කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සිංහල අලුත් අවුරුද්දට අපි ඉතින් මාර්තු මාසේ ඉදං වගේ ලක ලෑස්ති වෙනවනේ. ඉතිං අවුරුද්ද කිව්වොත් කොකිස්, කැවුම් තමයි මතක් වෙන්නේ.

    අද අපි අවුරුද්දට කලින් කැවුම්, කොකිස් ටිකක් හදලා බැලුවා. මෙතන තියෙන්නේ තෙත හාල් පිටි ග්‍රෑම් 500 කින් හදපු ටිකක්. මේක හැදුවේ පදම කොහොමද බලන්න.

    මේකෙදි ලැබුණු අත්දැකීම් එක්ක ආයේ හෙට අනිද්දා ටිකක් වැඩියෙන් කැවුම්, කොකිස් හදන්න ඉන්නේ.

    කොකිස් හැදුවේ නං අලුත් කොකිස් අච්චුවකින්. මම පහුගිය දවසක මාර්කට් ගියාම දැක්කා නන්ස්ටික් කොකිස් අච්චුවක්. ඒක ගත්තා. එකේ තමයි හැදුවේ. හොදට ගැලවිලා එනවා කොකිස්. රුපියල් 1,600 උනේ.

    බොරැල්ල ලේඩි ජේ එකෙන් ගත්තේ. කොකිස් හදද්දී බිත්තර එහෙම දාන්න ඕනි නැහැ, මේ අච්චුවෙන් හදද්දී කියලා එකේ කවරේ ගහලා තියෙනවා. ඉතින් බිත්තර කන්නේ නැති යටත් හොදයි ඒ නිසා.

    කැවුම්, කොකිස් රසට ආවා. පදම තව ටිකක් වෙනස් කරන්න ඕනි. පෙනුම තව ලස්සනට ගන්න.

    කැවුම් මිශ්‍රණයේ ෆොටෝ එකක් පහලින්.

    Whats-App-Image-2025-04-10-at-3-32-50-PM-1.jpg

    හදපු හැඳි කැවුම් දෙක තුනක්

    Whats-App-Image-2025-04-10-at-3-32-50-PM-2.jpg

    කොකිස් අච්චුව සහ එකෙන් හදපු කොකිස්. මේකෙත් මිශ්‍රණය තව ටිකක් වෙනස් කරන්න ඕනි හැඩය තව ලස්සනට ගන්න.

    Whats-App-Image-2025-04-10-at-3-32-50-PM.jpg
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    non stick kokis achchuwak ganna oone.. ganna tanak dannawada?
    keeyatada gatte?

    kokis hadana kota haalpiti hodata weelenne oone.. bittara kahamadin tikak daanna.. batter eka hariyata haduwama hodata kokis eka enawaa
    මේක 1,600 ක් වගේ උනේ. ලේඩි ජේ -බොරැල්ල ගත්තේ.

    මේ කොකිස් අච්චුව නන්ස්ටික් නිසා බිත්තර දාන්න ඕනි නැහැ කියලා විස්තරේ දාලා තියෙනව. ඒ නිසා බිත්තර දැම්මේ නැහැ.
    හාල්පිටි ගත්තේ වී මොලේන්. උත්සව කාල වලට තෙත හාල් පිටි විකුනනවා.
    jhon ge nonada mewa hadanne :rolleyes:
    චමි අයියා කොකිසක්, කැවුමක් කාලා ප්ලේන්ටියක් බොන්න එන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,373
    113
    👍👍අපේ පැත්තෙ හිටිය අාච්චි කෙනෙක් සුපිරියටම පැණි කැවුම් හදල විකුණන.දැන් නැති වෙලා...කොණ්ඩ කැවුම් හදනකොට කිතුල් හකුරු කෑල්ලක් දානව..පට්ටම රහයි..කොණ්ඩ කැවුම් හදන්න දන්න අය දැන් නම් සෑහෙන අඩුයි..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Where's the hair?
    👍👍අපේ පැත්තෙ හිටිය අාච්චි කෙනෙක් සුපිරියටම පැණි කැවුම් හදල විකුණන.දැන් නැති වෙලා...කොණ්ඩ කැවුම් හදනකොට කිතුල් හකුරු කෑල්ලක් දානව..පට්ටම රහයි..කොණ්ඩ කැවුම් හදන්න දන්න අය දැන් නම් සෑහෙන අඩුයි..
    කොන්ඩ කැවුම් තමයි හදන්න ගියේ. හරි ගියේ නෑ. ඒ පාර හැඳි කැවුම් හැදුවා.

    ආයේ හෙට අනිද්දා බලන්න ඕනි ට්‍රයි කරලා.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    මේක 1,600 ක් වගේ උනේ. ලේඩි ජේ -බොරැල්ල ගත්තේ.

    මේ කොකිස් අච්චුව නන්ස්ටික් නිසා බිත්තර දාන්න ඕනි නැහැ කියලා විස්තරේ දාලා තියෙනව. ඒ නිසා බිත්තර දැම්මේ නැහැ.
    හාල්පිටි ගත්තේ වී මොලේන්. උත්සව කාල වලට තෙත හාල් පිටි විකුනනවා.

    චමි අයියා කොකිසක්, කැවුමක් කාලා ප්ලේන්ටියක් බොන්න එන්න
    I knew it.. you're a lady imitate as a man created a elakiri account haa.. :P

    anyway.. have a wonderful happy new year sis..! :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,373
    113
    කොන්ඩ කැවුම් තමයි හදන්න ගියේ. හරි ගියේ නෑ. ඒ පාර හැඳි කැවුම් හැදුවා.

    ආයේ හෙට අනිද්දා බලන්න ඕනි ට්‍රයි කරලා.

    අමු ඉරට්ටකින් තමා ඒ අාච්චි වැඩේ කරන්නේ..සුපිරියට කොණ්ඩේ ඵනවා.😎.ඒ පැත්තේ ඔක්කොම වගේ අය ඵයාට තමා ඕර්ඩර්ස් දෙන්නේ..ඕක කරන්න පුළුවන්නම් හොඳ බිස්නස් ඵක..දැන් කාලේ ගොඩක් අය ඕව හදන්න දන්නෙ නෑ..අනික ඔය වගේ ට්‍රයි ඵකක්වත් දෙන්නේ නෑ..පට්ටම කම්මැලියිනේ..😬
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අමු ඉරට්ටකින් තමා ඒ අාච්චි වැඩේ කරන්නේ..සුපිරියට කොණ්ඩේ ඵනවා.😎.ඒ පැත්තේ ඔක්කොම වගේ අය ඵයාට තමා ඕර්ඩර්ස් දෙන්නේ..ඕක කරන්න පුළුවන්නම් හොඳ බිස්නස් ඵක..දැන් කාලේ ගොඩක් අය ඕව හදන්න දන්නෙ නෑ..අනික ඔය වගේ ට්‍රයි ඵකක්වත් දෙන්නේ නෑ..පට්ටම කම්මැලියිනේ..😬
    ඒක ඇත්ත
     
    • Like
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    peni aduven daapuwama konde hondata enawalu
    I knew it.. you're a lady imitate as a man created a elakiri account haa.. :P

    anyway.. have a wonderful happy new year sis..! :rofl:
    කැවුම් වලට මිරිස් දැම්මද බන්. 🤷‍♂️
    මුස්ලිම් එවුන් කොකිස් හදනවා ද අඩේ
    කොකිස් අච්චු 'non-stick' වෙන්නේ හදලා හදලා පදම් වුණාම නේද
    Thank you bros
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    නන්ස්ටික් අධ්ක උණුසුම් තෙල් සමග මිශ්‍ර කරන එක අහිතකරයි 🤐 stay safe.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නන්ස්ටික් අධ්ක උණුසුම් තෙල් සමග මිශ්‍ර කරන එක අහිතකරයි 🤐 stay safe.
    අදහස් වලට ස්තුතියි බම්