කඩේකින් කොත්තු කද්දි ඔයාලටත් මේ බඩ ගොර ගොර ගාන ප්රශ්න ඇවිල්ලා තියෙනවද?
1. කෝ ඕයි එළවලු
[FONT="]කොත්තුවක් රහ වෙන්න තක්කාලි, කැරට්, ගෝවා, ලීක්ස්, ලූනු ටිකක් තියෙන්න ඕන. එතකොට රොටිවලට පොඩි වෙනස් රහක් එනවා. සමහර දාට කොත්තු ගහන කොල්ලා එළවලු අහුරක් දානවා. අපි සතුටු වුනාට ඒ දාන්නෙ එකපාර ගහන කොත්තු හතරකට. කන්න ගත්තම තමයි තේරෙන්නෙ මූ කොත්තුවට එළවළුවල ෆොටෝ එකක් පෙන්නලා විතරයි කියලා.[/FONT]
[FONT="]
[/FONT]
2. මිස්ටර් පිරිසිදු බාස්
[FONT="]කොත්තුවට ලුණු ඕන නෑ කියලා හිතෙන්නෙ කොත්තු බාස් මහත්තයාව දැක්කමයි. සමහරු කොත්තු බාස් මහත්තුරු පිළිවෙලකට හිටියට සමහර කොත්තු මහත්තුරුන්ව නං දැක්කම බඩ දඟලනවා. කොත්තු තැටිය ගාව හැරෙන්න කැරකෙන්න බැරි තරං සමහරු මහතයි. කොත්තුම කාලද කොහෙද?[/FONT]
[FONT="]
[/FONT]
3. සාගත කුකුළා
[FONT="]චිකන් කොත්තුවට වැඩිපුර රුපියල් සීයක් විතර ගත්තට කන්න ගත්තම ඒක අපරාදෙ කියලා හිතෙනවා. මුං එක්කො කුකුලව ගෙනල්ලා තියෙන්නේ සෝමාලියාවෙන්. එහෙමත් නැත්තං, සැලුන් එකක් ප්රැක්ටිස් වෙන්න රැවුල් කොට කපපු එකෙක් තමයි චිකන් කෑලි කපන්නෙ. කුකුල දන්නවනං උගේ මෙච්චර පොඩි කෑල්ලක් සීයක් වෙනවැයි කියලා පොරට හාට් ඇටෑක් හැදෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
4. කිරි සුදු පිඟන් කෝප්ප
[FONT="]කන්න ගත්තහම එන අනිත් සන්තෝසෙ තමයි කිරි සුදු පිඟන් කෝප්ප. හැම තැනම දුඹුරු පාට පාරවල්. වතුරෙ පොඟවපු සර්වියට් එකකින් පිහිදාලද කොහෙද දෙන්නෙ.[/FONT]
[FONT="]
[/FONT]
5. කොත්තුවේ චර චර
[FONT="]කොත්තුවේ චර චර ගාන්න හේතු ගොඩාක් තියෙනවා. මන දොල පිනවන හොට් බටර් කැරපොත්තා, සැරට හැපෙන සිස්ලින් බිත්තර කටු සහ තායි සේවරි ක්රමයට සෑදූ කුරුමිණියා ඒ අතරෙ තියෙන්න පුළුවන්. නිසි බළධාරියෝ ඇහුවොත් අපිට එහෙම හම්බෙච්ච කඩවල් කියන්නත් අපිට පුළුවන්.[/FONT]
[FONT="]
[/FONT]
6. මියුසික් කොත්තුව
[FONT="]සමහර කඩවල්වල ඇප්රෙන්ටිස් කොත්තු බාස් තරුණයා කොත්තු ගහන්නෙ මියුසික් දාගෙන. කොත්තුව ගහල ඉවරවෙද්දි ගහපු කොත්තු ඔක්කොම ටික තැටිය වටේට ගහපු වීදුරුවේ. කොත්තුව කියලා හම්බෙන්නෙ කට දෙකකට ඉවර කරන්න පුළුවන් අහුරක් විතරයි. රෑට කඩේට ගොඩවදින මීයටද මන්දා හදපු කොත්තුවෙ ලොකුම පංගුව කුකර් එක වටේට බිම.
[/FONT]7. ගෙදර යන ගමන්
[FONT="]කඩේකින් කොත්තු කෑවම හම්බෙන හොඳම දායාදය තමයි මේ. ගෙදරදි කොත්තුව කෑවොත් මේකට පිළියම් යෙදීම ලේසි වුනාට, කඩේකින් කොත්තු කාලා ගෙදර යද්දි ටිකට් එක ඇදෙන වාසනාවන්තයෝ බොහෝමයක් ඉන්නවා. කොත්තු කඩෙන් පස්සට තියාගන්න ලෑල්ලක් ඉල්ලගන්න තමයි වෙන්නෙ ඉතිං.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උපුටා ගැනීම - ANIWA.LK