කැළණිය සරසවියේ සිසුවියක් සිහි විසඥව ඇද ව&#3536

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
කැළණිය සරසවියේ සිසුවියක් සිහි විසඥව ඇද ව&#3536

මේ සිද්ධිය වූයේ ඊයේ (16) දහවල් 1.30 ට පමණ කැළණිය සරසවියේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අසලදී ය.



පෙරටුගාමීන්ගේ අතකොළු වී සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෘග ජ්‍යෙෂ්ඨයන් විසින් මෙලෙස සිහි විසඥ වන තුරු නවක වදය දුන් සිසුවිය ආරක්ෂක හේතු මත හෙලි කළ නොහැකි නමුත් සිද්ධියට මුහුණ දුන් කැළණිය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා තමන් අත් විඳි කණගාටුදායක සිද්ධිය විස්තර කෙළේය.






නවක වදයෙන් පීඩාවට පත් සිසුවිය සිහි විසඥව මෙන් ඇද වැටෙනවා දුටු මහාචාර්යවරයා තම සහායක කතිකාචාර්යවරයෙකුද සමග එහි දිව ගොස් ඇය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙන යෑමට උත්සාහ දරා ඇත. එහිදී පෙරටුගාමී මෘගයන් 20 ක් පමණ පැමිණ මහාචාර්යවරයාට සහ කතිකාචාර්යවරයාට තර්ජනය කර සිසුවිය ඔවුන්ගේ ශිෂ්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. පසුව මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් සරසවි පාලනාධිකාරියට පැමිණිලි කර ඇත. පාලනාධිකාරිය විසින් පොලිසිය කැඳවීමට උත්සාහ කළද මෙකී පෙරටුගාමී මෘගයන් එය වෙනත් ආකාරයකට භාවිතා කරමින් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට පිටුවහලක් කර ගනීවි යැයි සිතා පොලිසිය කැඳවා නැත.


කුමාර් ගුණරත්නම්ගේ මෘගයන් විසින් තර්ජනය කරන ලද මහාචාර්ය සුමතිපාල හල්පිට වනාහී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය බුද්ධිමතෙකි. භෞතික විද්‍යාවේ විද්‍යුත් රසායනය, අයනීකෘත ඝණ අවස්ථා පිලිබඳ විද්වතෙකි. තමන්ටම දැනුම බෙදා දෙන එවන් බුද්ධිමතුන්ට තර්ජනය කිරීමට තරම් කැළණිය සරසවියේ පෙරටුගාමී මෘගයන් තිරිසනුන් බවට පත් වී සිටීම අතිශයින්ම ඛේදවාදකයකි.

මෙවන් මෘග කණ්ඩායමක නායකයෙක් වූ දුමින්ද නාගමුව නමැත්තා සමග එක්තරා මානව හිමිකම් සංවිධානයක ක්‍රියාධරයෙක් කියා ගන්නා කීර්ති තෙන්නකෝන් නමැත්තා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම මෘගයන්ගේ අමානුෂික ක්‍රියාවන්ට සුදු හුණු ගාමින් අදහස් දක්වීම නින්දා සහගතය. මොවුන්ගේ මානව හිමිකම් සංවිධාන වලට ආධාර කරන විදේශ සංවිධාන තම ආධාර කිරීම් ගැන දෙවතාවක් කල්පනා කළ යුතුය.



කැළනිය සරසවියේ නවක වදය කරගෙන යන පෙරටුගාමී ජ්‍යෙෂ්ඨ මෘගයන් පිරිස සමස්ථ සරසවි සිසුන්ගෙන් සුළු කණ්ඩායමක් නමුත් ඊට විරුද්ධ වන සිසුන්ට පහර දෙන බැවින් අනෙකුත් සාමකාමී සිසුන් නිහඬව සිටින බව මහාචාර්ය සුමතිපාල පවසයි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන පැවැත්වීම වර්ජනය කිරීමට කැළණිය සරසවි ආචාර්යවරුන්ගේ සංගමය තීන්දු කළ අතර අද වන විට වර්ජනයට දින 4 කි.
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Ragging.jpg
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොහොමත් ඔය පෙරටුගමින් මහා බල්ලෝ ...ළමයින්ට පුදුම දුකක් දෙනවා..දැන් කැම්පස් වල anti - rag සංවිධාන ඇතිවෙනවා .එක නවත්තන්න මුන් ලොකු මහන්සියක් ගන්නවා .මේ ලදී ජපුර කැම්පස් එකේ anti - rag ශිෂ්‍ය සංවිධානයක ළමයින්ට ගහලා තිබ්බා ...එත් ඒ ළමයි return එක දුන්නේ නෑ ..මොකද අන්තරේ බලාගෙන හිටියා මුන් return එක දෙයි කියලා .... .
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Rag දුන්නට කමක් නෑ සාමාන්‍ය විධිහට .මේ වගේ අමානුෂික විධිහට දෙනවා කියන්නේ ඉතින් ඒ ළමයින්ගේ හැටිත් හිතා ගන්න පුළුවන් ..හරි නම් ඕකුන්ට ජොබ් එකක්වත් දෙන්න හොද නෑ කැම්පස් එකෙක්න් out වෙලා අවම
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    අපිත් campus ගියා . රැග් කෑවා රැග් කරා . අදටත් අපේ seniors ල අපිත් එක්ක පට්ට ෆිට් . අපේ juniors ල අපිත් එක්කත් එහෙමයි .දැන් අවුට් වෙලත් ගොඩක් කල්.
    මේවා නම් බලු වැඩ .
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අපිත් campus ගියා . රැග් කෑවා රැග් කරා . අදටත් අපේ seniors ල අපිත් එක්ක පට්ට ෆිට් . අපේ juniors ල අපිත් එක්කත් එහෙමයි .දැන් අවුට් වෙලත් ගොඩක් කල්.
    මේවා නම් බලු වැඩ .

    Rag දුන්නට කමක් නෑ සාමාන්‍ය විධිහට .මේ වගේ අමානුෂික විධිහට දෙනවා කියන්නේ ඉතින් ඒ ළමයින්ගේ හැටිත් හිතා ගන්න පුළුවන් ..හරි නම් ඕකුන්ට ජොබ් එකක්වත් දෙන්න හොද නෑ කැම්පස් එකෙක්න් out වෙලා අවම


     
    Last edited:

    waligamaya

    Well-known member
  • අපිත් campus ගියා . රැග් කෑවා රැග් කරා . අදටත් අපේ seniors ල අපිත් එක්ක පට්ට ෆිට් . අපේ juniors ල අපිත් එක්කත් එහෙමයි .දැන් අවුට් වෙලත් ගොඩක් කල්.
    මේවා නම් බලු වැඩ .

    :yes::yes::yes: