කුන්ඩලීනි ශක්තිය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම විශ්වාස කරන දේ තමා අපේ මොලය මනස කියන්නේ එකක්, සාමාන්‍ය මනුස්සයෙක් මොලයෙන් 20% බාවිත කරන්නේ නැ ලු ජීවිත කළෙම, බෞද්ද දර්ශනේ තියෙන භාවනාව වගේ දේවල් වැලින් අපි භාවිතා නොකරන අනිත් කොටසටත් යන්න අපිට හැකි වෙනවා, මොලයේ තියෙන බලය තමා මිනිස්සු එක එක නම් දාගෙන හදාගෙන ඉන්නේ
    එක නිකම් අපේ ස්මාර්ට් ෆොන් එකේ calls ගන්න විතරක් පුළුවන් කියලා එකම කරද්දී අපි දැනගන්නවා මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුළුවන් කියලා අ වගේ දෙයක් තමා මොලය කියන්නේ
    ;););)

    මොලය සහ මනස එකක් වෙන්නෙ කොහොමද? මොලය කියන්නෙ භෞතික වස්තුවක්. මනස හෙවත් හිත කියන්නෙ ශක්තියක් වගේ දෙයක්.

    මොලය මනස නම් ගිය ආත්මය ගැන කියන පොඩි එවුන්, 4 වන දැහැනට ගිහින් ගිය ආත්මයේ හිටපු විදිය කියන දැහැන් ලාභියො එහෙම පරණ මොලේ හයි කර ගන්න ඕන.

    පටිච්ච සමුප්පාද විභංගෙ තියෙනවා හිතෙන් සතරමහා භුත හෙවත් පදාර්ත නිර්මාණය කරනවා කියලා. අපේ හැගීම් අනුව සිරුරෙන් පිටවන ඕරා කිරණ තමයි ඒ සතරමහා භුත අංශු කියන්නෙ.

    ආත්ම හෝ එකම හිතක් කියන සංකල්පය නම් බුදු දහමෙන් බැහැර එකක්. පැහැදිලි කරන්න ලේසි වෙන්නයි ඔය විදියට කිව්වෙ.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    මෙතන(24.00) උන්වහන්සේ වරද්දනවා.

    කායේ කායානුපස්සනාවේ භාවනාව වන ආනාපානසතියට " හුලන් සමතය" කියනවා.

    කයේ කායානුපස්සනාවේ තියන භාවනා තමයි - ආනාපනසති, ඉරියාපත
    ඒක කය හා සම්භන්ධකරලා සතිය හදලා, ඊටපස්සේ විපස්සනාවට යන්නේ
    සතිය හදන්නේ කයට හිත පිහිටුවලා
    උදා- ආනාපනයේ - හුස්ම රැල්ල(දිග හුස්ම, කෙටි හුස්ම, හුස්ම සන්සිදීම හෙවත් ඩිෆරන්ස් එකට සිහිය ගෙන ඒම මට තේරෙන විදියට ඩිෆරන්ස් කතාව කිව්වේ)
    ඉරියාපතයේ ( ඉරියව් මත තමයි සිහිය පිහිටුවලා සතිය හදන්නේ)

    හිත පිහිටුවන්න මොනවා හරි අරමුනක් ඔනේ, ඒකයි හුස්මට හරි ඉරියව් වලට හරි හිත තියන්න කියන්නේ.

    ඊටපස්සේ සතිය හැදුනාම, අජ්ජත්තන්වා කායේ කායානුපස්සති, බහිජ්ජාන්වා කායේ කායනු පස්සති විදියට

    තමුන්ගේ ඇතුලත් පිටත් (අජ්ජත්ත- ආයතන, බහිජ්ජ- ආයතනයට පිටින් එන රූප , ශබ්ධ අරමුනූ විමසමින් යනවා විපස්සනාවට හරනවනවා.

    මේක පැහැදිලිව මින් මිනිස්සු නොමග යැවීමක්.

    තර්කය- අස්ස, පස්ස කියන්නේ කෙලස්ද මොනවද ඔය කියන ඒවානම්, මොකටදා දීගන්වා අස්ස, රස්සන්වා අස්ස කියන්නේ සතිපට්ඨානයේ.දිග ලෙකෙස්, කෙටි කෙලෙස් කිය කිය ඉන්න ඔනේනෑ, අර උඩුධුම්බර හාමුදුරුවෝ කියනවාවගේ.

    මේ වැරැද්දට මම හිතන්නේ උන්වහන්සේගේ දේශනා ඉන්ටර්නෙට් එකෙන් අයින් කරන්න කීවා.ආයේ පිට දේදනා කරන්න බෑ, පන්සලේ විතරයි.සතිපට්ඨානයට ගැහුවා කියන්නේ කෝ එකට ගැහුවා කියන එකයි ඊටපස්සේ ඔය පන්සල්, චයිත්‍යවලින් කිසිම වැඩක් නෑ.බුදුදහමේ ක්‍රියාත්මකභාවයට නියම කරලා තියන වැඩපිලිවෙල ඒක.ගැරන්ට් කරලා තියෙන්නේ අඩුම දවස් 7යි උපරිම අවු 7යි කියලා. කෙලින්ම බවුද්ධයෝ ටික වෙන අගමකට හැරෙව්වානම් හරි ඒක වටිනවා මොකද මිනිස්සු බුදුන්වහන්සේ කිව්වදෙයක් වරද්දලා කිය කිය ප්‍රතිපල නැතුව ඉන්නවට වඩා.
    බයනැතුව වඩපල්ල ආනපනයසතිය නෝමල් ක්‍රමයට.ධ්‍යාන ගන්න පුලුවන්.ඊටපස්සේ විපස්සනාවට පලයල්ල, ත්‍රිලක්ශනය වැඩෙනවා (අනිච්ච සඥ්ඥාව වැඩෙනව ඇස්පනාපිට පේනවා) ධ්‍යාන උඩ ඉදගන වඩද්දී.
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    මනස තියෙන්නේ කොහෙද?? අපි දේවල් හිතන්නේ මොකෙන්ද ? මනසෙන්ද මොලයෙන්ද ?
    අපිට දැනෙන ඉව sense කොහෙන්ද දැනෙන්නේ ?
    මනස මොලය දෙකක් කියමු, අනිත් දේවල් වැරදිද ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දඬුබස්නාමානය සහ අකාල සන්ධ්‍යා පට්ටම කතාවක්... ටයිම් ට්‍රැවල් පවා තිබුනනේ... ඒ කාලේ තේරුමක් නෑ පස්සේ තම තේරුණේ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙතන(24.00) උන්වහන්සේ වරද්දනවා.

    කායේ කායානුපස්සනාවේ භාවනාව වන ආනාපානසතියට " හුලන් සමතය" කියනවා.

    කයේ කායානුපස්සනාවේ තියන භාවනා තමයි - ආනාපනසති, ඉරියාපත
    ඒක කය හා සම්භන්ධකරලා සතිය හදලා, ඊටපස්සේ විපස්සනාවට යන්නේ
    සතිය හදන්නේ කයට හිත පිහිටුවලා
    උදා- ආනාපනයේ - හුස්ම රැල්ල(දිග හුස්ම, කෙටි හුස්ම, හුස්ම සන්සිදීම හෙවත් ඩිෆරන්ස් එකට සිහිය ගෙන ඒම මට තේරෙන විදියට ඩිෆරන්ස් කතාව කිව්වේ)
    ඉරියාපතයේ ( ඉරියව් මත තමයි සිහිය පිහිටුවලා සතිය හදන්නේ)

    හිත පිහිටුවන්න මොනවා හරි අරමුනක් ඔනේ, ඒකයි හුස්මට හරි ඉරියව් වලට හරි හිත තියන්න කියන්නේ.

    ඊටපස්සේ සතිය හැදුනාම, අජ්ජත්තන්වා කායේ කායානුපස්සති, බහිජ්ජාන්වා කායේ කායනු පස්සති විදියට

    තමුන්ගේ ඇතුලත් පිටත් (අජ්ජත්ත- ආයතන, බහිජ්ජ- ආයතනයට පිටින් එන රූප , ශබ්ධ අරමුනූ විමසමින් යනවා විපස්සනාවට හරනවනවා.

    මේක පැහැදිලිව මින් මිනිස්සු නොමග යැවීමක්.

    තර්කය- අස්ස, පස්ස කියන්නේ කෙලස්ද මොනවද ඔය කියන ඒවානම්, මොකටදා දීගන්වා අස්ස, රස්සන්වා අස්ස කියන්නේ සතිපට්ඨානයේ.දිග ලෙකෙස්, කෙටි කෙලෙස් කිය කිය ඉන්න ඔනේනෑ, අර උඩුධුම්බර හාමුදුරුවෝ කියනවාවගේ.

    මේ වැරැද්දට මම හිතන්නේ උන්වහන්සේගේ දේශනා ඉන්ටර්නෙට් එකෙන් අයින් කරන්න කීවා.ආයේ පිට දේදනා කරන්න බෑ, පන්සලේ විතරයි.සතිපට්ඨානයට ගැහුවා කියන්නේ කෝ එකට ගැහුවා කියන එකයි ඊටපස්සේ ඔය පන්සල්, චයිත්‍යවලින් කිසිම වැඩක් නෑ.බුදුදහමේ ක්‍රියාත්මකභාවයට නියම කරලා තියන වැඩපිලිවෙල ඒක.ගැරන්ට් කරලා තියෙන්නේ අඩුම දවස් 7යි උපරිම අවු 7යි කියලා. කෙලින්ම බවුද්ධයෝ ටික වෙන අගමකට හැරෙව්වානම් හරි ඒක වටිනවා මොකද මිනිස්සු බුදුන්වහන්සේ කිව්වදෙයක් වරද්දලා කිය කිය ප්‍රතිපල නැතුව ඉන්නවට වඩා.
    බයනැතුව වඩපල්ල ආනපනයසතිය නෝමල් ක්‍රමයට.ධ්‍යාන ගන්න පුලුවන්.ඊටපස්සේ විපස්සනාවට පලයල්ල, ත්‍රිලක්ශනය වැඩෙනවා (අනිච්ච සඥ්ඥාව වැඩෙනව ඇස්පනාපිට පේනවා) ධ්‍යාන උඩ ඉදගන වඩද්දී.

    ඕක තමයි ත්‍රිපිටකය කියවන්නෙ නැති එකේ අවුල.

    අරිට්ඨ සුත්‍රය බලන්න. හුලං අල්ලලා කරන ආනාපානසතියකුත් තියෙනවා. තථාගතයන් වහන්සේත් දේශනා කරනවා එය නැතැයි නොකියමි කියලා.

    10.1.6. අරිට්‌ඨ සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

    මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය. ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.

    අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි.

    "නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ" හෑ.. එහෙම කරන්නෙ කොහොමද?

    ඒ වගේම බලන්න ඔයා කියන සමථය සහ විදර්ශණාව පිටකයේ තියෙන එකමද කියලා.

    3.1.7. ආවට්‌ටහාරවිභඞ්‌ගය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

    එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍ර‍මාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ‍ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍ර‍මාදයට ප්‍ර‍තිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද අදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍ර‍ම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍ර‍ඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්‍ර‍හීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර‍ වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමූදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය මම ත්‍රිපිටකයෙන් පෙන්වලා තියෙන සමථ විදර්ශණාවෙ හුලං තියෙනවද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙතන(24.00) උන්වහන්සේ වරද්දනවා.

    කායේ කායානුපස්සනාවේ භාවනාව වන ආනාපානසතියට " හුලන් සමතය" කියනවා.

    මේක පැහැදිලිව මින් මිනිස්සු නොමග යැවීමක්.

    තර්කය- අස්ස, පස්ස කියන්නේ කෙලස්ද මොනවද ඔය කියන ඒවානම්, මොකටදා දීගන්වා අස්ස, රස්සන්වා අස්ස කියන්නේ සතිපට්ඨානයේ.දිග ලෙකෙස්, කෙටි කෙලෙස් කිය කිය ඉන්න ඔනේනෑ, අර උඩුධුම්බර හාමුදුරුවෝ කියනවාවගේ.

    "දීර්ඝව පහ කල යුතු කෙලෙස්" තියෙනවා. තමන්ගේ දරුවෝ ගෑනී අම්මා තාත්තා වගේ දේවල් එක්ක බැදුනු කෙලෙස් එක පාර අතහරින්න බැහැ.

    කෙටියෙන් පහ කල යුතු කෙලෙස් තියෙනවා. පාරෙදි දැකපු කෙල්ලො. අරක්කු, සමහර කෑම වලට ඇති ආශා, චිත්‍රපටි බැලීමේ ආශාව වගේ ඒවා කෙටියෙන්ම පහ කරන්න පුලුවන්.
     
    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    අනිත්එක තමයි..අපි මේ වගේ වටිනා කලාවක් හංගගෙන සිටිය යුතු නෑ..මමනම් කියන්නේ අපි මේවා සමාජයට බෙදා දිය යුතුයි..සමාජය බුද්ධිමත් නම හොද තීරණයක්‌ ගනියි..ඉතිහාසය විසින් ගුරු මුෂ්ටි විදියට මේ වටිනා දේවල් තියාගත්තු නිසා තමයි අද මේ වගේ කලාවල් පරිහානියට පත් වෙලා තියෙන්නේ..අද වෙනකොට මේවගේ තිබුණු ගොඩක් වටිනා කරුණු අතුරුදහන් වෙලා..ඒවා ඒ පරම්පරවලුත් එක්කම වැළලිලා ගිහිල්ල..එතින් අපි එසේ කලයුතු නෑ..මේ තියන ටික ගරි රැකගත යුතුයි..මම වැරදිනම් නිවැරදි කරන්න..කෙනෙක් මේ දේවල් ගැන අවංකවම සත්භාවයෙන් ගවේෂණයට යොමු වෙනවනම් ඔහුගේ සිතේ තියන කුණු ටිකෙන් ටික සුද්ද කරගෙන යද්දී මේ විශ්වය,සොබාදහම විසින් රහස් විදියට රැකගෙන අපු මේ දේවල් ඔහුගේ මනසට ලබා දෙනවා..මම අර මුලින් කියපු රේ කී කලාවත් ඒ විදියට ලැබිච්ච දෙයක්..

    තෙරුවන් සරණයි....සියලු දෙනාම තේරුම් ගනිත්වා...

    මේ කියපුදේ ඇත්තක් තියනවා එහෙම තියාගත්තු නිසාතමා අපිට තිබුන මිල කරන්න බැරි තරම් දැනුම් සම්බාරයක් නැතිවුනේ:(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔය මම ත්‍රිපිටකයෙන් පෙන්වලා තියෙන සමථ විදර්ශණාවෙ හුලං තියෙනවද?

    ඒකනම් දන්නේනෑ.මොකද ඔයගොල්ලනේ හුලන් කියන්නේ.
    අනිත් මිනිස්සු කවුරුත් දන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කියන එක.
    ඔයගොල්ලන්ගේ හුලන් තියනව කියපු ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ වීඩියෝ එකේ (12-15 min) ධර්මය වැරද්දුවා කියලා සමාව ගන්නවද කියලා බලන්න.
    එතකොට හුලන් තියනවාද නැද්ද ඔයාටම තේරෙයි.

    https://www.elakiri.com/forum/showthread.php?t=1869327
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    "දීර්ඝව පහ කල යුතු කෙලෙස්" තියෙනවා. තමන්ගේ දරුවෝ ගෑනී අම්මා තාත්තා වගේ දේවල් එක්ක බැදුනු කෙලෙස් එක පාර අතහරින්න බැහැ.

    කෙටියෙන් පහ කල යුතු කෙලෙස් තියෙනවා. පාරෙදි දැකපු කෙල්ලො. අරක්කු, සමහර කෑම වලට ඇති ආශා, චිත්‍රපටි බැලීමේ ආශාව වගේ ඒවා කෙටියෙන්ම පහ කරන්න පුලුවන්.

    කියාපු පැහැදිලි කිරීම .මිනිස්සු හිනස්සන්න එපා අඩේ.

    දීගන්වා අස්ස සන්තෝ දීගන්වා අස්ස සාමීති පජානාතී
    -- අම්ම තාත්තා දරුවෝ ගැන කියයි :confused:( as per INCORRECT )

    රස්සන්වා අස්ස සන්තෝ රස්සන්වා අස්සසාමීති පජානාතී
    -- පාරේ දැකපු කෙල්ලෝ ගැන කියයි :confused:(as per INCORRECT)

    මේන්න ධර්මය.:shocked:
    උබමද හැදුවේ ඔය (මිල )සුත්‍රය. දැන් එතකොට උබ පාරේයන කොල්ලෝ, උබගේ තියන ආශාවල් කෙටියෙන්ම පහ කරලා ඇතිනේ? නියමයි, එතකොට සතියත් හැදිලා ඇතිනේ?

    ලන්කාවේ බාර් වහන්න පුලුවන් උබ මේක්‍රමය ප්‍රැක්ටිකලි කරලා පෙන්නුවොත්.
    මම හිතන්නේ ලන්කාවට උබවගේ කෙනෙක් සෑහෙන්න වටිනවා.කීදෙනෙක් බේබදුකමනිසා පීඩාවට පත්වෙනවද.ඔය බේබදුකම කෙටියෙන්ම පහකරන්න පුලුවන් උබ ඉදිරිපත් උනොත්.

    මහා සතිපට්ඨාන සුත්‍රය දැකලවත් නෑ මට පේන්නේ.
    සම්ම සමාධියට සම්මා සතිය හොදට හැදෙයි, පාරේ යන කෙල්ලෝ මතක් කරපුවාම භාවනා කරද්දී. :D
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    මහා සතිපට්ඨාන සූත්‍රය -- කායානුපස්සනා ආනාපානපබ්බං

    මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේදයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල්ගනිමින්-හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට (ඉක්මනින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරගන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
    මහණෙනි, දක්ෂවූ ලියන වඩුවෙක් හෝ වඩුවෙකුගේ අත වැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ, ‘දික් කොට අදිනෙමියි’ කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදිනෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දනියි. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ආශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ‘ප්‍රශ්වාස කරන්නෙමියි’ පුරුදු කරන්නේය.
    මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ, ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ, හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. ඥානයේ වැඩීම පිණිසද සිහියේ වැඩීම පිණිසද පවතී. ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඇත්තේය. (එයින් පිටත් සත්වයෙක් පුද්ගලයෙක් නැත්තේයයි) මනාකොට සිහිය පිහිටියේ වෙයි. තණ්හා දෘෂ්ටියෙන් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.”
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පටිච්ච සමුප්පාදයට අනිත්‍ය සම්බන්ද වෙන්නෙ කොහොමද

    උබ ඉතින් දන්නවනේ, ඒකනේ දන්නවද බලන්න ඇහුවේ. උබම කියාපන්.:)
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනුන්ගෙ ආශ්වාස බලන්නෙ කොහොමද :confused:

    ඔතන අජ්ජත්ත බහිජ්ජ කියන්නේ ඇතුලත පිටනේ බන්.
    දාපු ගමන් උබ හොයාගත්තේ හරියටම පොයින්ට් කරලා,උබ ඒකත් දන්නවනේ.
    නැද්ද හා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි ඉතින් බාහිර කය වල ආශ්වාස ප්‍රශ්වාස බලන්නෙ කොහොමද කියලා ඔබ පාහාදන්න ඔන එවගෙම පටිච්ච සමුප්පාදයට චතුරාර්‍ය සත්‍යට අනිත්‍ය සම්බන්ද වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න

    ආර්ය අෂ්ටාගික මර්ගයත් නිවනන් දකින මොහොතේදී අනිත්යයි(අත ඇරීම ) කියල දැකලයි නිවන් දකින්නෙ, එහෙම නැතුව නිත්යයි කියල හිතල නිවන් දකින්ඩ බැ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔබ අරක වැරදි මෙක වැරදි අරක හරි මෙක හරි කියනවා නම් උත්තර දෙන්න පුලුවන් වෙන්න ඔන නෙද, එහෙම බැ කියන්නෙ ඔබට තෙරිච්ච දෙයක් නැත , අනුන් දරන මතයක් ඔහෙ තමනුත් දරන එක නෙද

    ප්‍රශ්නෙ නැවත්ත

    පටිච්ච සමුප්පාදයට අනිත්‍ය සම්බන්ද වෙන්නෙ කොහොමද

    අනේ උබ කැමති දෙයක් හිතගනින් බන්.මගෙ මොකෝ.
    හේතුව තමයි උබ ඔහොම නෙවෙයි මොනවා කිව්වත් මම උත්තරදෙන්නෑ.මම උත්තර දුන්නත් උබ ඒක පිලිගත්තත් උබ ඒකේ කොස්සක් අල්ලගන්නවා.ඒකට හේතුව ත්‍රෙඩ් එකේ ටිකක් ඩීප් ආගිව්මන්ට් එකක් යද්දී උබට මදිකමක් එන්න ඇති උබගේ දැනුම එක්ක.දැන් උබට ඔනේ කොහෙන් හරි පොයින් එකක් අල්ලගන උබ දිනුවා කියන මනස හදාගන්න.
    ඒකට පටලවන්නයි උබ ඔය ප්‍රශ්නේ දැම්මේ නිකන් ප්‍රින්සිපල් ලමයින්ගෙන් ප්‍රශ්න අහනවාවගේ.ඒක උබ ප්‍රශ්නේ ඇහුව විදියෙන් ඕන කෙනෙක්ට තේරෙනවා.
    අපි දන්නෑ බන් මොකුත්.උබ දිනපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත්‍ය තුලින් රාග දෙශ මොහ දුරු වෙනවද ?
    අනිත්‍ය දකින්නෙ කොහොමද ?

    ඒක පුද්ගලානු බද්ධ දෙයක්නෙ,මට අනිත්යයෙන් රාගය ප්‍රහීන කරන්ඩ පුලුවන් කියල අඩුම ගානෙ මට හිතනෙව, ඒත් වෙන කෙනෙක්ට එහෙම නැති වෙන්ඩ පුලුවන්..තමන්ට සුදුසු කමටහන හෝ මාර්ගය තමන් තෝර ගන්ඩ ඔනෙ, හැමෝටම එකම ක්‍රමය හරි යන්නෙ නැ..ඔයාල ඉන්නෙ මහා අන්තගාමි මානසිකත්වයකින් , ඇස් ඇරල බලන්ඩ කොහෙද ඉන්නෙ මොනාද කියවන්නෙ කියල..එක ප්‍රශනෙකට ඔයාල හිතන්නෙ එක උත්තරයි කියල නැ එහෙම නැ එක ප්‍රශ්නයකට උත්තර ගොඩක් තියෙනව..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කියාපු පැහැදිලි කිරීම .මිනිස්සු හිනස්සන්න එපා අඩේ.

    දීගන්වා අස්ස සන්තෝ දීගන්වා අස්ස සාමීති පජානාතී
    -- අම්ම තාත්තා දරුවෝ ගැන කියයි :confused:( as per INCORRECT )

    රස්සන්වා අස්ස සන්තෝ රස්සන්වා අස්සසාමීති පජානාතී
    -- පාරේ දැකපු කෙල්ලෝ ගැන කියයි :confused:(as per INCORRECT)

    මේන්න ධර්මය.:shocked:
    උබමද හැදුවේ ඔය (මිල )සුත්‍රය. දැන් එතකොට උබ පාරේයන කොල්ලෝ, උබගේ තියන ආශාවල් කෙටියෙන්ම පහ කරලා ඇතිනේ? නියමයි, එතකොට සතියත් හැදිලා ඇතිනේ?

    ලන්කාවේ බාර් වහන්න පුලුවන් උබ මේක්‍රමය ප්‍රැක්ටිකලි කරලා පෙන්නුවොත්.
    මම හිතන්නේ ලන්කාවට උබවගේ කෙනෙක් සෑහෙන්න වටිනවා.කීදෙනෙක් බේබදුකමනිසා පීඩාවට පත්වෙනවද.ඔය බේබදුකම කෙටියෙන්ම පහකරන්න පුලුවන් උබ ඉදිරිපත් උනොත්.

    මහා සතිපට්ඨාන සුත්‍රය දැකලවත් නෑ මට පේන්නේ.
    සම්ම සමාධියට සම්මා සතිය හොදට හැදෙයි, පාරේ යන කෙල්ලෝ මතක් කරපුවාම භාවනා කරද්දී. :D

    අනිච්ච කියන්නෙ මොකක්ද කියලා අවබෝධ කරගත්ත අයගෙන් අහන්න ඔය දේවල් ප්‍රහාණය කරලා තියෙන හැටි පහසුවෙන්ම.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනිච්ච කියන්නෙ මොකක්ද කියලා අවබෝධ කරගත්ත අයගෙන් අහන්න ඔය දේවල් ප්‍රහාණය කරලා තියෙන හැටි පහසුවෙන්ම.

    හරි මචන්.
    මේ ඉන්නේත් කම්මට්ටානාචාර්ය කෙනෙක්. මේ ක්‍රමෙත් බලපන්කෝ.බලලා දෙකම උබ කරපන්.කරලා සතිය හැදෙන්නේ මොකෙන්ද කියලා තමා තුලින්ම දැකපන්.දැකලා අපිට කියපන්.

    :yes: