සමහරවිට මම උඹලට මේ ගැන කියන්නත් ඇති ඉස්සර. කමක් නැහැ ඒත් කියන්නම්.
මම මච්න්ලා එක කෙල්ලෙක්ව පණ දාගෙන හොයනවා දැන් මැයි මාසේ ඉදන්. එයාව මම දැක්කේ පන්සලක. අම්මත් එක්ක ඇවිත් හිටියේ.
උඹලට කියන්න... එයාව දැක්කම මට සන්සාරේ මට එයාව මීට කලින් මුනගැහිලා තිබුනා කියලා ගොඩාක් දැනුනා. මමත් ගිහින් කතා කලා. එයත් මම අහන හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. ඒත් එතන හිටියා එයාගේ අම්මගේ කුල්ටූර් කලිස්න් ඇදපු නාකි මොඩ් උපාසිකාවෝ. මේ ගැණු නිසා මට බැරිවුනා ගොඩාක් කතා කරගන්න. මොකද මේ නාකිච්චියෝ දන්නේ නැද්ද? තරුණ ජෝඩුවකට කතාකරන්න දෙන්නෙම නැහැනේ.
ඒත් මේ ලස්සන ලමයගේ අම්ම නම් එහෙම නැහැ. එයා හරිම කරුනාවන්ත කාන්තාවක්. ඇත්තම කියන්න.. එයා මටයි අර ලමයටයි තනියම කතා කරන්නත් එන්කරේජ් කලා.
ඉතින් මම එයාගෙන් විස්තර ඇහුවත්, ෆෝන් නොම්මරේ ඉල්ලගන්න ගියේ නැහැ. අනේ මන් දා, මොකද මම හිතුවා වැදගත් ලමයෙක් වගේ ඊලග සතියෙදී මම එයාගෙන් කොහොම හරි ඉල්ලගන්නම් කියලා.
(පොඩ්ඩක් හිතන්න.. මට පුලුවන් ද, මුල්ම දවසෙදී ෆෝන් නොම්මරයක් ඉල්ලන්න?)
ඉතින් ඊට පස්සේ සති ගානක් මම කට්ට කනවා මෙයා එයි, මෙයා එයි කියලා.. කෝ? ආයේ දැක්කෙම නැහැ. අම්මවත් එන්නේ නැහ පන්සලට. (මේක ලන්කාවේ පන්සලක් නොවේ හොදේ)
මම දහසකුත් පැතුම් පොදිබැදගෙන ඊයෙත් ගියා එයා එයි කියලා... ඒත් ආවේ නැහැ. මම ගෙදර එනගමන් හිතින් අඩමින් ආවේ. මට ඒ තරමටම දුකයි. ඇයි මේ දයිවය අපි දෙන්නව එක්කරන්නේ නැත්තේ?
මට විස්වාසයි අපි දෙන්නම සසරේ එකට බැදිලා ඉන්න ඇති කියලා. ඒක මට පැහැදිලි කරලා දෙන්න බැහැ. උඹල දන්නවා ඇතිනේ. මට ඒ ලමයව දැක්කම කිසිම බයක් හිතෙන්නේ නැහැ වෙන කෙල්ලොන්ව දැක්කම වගේ.
එයා රූප සුන් දරියක් නොවේ... ලන්කාවෙන් වෙන රටවලට ගිහින් ඉන්න 'කලු සුද්දියෙක්' එහෙමත් නොවේ. තවම ලන්කාවේ සන්ස්ක්‍රුතියට අනුව විනීතව අදින ගැහැනු ලමයෙක්.
මගේ පො*න කම කියන්නේ.. මම නම අහගත්තෙත් නැහැ... අනේ මම අහගත්තද කියලත් මතක නැහැ (මට දැන් හිතෙනවා)... එහමනම් ඉතින් නෙට් එකෙන්වත් බලාගන්න තිබුනා ඉන්න තැනක්....
ඒත් ඉතින් මගේ අවන්ක ආදරේ පූජා කරන්න.. මගේ පාලු හුදකලා ජීවිතයට ආලෝකයක් දෙන්න පුලුවන් මේ මගේ සන්සාරේ පතාගෙන ආපු ඒ විනීත අවන්ක, නිකලැල්, පි රිසිදු කුල කාන්තාව... ඇයි මගෙන් වෙන්වෙලා ඉන්නේ?
අනේ මගේ රත්තරන්.. මම ඔයා මගේ ලගට එනකම් මග බලාගෙන ඉන්නවා... ඔයා නිසා මම කොච්චර වෙනස් වුනාද? ඔයාට කියන්න මගේ මැනික... මම දැන් මගේ දෙපයෙන් නැගී සිටිනවා. ඔයා ලමයෝ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවා...
ඔයාව මට ලැබුන දාට... ඔයාගේ ඔය ලස්සන රෝස පාට පොඩි තොල්පෙති වලින් මට ආදරෙයි කියලා කියන දවස එනකම් මම ඇගිලි ගනිමින් ඉන්නවා පැටියෝ...
අනේ මගේ රත්තරන්.. ඇයි හැන් ගිලා ඉන්නේ? අපි දෙන්නා මේ ආත්මෙදිත් එකතුවෙන්න ඕන. මම දන්නවා ඔයත් මම වගේ තවමත් ආද රයක් නොලබපු කෙනෙක්. ඒ ඇයි කියලා ඔයා දන්නවද? ඒ අපි දෙන්නව අයිති අපි දෙන්නට නිසා..
ඔයා බයවෙන්න එපා... මම මගේ කකුල්දෙක ගෙවනකම් හරි ඇවිදලා ඇවිදලා මගේ රත්තරන්ව හොයාගෙන එනවා.. තව මාසයක් යන්න කලින් මම ඔයාව හොයාගන්නවා...
මගේ මැනික... එතකන් ඔයා තුණුරුවන් සරනින්.. සතුටින් ඉන්න ඕනා.. මොකද මීලගට අපි දෙන්නටම එන්නේ ලස්සන යුගයක්... අපි දෙන්නගෙම ලස්සන පවුලක්.. අපේම ආවේනික ජීවිතයක්...