ලැප් එක මේ දවස්වල ඩෙඩ්.මේකට කෑලි වගයක් ගෙන්න ගන්න බැලුවේ.වෙනදට නම් කාටහරි කියලා තමයි ඕන්ලයින් ඕඩර් කලේ.හැමදාම උන්ට වදයක් වෙන්න බැරි හින්දා තනියෙම ඕඩර් එකක් දාගන්න බැලුවේ.
හුගක් උන් කියන්නේ ඕන්ලයින් ගනුදෙනුවලට හොදම කොමර්ෂල් බැංකුව කියලා.
එක පාරෙන් මේ වැඩේ කරගන්න විදිය කියහල්ලා කෝ.
Regular Savings Account නේද ඕපන් කරන්න ඕනේ?
අවම ඩිපොසිට් එක කීයකද තියන්න ඕනේ ද ඕපන් කරද්දී?
පාවිච්චි කරද්දි ගිනුමේ තියෙන්න ඕන අවම ගානක් තියෙනවද?
ඩෙබිට් කාඩ් එක ගද්දි අහවල් වැඩේටයි ගන්නේ කියලා උන්ට කියලා මොනවා හරි ස්ර්විස් කලින් ඇක්ටිවේට් කරගන්න ඕනෙද?
පාවිච්චි කරද්දි මුන් සල්ලි කපා ගන්නේ මොන ස්ර්විස් වලටද?
ඇක්ටිවේට් කරගන්න කියලා රෙකමන්ඩ් කරන ස්ර්විස් මොනවද?
තව වැදගත් දෙයක් තියෙනවා නම් කිව්වට කමක් නෑ.
Hotline එකට කතා කරලා අහන්න. උනේ Customer Care එක හොදයි
මම Open කරේ 2018 අවම තැන්පතුව රු 1000/- කාඩ් එකට වෙනම රු 500/- ගත්තා
Online Banking වලට වෙනම 1500 ගත්තා ඒ වෙලාවේ කියන්නේ නැතුව ඉදලා ඔකොම fill කලාට පස්සේ උන් එක ඉල්ලුවේ. ඔකොටම 3000 ගත්තා.
කාඩ් එකෙන් ලංකාවේ සයිට් වලට ගෙවන්න කියන්න usd ගැන කියන්න එපා දෙන එකක් නැහැ කාඩ් මම ඇහුවාම බනිනනවා ශාකාවේ එවුන් ඒ දවස් වලත්.
කාඩ් එක ඉස්සර නම් Card Center එකට කතා කරලා Active කරගන්න ඕනේ උනා Online payment වලට.
මම කාඩ් එක Exp වෙලා අලුතින් ගත්තා එතකොට නම් එහෙම Active කරන්න දෙයක් නැහැ කිව්වා Active කරලා කිව්වා දෙන්නේ.
Online banking වලට අවුරුද්දකට රු 500 කපනවා.
තව SMS Alert වලට රු 500 කපනවා වෙන fee මොකුත් නැහැ (SMS Alert Active කරලා තිබුනේ නැහැ මගේ ATM එකෙන් සල්ලි ගත්තා ම SMS එක ආවේ නැහැ Customer Care එකට කතා කරලා මම Active කරගත්තේ එක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න)
Account එකේ කියක්වත් තියෙන්න ඕනේ නැහැ මම සමහර වෙලාවට ඔකොම සල්ලි ගන්නවා රුපියලක් වගේ තියෙන වෙලාවල් තියෙනවා.
හැබැයි Online Banking / SMS Alert වලට සල්ලි කපන දවසට සල්ලි තිබ්බේ නැත්තම් Bank එකෙන් කතා කරලා කියනවා Account එකට සල්ලි දාන්න කියලා. මට එහෙම ඉස්සර එක පාරක් උනා. Service එක හොදයි අනිත් Bank වලට වඩා Com Bank එකෙන් ගන්න.