කොළඹ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
70512280_662359700841222_3620198551927128064_n.jpg





❤️❤️❤️🤘
" අපිත් කොළඹ හරිය " කීවට ඇත්තටම කොළඹ ඉන්න බහුතරයක් අයගේ ජීවිත ඒ තරම් ලස්සනක් නෑ. ඒ අය බහුතරයක් ජීවත් වුනේ මුඩුක්කු ගෙවල් වල. මුඩුක්කු ගෙවල් වල ජීවිතේ මොනතරම් අප්‍රසන්න ද කියන එක අපි TV එකෙන් දැකලා තියෙනවා. මේ ගෙදර ඉඳන් හැචිමක් ගියත්, ගෙවල් දෙකක් විතර එහා පැත්තේ තියෙන වහලෙක ටකරමක් හෙලවෙනවා. ඒ තරම් Compress වෙලයි මේ මිනිස්සු ජීවත් වුනේ. පොඩි වැස්සක් වැස්සත් වැසිකිලි උතුරලා ගෙවල් ඇතුලට එනවා. ඒ අයගේ වටපිටාවේ අපිරිසිදු කම නිසාම හැමදාම ලෙඩ රෝග වලට බිලිවෙන්න වෙලා.



මුඩුක්කු ජීවිත කතාවේ තවත් අඳුරු පැත්තක් තමයි, ඒ අය සමාජෙන් හැංගිලා හිටිය නිසා අපචාර, අපරාධ වලට ඒ පරිසරය තිඹිරිගෙයක් වීම. ලොකු ලොකු ඉස්කෝල වලට පයින් යන දුර වුනත් ඒ ඉස්කෝල වල ගේට්ටුව ගොඩක් වෙලාවට මේ මුඩුක්කු දරුවන් වෙනුවෙන් විවෘත වුනේ නෑ. ඒකට ප්‍රධන හේතුව නොපෑහීම කියලයි මම හිතන්නේ. ඉතින් එකී මෙකී දුක් කතන්දර වලට තිත තියන්න පන්නරය වැඩ පිළිවෙලෙන් ඉන්න හිතෙන ගෙවල් 3300ක නිවාස සංකීර්ණයක් සැප්තැම්බර් 13 වෙනිදා විවෘත කරනවා.


මේකේ විශේෂත්වයක් තියෙනවා. එකම දවසක වැඩිම නිවාස ප්‍රමාණයක් ජනසතු කරන දවස තමයි මේ. ඒ වගේම 2015 සැප්තැම්බර් මාසයේ ඉඳලා මේ වෙනකල් නව නිවාස 12,855 අලුතෙන් ඉදිකර ජනතා අයිතියට පත්කරලා තියෙනවා. විතරක් නෙවෙයි තවත් නිවාස 3000ක් ඉදිවෙමින් තියෙනවා. ඉදිකිරීම් ආරම්භ කරන්න නියමිත ( මුදල් වෙන්කර ඇති ) නිවාස ඒකක ගණන 4674 ක්. මේ අනූව 2015 - 2020 කාලයේදී රටට දායාද කරන නව නිවාස ප්‍රමාණය 20,000ක්.


ඉතින් කොළඹ ඉන්න අඩු ආදායම්ලාභි පැල්පත්වාසීන්ට හෙට පාඨලී චම්පිකගෙ මහනගර අමාත්‍යංශයෙන් ගෙවල් 3300 ක් දෙනවා. එකම දවසේ ලංකාවේ වැඩිම නිවාස සංඛ්‍යාවක් ජනසතු කරන්නේ හෙට. කොළඹ දුප්පත් මිනිස්සුන්ගේ දරුවන්ට හොද අනාගතයක් ලැබෙන මේ වගේ වැඩසටහන් වලට පක්ෂ බේදයකින් තොරව අපි සුබපතන්න ඕන...


මොකද ශ්‍රී ලංකාව කියන්නේ පුංචි රටක්, එහෙවු පුංචි රටක තදබදය වැඩි නගරයකට විද්‍යාත්මකව සුදුසු වෙන්නේ මහල් නිවාස සංකීර්ණයක් වගේ දෙයක් විතරයි. ඉතින් තැන තැන අපිලිවෙලට අටවන ලෑලි මඩු වෙනුවට, මේ ඉදිවුන නිවාස සංකීර්ණය කොළඹ මුඩුක්කුවල ජීවත් වුන අයට අභිමානයෙන් මේ මගේ ගෙදර කියලා කියන්න තරම් තත්වයක් හෙටින් උදා වෙනවා...
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රනිල් වික්‍රමසිංහටයි, සජිත් ප්‍රේමදාසටයි, චම්පික රණවකටයි පින් සිද්ධ වෙන්න අද මේ රටේ ගෙයක් නැතුව හිටපු අහිංසක ජනතාවගේ හීනය හැබෑ වෙලා තියෙනවා.ඒ කාලෙ නිවාස අමාත්‍යංශය තියාගෙන අම්මගෙ පැත්තෙ උන්ටයි තාත්තගෙ පැත්තෙ උන්ටයි නෑකම්වලට පචවංශය ගෙවල් බෙදුවා මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රනිල් වික්‍රමසිංහටයි, සජිත් ප්‍රේමදාසටයි, චම්පික රණවකටයි පින් සිද්ධ වෙන්න අද මේ රටේ ගෙයක් නැතුව හිටපු අහිංසක ජනතාවගේ හීනය හැබෑ වෙලා තියෙනවා.ඒ කාලෙ නිවාස අමාත්‍යංශය තියාගෙන අම්මගෙ පැත්තෙ උන්ටයි තාත්තගෙ පැත්තෙ උන්ටයි නෑකම්වලට පචවංශය ගෙවල් බෙදුවා මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ

    ඒකාලෙ උඹලගෙ ප්‍රභාකරන් නානට ෂොට් එක දුන්න උඹට මතක නැද්ද.