කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

PahasuLK

Member
Sep 4, 2016
116
9
0
පහසුවෙන්
කෙල්ලගේ අතට මාසෙ මුල 20000ක් දුන්නම කඩෙනුත් ආස ඒවා කාලා
ගෙවල් වල බඩුත් අරන් ඇවිත්, බිලුත් ගෙවලා තව 2ක් 3ක් ඉතුරුත් කරලා මාසෙ අන්තිමට අතට දෙනවා බන්
30ක් 35ක් කෙලින්ම පොතට යන්නෙ කෙල්ල ඉන්න නිසා :)
9.gif

:) එක උබේ luck එක මචන් (y) :yes:
 

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    වැදගත් ලිපියක් මචං...මම නම් 50000 ක් සෙට් වුන ගමන් ගිහින් FD දානවා බං..සාමන්‍ය ගිණුම් වල තිබ්බාම දකින දකින දේ ගන්න හිතෙනවා..සල්ලි ගන්න විදියක් නැති වුනාම වියදම් කරන්න විදියකුත් නැති නිසා හිගන්නා වගේ ඉන්න වෙනවා..ඒ උනාට FD වල සල්ලි තියෙන බව දැනුනම හිතට කිසි බයක් නෑ..මම කියන්නේ නම් සල්ලි පුළුවන් තරම් හිර කරන්න කියලා..සල්ලි අතට ගන්න ලේසි උනාමයි වියදම් වෙන්නේ..සල්ලි ටිකක් එකතු වුනාම පොඩියට බිස්නස් පාරක් පටන් ගත්තා නම් ඉතිරි කරන සල්ලි වලින් උපරිම ප්‍රයෝජන ගන්නත් පුළුවන්.. ෆෝන් එකේ අයවැය සටහන් කරන ඇප් එකක් දාගත්තා නම් තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කර ගන්න තවත් ලේසි මචං.. අපේ උන් තවත් සල්ලි නාස්ති කර ගන්න ක්‍රමයක් තමයි ලොකු ලොකු ඩේටා පැකේජ් ගන්න එක..ඒකත් තමන්ට ඇති ප්‍රමාණයේ පොඩි පැකේජයක් ගත්තා නම් සල්ලි පොඩ්ඩක් හරි තව වැඩියෙන් ඉතිරි කර ගන්නත් පුළුවන්.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    සහො මෙ ටිකත් කරන්න බලන්න. මම කරන නිසයි කියන්නෙ.

    1. ගෙදරට යන හැම ආදායමක්ම සහ වියදමක්ම පොතක ලියන්න. (කොමස්වල ඉගෙන ගන්න තනි තිරු මුදල් පොත වගෙ ) CR කොටුරුල් පොතක් නම් වඩා හොදයි. එක කොටස් දෙකට බෙදලා දිනයත්, විස්තරයත් එක්ක ආදායම් වියදම් ලියන්න.

    උදා:

    දිනය | ආදයම් විස්ත්රය | මුදල || දිනය | වියදම් විස්තරය | මුදල
    2016/05/03 | මාසික පඩිය | 100000 || 2016/05/10 | හාල් 4kg | 485


    මාසෙ අන්තිමට දෙපැත්තෙ ගනන එකතු කරන්න. එතකොට සාමන්‍යයෙන් මාසෙට යන වියදම බලා ගන්න පුලුවන්. අමතරව යන වියදම් අඩු කරන්නත් පුලුවන්.



    2. වතුර, ලයිට්, ටෙලිෆොන්, ඩෙටා, කෙබල් ටිවි බිල් වගෙ මාසෙට ගෙවන්න වෙන එවට වෙන වෙනම ෆයිල් තියා ගන්න. හැම මාසෙම එන බිල් වෙන වෙනම එවට පිලිවෙලට දාන්න.

    එතකොට අපිට ලෙසි වෙනව. මම ගොඩක් ගෙවල් වල දැකලා තියනවා ලයිට් වතුර බිල් වගෙ එවා මෙසෙ උඩ, පුටුසෙටියෙ උඩ, දෙකට තුනට නවලා අස්සක වගෙ තියනවා. එහෙම නැතුව පිලිවෙලට තියන්න. එතකොට ගෙවන්න තියන බිල් ටික බලන්න ලෙසි. හැම බිලක්ම පුලුවන්නම් එ මාසෙ ඉවර වෙද්දි ගෙවලා තියන්න.

    බිල් ෆයිල් එක ගත්තම ඔයාට දල වශයෙන් ඉලග මාසෙ එන බිල්වල ගනන් කියන්න පුලුවන්.


    3. වාහන සර්විස් කරන විස්තරත් වෙනම ෆයිල් එකක දාන්න. වාහනෙ සර්විස් කරන්න වෙන කාලය එතකොට කලින්ම දැනගන්න පුලුවන්. එ වගෙම කියක් විතර යයිද කියලා බලන්නත් පුලුවන් කලින්ම. මතක ඇතුව සර්විස් කරාට පස්සෙ බිලක් ඉල්ලගන්න. එකෙ දුවලා තියන KM ප්‍රමානය ලියන්න. එතකොට තවත් පහසුයි.


    4. ගෙදර ෆ්‍රිජ් එක අනිවා රැ 10ට off කරන්න. උදෙ 6ට ආපහු දාන්න. එ කාලය තුල ෆ්‍රිග් එකෙ දොර අරින්නෙ නැත්නම් විතරක්. මෙකෙන් ඔයාල්ට සැහෙන්න ගනනක් ඉතුරු වෙයි. අත්තැකිමෙන් කියන්නෙ. ලොකු ලොකු ෆ්‍රිජ් තියන අයට වාසි වෙයි මෙක නම්. හැබැයි මස්, කිරි, මාලු, අයිස් ක්‍රිම් වගෙ දෙවල් තියනවනම් එහෙම කරන්න එපා. ෆ්‍රිජ් එකෙ බඩු නැත්නම් වතුර බොතල් හරි පුරවලා තියන්න. මොකද බඩු අඩුවෙන් තියන එකක දොර ඇරපු ගනම් කුල් වෙච්ච වාතය යන නිසා. ආපහු මුල ඉදන් කුල් කරන්න යන විදුලිය වැඩි.



    5. ගෙදරට LED ලයිට් දාන්න. අනවශ්‍ය ලයිට් ඔෆ් කරන්න.


    6. දකින දකින අල්ත් දෙවල් ගන්න එපා. ෆොන් එක පට්ට යනකන් පාවිච්චි කරන්න. අලුත් එකක් ආව පලියට එක ගන්න යන්න එපා.


    7. එක මාසයක් ඔහොම කරාම ඔයාට දල වශයෙන් කියක් ඉතුරු කරන්න පුලුවන්ද කියල හිතා ගන්න පුලුවන්. ඉට පස්සෙ එ ගාන ඉතුරු කරන්න.

    කියමනක් තියනවා... හැබැයි එක කරන්න අමරු වෙන එකක් නැහැ...

    "මුලින් ඉතුරු කරන ප්‍රමානය ඉතුරු කරන්න. ආදයෙමෙන් අඩුම ගානෙ 50%ක්.

    ඉට පස්සෙ ඉතුරු ටිකෙන් ජිවත් වෙන්න. එකෙන් තවත් ඉතුරු උනොත් එවත් ඉතුරු කරන්න."



    8. මම ඔය කිවෙ කෙටි කාලින ඉතුරුම් විදි කිපයක්. දිගු කාලින ඉතුරුම් ක්‍රමත් තියනවා.


    එහෙනම් අපි ගියා...

    REP++
     
    • Like
    Reactions: rox2030

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපිට රත්තරන් ගත්තට ඒක අවශ්‍ය වෙලාවට වෙලදපල වටිනාකමට විකුනන්න පුලුවන්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    කතාවට ස්තුතියි. හැටන් සීන් එක ටිකක් පැහැදිලි නෑ.මම හිතුවේ හෙට්ටිවීදිය තමා අඩුම මිල කියලා.
     
    දන්නව ඇති සිද්ධාර්ථ ගෞතම කියල ශාස්තෘවරයෙක් හිටිය. උන්වහන්සේ මෙන්න මෙහෙම කියල තියනව ආර්ථික කළමණාකරණය ගැන

    “ඒකෙන භුංජෙ භෝගෙය්‍ය - ද්විහි කම්ම පයෝගයෙ
    චතුත්ථස්ස නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති“
    අර්ථ-
    උපයන දෙයින් සතරෙන් එක් කොටසක් යැපීම පිණිස යොදා ගන්න. කොටස් දෙකක් තමා ගේ කර්මාන්තයෙහි ආයෝජනය කරන්න. ඉතිරි හතරෙන් එක අපදාවක දී භාවිතා කිරීමට ඉතිරි කරන්න.

    ඔකෙන් වක්‍රව කියවෙන් දෙයක් තියනවා. ඒ තමා තමා ගේ ජීවන රටාව-ලයිෆ් ස්ටයිල් එක- හදා ගන්න ඕන තමන් ගේ අදාදායමෙන් 25%කට කියන එක.
    මම නං හිතන්නේ ඕක තමා හරිම ක්‍රමය. සිද්ධාර්ථ ගෞතමයන් කියු දෙයක් දැනට වැරදී නැත.



    bump
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    raththaran casi ethakota raththaran biscat wage dewal ganin, raththaran badu walata wada ewa thamai invest karanna hoda
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ado thanks ban
    True story
    Our wants increase with salary. Ube me idea eka edath adatath tawa aurudu 100kin meka kyawana ekatat watinawa