ඔය කැ$යා කියයි ඌශ්නෙ තියෙන්නේ ගොම දිය කරලා ගාපන් කියලා
නිරෝගී කොණ්ඩෙක කෙස් ඔක්කොම තියෙන්නෙ එකම රටාවකට,එකෙක් නූලක් දාලා තිබ්බ නිසා මට මේ ගැන කියන්න හිතුනේ. මුලින්ම කියනවා මේ නූලෙන් කිසිම දෙයක් ප්‍රවර්ධනය කිරීමේ කිසිම අදහසක් නෑ. කොන්ඩේ යන මම වගේ කොල්ලෝ ගැන හිතලා මම කරලා සාර්ථක වෙච්ච අත්දැකීමක් තමා මේ බෙදාගන්නේ.
මගෙත් කොන්ඩේ යන නෝට් වුනේ දැන් අවුරුදු දෙකකට කලින් (මට 25 දැන්)
අවුරුද්දක් යනකන් තෙල් ජාති ගෑවා වැඩක් වුනේ නෑ. පස්සේ Reddit - Hairloss Community එකේ කොන්ඩේ යන එකට විසදුමක්ද්දි හොයන් යද්දි තමා මේ Finasteride ගැන දැනගත්තේ.දැනට Western Medicine වල කොන්ඩේ යන එකට තියෙන්නේ සාර්ථක බෙහෙත් දෙකයි.
01.Minoxidil
02.Finasteride
01.Minoxidil වලින් තට්ටේ පෑදිච්ච ඒ වගේම කොණ්‌ඩෙ ගියපු අයගේ කොණ්ඩේ ආපහු වවාගන්න පුළුවන්. මේක ටිකක් ගනන්. Daraz එකේ එහෙම තියනවා දැක්කා. 60ML බෝතලයක් එන්නේ දවසට දෙපාරක් ගාන්න 1ML ගානේ. එතකොට මාසෙට එක බෝතලයයි. බෝතලේ නම් 6000 පනිනවා මන් හිතන විදිහට.
02.Finasteride කියන්නේ බොන්න තියෙන බෙහෙතක්. ඒකෙන් කරන්නේ කොන්ඩේ යන එකට හේතු වෙන DHT බ්ලොක් කරන එක. ඒක Minoxidil එක තරම් ගනන් නෑ. 1Mg පෙත්තක් 60ක් වගේ වෙන්නේ. Recommended Dosage එක දවසට එක පෙත්තක්.
මේ දෙකම Lifetime Commitments.ඒ කියන්නේ නවත්තන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා. නැවැත්තුවොත් ප්‍රථිපල එන්නේ නෑ.
මේ බෙහෙත ගැන එක එක කතා තියනවා.ඒකට අනුව Side Effects විදිහට නගින්නේ නැති සීන් එහෙම ඔය බෙහෙත පාවිච්චි කරද්දි සමහර අයට එන්න පුළුවන්.මට නම් කිසිම අවුලක් නෑ දැනට අවුරුද්දක් වෙනවා.
මම Finasteride ගන්න විදිහ
මගේ නලල දෙපැත්තේ කොන්ඩේ සැලකියි යුතු තරමක් ගිහින් තිබ්බේ. ඒක නිසා මම තවත් පරක්කු නොවී කරේ ඉස්සෙල්ලම Dermatologist කෙනෙක් චැනල් කරා. (Dr.Sunil Mendis - Wattala Hemas) ගිහින් කෙලින්ම ඩොකාගෙන් ඇහුවා මගේ කොන්ඩේ යන එකට Finasteride ගන්න එක Ok ද කියලා.
Doctor කිව්වේ මම සාමාන්‍යයෙන් ඒ බෙහෙත Prescribe කරන්නේ නෑ සමහර අයට Side Effects එන නිසා කියලා. ඒත් Finasteride අරන් බලන්න ඔයාට Side Effects ආවොත් නවත්තන්න කියලා. පස්සේ එයා Finasteride & Minoxidil Prescribe කරා.මම Minoxidil ගත්තේ නෑ මගේ කොන්ඩේ ගොඩක් ගිහින් නැති නිසා සහ එච්චර වියදම් කරන්න බැරි නිසා.
ඊට අමතරව Finasteride බොද්දි මම තව දෙයක් කරනවා.මේකට කියන්නේ Micro dosing කියලා.Reddit එකෙන් තමා මේකත් හොයාගත්තේ.
Finasteride Recommended Dosage එක දවසට 1Mg පෙත්තක් බොන එක.
Micro dosing වලදි මම කරන්නේ 1Mg පෙත්ත දෙකට කපනවා. කපලා එක භාගයක් දවසකට බොනවා. එතකොට 0.5Mg තමයි දවසකට වැටෙන්නේ. මේ විදිහට කරද්දි Side Effects අවමයි කියලා Reddit එකේ තියනවා සහ වැදගත්ම දේ පොකට් එකටත් සහනයක්. මාසෙට වියදම් වෙන්නේ මට Rs.800/- වගේ. හොදම දේ තමයි මෙහෙම කරා කියලා ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. Minoxidil වලටත් මේක කරන්න පුළුවන් කියලා අහල තියනවා.
මම Finasteride පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර්. මාස 08 වගේ කිසිම Improvement එකක් නෑ කලින්ටත් වඩා කොන්ඩේ ගිහින් වගේ තමා තේරුනේ. ඒත් 09 මාසේ වගේ එද්දි ටික ටික වෙනසක් තේරෙන්න ගත්තා. හිස්කබල පේන ගතිය අඩුවෙන්න පටන් ගත්තා. වෙනදට වඩා කොන්ඩේ තියන ගතියක් තේරුනා. Finasteride තට්ටේ තියන අයට වැඩක් නෑ මොකද මෙකෙන් අලුත් කොන්ඩේ වැවෙන්නේ නෑ (පොඩ්ඩක් වගේ වැවෙන්න පුළුවන්). නමුත් දැනට තියන කොන්ඩේ නීරෝගිව ලස්සනට වැවෙනවා සහ කොන්ඩේ යන එක නවත්තනවා.
මෙන්න මගේ Journey එක
View attachment 187716
View attachment 187717
View attachment 187718
ඉතින් මචංල මේක තමා මගේ කතාව. වැදගත් වුනා කියලා හිතනවා. ගැටලු මොනවහරි තිබ්බොත් අහපල්ලා. ජය
මගේ අලුත් කෙස් වැවිලා නෑ තියන ටික හොදට වැවෙනවා. ඉතින් තියන ටික හොදට වැවුනම ඔහොම තමා.නිරෝගී කොණ්ඩෙක කෙස් ඔක්කොම තියෙන්නෙ එකම රටාවකට,
උඹෙ කපුටු කූඩුවක් වගේ
ඉතිං ඔය හොඳ වෙලාද ?![]()
ඊට පස්සෙ ඒ ටිකත් හැලිල තට්ටෙ පේන්නම එයි.මගේ අලුත් කෙස් වැවිලා නෑ තියන ටික හොදට වැවෙනවා. ඉතින් තියන ටික හොදට වැවුනම ඔහොම තමා.![]()
ඊට පස්සෙ ඒ ටිකත් හැලිල තට්ටෙ පේන්නම එයි.
කේන්ති යන්න ගනියි උපරිමේට
කෑම රස දැනෙන එක අඩු වෙයි.
ඔහොම යමන්.
ඕක හරියට හොඳ කරගන්න අවුරුද්දක් යන්නෙ නෑ.![]()
දැන් කීසැරයක් කිව්වද, ඕක බඩේ ලෙඩක් , ඔළුවෙ ලෙඩක් නෙවෙයි.මේක හොද කරගන්න වෙන විදිහක් දන්නවනම් අපි හැමෝටම දැනගන්න කියපන්කො බං. මාත් ඒම විදිහක් නැති නිසා තමා මේකට ගියේ.
තැනක් දන්නවද?දැන් කීසැරයක් කිව්වද, ඕක බඩේ ලෙඩක් , ඔළුවෙ ලෙඩක් නෙවෙයි.
සිංහල බේත් කරන්න කියල දැන් කීපාරක් කියල තියෙනවාද ?![]()
වැඩ්ඩෙක්, වැඩ පෙන්නපු බුවෙක්. බොරැල්ල ආයුර්වේද රෝහලේ ඉස්සර විශේෂඥ උපදේශක වෛද්යවරයෙක්බියගම
Thanks mchn. Mn balannmවැඩ්ඩෙක්, වැඩ පෙන්නපු බුවෙක්. බොරැල්ල ආයුර්වේද රෝහලේ ඉස්සර විශේෂඥ උපදේශක වෛද්‍යවරයෙක්
Ruwana Ayurvedic Medical Centre
https://maps.app.goo.gl/CN34YbHf4uLbiE1W8

Mchn oya tama use krnwda? results khmda?Ya ya
ow thama pawichchi karanawa. mama thread ekak damma masa 6ka progress eka. balapan eke athi.Mchn oya tama use krnwda? results khmda?