මටත් ඉතිං දැං ඇති කිව්වට ගැට්ට කහනවනෙ.විද්‍යාවේ රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරාම, ඒ ෆීල්ඩ් එකේ ඉන්න පියර්ස්ල ඒක රිවියු කරලා තමයි පිලිගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. වැඩි දෙනෙක් පිලිගෙන අනුමත උන දෙයක් නම් ආපහු අපි පරීක්ෂණ කරන්න යනවද හරිද බලන්න?
මේ හොල්මන් වගේ දේවලට පොඩ්ඩක් ලොජිකල් හිතුවානම් ප්‍රශ්ණ අඩු වෙයි. අපි හොල්මන්ම තමයි කියලා අපේ මනස කන්ව්න්ස් කරගෙනනම් ඉන්නේ ඊට පස්සේ වෙන හැම දේම ඉතින් හොල්මන්ම තමයි

ඔන්න දැන්නං මම බුද්ධාගම ගාවගන්න යන්නෙ කෙලින්ම.
ශෙනික් ගොඩනගපු අදහස මුල්කරං අහපු මුල් ප්‍රශ්ණෙට මම ප්‍රති ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් බුදුහාමුදුරුවො පබ්ලිශ් කරපු රිසර්ච් පේපර්ස් තියනවනෙ ත්‍රිපිටකේ පුරාවටම.*(උදා සතිපට්ඨාන සූත්‍රය, ධම්මචක්කය ආදී)
එව්වා පියර් රිවිව්ඩ් වෙලා අපෘව් වෙච්ච තැන් පුරවලා තියන එක තැනක් තමා "ථේර තේරීගාථා" එහෙමත් නැතිනම් තව තැනින් තැන විහිදිලා තියනවා ඕනෙ තරම් එහෙම පියර් රිවිව් වෙච්ච අවස්ථා.
හැබැයි එහෙම තිබිලත් බුදුහාමුදුරුවො කියනවා රහත්පලය තමන්ට ලැබෙනකං "පූර්ණව" තථාගතයන්/ධර්මය පිලිගන්නේ නැහැ කියලා ශ්‍රාවකයා. එතකොට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කිරීමෙදි කෝකද වඩාත් නිවැරදි?
පියර් රිවිව් වෙච්ච එව්වා පිලිගන්න එකද?
තමන්ම කරලා බලලා පිලිගන්න එකද?
*හැමතැනම ඩ්ස්ක්ලේමර් දාන්න වෙනවා කිරිවාසීන් කියන එක නෙමෙයි වෙන දේවල් තේරුම් ගන්න නිසා. මේ උඩ කරලා තියෙනිනෙ බුද්ධාගම අද තියන ප්‍රසිද්ධ විද්‍යාව වාගේම රිසර්ච් පියර් රිවිව් කලා කියලා නෙමෙයි. ඩෙෆිනීශන් වෙනස් කරල කතා කරන්නෙ.



