true
ෆෝන් බැටරි වල එහෙම තියෙන්නෙ ලිතියම් අයන් නේ ඒව ෆාස්ට් චාජ් කරන්නෙ වෝල්ටේජ් එක වැඩි කරලා, ඒකට ප්‍රොටොකෝල් කීපයක් තියනවා
QC/USB C PD etc, එක එක බ්‍රෑන්ඩ් සපෝට් කරන්නෙ එක එක ප්‍රොටොකෝල් ඒක නිසා තමයි ඔය වෙන ජාතියක චාජරෙන් ෆාස්ට් චාජ් වෙන්නෙ නැත්තෙ
ලිතියම් අයන්(හෝ ගොඩක් බැටරි ජාති) චාජ් කරන්න පටන් ගත්තම ලොකු කරන්ට් එකක් බැටරිය හරහා යවන්න පුලුවන්, මේක බැටරි ස්පෙක් එකේ තියනවා ඒ මැක්සිමම් කරන්ට් එක යනකන් වෝල්ටේජ් එක වැඩි කරලා දෙන්න පුලුවන් ඔය ෆාස්ට් චාජින් ප්‍රොටොකෝල් යූස් කරලා. 80%ක් විතර චාජ් උනාම කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකක් දීල් 100% වෙනකන් චාජ් කරන්න ඕන, මේ අන්තිම 20% ෆාස්ට් චාජ් නෙමයි, ඒක නිසා තමයි ඔය හැම ෆාස්ට් චාජ් වෙන ෆෝන් එකක්ම අන්තිම 20% ස්ලෝ චාජ් චෙන්නෙ. මේ ක්‍රමේට කියනවා CC/CV Cycle Charging කියලා, මේව ඉතින් ප්‍රැක්ටිකලි කරද්දි ඔහොම ප්‍රසන්ටේජ් බලලා නෙමයි වෙන්නෙ චාජින් සයිකල්, Curves හරියට මැච් කරලා ඕව ඇජස්ට් කරනවා
ෆාස්ට් චාජ් කරද්දි බැටරි රත් වෙනවා ඒක නිසා තමයි ලයිෆ්ටයිම් එක අඩු වෙන්නෙ
දැන් තියන කම්පෙටිශන් එකත් එක්ක ෆෝන් ඔය කරන්ට් පුලුවන් තරම් යූස් කරනවා සහ ටෙම්පර්චර් එකත් පුලුවන් උපරිමට යනකන් චාජ් කරනවා ඒක නිසා තමයි ෆාස්ට් චාජ් කරද්දි බැටරියට කෙලවෙන්නෙ
ඔය ෆෝන් චාජ් කරද්දි එහෙම පුපුරන්නෙ ඔන්න ඔය සීන් නිසා