කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    big-bang singularity කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයිනේ, නිවන කියන්නේ පුද්ගලික දෙයක්. උඹ නිවන් දැකල මම නිවන් නොදැක ඉන්න පුළුවන් හැබැයි උඹට කාලය තිබිල මට කාලය නැති වෙන්න බෑ එකම reality එකේ.

    මෙතන එකම රියැලිටිය කියන එක ගැටළුවක්. ධර්මානුකූලව ගත්තම අපි ලෝකයක් අත්දකින්නෙ තනි තනිව. අපිට එකිනෙකාගෙ රියැලිටිවල සමානකම නිසා එකඟතාවයනට එන්නත් පුලුවන්. බොහෝදුරට රියැලිට් වලට හේතුවෙන් කාරණා එකම වෙන නිසා එකිනෙකාට සකස්වෙන රියැලිටි වල සමාන දෑ අත්දකින්නත් පුලුවන් කියලා හිතන්නත් පුලුවන්. ඒ මොනවා වුවත් අත්දකින්නෙ තනි තනිව කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ.

    මෙතනදි රහතන්වහන්සේට සිදුවෙන මානසික පරිවර්තනය තමා මතුකරගන්න ඕනෙ. ඉහත කියු තනි තනිව අත්දකින රියැලිටියට බැහැනොගන්නා, දෘෂ්ටිග්‍රාහී නොවෙන තත්වයක් තමා රහතන් වහන්සේ කියන්නෙ.

    ඕක ගැන දැනගන්න හෙළයෙක්ට කියපු පොත් දෙක වටිනවා. හැබැයි ඒ පොත් දෙක ලියලා තියෙන්නෙ බුදුදහම ගැන යම් දුරකට අවබෝධයක් ඇති පාඨකයන්ට. කතුවරයා සමහර කාරණා පහදන්නෙ මහන්සි වෙන්නෙ නැහෑ. මූලික කරුනු ගැන අදහසක් තියනවානම් බුදුදහම කියන්නෙ මොකක්ද කියන එක පිලිබඳ නිවැරදි කියවීමකට එන්න උදව් වෙන පොත් දෙකක් වෙයි.
     
    Confused Kid Cudi GIF by Apple Music
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ඒ ගැන මගේ දැනුමට අනුව,

    මම හිතන්නේ කාලය කියලා දෙයක් ගැන ඒකල මිනිස්සු ගාව වැඩියම උනන්දුවක් තිබිලා නැහැ වගේ. කාලය කියන දේ කරලියට ගොඩාක් ආවේ මම හිතන්නේ නූතන විද්‍යාව ජනප්‍රිය උනාට පස්සේ.(සමහර විට මම වැරදි ඇති. Who knows)

    කොහොම නමුත් බුද්ධ ධර්මයට අනුව කාලය කියලා යමක් ගැනෙන්නේ පුද්ගලයාගේ සන්තානය තුළ ඇතිවන සිතුවිලි ගලායාම නේද? පංච upaadaanaskandaya ඇතිවීම පැවතීම සහ නැතිවීම then ආයෙත් ඇතිවීම..... So on
    මේ ගලායාම තමයි මම දන්න තරමින් බුදුන් වහන්සේට අනුව කාලය කියලා පනවා ගත හැක්කේ. ඒ අනුව කාලය කියන්නේ සංකත (එනම් හටගත්) දෙයක් වියයුතුයි. ඇතිවීම පැවතීම සහ නැතිවීම යන ලක්ෂණ තුනට කාලයත් අදාලයි. ඒ කියන්නේ කාලය නිරපේක්ෂ දෙයක් වෙන්න බැහැ. පුද්ගලයා ට සාපේක්ෂ වියයුතුයි. ඒ අනුම නිබ්බාන ධාතුව පමණක් කාලයෙන් වියුක්ත වෙනවා. නිරපේක්ෂ වෙනවා.

    වැරදි නම් නිවැරදි කරන්න.

    දර්මයට අනුව කාලය කියන්නෙ අවිජ්ජව මත ගොඩ නැගුන පන්චෞපාදාන ස්කන්ද ලෝකය තුල සිදුවන විද්යමාන වීමක්...පාරමාර්ත දර්මයක් නෙවේ...ඒක නිසා දර්මයේ පවතින ත්‍රිලක්ශනය යතත් සන්කත දර්මය විදිහට ගන්න බැ..ලෝකය ගොඩ නොනැගුන තැන රහතන් වහන්සෙට (සම්මුතිකව ) ලෝකය තුල පවතින කාලයක කියල ගන්න දෙයක් නැති වෙනව...

    වෙනස නැති උනොත් අනිත්‍ය අවුල් යනවා නේද?

    @හෙළයෙක්

    නැහැ.. අනිත්ය කියන්නෙ පරමාර්ත දර්මවල ලක්ශන තුනෙන් එකක්..එතන කියන්නෙ කාලයත් එක්ක වෙනස් වෙන එක නෙවේ...හේතු වලින් ඇති වීමත්, හේතු නැති වීමෙන් නැති වීමත් කියල සරලව ගන්න පුලුවන්..

    ඔය පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක් අවිජ්ජා සහිත මනසෙන් දේවල් (ප්‍රජ්නප්ති ) ලෙස වැරදියට ගොඩ නැගීම තුලින් බිහිවන ලෝකයෙ ඇති දෙයක් විදිහට තමයි කාලය හදුන්වන්න වෙන්නෙ.. එහෙම මෝඩ කමින් ගන්න සම්මුති වල ත්‍රිලක්ශනයක් කතා කරන්න දෙයක් නැ...
    ------ Post added on Jan 7, 2024 at 5:14 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මම ක්‍රිස්තියානි නෙමෙයි. ඒත් මේ සත්ව ලෝකය සචේතනික නිර්මාණයක් කියලා මටත් හිතෙනවා
    කැමතියි දැනගන්න එහෙම හිතන්න මුල් වෙච්ච හේතු මොනවද කියන එක.

    දර්මයට අනුව කාලය කියන්නෙ අවිජ්ජව මත ගොඩ නැගුන පන්චෞපාදාන ස්කන්ද ලෝකය තුල සිදුවන විද්යමාන වීමක්...පාරමාර්ත දර්මයක් නෙවේ...ඒක නිසා දර්මයේ පවතින ත්‍රිලක්ශනය යතත් සන්කත දර්මය විදිහට ගන්න බැ..ලෝකය ගොඩ නොනැගුන තැන රහතන් වහන්සෙට (සම්මුතිකව ) ලෝකය තුල පවතින කාලයක කියල ගන්න දෙයක් නැති වෙනව...

    @හෙළයෙක්

    නැහැ.. අනිත්ය කියන්නෙ පරමාර්ත දර්මවල ලක්ශන තුනෙන් එකක්..එතන කියන්නෙ කාලයත් එක්ක වෙනස් වෙන එක නෙවේ...හේතු වලින් ඇති වීමත්, හේතු නැති වීමෙන් නැති වීමත් කියල සරලව ගන්න පුලුවන්..

    ඔය පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක් අවිජ්ජා සහිත මනසෙන් දේවල් (ප්‍රජ්නප්ති ) ලෙස වැරදියට ගොඩ නැගීම තුලින් බිහිවන ලෝකයෙ ඇති දෙයක් විදිහට තමයි කාලය හදුන්වන්න වෙන්නෙ.. එහෙම මෝඩ කමින් ගන්න සම්මුති වල ත්‍රිලක්ශනයක් කතා කරන්න දෙයක් නැ...
    ------ Post added on Jan 7, 2024 at 5:14 AM
    කියපු ඒක පැහැදිලියි.
    ------ Post added on Jan 7, 2024 at 6:11 AM

    මෙතන එකම රියැලිටිය කියන එක ගැටළුවක්. ධර්මානුකූලව ගත්තම අපි ලෝකයක් අත්දකින්නෙ තනි තනිව. අපිට එකිනෙකාගෙ රියැලිටිවල සමානකම නිසා එකඟතාවයනට එන්නත් පුලුවන්. බොහෝදුරට රියැලිට් වලට හේතුවෙන් කාරණා එකම වෙන නිසා එකිනෙකාට සකස්වෙන රියැලිටි වල සමාන දෑ අත්දකින්නත් පුලුවන් කියලා හිතන්නත් පුලුවන්. ඒ මොනවා වුවත් අත්දකින්නෙ තනි තනිව කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ.

    මෙතනදි රහතන්වහන්සේට සිදුවෙන මානසික පරිවර්තනය තමා මතුකරගන්න ඕනෙ. ඉහත කියු තනි තනිව අත්දකින රියැලිටියට බැහැනොගන්නා, දෘෂ්ටිග්‍රාහී නොවෙන තත්වයක් තමා රහතන් වහන්සේ කියන්නෙ.

    ඕක ගැන දැනගන්න හෙළයෙක්ට කියපු පොත් දෙක වටිනවා. හැබැයි ඒ පොත් දෙක ලියලා තියෙන්නෙ බුදුදහම ගැන යම් දුරකට අවබෝධයක් ඇති පාඨකයන්ට. කතුවරයා සමහර කාරණා පහදන්නෙ මහන්සි වෙන්නෙ නැහෑ. මූලික කරුනු ගැන අදහසක් තියනවානම් බුදුදහම කියන්නෙ මොකක්ද කියන එක පිලිබඳ නිවැරදි කියවීමකට එන්න උදව් වෙන පොත් දෙකක් වෙයි.
    එකම රියෙලිටියේද කියල මම එකට උත්තරය ලයිලත් ආයේ අයින් කරා මට එකේ ගැටලුවක් ආව නිසා. අපි මේ කරන්නේ එකිනෙකාගේ රියැලිටි ශෙයා කරගන්න එකද නැත්තං ග්‍රින්තන්ඩ මගේ රියෙලිටිය ඇතුලේ ඉන්න කෙනෙක් විතරයිද?
    ------ Post added on Jan 7, 2024 at 6:15 AM
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එකම රියෙලිටියේද කියල මම එකට උත්තරය ලයිලත් ආයේ අයින් කරා මට එකේ ගැටලුවක් ආව නිසා. අපි මේ කරන්නේ එකිනෙකාගේ රියැලිටි ශෙයා කරගන්න එකද නැත්තං ග්‍රින්තන්ඩ මගේ රියෙලිටිය ඇතුලේ ඉන්න කෙනෙක් විතරයිද?

    අපි යථාර්තය අත්දකින්නෙ තනි තනිව නිසා රියැලිටි "ශෙයාර්" කරගන්නවා කියන එක මෙතනදි යුක්තිසහගත නැහැ කියලා හිතනව. හෙළයෙක්ට ඉන්ද්‍රියානුසාරයෙන් සකස් වෙන ලෝකයක, ඉන්න සකස් වෙන තවත් සකස් වීමක් තමයි ග්‍රීන්තන්ඩර් කියන්නෙ කියන එක යුක්තිසහගතයි.

    මේ සකස්වීම් වල සමනකම් නිසා අපිට පොදු ලෝකයක් ගැන කතාකරන්න, එකඟවෙන්න, ප්‍රයෝජනයට ගන්න පුලුවන් කමක් ලැබෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අපි යථාර්තය අත්දකින්නෙ තනි තනිව නිසා රියැලිටි "ශෙයාර්" කරගන්නවා කියන එක මෙතනදි යුක්තිසහගත නැහැ කියලා හිතනව. හෙළයෙක්ට ඉන්ද්‍රියානුසාරයෙන් සකස් වෙන ලෝකයක, ඉන්න සකස් වෙන තවත් සකස් වීමක් තමයි ග්‍රීන්තන්ඩර් කියන්නෙ කියන එක යුක්තිසහගතයි.

    මේ සකස්වීම් වල සමනකම් නිසා අපිට පොදු ලෝකයක් ගැන කතාකරන්න, එකඟවෙන්න, ප්‍රයෝජනයට ගන්න පුලුවන් කමක් ලැබෙනවා.
    එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද

    ඕකෙ ප්‍රශ්නයක් තිබෙනවා හෙළයෙක්.

    මහාවිහාර අභිධර්ම සම්ප්‍රදායට අනුව රූප "පවතී". පවතී කිව්වට ඒ තුලින්ම හටගත් පැවැත්මක් නැතය (as opposed to සාර්වස්තිවාද තුන් කල්හීම පවතී) කියලා කියන්න මහාවිහාර අර්ථවිවණ විශාල උත්සහයක් ගන්නවා. මහාචාර්ය වයි කරුණාදාසගෙ Dhamma Theory - Philosophical Cornerstone of Abhidhamma කියන පොත කියවන්න. පැයකින් දෙකකින් ඉවර කරන්න පුලුවන් කෙටි පොතක්. මහාවිහාර අර්ථවිවරණය සකස්වෙච්ච හැටි කතාකරනවා එකේදි.

    මේ කාරණාවෙදි ග්‍රීන්තන්ඩර් ඉන්නෙ මහාවිහාර අර්ථවිවරණයේ උපයෝගීතාවය දකිමින් නමුත් සූත්‍ර වල පැහැදිලි කිරීම වඩාත් සුදුසුයි කියන තැන. හැබැයි එහෙම කියලා මහාවිහාර පැහැදිලි කිරීම බැහැර කරන්නේ නැහැ කියලා කියන්න ඕනෙ. මහාවිහාරය කියන්නෙ මුලුමහත් බෞද්ධ ලෝකයේ පතාක යෝධයා. පරිපූර්ණ පිටකයක්, පරිපූර්ණ අටුවාවක් සහිත, නිවනතෙක් පැහැදිලි භාවනා උපදෙස් මාලාවක් පෙන්වන එකම බෞද්ධ සම්ප්‍රදාය. අතීත ස්වාමින්වහන්සේලා දිවිහිමියෙන් රැකගෙන ආපු සම්ප්‍රදාය. සමහරවිට ශාස්ත්‍රීය අතින් බැලුවොත් ලංකාවේ ක්‍රවුන් ජුවෙල් එක. ඒ නිසා ඒක භාවිතා කිරීමේදී necessary ground work එක සිදුකරගනිමින් භාවිතා කිරීම තුලින් වඩාත් යහපත් අවබෝධයක් එයි කියලා විශ්වාස කරනව. හෙළයෙක්ට ඒ ග්‍රවුන්ඩ් වර්ක් එක ඉහත කියු පොතෙන් ලබාගන්න පුලුවන් වගේම ඉහත ප්‍රශ්නයත් එකෙන්ම විසඳෙයි.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    830
    1,146
    93
    මෙහෙම තියරි කොටසක් තියෙනවා

    සිතක් ගත්තොත් ඒකෙ attribute 11k තියෙනවා

    අතීත ,වර්තමාන ,අනාගත (කාලය පිලිබඳ හැගීම )

    දුර, ලග ,ගණ, සියුම් (අවකාශය පිලිබඳ හැගීම )

    හීන, ප්‍රනීත (දුක, සුව පිලිබඳ හැගීම )

    අභ්‍යන්තර ,භාහිර (මම ,ලෝකය පිලිබඳ හැගීම )

    අභ්‍යන්තර කියන එක තමා මම, මගෙ feeling එකට හේතුව . මම හිතනවා කියන එක වැරදි එක අනුව භාහිර කියන්නේ ලෝකය කියන හැගීම.

    සිතුවිල්ලක ඔය 11ම තියෙනවා ප්‍රමුඛ වෙන්නෙ එකක් (imho) එකෙන් තමා ඊලග සිත ඇති වෙන්නෙ ,දැනුත් වෙන්නෙ ඒක.🙂
    ඔය 11 න් මාත්/ඔයත් එක්ක ලෝකය විද්‍යාමාන කරන්න පුළුවන් .
    සිතුවිලි දිහා බලන් ඉදලා තියෙනවා නම් අත්දැකලා ඇති සිත යන විදිහ
    උදා
    කොලපාට බොඩ් එක, කොල පාට කමිසය ,තාත්තගෙ කොලපාට කමිසය ,තාත්තා ,තාත්තගෙ බෙහෙත්

    එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද
    මේක ගැන හැබැයි උත්තරයක්ම නෙමේ 🤔

    1.We live in parallel worlds that never touched.
    2.Yet shaped each other.
    3. If at all if they existed

    උඩ කතාවෙ දිග හැරීම
    1. ඔයාට පේන්නෙ ,ඇහෙන්නේ ,දැනෙන්නෙ ,හිතන්නෙ ඔයාගෙ ආයතන වලින්. අනුන්ගෙ ආයතන වලින් බෑ. ලොකෙ perceive කරන්නෙ තනියම. වෙන කෙනෙක් දුවිල්ලක් වත් දකින විදිහ දැන ගන්න බෑ 😊
    2. ඒත් අපි අනික් අය කරන දෙවල් වලින් වෙනස් වෙනවා. කුරුල්ලෝ කෑගහන සද්දයක් ,කැරපොත්තෙක් වගෙ පොඩි දෙකින් අපෙ perceived ලොකය වෙනස් වෙනවා.
    3. Subjectivity එක ගැන හිතන්නෙ එකම සිද්ධිය අපි වෙනස් විදිහට දකිනවා කියලා . හොදට බලන්න , ඒක සිද්ධි දෙකක් නෙමේද ? 😊
    Objective reality එක මිරිගුවක් ?
    🤷

    ඔයා මට දෙන පොත එක සිද්ධියක් නෙමේ, කාලාවකාශ එකකුත් නෙමේ, ග්‍රින්ත්න්ඩර් කියපු එක වගෙ උත්තරයක් තමා 🤔
    ------ Post added on Jan 7, 2024 at 1:14 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    @හෙළයෙක්

    නැහැ.. අනිත්ය කියන්නෙ පරමාර්ත දර්මවල ලක්ශන තුනෙන් එකක්..එතන කියන්නෙ කාලයත් එක්ක වෙනස් වෙන එක නෙවේ...හේතු වලින් ඇති වීමත්, හේතු නැති වීමෙන් නැති වීමත් කියල සරලව ගන්න පුලුවන්..

    ඔය පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක් අවිජ්ජා සහිත මනසෙන් දේවල් (ප්‍රජ්නප්ති ) ලෙස වැරදියට ගොඩ නැගීම තුලින් බිහිවන ලෝකයෙ ඇති දෙයක් විදිහට තමයි කාලය හදුන්වන්න වෙන්නෙ.. එහෙම මෝඩ කමින් ගන්න සම්මුති වල ත්‍රිලක්ශනයක් කතා කරන්න දෙයක් නැ...
    ------ Post added on Jan 7, 2024 at 5:14 AM

    කාලය == වෙනස කියල කියපු නිසා කිව්වේ

    කොහොමත් කාලය සහ අවකාශය නැති තත්වයක් ගැන විස්තර කරන්න කොයි ආගමටත් බෑ. එහෙන් මෙහෙන් නටල ඔබ්බ ගන්න පුළුවන් ඒත් සාර්ථක නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කාලය == වෙනස කියල කියපු නිසා කිව්වේ

    කොහොමත් කාලය සහ අවකාශය නැති තත්වයක් ගැන විස්තර කරන්න කොයි ආගමටත් බෑ. එහෙන් මෙහෙන් නටල ඔබ්බ ගන්න පුළුවන් ඒත් සාර්ථක නෑ.
    කාලය සමානයි වෙනස නෙවී වෙනස පෙහෙහද්ලි කරන්න තමා කාලය ගන්නවා කිව්වේ.
     
    • Like
    Reactions: gamerlk and nipund

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ප්‍රජ්නප්තියක් කියන්නෙ පරමාර්ත දර්ම වල සකස්වීම හිතෙන් ගොඩනගාගන්න ආකර්ය කියල සරලවම ගන්න පුලුවන්... උදාහරනයක් විදිහට මේසයක් ගත්තොත්....මහබුත කියන පරමාර්ත දර්ම මේසයක් ආකරයෙන් හිතෙන් ගැනීම...සරලවම ලේබල් එක..

    බුකියෙන් ගතෘතේ මේක පහළ ඇති ලින්ක් එක. පෘෂ්න ඊට පහලින්

    බිග් බෑන්ග් එකට කලින් 'පදාර්ථය' කොහෙද තිබුනෙ? කියල ප්‍රශ්නයක් දැක්ක. මේ ප්‍රශ්නෙ ඇහෙන්න හේතුව තමයි බින්ග් බෑන්ග් එකට කලින් කාලය හා අවකාශය "කොහෙද තිබුනෙ?" කියන ගැන නොසිතීම.
    .
    .
    සියල්ලේ "පැවැත්ම" big-bang singularity එකෙන් ඇරඹුනා කිව්වාම, එතැන කියවෙන්නෙ "අවකාශය" මෙන්ම "කාලයේ" පැවැත්මද ඇරඹුනෙ එතැනින් කියන එක. මේක නිකන් දාර්ශනික ආතල් එකක් විතරක් නෙමෙයි. ගණිත සමීකරන ලියල තියෙන කතාවක් නෙ. නිව්ටන්ගෙ කැලසිකල් මිකැනික්ස් වලදි "කාලය" කියන්නෙ නිරපේක්ෂව ගලා යන දෙයක්. නිව්ටන්ගෙ විතරක් නෙමේ එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල කාලය ගැන තිබුනෙ එහෙම අදහසක්. ක්ලැසිකල් ෆිසික්ස් වල අවකාශය කියන්නෙ නිරපේක්ෂව පවතින දෙයක්. එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල අවකාශය ගැනත් තිබුනෙ එහෙම අදහසක්.
    .
    .
    මේක වෙනස් වූ තැන තමයි අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය. කාලය හා අවකාශය කියන්නෙ සියලු අනෙක් පැවැත්ම වලින් ස්වායත්ත නිරපේක්ෂ දෙයක් කියන නිව්ටෝනියානු අදහස (පෙරදිග සියලුම දර්ශන ගුරුකුල තුලත් කාලය හා අවකාශය නිරපේක්ෂයි) සම්පූර්ණයෙන්ම වෙනස් උනා.
    .
    .
    කාලය හා අවකාශයෙ පටන් ගැන්ම big bang singularity එක කියල කිව්වට පස්සෙ "ඊට කලින් මොනවද තිබුනෙ", "ඊට කලින් පදාර්ථය කොහෙද තිබුනෙ" වගෙ ප්‍රශ්න වැලීඩ් නෑනෙ. ඔය ප්‍රශ්න අහන්නෙම "කාලය" හා "අවකාශය" හැමදාම නිරපේක්ෂව පවතී කියන නිවුටෝනියානු ක්ලැසිකල් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන. ඒ කියන්නෙ තාම අයින්ස්ටයින් කියපු දේ තේරිලා නෑ.
    .
    .
    බයිදවෙ big bang singularity එක ගැන අදහස අයින්ස්ටයින් ඉදිරිපත් කල එකක් නොවන බවත් කියන්න ඔනෑ. ඇත්තටම අයින්ස්ටයින්ගෙ ජීවිතේ කරපු ලොකුම වරදක් ලෙස ඔහු පසුවට පිලිගත් cosmological constant එකක් දාල විශ්වයේ පැවැත්ම ස්ථිර සදාකාලික එකක් කරන්න හැදුව උත්සාහය ඒ කාලෙ විශ්වයේ ප්‍රසාරණය ගැන එම්පිරිකල් එවිඩන්ස් නොතිබුන නිසා වෙච්ච එකක්. ඇත්ත්ටම පසුවට ඒ බව හොයාගත්තාම cosmological constant එක ගලවල වැඩේ ක්ලීන් අප් කලාට පස්සෙ අප දකින විශ්වය අයින්ස්ටයින්ගෙ සමීකරණ තුලට වඩාත් ලස්සනට ෆිට් උනා. ඒ සමීකරණ වල වලින් කියවෙන දේ තමයි big-bag එක. cosmic microwave background radiation (CMB) ඇතුලු වෙනත් සාධක විශාල ප්‍රමාණයකිනුත් ඒ තියරිටල් big-bang එක ගැන අදහස එම්පිරිකලිත් වැලිඩේට් වෙනවා.
    .
    .
    පැවැත්ම විස්තර කරන්න "චක්‍රීය" චින්තන අත්‍යාවශ්‍ය වෙන්නෙ කාලය හා අවකාශය නිරපේක්ෂයි කියල ගත්තොත්. කාලය මෙන්ම අවකාශයද emergent properties කියල ගත්තට පස්සෙ චක්‍ර වල "අත්‍යාවශ්‍ය" බව නැතිවෙනවා.
    .
    .
    වැඩිදුර කියවවීම සඳහා:
    .
    .
    Singularity කියන එක ගැන න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙන ඩෙෆිනිෂන් එක බලන්න
    .
    .
    Laurence Kraus ගෙ "Nothing" ගැන ඩෙෆිනිෂන් එකත් බලන්න
    .
    .
    රිට්ටා මේ එකක් වත් ඇකඩමිකලි හදාරන්නෙ නැතුව පොත පත ඇසුරෙන් කියන කතා නිසා පෝස්ට් එකේ වැරදි තියෙනවානම් හදන්න.

    https://www.fac ebook.com/100001954082122/posts/pfbid0JHqFBFJ6UYVrWkCiDf96RUdmtJ5SYoTpEHsYf5yrT99NvhgCwVgeHKurNg2NJuQ9l/?mibextid=Nif5oz

    @greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ

    @Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.
    කාලේන ධම්ම සාකච්ඡා පට්ට පට්ට
    හෙට උදේ ඔෆිස් ගිහිල්ලත් පුලුවන් නම් මෛත්‍රීයෙන් ඉදහල්ලා එක එකාට අංචි අදින්න නැතුව....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කාලේන ධම්ම සාකච්ඡා පට්ට පට්ට
    හෙට උදේ ඔෆිස් ගිහිල්ලත් පුලුවන් නම් මෛත්‍රීයෙන් ඉදහල්ලා එක එකාට අංචි අදින්න නැතුව....
    WFH නිසා ගෙදර අයට තමා ❤️❤️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    කාලය == වෙනස කියල කියපු නිසා කිව්වේ

    කොහොමත් කාලය සහ අවකාශය නැති තත්වයක් ගැන විස්තර කරන්න කොයි ආගමටත් බෑ. එහෙන් මෙහෙන් නටල ඔබ්බ ගන්න පුළුවන් ඒත් සාර්ථක නෑ.

    මේක නිවැරදි නැ...

    කාලය / අවකාශය අඩන්ගු සන්කත ලෝකයම නො ගොඩැනගීම, ඒ කියන්නෙ රහතන් වගන්සෙ කෙනෙකුගේ අවස්තාව ඔය කියන අවස්තාව නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කාලය සමානයි වෙනස නෙවී වෙනස පෙහෙහද්ලි කරන්න තමා කාලය ගන්නවා කිව්වේ.

    කාලය අවකාශය නැති තැනක වෙනසක් කොහෙද?

    මේක නිවැරදි නැ...

    කාලය / අවකාශය අඩන්ගු සන්කත ලෝකයම නො ගොඩැනගීම, ඒ කියන්නෙ රහතන් වගන්සෙ කෙනෙකුගේ අවස්තාව ඔය කියන අවස්තාව නෙ.

    ආයෙත් ගැට ගහන බයිලානේ, රහතන් කියන්නේ පුද්ගලික තත්වයක් මිසක් මුළු විශ්වයේම හැමෝටම වෙන දෙයක් නෙවෙයිනේ. රහතන්ට පුද්ගලික big-bang එකක් තියනවයෑ

    මෙතන එකම රියැලිටිය කියන එක ගැටළුවක්. ධර්මානුකූලව ගත්තම අපි ලෝකයක් අත්දකින්නෙ තනි තනිව. අපිට එකිනෙකාගෙ රියැලිටිවල සමානකම නිසා එකඟතාවයනට එන්නත් පුලුවන්. බොහෝදුරට රියැලිට් වලට හේතුවෙන් කාරණා එකම වෙන නිසා එකිනෙකාට සකස්වෙන රියැලිටි වල සමාන දෑ අත්දකින්නත් පුලුවන් කියලා හිතන්නත් පුලුවන්. ඒ මොනවා වුවත් අත්දකින්නෙ තනි තනිව කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ.

    මෙතනදි රහතන්වහන්සේට සිදුවෙන මානසික පරිවර්තනය තමා මතුකරගන්න ඕනෙ. ඉහත කියු තනි තනිව අත්දකින රියැලිටියට බැහැනොගන්නා, දෘෂ්ටිග්‍රාහී නොවෙන තත්වයක් තමා රහතන් වහන්සේ කියන්නෙ.

    ඕක ගැන දැනගන්න හෙළයෙක්ට කියපු පොත් දෙක වටිනවා. හැබැයි ඒ පොත් දෙක ලියලා තියෙන්නෙ බුදුදහම ගැන යම් දුරකට අවබෝධයක් ඇති පාඨකයන්ට. කතුවරයා සමහර කාරණා පහදන්නෙ මහන්සි වෙන්නෙ නැහෑ. මූලික කරුනු ගැන අදහසක් තියනවානම් බුදුදහම කියන්නෙ මොකක්ද කියන එක පිලිබඳ නිවැරදි කියවීමකට එන්න උදව් වෙන පොත් දෙකක් වෙයි.

    අපි කතා කරන්නේ big-bang singularity එක ගැන මිසක් කාගෙවත් පුද්ගලික මානසික පරිවර්තනයක් ගැන නෙවෙයි. මම මුලින් කිව්වෙත් ඕකයි, ආගම් කැමති නෑ තමන් දන්නේ නැති බව පිළිගන්න. ඒ නිසා මොකක් හරි නමල ඕකට ගැට ගහන්න හදනවා මිසක් පැහැදිලි උත්තරයක් නෑ.
    ------ Post added on Jan 8, 2024 at 1:44 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    කාලය අවකාශය නැති තැනක වෙනසක් කොහෙද?

    ආයෙත් ගැට ගහන බයිලානේ, රහතන් කියන්නේ පුද්ගලික තත්වයක් මිසක් මුළු විශ්වයේම හැමෝටම වෙන දෙයක් නෙවෙයිනේ. රහතන්ට පුද්ගලික big-bang එකක් තියනවයෑ

    අපි කතා කරන්නේ big-bang singularity එක ගැන මිසක් කාගෙවත් පුද්ගලික මානසික පරිවර්තනයක් ගැන නෙවෙයි. මම මුලින් කිව්වෙත් ඕකයි, ආගම් කැමති නෑ තමන් දන්නේ නැති බව පිළිගන්න. ඒ නිසා මොකක් හරි නමල ඕකට ගැට ගහන්න හදනවා මිසක් පැහැදිලි උත්තරයක් නෑ.
    ------ Post added on Jan 8, 2024 at 1:44 AM
    කල්ලතෝනි ය න්ගෙ ආගමේ ඔය ගැන මොකද කියන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ආයෙත් ගැට ගහන බයිලානේ, රහතන් කියන්නේ පුද්ගලික තත්වයක් මිසක් මුළු විශ්වයේම හැමෝටම වෙන දෙයක් නෙවෙයිනේ. රහතන්ට පුද්ගලික big-bang එකක් තියනවයෑ

    ඕක බයිලයක් වගේ පේන්නෙ උබ ඉන්න මුලික වැරදි උපකල්පනය උඩ..

    හැම සත්වයෙක්ම ඉන්නෙ තමන්ගේ ඉන්ඩ්‍රියෙන් ලබා ගත්ත දත්ත උඩ ගොඩ නගන ලෝකය උඩ...ඔය ගොඩනගන පවුද්ගලික ලෝකවල එකම ඔවලැප් එක උනාම උබ උප කල්පනය කරනව ඒක තමයි රියලිටි එක කියල...

    පිස්සො 100 ක් ඉන්න තැනක...ඔය පිස්සො හැම එකාම ඉන්නෙ උන්ගේ හිතෙන් හදාගත්ත පවුද්ගලික ලෝකවල...ඔතන පිස්සො 95 කටම බෝලයක් එක විදිහටම දොඩම් ගෙඩියක් වගේ පෙනුනොත් ඒක රියලිට් එකක් වෙනවද?

    උබ කියන විදිහටම...රහතන් 99 කුයි සාමාන්ය මිනිස්සු එක්කෙන්කුයි ඉන්න තැන රහතන් වහන්සෙල 99ම බිග්-බැන්ග් එකක් නැ කියද්දි...අරු විතිරක් තියෙනව කියද්ද...උබ කියන විදිහට අරු කියන එක පුද්ගලික ත්ත්වයක් වෙනවනෙ විශ්වයෙ හැමෝටම බිග් බැන්ග් එක නැ කියද්දී...

    විශ්වයේ හැමෝම දෙයකට ඇග්‍රි උන පමනින් ඒක රියලිටි කියන උපකල්පනය වැරදි කියල උබට තේරෙන්නෙ ඕනෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කාලය අවකාශය නැති තැනක වෙනසක් කොහෙද
    ඕක මට සම්බන්ධ වෙන්නේ දැනුම හැදෙන හැටි ගැන තියෙන Buddhism තියරි ටිකක් ධර්මකීර්ති හාමුදුරුවන්ගේ(600ad) එතන පැහැදිලි කිරීම වල කියන විදියට අපි දැනුම හදාගන්නේ ප්‍රයෝජනවත් වෙනස් කම් අපි එකපිරියනස් කරන එක උඩ. එක ගැන කියවන පේපර්ස් හැම එකකම වගේ Buddhism වල පැහැදිලි කිරීම ඇතුලේ ඔහොම කාලය නෙවෙයි වෙනසට මුල වෙනස තමා කාලයට මුල කියල ගන්න පුළුවන්. ( වෙනස පැහැදිලි කරන්න තමා කාලය ඕනි)

    ඔයා හිතන එකත් වැරදි නෑ විද්‍යාව විෂය ඇතුලේ එකේ explanation එක්ක.

    අපි හදාගන්න රාමු දෙක සමපාත වෙන්න නැති තැනක එකම දෙට රාමු දෙක ඇතුලේ වෙනස් පැහැදිලි කිරීම් දෙකක් තියෙන්න පුළුවන්.

    මට පැටලිලා තිබ්බේ විද්‍යාව එක්ක බුද්ධාගමේ explanation එක ගැට ගහගෙන බුද්ධාගමට සාපේක්ෂව ඕක තේරුම් ගන්න ගිය නිසා දැන් ඒ dependency එක අයින් කරා ඒ දෙක දෙකක් කියල වෙන් කරා.
     
    Last edited: