ගොඩක් සතුටුයි එහෙම කෙනෙක් හමුඋන එක..චීන කුන්ෆු වගේ සටන්කලා වලදී මේ ගැන උගන්වනවා..එයාල ශරීරයේ අභ්‍යන්තර ශක්තියෙන් සටන් කරන්න උගන්වනවා..ඒ ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් 2 යි.. යිං යැ0 කියල ඒ දෙක හදුන්වන්නේ..(යාළුවා මම වැරදිනම් කියන්න) මේ යිං යැ0 කියන්නේ විශ්ව ශක්ති 2 ක්..කුණ්ඩලීනි කියන්නෙත් විශ්වයෙන් අපේ ශරීරයට ලබාදෙන ශක්තියක්..
මෙතැනදී යිං යැ0 ශක්ති අපේ ශරීරයේ විශේෂ ස්ථාන මගින් ශරීරයට ඇදගෙන තැන්පත් කරගන්නවා..
අපේ නාභියට අගලක් විතර යටින් තියනවා විශේෂ නිල මධ්‍යස්ථානයක් එකට කියන්නේ.."හරා" කියල මෙන්න මේ නිල මධ්‍යස්ථානයට තමයි වැඩිපුරම මේ චී ශක්තිය (ආ..මට කියන්න අමතක උනා මේ ශක්තියට චී ශක්තිය කියලත් කියනවා)ගබඩා කරගන්නේ..
හරියටම මේ වැඩේ කරගත්තු කෙනෙකුට තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් සටන් කරන්න පුළුවන්..
ඒ වගේම ඇස් දෙක වහගෙන උනත් සටන් කරන්න පුළුවන්..
රෝග සුවපත් කිරීම ගැන කියුවොත්..මම ඉස්සර වෙලා කියපු ක්රමෙටත් පුළුවන්..නැත්නම් මේකට වෙනමම හදපු කලාවක් තියනවා.එකට කියන්නේ "රේ කී" කලාව කියල..මේක ගැන මම දන්නා කරුණු පස්සෙ කියන්නම්..ඔයාල දන්නා දේවලුත් තියනවනම් දාන්න..
මේ චක්‍ර පුබුදු කරන්න ලේසි අයත් ඉන්නවා,අමාරු අයත් ඉන්නවා..සමහරුන්ට උපතින්ම ලැබෙනවා..එක තීරණය වෙන්නේ අපේ පෙර සංසාරගත පුරුද්ද අනුව..
කොහොම උනත් මෙන්න මේ ටික කියන්න ඔනෙමයි..ඔයාලට මේ ත්‍රෙඩ් බලන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..රිප්ලයි දෙන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..මේ දේවලට යොමු වෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..ඉතින් ඔයාල වාසනාවන්තයි..කිසි දවසක කම්පා වෙන්න එපා 'මම අවාසනවන්තයි" කියල..ඉතින් ඔන්න මම තවවිස්තර ටිකක් දැම්ම..ඔයාල දන්නා දේවලුත් දාන්න..(විශේෂයෙන්ම මගේ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න)
මම ඉගෙන ගන්නේ කී අයිකිඩෝ කියන සටන් ක්‍රමය. මේ සටන් ක්‍රමයේදී කී කියන නමින් තමයි මේ ශක්තිය හදුන්වන්නේ නාභියට යටින් තියෙන ස්ථානයක් තමයි, මේ ශක්තිය උත්පාදනය එහෙම නැතිනම් ශක්තිය ගබඩා වෙලා තියෙන තැන.




