කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මේ ගැන මම කලින් ලියාපු එකක් Repost කරනවා..

    80 දශකයේ මැද කාලයේ විතර උන සිද්ධියක්.

    මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ.

    මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. ඒ නිසා මේ විවාහයත් ඉක්මනින්ම කරගෙන ඔවුන් වසරකට පමණ විදේශගතවී (මේ සොහොයුරා වසර ගණනාවක් විදේශගතව ඉඳ ආපසු ආ කෙනෙක්) දරුවා ලැබුන පසුව ලංකාවට එන්න සැලසුම් කළා. එතකොට විවාහයෙන් මාස හයකට පස්සේ දරුවා ලැබුන බව කාටත් අමතකයිනෙ.

    මේ සැලසුම සඳහා , ගමේ බොහොම පිළිගැනීමක් තියන, හඳහන් නක්ෂත්‍ර වැඩ ගැනත් දැනුමක් තියන (නමුත් කිසිවිටෙක මුදලට හෝ වෘත්තීයක් හැටියට ඒ දේවල් නොකරන විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ) කෙනෙකු ලවා, විවාහය ඉක්මන් කලයුතු යැයි කියවෙන 'බොරු හඳහන් රිපෝට්' එකක් ලියවා ගැනීමයි අපේ අදහස උනේ.

    අපි කිසි කෙනෙක් හඳහන් හෝ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයට තියන ගෞරවය නිසා කවුරුත් ඔහුගේ වචනයට ගරු කරනවා. මේ වැඩිහිටි මනුස්සයාට වෙච්ච ඇත්තම දේ අපි කිව්වා. එයා එක පයින්ම වැඩේට එකඟ උනා. හේතුව, උපදින්න ඉන්න ළමයාව abort කරනවාට වඩා, කාගේ කාගේත් නම්බුවත්, දරුවාවත් ඔක්කොම බේරෙන නිසා. ඉතින්, මේ විවාහය ඉක්මනින් කල යුතුයි, නැතිනම් විවාහයට බාධා එනවා කියලා ලියලා දුන්නා. මේ කියූ රිපෝර්ට් එක දුන්නේ හඳහන් බලන්නේත් නැතුවයි. ඒ උනාට එයා හඳහන් දෙකම බලලා මගුලට ඉක්මන්ම නැකත් දිනයක් හදලා දෙන්නත් පොරොන්දු උනා. ඒ අනුව මාසයකින් විතර තියන දිනයක් මගුලට ලැබුනා.

    මේ වැඩේට අතරමැදියා උන මාව ගෙන්නලා, මේ හඳහන් බලාපු වැඩිහිටියා යම් දේවල් කිහිපයක් කිව්වා. ඔහු කිව්වේ හඳහන් අනුවනම්, මේ කුසේ ඉන්න දරුවාගේ උපතක් පෙන්නුම් කරන්නේ නැහැ, ඒ නිසා දරු උපතට පෙර, රට යන්න ටිකට් ගන්න එක, විසා හදා ගන්න එක වගේ දේවල් දැන්මම කරන්න ඉක්මන් වෙන්න එපා. ඒවා ටිකක් කල් දාන්න මගේ සොහොයුරාව පොළඹවා ගන්න කියලයි. ඒ අතරම, මේ ජෝඩුවට දරු ඵල දෙකක් තියනවා, ඒත් එයිනුත් එක දරුවෙකුගේ ජීවිතය බොහොම කෙටි විය හැකි බවත්, මේ සොහොයුරාටත් වැඩි ආයුෂයක් නැති බවත් කිව්වා.

    මම මේ දේවල් කා එක්කවත් කිව්වේ නැහැ. අපි කවුරුවත් හඳහන් පිලිබඳ විශ්වාසයක් තියන අය නොවෙයි. නමුත්, මගුලෙන් පසුව මේ ජෝඩුව ඥාති ගෙවල් විසිට් කරන්න නුවර ගිහින් ඉන්දැද්දී මනමාලිට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනා කිව්වාම මට එක පාරටම මතක් උනේ අර ඉහත කී "දරු උපතක් පෙන්නුම් කරන්නේ නැහැ". කියන කතාවයි. ඒ දරු ගැබට Miscarriage එකක් වෙලා තිබුනා. ඒක හඳහන් බලලා කිව්වා නේද කියන එක මට එච්චර බරට හිතට දැනුනේ නැහැ.

    මෙයින් වැඩි කලක් නොගිහින් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන නිසා, මේ දේවල් සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනත්, වසර ගණනාවකට පසුව, එක දිනක අම්මා එක්ක කතා කරනකොට කිව්වේ xx අයියාගේ පොඩි දරුවා මොකක් හරි හඳුනා ගත්ත නැති ලෙඩක් හැදිලා Lady Ridgeway Hospital එකට ඇඩ්මිට් කළා කියලයි. මට අර හඳහන් සිද්ධිය මතක් උනා. මම අම්මාට මේ හඳහන් කතාව එදා කිව්වා. අම්මා කිව්වෙත් එහෙම දෙයක් හිතන්නවත් එපා, ඒ දරුවා සනීප වෙලා එයි. ඕවා හිතේ වත් තියා ගන්න එපා කියලයි.ඒ උනාට හඳහන් කාරයා කිව්වා වගේම ඒ දරුවා මැරුණා.

    අවාසනාවකට, ඊළඟ අනාවැකියත් ඇත්ත උනා. ඒ අයියා අවුරුදු 50 ලබන්න පෙරම මියගියා.

    මොනවා උනත්, මම අදටත් ප්‍රතිපත්තියක් හැටියට හඳහන් බලවන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැහැ. නමුත්, මේ පිළිබඳව හොඳ දැනුමක් තියන මිනිස්සු බොහෝම කලාතුරකින් ඉන්නවා. ඒ අයට අපි ගරු කල යුතුයි කියන මතයේ නම් මම ඉන්නවා.

    Reactions:Kfire, hodakolla, Ragna_SL and 11 others
    Quote Reply
    Report

    මේ කතාව ඇත්ත. මේ වගේ සත්‍යතාවයක් තියෙනවා. එක්කෝ දැන් ඉන්න උන් බොරු කියන්නෙ. එහෙම නැත්තං අපි ඉපදෙන වෙලාව ලකුණු කරලා දෙන්නේ එතන ඉන්න නර්ස් කෙනෙක් හරි ඇටෙන්ඩන් කෙනෙක් හරි නේ. උන් වැරදි වෙලාවක් දුන්නොත් ඉතිං ඒ වෙලාවට තමා කේන්දරය හැදෙන්නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2014 මංජුල පීරිස් ගාවට පවුලම ගියා.. අපේ අම්මා පොරගේ fan කෙනෙක් (ඒකාලේ) නිසා අම්මගේ වදේට මයි ගියේ.. මොරටුවේ එගොඩඋයනේ..

    මට කිව්ව it වලින් තනියම හරි අල්ලන් ඉස්සරහට යනවා, මං කියන දේවල් අනිත් අය පිළිගන්නව, පරිත්‍යාග ශීලී කෙනෙක්, කියල.. ඒ කාලේ it කරන්න තුන් හිතකවත් අදහසක් තිබුණේ නෑ.. හැබැයි ඊට අවුරුදු 3ක්ට පස්සෙ it degree එක පටන්ගත්ත...

    මල්ලිට කිව්වෙ business කරලා දියුණු වෙනවා කියල.. හැබැයි ඌ නම් තාම 40ක්‌ විතර හම්බෙන job එකක් කරන්නෙ..
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    2014 මංජුල පීරිස් ගාවට පවුලම ගියා.. අපේ අම්මා පොරගේ fan කෙනෙක් (ඒකාලේ) නිසා අම්මගේ වදේට මයි ගියේ.. මොරටුවේ එගොඩඋයනේ..

    මට කිව්ව it වලින් තනියම හරි අල්ලන් ඉස්සරහට යනවා, මං කියන දේවල් අනිත් අය පිළිගන්නව, පරිත්‍යාග ශීලී කෙනෙක්, කියල.. ඒ කාලේ it කරන්න තුන් හිතකවත් අදහසක් තිබුණේ නෑ.. හැබැයි ඊට අවුරුදු 3ක්ට පස්සෙ it degree එක පටන්ගත්ත...

    මල්ලිට කිව්වෙ business කරලා දියුණු වෙනවා කියල.. හැබැයි ඌ නම් තාම 40ක්‌ විතර හම්බෙන job එකක් කරන්න
    Oka neda kiwwe corona hedune walgatharuwakin kiyala. Miniha dan pennath ne. Oya deranata genne amu horu.
    Lassana kathana hekiyawak thiyenawa minissu alla ganna. Eken minissu rewatenawa.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කේන්දර බොරු නෑ බං ඒත් කේන්දරකාරයෝ සේරම වගේ බොරුකාරයෝ ඒකයි ගොඩක් මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නැත්තේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අම්මට උපන් වේලාව මතක නම් ඒ කේන්දර වල කියන ඒව හරි..
    කේන්දර බොරු කේන්දර වල කියන කිසි දෙයක් හරි ගියේ නෑ කියන්නේ..
    එක්කෝ... නර්ස් ගෑනිට හිතුණ වෙලාවක් උප්පැන්න ට දාපු උන් එහෙම නැත්නම් සීසර් කරලා ගත්ත උන් 👌👌
    කේන්දර කාරයො 2-3 දෙනෙක් ගාවට ගිහින් කියන ඒවගේ පොදු ටික ගනින්..
    - - -
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    තාත්ත 69දි නැති වෙනව කිව්ව. අපි ඒක තාත්තට කියුවෙ නෑ. තාත්තා 69දි නැති උනා 😢
    69දි නැති වුණා කියන්නෙ 69 කර කර ඉන්නකොටද නැත්තන් 1969දිද නැත්තන් වයස 69දිද ? :nerd:

    මට කේන්දරේ බලලා කිව්වා කේන්දර විශ්වාස කරන කෙනෙක් නෙමෙයි කියල. කිව්ව දේ හරියටම හරි නිසා එදා ඉඳන් මම කේන්දරේ විශ්වාස කරන්න ගත්තා. :yes:
    ------ Post added on Aug 28, 2022 at 2:21 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,178
    113
    34
    Kalutara
    ඕක නිකන් ලෙඩකට බෙහෙත් දෙනවා වගේ බන්. 50-50 ඒ ඒ ලෙඩේට බෙහෙත් දෙන විදිහ ඩොකාගේ විදිහට වෙනස් වෙනවා. හොඳ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙමයි කියල අපි බෙහෙත් හොඳ නෑ කියන්නේ නෑනේ. කියන්නේ ඩොකා හොඳ නෑ කියලනේ.

    ආන් ඒ වගේ තමා කේන්දර බැලිල්ලත්.
     

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    2014 මංජුල පීරිස් ගාවට පවුලම ගියා.. අපේ අම්මා පොරගේ fan කෙනෙක් (ඒකාලේ) නිසා අම්මගේ වදේට මයි ගියේ.. මොරටුවේ එගොඩඋයනේ..

    මට කිව්ව it වලින් තනියම හරි අල්ලන් ඉස්සරහට යනවා, මං කියන දේවල් අනිත් අය පිළිගන්නව, පරිත්‍යාග ශීලී කෙනෙක්, කියල.. ඒ කාලේ it කරන්න තුන් හිතකවත් අදහසක් තිබුණේ නෑ.. හැබැයි ඊට අවුරුදු 3ක්ට පස්සෙ it degree එක පටන්ගත්ත...

    මල්ලිට කිව්වෙ business කරලා දියුණු වෙනවා කියල.. හැබැයි ඌ නම් තාම 40ක්‌ විතර හම්බෙන job එකක් කරන්නෙ..
    ඌ කියපුවා උබෙ හිතේ ස්වයං යෝජනාවක් විදියට වැඩකරලා. ඒකයි තෝ ඒලෙවල් කරාට පස්සෙ අයිටී වලට ගියෙ. අනික ඔය පොන්නයා කොල්ලන්ගෙ කේන්දර දහයක් බැලුවොත් පහකට කියන්නෙ අයටී ඩිග්‍රියක් කරනවා කියලා.
    තෝ පොන්නයා නිසා තොට ඒක තේරෙන්නෙ නෑ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ කතාව ඇත්ත. මේ වගේ සත්‍යතාවයක් තියෙනවා. එක්කෝ දැන් ඉන්න උන් බොරු කියන්නෙ. එහෙම නැත්තං අපි ඉපදෙන වෙලාව ලකුණු කරලා දෙන්නේ එතන ඉන්න නර්ස් කෙනෙක් හරි ඇටෙන්ඩන් කෙනෙක් හරි නේ. උන් වැරදි වෙලාවක් දුන්නොත් ඉතිං ඒ වෙලාවට තමා කේන්දරය හැදෙන්නේ
    ඊට පස්සේ කේන්දර බොරු කියනව

    මටත් විස්වාස කරන්න හේතු ලැබිල නෑ තවම
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,301
    113
    මට කියා තියෙන්නෙ කෝටිපතියෙක් වෙනව කියල. පොර ඒක කිව්වෙ අනාවැකියක් කියල. ලියල තියාගන්නත් කිව්ව දිව් රලා කියන්න වගේ කිව්වෙ ඒ කියන්නෙ පොරට හෙන ශුවර් එකේ.
    කොහොම උනත් මටත් දැන් හිතෙනවා මේ යන විදියට මන් කෝටිපතියෙක් වෙයි කියල. මන් විතරක් නෙමෙයි රටේ සියලූම උදවිය. 😂😂😂😂

    තව එකක් මේක නම් මගේ යාලුවෙක් මට කියපු එකක්. උගේ යාලුව්ව්ක්ට එක දිගට කරදර ටිකක් වෙලා ත්‍රීවීල් එකෙන් වැටිලා කකුල කැඩිලත් තිබිලා. ඉතින් මූ ගිහින් හදහන බලවගෙන. ඒක බලල කිව්වලු කකුල කැඩෙන්න තියෙනවා කියල. මූ ඉතින් හිනාවෙලා කිව්වලු කකුල කැඩුන කියල. ඊට පස්සෙ කියල නෑ ඔතනින් ආයෙමත් කැඩෙනව කියල. 😂😂😂 කිව්ව වගේ ම මුගේ කකුල ආයෙත් එතනින්ම කැඩිලා. මමත් ඊට පස්සෙ පොරගෙන් හදහන බලව ගත්තා මොනාද කියන්නෙ බලන්න. විශේශ දෙයක් කිව්වෙ නෑ ඉතින්. 🤐🤐🤐
    ------ Post added on Aug 28, 2022 at 4:04 PM