මචං price ගැන නං කියන්න දන්නේ නෑ හරියටම. Video Editing පැත්තට ලොකුවටම යන්න දැම්ම අදහසක් නැත්තන් VGA එක අතඇරලා RAM + SSD/HDD + Processor පැත්තට බර දාන්න.
Photoshop, Illustrator, Corel Draw වගේ ඒවාට ගොඩක් ඕනේ RAM එක නිසා අඩුම 8GB එකක් තියාගන්න. Processor එක lowest i5 එකක් දාගන්න. i3 වලට යන්න එපා ඒවා තියෙන්නේ word ෆයිල් එකක් හදාගන්න browse කරන්න වගේ simple වැඩ වලටනේ. මටත් ඉස්සර Singer i3 (1st Gen) එකක් තිබ්බා. 2GB තිබිලා අමාරුවෙන් 4GB කරගෙන දිවුවා. i3 එකෙන් නොමරා මරලා වැඩ අරගත්තා. PS, Ai කලා. ඉඳල හිටලා After Effects එහෙමත් run නොකල නෙමේ. ඒවගේම Android Studio එක run කලා RAM එක 98% compile වෙනකොට.
හිරවෙවී වැඩ කරන්න බැරි නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න.
SSD එකක් ගැන ලොකුවටම හිතන්න එපා budget එක අමාරුයි වගේ නං. HDD එකෙන් run කරගන්න පුළුවන් හොඳට. ඉතා හොඳටම සුමට සුමුදුව දුවන්න තමා SSD ඕනේ. අනික පොඩ්ඩක් බලල HDD එක ගන්නකොට 7200 rpm තියන එකක් නැත්තන් Hybrid එකක් බලන්න. SSD ගැප් එක ටිකක් අඩු කරගන්න puluwan. අනික ඔය multimedia පැත්ත නිසා project ෆයිල්ස් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා 1TB වලින් පහල capacity එකකට නොයා ඉන්න තරමට ලේසි වෙයි පසු කාලීනව.
RAM එක DDR4 එකකට යන එක වඩා හොඳයි. මොකද DDR 3 එකට වඩා DDR4 එකේ performance හොඳයි වගේම Motherboard අලුත් ඒවාට support කරන එකක් ගන්න පුළුවන් වෙයි. මොකද අලුත් processors DDR3 support කරනවා කියල තිබ්බට හොඳටම perform කරන්නේ DDR4 එක්ක.
ගොඩක් අය ගොඩක් ඒවා කියල තිබ්බා ගොඩක් විස්තර එක්ක. මම කියපුව වැදගත් නොවෙන්නත් පුළුවන්. එත් පොඩි අදහසක් දුන්නේ.
නියමයි බන්. ගොඩක් sස්තූතිය වටින උපදෙස් ටිකක්. මට මැශින් එකේ ස්පෙක්ස් එක්කම ඔය වගේ විස්තරයක් තමයි බලාපොරොත්තු උනේ.
ගොඩක් ස්තූතුයි.
උබ ඔය කියන මැශින් එකක් මොනිටර් එකත් එක්ක කීයක් වෙයිද? ග්රැෆික් වලට් හොද කලර් තියන එකක් ඕන. 
ගොඩක් ස්තූතුයි.
උබ ඔය කියන මැශින් එකක් මොනිටර් එකත් එක්ක කීයක් වෙයිද? ග්රැෆික් වලට් හොද කලර් තියන එකක් ඕන. 
.
ඔව් මං හිතන්නෙ.



