කැළණිය සරසවියේ සිසුවියක් සිහි විසඥව ඇද වැ
මේ සිද්ධිය වූයේ ඊයේ (16) දහවල් 1.30 ට පමණ කැළණිය සරසවියේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අසලදී ය.
පෙරටුගාමීන්ගේ අතකොළු වී සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෘග ජ්‍යෙෂ්ඨයන් විසින් මෙලෙස සිහි විසඥ වන තුරු නවක වදය දුන් සිසුවිය ආරක්ෂක හේතු මත හෙලි කළ නොහැකි නමුත් සිද්ධියට මුහුණ දුන් කැළණිය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා තමන් අත් විඳි කණගාටුදායක සිද්ධිය විස්තර කෙළේය.
නවක වදයෙන් පීඩාවට පත් සිසුවිය සිහි විසඥව මෙන් ඇද වැටෙනවා දුටු මහාචාර්යවරයා තම සහායක කතිකාචාර්යවරයෙකුද සමග එහි දිව ගොස් ඇය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙන යෑමට උත්සාහ දරා ඇත. එහිදී පෙරටුගාමී මෘගයන් 20 ක් පමණ පැමිණ මහාචාර්යවරයාට සහ කතිකාචාර්යවරයාට තර්ජනය කර සිසුවිය ඔවුන්ගේ ශිෂ්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. පසුව මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් සරසවි පාලනාධිකාරියට පැමිණිලි කර ඇත. පාලනාධිකාරිය විසින් පොලිසිය කැඳවීමට උත්සාහ කළද මෙකී පෙරටුගාමී මෘගයන් එය වෙනත් ආකාරයකට භාවිතා කරමින් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට පිටුවහලක් කර ගනීවි යැයි සිතා පොලිසිය කැඳවා නැත.
කුමාර් ගුණරත්නම්ගේ මෘගයන් විසින් තර්ජනය කරන ලද මහාචාර්ය සුමතිපාල හල්පිට වනාහී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය බුද්ධිමතෙකි. භෞතික විද්‍යාවේ විද්‍යුත් රසායනය, අයනීකෘත ඝණ අවස්ථා පිලිබඳ විද්වතෙකි. තමන්ටම දැනුම බෙදා දෙන එවන් බුද්ධිමතුන්ට තර්ජනය කිරීමට තරම් කැළණිය සරසවියේ පෙරටුගාමී මෘගයන් තිරිසනුන් බවට පත් වී සිටීම අතිශයින්ම ඛේදවාදකයකි.
මෙවන් මෘග කණ්ඩායමක නායකයෙක් වූ දුමින්ද නාගමුව නමැත්තා සමග එක්තරා මානව හිමිකම් සංවිධානයක ක්‍රියාධරයෙක් කියා ගන්නා කීර්ති තෙන්නකෝන් නමැත්තා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම මෘගයන්ගේ අමානුෂික ක්‍රියාවන්ට සුදු හුණු ගාමින් අදහස් දක්වීම නින්දා සහගතය. මොවුන්ගේ මානව හිමිකම් සංවිධාන වලට ආධාර කරන විදේශ සංවිධාන තම ආධාර කිරීම් ගැන දෙවතාවක් කල්පනා කළ යුතුය.
කැළනිය සරසවියේ නවක වදය කරගෙන යන පෙරටුගාමී ජ්‍යෙෂ්ඨ මෘගයන් පිරිස සමස්ථ සරසවි සිසුන්ගෙන් සුළු කණ්ඩායමක් නමුත් ඊට විරුද්ධ වන සිසුන්ට පහර දෙන බැවින් අනෙකුත් සාමකාමී සිසුන් නිහඬව සිටින බව මහාචාර්ය සුමතිපාල පවසයි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන පැවැත්වීම වර්ජනය කිරීමට කැළණිය සරසවි ආචාර්යවරුන්ගේ සංගමය තීන්දු කළ අතර අද වන විට වර්ජනයට දින 4 කි.