නන ගියේ. :lol:
    ------ Post added on Jul 24, 2021 at 10:42 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මෙන්න මේක තමයි ඉතින් උබලගේ තියන අවුල . අනිත් උන්ට උගන්නන්න එනව ඔක්කොම දන්නවා කියලා ෆැන්ටසි වල ඉගෙන. :lol: :lol:
    තමන්ගේ අදහස් කියලා ගියා නම් එච්චරයි ප්‍රශ්න තියනවනම් කතා කරල. . මාර දේවල් ටිකක් දන්නවා වගේ කොහෙන් හරි අහුලා ගත්ත පාලි , අබිධර්ම වචන ටිකක් උස්සන් එනව. ඉතින් හිතන්නේ අනිත් උන් ඒවා බාරගන්න ඕනේ කියලා . නැත්නම් අන්‍යමත පිළිගන්නේ නෑ . මට මොන මගුලටද උබේ මතේ පිළිගන්නේ. මම මේකේ කාටවත් කියලා නෑ මගේ මතේ පිලිගෙන්න වගේ කතා. මට වැඩකුත් නෑ . අදසක් කිව්වා එච්චරයි. අනිත් උන් හදන්න කලින් තමන් හිර වෙලා ඉන්න වචන ටිකෙන් එලියට එන්න ඕන එක්කෝ.

    ඒ ඉතින් උබ දන්නා තරම නේ බන් . කියල තේරුමක් නෑ . ඔහොම හිතින් ඉදපන් . අර භාවනා ටිකත් කරපං ඉතින් හොල්මනක් දැක්කොත් ත්‍රෙඩ් එකක් දාපං... :lol:
    ------ Post added on Jul 24, 2021 at 10:39 AM
    කෝ දැං මම ඒකාන්ත ඇත්තවල් පෙන්වපු තැන් කෝට් කරලා පෙනූනුවාද ඔය. Now is the time to put money where your mouth is.

    ඔය මුලින් මේකෙ කතාකරපුවා පාලිවත් අභිධර්මය වත් නෙමෙයි මනුස්සයො. පාලි වත් අභිධර්මයවත් නැතිව ඔය කතන්දර ඔහොම්මම කියන්න පුලුවන් බටහිර දියුණු උන සංකල්ප අරගෙනම.

    අනික මම අද තියන නිතර අහන්න ලැබෙන අභිධර්මය සමග ඒතරං එකඟ නොවෙන කෙනෙක්(එකඟ නොවුනට අභිධර්මය වැරදියි, බොරුයි කියන්න තරං පහත් වෙන්නෙත් නැහැ, සමහරවිට මට නොතේරෙනවා ඇති ඒක දැනට) ඔය වෙනසවත් මෙච්චර කතාකරලා ඔයාට නොතේරුන එකෙන් ඔයාගෙ බුදුදහමෙ දැනුම හිතාගන්න පුලුවන්.

    මෙතන ඔයාට පිලිගන්න මතයක් කියලා නෑ කොහෙවත්. ඔක්කොම ෆැන්ටසිය කියලා තමා කියන්නෙ. ඒ කියන්නෙ ඇනිතිංග් ගෝස් ඇස් ලෝන්ග් ඇස් යූ වෝන්ට් ඉට් ටු ගෝ. ඒනිසා ආ ඒක ඔයාගෙ ආතල් එක කියලා පාඩුවෙ ඉන්න එපැයි. හැම තැනටම විජ්ජාව උස්සං එන්නැතිව.

    විද්‍යාව ඔබන්න එපා කියන්නෙ මනුස්සයො ඕපී ඉල්ලලා තියෙන්නෙ වෙන පැත්තකින් උදව්වක්. ඔව්වා වැඩක් නැහැ මට මේ පැත්තෙනුයි උදව්ව ඕනෙ කිව්වම ආයෙත් ඒ මිනිහගෙ ඔලුවට විද්‍යාවම පතබාන්නෙ මොන අමනුස්ස ගතියකටද? ඒ මිනිහා ඉල්ලන උදව්ව කරනවා බැරිනං බැහැ කියනවා. ඕපීගෙ ත්‍රෙඩ මාවත් අල්ලගෙන මෙච්චර කෑවා මදිද මන්සුසයො :lol:
     
    Last edited: