කොට්ට කීයක් යයිද?

prashdeman

Member
May 5, 2008
13
26
0
Battaramulla
කොට්ට කීයක් යයිද?

පෙර සකසන කොන්ක්‍රීට් (Ready Mix Concrete කියල කියන්නේ ) දාන්නේ නැතුව එවලේ අනලා දාන කොන්ක්‍රීට් ගැනයි මම කියන්න යන්නේ.

විශේෂයෙන් සිමෙන්ති ගොඩක් එක පාර යන ස්ලැබ් කොන්ක්රීටේ එකක් වගේ දාද්දි, සිමෙන්ති කොච්චර වගේ යයි කියල පොඩි ප්‍රශ්නයක් මතුවෙනවද? නැද්ද?

මතුවෙනවා.

එතකොට යන්නේ බාස් ගාවට.ගිහිල්ල අහනව "බසුන්නහේ මේකට කොච්චර බඩු යයිද?"

බසුන්නහේ කියයි අච්චර යයි මෙච්චර යයි කියල.

මම කියන්න යන්නේ බඩු යන ගාන හදාගන්න පුළුවන් ක්‍රමයක් ගෙන.මේක කාටවත් කියන්න එපා හොදේ

කොන්ක්රීටේ දවස් 28 දී දරන්න පුළුවන් සම්පීඩිත ශක්තිය අනුව (strength class) කීපයකට වෙන් කරලා තියෙනවා

ඒවයෙන්,

1:3:6 (සිමෙන්ති 1: වැලි 6: ගල් 3)
1:2:4 (සිමෙන්ති 1: වැලි 2: ගල් 4)
1:1/2:3 (සිමෙන්ති 1: වැලි 1.5: ගල් 3) යන මිශ්‍රණ තමා ගෙදරක පාවිච්චි කරන්නේ.

මේ වලට බඩු යන්නේ මෙන්න මේ විදියට

1:3:6 තියන කොන්ක්‍රීටේ Cube 1 (Cube 1=100.00 Cuft) ගත්තොත්,

cement=13Bags, Sand 0.5Cube, Metal 1Cube (Approx) & (+-5-10%) for wastages.

1:2:4 තියන කොන්ක්‍රීටේ Cube 1 (Cube 1=100.00 Cuft) ගත්තොත්,

cement=18Bags, Sand 0.5Cube, Metal 1Cube (Approx) & (+-5-10%) for wastages.

1:1.5:3 තියන කොන්ක්‍රීටේ Cube 1 (Cube 1=100.00 Cuft) ගත්තොත්,

cement=23Bags, Sand 0.5Cube, Metal 1Cube (Approx) & (+-5-10%) for wastages.

මේ කිව්ව ගණන් ටික BSR කියන පොතේ පෙන්නලා දීල තියෙනවා ඒ නෙතත් අපිට ගණිතයෙන් එක ඔප්පු කරන්න පුළුවන්

මේ ෆීල්ඩ් එකේ ඉන්න කවුරුහරි, දන්නේ නෙත්තම් ඔප්පු කරන හැටි, මට කියන්න, එක හරිම simple case ekak ban

owath wedada netta pitin ali merenne.....






 

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හැබැයි බාස් මට කියපු ගණනනම් හරියට හරි.මදිත් නෑ වැඩිත් නෑ.එක කිව්වේ උගේ අත්දැකීමෙන්.ඔය වගේ ගණන් හද හද හිටියේ නෑ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    මේක හදන හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද බොක්ක